බාස්......................

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මේක මේල් එකකින් එහා මෙහා ගිය කතාවක්.

    දවසක් හස්බන්ඩා ගෙදර එනකොට ගේ පුරාම වතුර දෝරෙ ගලලලු. වයිෆරේ බිම රෙදි එළාගෙන වතුර පොඟව පොඟව අයින් කරනවලු.


    වයිෆරේ – බලන්නකො අනේ කිචන් සින්ක් එකේ ටැප් එක කැඩිලා ගෙදරම දෝරෙ ගලලා. ඔයාට පුළුවන්ද පොඩ්ඩක් ඒක හදන්න.

    හස්බන්ඩා – පිස්සුද? ඔයා හිතුවද මං පයිප්ප බාස් කෙනෙක් කියලා.

    ඊළඟ දවසෙ හස්බන්ඩා ගෙදර එනකොට වයිෆරේ ඉන්නවලු දාඩිය දාගෙන හොඳටම මහන්සි වෙලා, අත පයත් හීරිලා. හස්බන්ඩා ගෙට එන ගමන්ම ඇහුවලු…


    හස්බන්ඩා – අද මොකද?

    වයිෆරේ – බලන්නකො අනේ. පැන්ට්‍රි එකේ දොරවල් දෙකක්ම ගැලවිලා අතට ආවනෙ. මම දන්න හැම විදියකටම හයි කරන්න බැලුවා. ඔයාට බැරිද මට ඒක හයි කරලා දෙන්න.

    හස්බන්ඩා – පිස්සු නැතුව ඉන්න. මම වඩුබාස් කෙනෙක් කියලා හිතුවද?

    ඊට පස්සෙ දවසේ හස්බන්ඩා ගෙදර එනකොට ලයිට් නැහැලු. කළුවරේ ගෙට ඇතුළු වෙන්න ගිහින් වයිෆරේගෙ ඇඟෙත් හැප්පිලා ගෑනි බය වෙලා කෑ ගහලා හෙන විජ්ජුම්බරයයිලු.


    හස්බන්ඩා – මොකද ගෑනියෙ මේ ලයිට් නිවාගෙන කරන්නෙ?

    වයිෆරේ – ලයිට් නිවාගෙන නෙමෙයි අනේ. ෆියුස් ගිහිල්ලද කොහෙද. මම මේ කළුවරට බයේ හිටියෙ. පොඩ්ඩක් හදලා දෙන්නකො…

    හස්බන්ඩා – මම? පිස්සුද? මම ලියිට් බාස් කෙනෙක්යෑ…

    ඊළඟ දවසෙනං හස්බන්ඩා ගෙදර එනකොට වයිෆරේ ඉන්නවලු ෆුල් චූන් එකේ. ගෙදර ලයිට් ප්‍රශ්නෙකුත් නෑලු. වයිෆ් සින්දුවක් කිය කිය කකුලෙ නියපොතුවල කියුටෙක්ස් ගගා ඉන්නවලු.


    හස්බන්ඩා – ආ… අදනං හරි සන්තෝසෙන් වගේ.

    වයිෆරේ – ඔව් අනේ… අද අල්ලපු ගෙදර මල්ලි ආවා. ඒ මල්ලි ටැප් එකත් හැදුවා, පැන්ට්‍රියෙ දොරත් හැදුවා, ෆියුස් එකත් හැදුවා අනේ…

    හස්බන්ඩා – ආ… ඒක හොඳයි. ඉතිං ඔයා ඒ මල්ලිට කීයක්වත් දුන්නැද්ද?

    වයිෆරේ – මං සල්ලි දෙන්න හැදුවා. එයා එපා කිව්වා. ඒ මල්ලිනං මාරයි අනේ. හරීම ස්වීට්. එයා කිව්වා සල්ලි එපා. මට රසම රස කේක් එකක් බේක් කරලා දෙන්න. එහෙම නැත්තං මගෙත් එක්ක ඇඳට එන්න කියලා.

    හස්බන්ඩා – ඉතිං ඔයා මොකද්ද මිනිහට බේක් කරලා දුන්න කේක් එක?

    වයිෆරේ – පිස්සුද අනේ. ඔයා හිතුවද මං බේකරිකාරයෙක් කියලා.

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    HGUxh.png


    ela ela,,,, rep nam iwarai kollo....