බාලගිරි දෝෂය

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කියුවම යන්නෙ අපෙ සොඳුරු ලමා කාලයට

    දැන් මේ දෝෂය ගැන ගොඩක් සැලකිලිමත් නොවුනට ඉස්සර කාලෙනම් පුංචි අලුත උපන් දරුවෙක් ඉන්න ගෙදරක දොරේ "බාලගිරි දෝෂය අද නොවේ හෙට " යන වාක්‍ය අනිවාර්යයෙන් සටහන් වී තිබුනා.

    දැන් අපි යමු 😱 ඇයි මම බාලගිරි කියන්නෙ යක්ශයෙක් නෙවේ කියන්න හේතුව බලන්න.

    "බාලගිරි දෝෂය අද නොවේ හෙට"

    මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම පැවත එන විශ්වාසයකි.

    දැන් ඔයාලට කල්පනාවට එනව ඇති
    ගිරි දේවිය යනු කවුරුන්ද ? 🤔

    ඇය පිළිබඳ විස්තර රාශියක් ගිරිදෙවි අස්න , ගිරිදේවි උපත ,ගිරිදෙවි කව යන පොත පතින් දැනගත හැකිය. එම ග්‍රන්ථවල සඳහන් ආකාරයට ඇයගේ වගතුග මෙසේය. ඇය දඹදිව දන්තපුරයේ විසු සිංහකූමාර රජු සහ ඇගේ දේවිය වූ හංසවති බිසවගේ දියණියක් වූවාය.

    අනාවැකි කරුවෙක් ඇය ගැන මෙසේ අනතුරක් ප්‍රකාශ කලේය

    ඇය තමන් වැඩිමහල් සොහොයුරා වූ දල කුමාරයා සමග සංවාසයේ යෙදෙන බවයි.

    එම නිසා ඇයව තම වැඩි මහල් සොයුරාගෙන් ඈත් කර තැබීමට සිතා.

    දෙමව්පියෝ කුඩා කුමරිය දළ කුමරාට නොපෙනේන සේ ගල්කුලක සඟවා කුඩා කලසිටම ආරක්ෂා කිරිමයි. මේ නිසා ඇය ගිරි දේවිය වුවාය.

    🤔ගිරි දේවිය කොහමද එතකොට බාලගිරි යක්ශනිය උනේ?

    තරුණ වියට පත් දළ කුමරාට මෙසේ ලෙනක සඟවා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අසන්නට ලැබුණේය. කීපවරක්ම බැලීමට අවසර ඉල්ලු නමුත් අවසර නොලැබිම නිසා දළ කුමරා බොරු ලෙඩක් හදා ගත්තේය. අවසානයේ අවසර ලැබිණි. ගිරි දේවිය දැකිමෙන් උන්මාදයට පත්වූ දළ කුමරා කෙසේ හෝ ඇය පොළබවාගෙන නිමිත්ත කී පාඨකයින් කී පරිදිම සංවාසයේ යෙදුනේය.

    ගිරිදෙවි අස්නේ එය මෙසේ දැක්වේ.

    "රන්දම් සේ අත්දෙක අල්ලාගෙන

    කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන

    මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන

    රන් තලි මද යුද හැසුරුනු කැන්දන "

    තම සොයුරා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය අවසානයේදි දිවිනසා ගත්තාය.

    ගෙළ වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය . මේ වනවිට ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සඟවන ලද්දේය. ඒනිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකිවිය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය .

    මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ .

    ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති.

    දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.

    ගිරිදේවිය මෙන්ම ගරායක්ෂයා පිලිබඳව ඇතැම් ග්‍රන්ථවල අවතාර 12ක් සඳහන් වේ

    1.මදනගිරි
    2.හපුමල් ගිරි
    3.බාලගිරි
    4.මෝලන් ගිරි
    5.භූතගිරි
    6.නීලගිරි
    7.රත්නගිරි
    8.හඳුන්ගිරි
    9.පට්ටගිරි
    10. කොටගිරි
    11.අඳුන් ගිරි

    වැව් බැඳි රාජ්‍යයේ අනුරාධපුර – පොලොන්නරුව ද්‍රිස්තිකවල අපූරු යාතුකර්මයක් තද ඉඩෝර කාලවල වෙයි. මෙය වර්ෂාව ලබා ගැනිමට කරන එකකි . දළකුමාරයාගේ සහ ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක් අඹා අඳුර වැටෙත්ම දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි. අනතුරුව කවි කීයමින් නටා මොහොතකින් නිරුවත් රූප දෙක එතැන හුදකලා කර ගමට පියමං කරතී. මෙය දළකූමාරයාගේ හ ගිරිදේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ

    ගිර්දේවිය බලිය නිර්වස්ත්‍රව තබා යාමෙන් මැටී රූදෙක කාටවත් ඇසගැසෙන්නට පෙර සේදීයාමට වර්ෂාවක් ඇදහෙලන බවය. මෙය තවමත් රජරට වාසින් අතර පවතින විශ්වාසයකි. අනූරාධපුර ත්‍රීකූණාමලය මායිම් ගම්මානවල යාන් ඔය මහදිවුල්වැව තිරප්පනේ කිවුලකඩවල කූඩා ගම්මානව කැලැපතර මේ යාතුකර්මය දැකිය හැක. ලදරුවන් නිතර නිතර, අධික ශබ්දයකින්, දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි.

    කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇදුම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.

    ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව පොත පතෙහි සඳහන් වේ.

    "දෙදරුවන් වඩා උකුලේ නලවම්වා

    ළඳරුවන් වඩා ඉඳගෙන අඬවම්වා

    සොඳුරු වන් මෙපුද දැක සෙත සලසම්වා

    නුදුරුවන් නීල ගිරි නම් කිරි අම්මා"

    මෙවැනි කවි වලින් මේ ගිරි යක්‌ෂ යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම බිය කිරීම ආදී දෑ කරන බවද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන බවත් සිහිනෙන් පෙනීමට දරුවන්ට සලස්‌වන බවත් පොතපතෙහි සඳහන් වේ.

    "බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා

    විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා

    සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා

    මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා"

    මෙම කවි ද ශාන්ති කර්ම වලදී කියවීමෙන් ඒ බව තහවුරු වේ. මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍රය භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එම අබ, සුවඳ කොට්‌ටං,පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ. තවද "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි

    ✏️තරූ විතානවසම් .
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,909
    113

    @AnuradhaRa
     
    • Like
    Reactions: reuse

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ලිපියට ස්තුති.බාලගිරි දෝශයට කිරිබත් වලින් බබෙක් හදලා තුංමංසලක තියනවා නේද
     
    • Like
    Reactions: reuse and NRTG