වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ තරුණියකට මොනරාගල පළාත්බද මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් නියම කර ඇත.
පසුගිය 2018 වර්ෂයේ දී මෙම අතවරය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එවකට එම සැකකාර තරුණියට වයස අවුරුදු 17ක් බව වාර්තා වේ.
මෙම තරුණිය විසින් අවුරුදු 7ක් වන පිරිමි දරුවා සිය නිවස වෙත කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවට වැල්ලවාය පොලීසියට දරුවාගේ මව විසින් පැමිණිල්ලක් සිදුකර ඇත.
එම පැමිණිල්ල ඔස්සේ සිදුකළ විමර්ශනයක් අනුව වැල්ලවාය පොලීසිය විසින් සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මොනරාගල පළාත්බද මහාධිකරණය, සැකකාර කාන්තාව මෙම සිද්ධියට වරදකරු කරමින් ඇයට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක්, රුපියල් ලක්ෂයක වන්දියක්, එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.
මෙසේ දඬුවම් නියම වූයේ වැල්ලවාය රණ්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියකටය.
මෙම නඩුවේ තීන්දුව මොනරාගල පළාත්බද මහඅධිකරණ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබාදුන් අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජෙහාන් ගුණසේකර මහතා සහ පොලීසිය වෙනුවෙන් වැල්ලවාය පොලීසියේ පො.සැ 38114 ප්‍රියන්ත යන නිලධාරීයා පෙනී සිට තිබේ.
අද දෙරණ
ලංකාවෙ ගෑණුත් පිරිමින්ට දෙවනි නෑ වගේ...

දිගටම මෙහෙම උනොත් මේ රටට කෙලම වෙලා යයි...