2 years love එක අද නැවැත්තුව. නැවැත්තුව කියන්නේ එයා බෑ කියද්දි මම බ්‍රේක් අප් උනේ. නම්බර්ස් උත් ඔක්කොම බ්ලොක් කරා. කෙල්ලගෙයි මගෙයි නොගැලපීම් තියනව. මන් එයාට කොච්චර කිව්වත් එයා ඒව පිලිගත්තෙත් නෑ හදාගන්න ට්‍රයි කලෙත් නෑ. මම ඒව කොච්චර ඉවසන්න බැලුවත් බැරි උනා. ඒව නිසා මම ඩිප්‍රෙස් වෙන්න පටන් ගත්ත. ඒකයි මම එහෙම කරේ. දවස පුරා කොච්චර සතුටින් හිටියත් එයා එක්ක පැයක් චැට් කරපු ගමන් මගෙ මූඩ් අව්ල් යනව. ගෙදර මිනිස්සු පේන්න බැරුව යනව. පුංචි දේටත් හැම වෙලේම කියො කියො රන්ඩු වෙන්න හදන toxic ගතියක් තිබ්බ එයාගෙ. එයාගෙ මම අකමැති සමහර දේවල් එහෙම වෙලා තියෙන්නෙ එයාගෙ අම්මල එයාව පොඩි කාලෙ හදපු විදි නිසා කියලත් හිතෙනව. (ඒවගෙ වැරැද්ද එයාගෙ නෙමේ වගේ) ඒකයි මම අව්රුදු දෙකක් හරි කොහොමහරි හිත හදන් හිටියෙ. කෙල්ල පට්ට අහින්සකයි, බොලදයි. මන් බැනල තියනව ඕන තරන් ඒත් ඒ වෙලාවට අඩල පස්සෙ ආයෙ කලින් වගේ ආදරෙන් ඉන්නව එයා. වෙන කෙල්ලෙක් නං දාල යනවනෙ මාව. ඒ උනාට අර ආත්මාර්තකාමි විදියට හැසිරෙන එක නවත්තන්නෙත් නෑ.
කොහොමහරි මට දැන් පට්ට guilty feeling එකක් තියෙන්නෙ. එයාට එහෙම කරන්න උන එකට සහ මන් එයා එක්ක යාලු වෙන්න කලින් තව ටිකක් ආශ්‍රය කරල හිටියනන් මේ මුකුත් නෑ කියල හිතෙනව. මේ ඔක්කොම උනේ මගෙ වැරදි නිසා වගේ හිතෙනව.
මොකද කරන්නෙ මේකට? ඇත්තටම වැරැද්ද මගෙද?
කොහොමහරි මට දැන් පට්ට guilty feeling එකක් තියෙන්නෙ. එයාට එහෙම කරන්න උන එකට සහ මන් එයා එක්ක යාලු වෙන්න කලින් තව ටිකක් ආශ්‍රය කරල හිටියනන් මේ මුකුත් නෑ කියල හිතෙනව. මේ ඔක්කොම උනේ මගෙ වැරදි නිසා වගේ හිතෙනව.
මොකද කරන්නෙ මේකට? ඇත්තටම වැරැද්ද මගෙද?