බ්‍රෝකර් සිට ජිවක දක්වා ඊලියන්ත ගේ ගමන්ම&#

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බ්‍රෝකර් සිට ජිවක දක්වා ඊලියන්ත ගේ ගමන්ම&#

    ඊලියන්ත ලින්ඩ්සේ වයිට් උපත ලබන්නේ 1973 දී කලුබෝවිලදීය.ඔහුගේ මුතුන් මිත්තන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට සංක්‍රමණය වූ අය වේ.

    ඔහු සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර කුඩා කල පටන් දක්ෂ සිසුවෙක් විය.කුඩා කල පටන් ඔහු ගායනයට ඇලුම් කල අතර ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන් වලට ඔහු ගායනයෙන් දායක වී ඇත.

    වයස අවරුදු දහයේ සිට කළුබෝවිල සුනන්දාරාමය ආශ්‍රයේ හැදී වැදුණු ඔහු ගුප්ත දේවල් පිලිබඳ හැදෑරීමට පටන් ගත්තේ එම කාලයේ පටන්ය.නමුත් වයසින් වැඩෙත්ම එම කටයුතු අතහැර දමන ඔහු කුඩා කුඩා වෙලදාම් කර මුදල් ඉපයීමට පටන්ගෙන ඇත.


    නමුත් එයින් විශාල මුදලක් නොලැබෙන නිසා ඉක්මනින් මුදල් සෙවීමේ උපායක් සොයා ඇත.එහි ප්‍රතිපලයක් ලෙස ඔහු සුදුවට හුරුවී ඇත.

    ජැක්පොට් ක්‍රීඩාවෙන් වාසි ලබන ඔහු ටික දිනකින් ජැක්පොට් යන්ත්‍ර කිහිපයක හිමිකරු බවට පත්වෙයි.

    කොළොඹ කොස්ගස් හන්දියේ හොර රහසේ පවත්වාගෙන ගිය ඊලියන්තගේ සුදු පොළ ටික දිනකින් ජනප්‍රිය වූ අතර ඊලියන්තගේ අතට මුදල් ගලාගෙන එන්න පටන්ගෙන ඇත.මුදල් වලින් ඔහුට උවමනා වුයේ වෙන කිසිවක් නොව දිවයිනේම ප්‍රසිද්ධ චරිතයක් වීමටය.ඒ නිසා මාධ්‍යකරුවන්ට ඉහලින්ම සංග්‍රහ කල ඔහු එමගින් ටි.එන්.එල් රුපවාහිනියේ ගායකයෙක් ලෙස ගීත ගැයීමට අවස්ථාව ඔහුට උදා විය.

    Source
    http://www.gossip9.com/
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නමුත් ඔහු ගීත ගායනා කලේ ඊලියන්ත වයිට් නමින් නොව දිනේෂ් රංගන යන නමිනි.නමුත් ඔහුගේ ගීත වලට එතරම හොඳ ප්‍රතිචාරයක් නොලැබුන නිසා ඔහුට ටි.එන්.එල් රුපවාහිනියේ ගීත ගායනය නවත්වා දැමීමට සිදුවිනි.

    ජැක්පොට් ආදායම ජනප්‍රිය වීමට යෙදු නිසා ඔහු ඒ වන විට බංකොලොත්ව සිටියේය.ඉන්පසු කළුබෝවිලට යන ඊලියන්ත සිය මිතුරෙකුගේ ව්‍යාපාරයට හවුල්විය.ඊලියන්ත පත්වසිටි තත්වය දුටු ඔහු ඊලියන්තට උපකාරයක් වශයෙන් ඔහුගේ ව්‍යාපාරයට හවුල්කරගත්තද ඔහුගේ ව්‍යාපාරයද බංකොලොත් තත්වයට ඇද දමා ඊලියන්ත දෙල්කඳ ප්‍රදේශයේ කුඩා කඩ කාමරයක් කුලියට ගෙන මෝටර් රථ අමතරකොටස් විකිනීමට පටන් ගත් අතර ඒ අතර වාහන බ්‍රෝකර් කමද සිදු කළේය.

    සිය ව්‍යාපාර වලින් ඉක්මන් ලාභයක් උපයා ගත නොහැකි බව වටහා ගත් ඊලියන්ත සිය මිතුරෙකුගේ මාර්ගයෙන් ඉන්දියාවට පැන ගත්තේය.එහිදී සෘෂි වරයෙකුගේ ඇසුරට වැටෙන ඔහු ,එම සෘෂිවරයාගෙන් ගුප්ත සාස්ත්‍රය ඉගෙන ගත්තේය.
    ඔහු වෛද්‍යවරයෙක් වන්නේ එතැන්පටන්ය.

    බොහෝ කලක් ඉන්දියාවේ ගතකල ඊලියන්ත නැවත ලංකාවට එන්නේ විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන මහා බලගතු වෙදෙක් ලෙසටය.

    වෛද්‍ය වෘතියෙන් අන් කිසිවකටත් වැඩ ලාභ ඉපයා ගැනීමට හැකි බව වටහා ගන්නා ඔහු තමා දන්නා ගුප්ත දැනුමෙන් වෙදකම්කොට මාධ්‍යය කරුවන් ලවා ප්‍රසිද්ධියක් ලබා ගත්තේය.2005 මැතිවරණයත් සමග මහින්ද රාජපක්ෂ මහතාට සමීප වන ඔහු වත්මන් ජනපතිගේ පැවති සුළු රෝග සුවකොට හිත දිනාගැනීමේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති වෛද්‍ය තනතුරක්ද ලබා ගත්තේය.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊලියන්ත ලෙඩ සුව කරන හැටි

    ඊලියන්ත පවසන පරිදි ඔහු ලෙඩ රෝග සුවකරන්නේ විශ්ව ශක්තිය ,නිල ප්‍රතිකාර හා දේශීය වෙදකමෙනි.(නමුත් ඔහු දන්නා දේශීය වෛද්‍ය ශිල්පයක් නොමැත).

    ඔහු පවසන පරිදි අදාළ රෝගියා ඔහු ඉදිරිපිටට පැමිණිවිට ඔහු රෝගියාගෙන් කුඩා එළියක් වැනි දෙයක් දිස් වන අතර එමගින් රෝගියාට ඇති සියලු රෝග විස්තර සහ ප්‍රතිකාර ක්‍රම ඔහු දැන ගනී.ඉන්පසු "නිල ප්‍රතිකාර "මගින් ප්‍රතිකාර කිරිමට පටන් ගනියි.


    ඊලියන්ත ගේ වැරදුනු ප්‍රතිකාර

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග මෑතකදී තහනම් උත්තේජක ලබාගත් බව සනාථ වී අවුරුදු දෙකක තරඟ තහනමකට මුහුණපෑමට සිදු වූ අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුනේ ඊලියන්ත විසිනි.

    ශ්‍රී ලංකා මිටර් 100 ධාවන ශුර ෂෙහාන් අඹේපිටිය, මීටර් 1500 ධාවන ශුර චමින්ද විජේකෝන් නමැති මලල ක්‍රීඩකයන්ටද ඊලියන්ත වෛද්‍ය ප්‍රතිකාර සිදුකොට තිබුණු අතර එම ප්‍රතිකාර ගැනීමෙන් පසු ඔවුන් දරුණු ලෙස රෝගී විය.

    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් තහනම් උත්තේජක වලින් ගැලවුනේ ඊලියන්තගේ ප්‍රතිකාර වලින් පසුව ඔහුද අසනීප වී තරඟාවලියට සහභාගී වීමට නොහැකිවූ නිසාවෙනි.

    ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ සාලිය කුමාර,කෙන් ගුරු සිංහ එරංග ස්වර්ණතිලක යන ක්‍රීඩකයන් ඊලියන්තගෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර ඔවුන් පසුගියදා පවතී FIVE NATION තරඟාවලියේදී මොවුන් තිදෙනාම තහනම් උත්තේජක ලබා ගෙන ඇති බව තහවුරු විය.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊලියන්ත ගෙන් ප්‍රතිකාර ගත් ලෝ ප්‍රකට ක්‍රීඩකයන් අතුරෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වන අතර ඔහු ප්‍රසිද්ධියේ ඊලියන්තව ඇගයුවද සිය මිතුරන් අතර පවසා ඇත්තේ ඊලියන්ත කිසිදු ප්‍රතිකාරයක් කිරීමට සුදුසු වෙදෙකු නොවන බවයි.

    ඊලියන්ත ගෙන් වසරකට වැඩි කාලයක් ප‍්‍රතිකාර ලබාගත් දෙරණ නාලිකාවේ නිෂ්පාදකවරයෙකුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් කකුලක් කපාදැමීමට පවා සිදුවී තිබේ.

    මොහුට ඊලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට උපදෙස් දී ඇත්තේ ‘දෙරණ’ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර වන අතර වැඩසටහන් නිෂ්පාදකවරයාගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු වෙනත් වෛද්‍යවරයෙකු කරා යොමුකර ඇති දිලිත් ජයවීර මහතා එකී ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය සියලූ මුදල් තමා විසින් ලබාදෙන බවට සහතිකවෙමිනි.

    ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ කොන්දේ අබාධයකට ඊලියන්ත වයිට් මහතා ප‍්‍රතිකාර කර ඇති අතර ප‍්‍රතිකාර ආරම්භයේදී සුවයක් ලැබී ඇතත් පසුව කොන්දේ අබාධය දැඩි ලෙස වර්ධනය වී ඇත.(ලසිත් මාලිංගට හා සමාන ප්ලැසිබෝ බලපෑමක්)
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලසිත් මාලිංග හා ඊලියන්ත ගේ මායාව

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ලසිත් මාලිංගපාදයේ අබාධයකට ලක්ව සිටින විටදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇරයුමෙන් ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා ලසිත් මාලිංග හට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔහුගේ පාදයේ ආබාධය සුව විය.

    මෙසේ ඊලියන්ත විසින් මාලිංග හට ප්‍රතිකාර කරනු ලැබුවේ ඔහු ක්‍රීඩා කල නොහැකිව දිගු කලක් ගත වීමෙන් පසුවය.

    ඊලියන්තගේ ප්‍රතිකාර වලින් ඔහුට දිගුකාලින සුවයක් නොලද අතර එය වෛද්‍යවරුන් විසින් හදුන්වන්නේ "ප්ලැසිබෝ බලපෑමක්"(Placebo Efect) ලෙසය.

    එනම් වෛද්‍යවරයා විසින් බලගතු ඖශධයක් කියා සිනි වතුරේ දියකොට රෝගියාට ලබා දුන්නත් රෝගියාගේ වෛද්‍යවරයා කෙරෙහි ඇති දැඩි ආත්ම විශ්වාසය හා මානසික හේතුන් මත රෝගය සුව වුවා සේ දැනීමයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊලියන්ත මුදල් ගසාකන හැටි

    ඊලියන්ත පසුගිය ලෝක කුසලාන සමයේදී ශ්‍රීලංකා කණ්ඩායම සමග වෛද්‍යවරයෙකු ලෙස ගිය අතර ඔහුගේ ගුවන් ටිකට්පතේ සිට සියලු වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.

    තවද ඉන්දියාවේ හිමාලයෙන් , නේපාලයෙන් ඉතා රහසිගත වට්ටෝරු සැදීමට අවශ්‍ය ඖශධ රැගෙන ඒමට සියලු වියදම් දරන්නේ ජනාධිපතිවරයා විසිනි.නමුත් පුදුමයට කරනුවන්නේ ඔහුගේ රහස් වට්ටෝරු වලින් ප්‍රතිකාර ලැබූ උපුල් තරංගගේ ශරීර ගතවී තිබුනේ "අස්සාත්මා" නම් බටහිර ඖශධ විශේෂයකි.

    ඊලියන්තට මේ වනවිට 35 දෙනෙකුගෙන් යුත් ප්‍රභූ ආරක්ෂක සේවාවක්ද ලබා දී තිබේ.


    ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කිරීමට ඊලියන්ත සුදුසුද?

    ක්‍රීඩකයෙකුට තබා සාමාන්‍ය පුද්ගයෙකුටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ලෙහෙසි පහසු කාරයක් නොවේ. විධිමත් වෛද්‍ය අධ්‍යාපනයක් නොලද ඊලියන්ත ට එය කිසිසේත් සිදුකල නොහැක.ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ යටතේ වෛද්‍යවරයෙකු, දන්ත වෛද්‍යවයෙකු හෝ සහකාර වෛද්‍යවරයෙකු ලෙසින්ඊලියන්ත ලියාපදිංචිව නොමැති බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය එන් ජේ නෝනිස් මහතා පසුගිය දා බි.බි.සි පුවත් සේවය වෙත හෙළිකොට සිටියා.

    නමුත් ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ, ඊලියන්ත වයිට් මහතාගේ ගජ මිතුරෙකුවන විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඊයේ (14) පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී ප‍්‍රකාශ කළේ වයිට් මහතා ප‍්‍රතිකාර කරන්නේ වෛයිකල්පිත ක‍්‍රමයකට බවත් ඔහු එම කේෂ්ත‍්‍රයේ විශේෂඥයෙකු බවත් යනුවෙනි.

    අපේ රටේ ක්‍රීඩකයන්ට මහජනතාවගේ මුදලින් ප්‍රතිකාර ගැනීම සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් පිහිටුවා ඇති අතර එහි වගකීම අදාළ ක්‍රීඩාවට අදාලව ක්‍රීඩකයන්ට ප්‍රතිකාර අභ්‍යාස සිදු කිරීමය.

    එසේ තිබියදීත් කිහිපදෙනෙකුගේ වුවමනාකම් මත සුදුසු කම් නොමැති පුද්ගලයෙකුගෙන් ප්‍රතිකාර නියමකොට සමස්ත ශ්‍රීලංකා නාමයට කළු පැල්ලම් එක් කිරීම යුක්ති සහගත වේද?
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Fucking_Thread_Sucks.gif
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හැබැයි ඕස්ට්‍රේලියාවෙ දොස්තරල මලිංගට ක්‍රිකට් නවත්වන්න කියල තියෙද්දි එයාව ගොඩ දැම්මෙ මෙයා නේද?
    ගොඩ දැම්ම විදිය මොකක් වුනත් මෙයා නැත්තං අපිට මලිංග දැං නැහැ.... :no:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔය බත් බූරුව ගැන මමනම් කිසි විශ්වාසයක් නැහැ.. හැබැයි මේ ලිපියෙ තියෙන බොරු ටිකක් highligh කරන්නම්. ලිව්වෙ උබනම් පොඩ්ඩක් හොයල බලල අයෙ ලියද්දි ලියපන්ස්.
    තවද ඉන්දියාවේ හිමාලයෙන් , නේපාලයෙන් ඉතා රහසිගත වට්ටෝරු සැදීමට අවශ්‍ය ඖශධ රැගෙන ඒමට සියලු වියදම් දරන්නේ ජනාධිපතිවරයා විසිනි.නමුත් පුදුමයට කරනුවන්නේ ඔහුගේ රහස් වට්ටෝරු වලින් ප්‍රතිකාර ලැබූ උපුල් තරංගගේ ශරීර ගතවී තිබුනේ "අස්සාත්මා" නම් බටහිර ඖශධ විශේෂයකි.

    මේක වැරදී. ආස්ත්මා කියන්නෙ බෙහෙතක් නෙවෙයි.. ඇදුම රොගයට සමාන ලෙඩක්. හැබැයි dope positive prove වෙල තියෙන්නෙ english බෙහෙතක් නිසා. (Prednisolone)

    තොරතුරු අනුව මෙම ඖධය asthma. uveitis, pyoderma gangrenosum, rheumatoid arthritis, ulcerative colitis, temporal arthritis and Crohn's disease, Bell's palsy, multiple sclerosis, cluster headaches, vasculitis, acute lymphoblastic leukaemia and autoimmune hepatitis, systemic lupus erythematosus, and dermatomyositis.


    ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ සාලිය කුමාර,කෙන් ගුරු සිංහ එරංග ස්වර්ණතිලක යන ක්‍රීඩකයන් ඊලියන්තගෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර ඔවුන් පසුගියදා පවතී FIVE NATION තරඟාවලියේදී මොවුන් තිදෙනාම තහනම් උත්තේජක ලබා ගෙන ඇති බව තහවුරු විය.


    මේ තුන්දෙනා ගැන මම දන්න ඇත්ත කාරනේ මෙයාල energy boost කිරි ජාතියක් use කරල තියෙනව කියල කියන්නෙ. එත් Energy drugs use කරල තියෙන්නෙ. එක වැඩිදුර පරික්ශා කරානම් ලන්කාවෙ rugby board එකට විරුද්දව ලීගල් action ගන්න IRB එකට පුලුවන් ඒක නිසා ඒක යට ගැහුව. මෙ තුන්දෙනාම Kandy play කරන්නෙ. හිටපු ඔක්කොම චෙක් කරානම් ඔක්කොම අහුවෙනව. normaly මුන් ඔව use කරනවලු.