බඹසර යනු ? රාගික සිතින් ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් ස්පර්ශ නොකිරීම, ස්වයං වින්දනය නොකිරීම , රාගික දර්ශන බැලීමෙන් වැලකීම , කාමය සේවනය නොකිරීම , අසභ්‍ය රාගික වචනයෙන් කතා නොකිරීම.
“එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය.
පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
*බඹසර රැකීමේ ආනිශංස* 
1. පහ වූ සතුරන් ඇති බව.
(සතුරන් අඩුයි)
2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.
3. සුව සේ සැතපීම.
(හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)
4. සුවසේ අවදි වීම.
(වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)
5. අපාය බයෙන් මිදීම.
(බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)
6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම.
(බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)
7. ක්‍රෝධ නොකරන සුලු බව.
(මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)
8. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව.
(තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)
9. යටිකුරු නොවන බව.
(දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)
10. බිම බලාගෙන නො යෑම.
(ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)
11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම.
(බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)
12. පිරිපුන් ඉඳුරන් ඇති බව.
13. පිරිපුන් ලකුණු ඇති බව.
(තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)
14. කිසි තැනක සැක නැති බව.
(ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)
15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව.
(යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)
16. සැප විහරණ ඇති බව.
(සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)
17. කිසි තැනකින් එන බියක් නැති බව.
(ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)
18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම.
(තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)
මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ.
ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත.
අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
“ නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර නිසි අයුරින් සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය.
(මහාමේඝ)


