බාහිර ලෝකය හා අමනුෂ්‍යයෝ
කාලය පිළිබඳව අප කී කරුණු ගැන බටහිරයන් තව ම හිතා වත් නැත. ඔවුන් ගෙන් කිහිප දෙනකු කාලය යනු මායාවක් දැයි ප්‍රශ්න කරන බව සැබෑ ය. එහෙත් එය බටහිර ලෝකයේ සම්මතය නො වේ. පොදුවේ ගත් කල බටහිර ලෝකයට කාලය යනු භෞතික පදනමක් ඇති සංකල්පයකි. බටහිර භෞතික විද්‍යාඥයන් ඊනියා කාල හීයක් ගැන කියන්නේ ඔවුන්ට අවකාශයෙහි මෙන් නො ව කාලයෙහි එක් පැත්තකට පමණක් ගමන් කරන්නට හැකි වී ඇත්තේ ඇයි ද යන ප්රශ්නය ඇති බැවිනි. ඔවුන් බොහෝ දෙනකුට කාලය යන්න ප්රත්යක්ෂයක් බව පැහැදිලි ය. එහෙත් සිංහල බෞද්ධයනට, හදවතින් මෙන් ම බුද්ධියෙන් ද සිංහල බෞද්ධයනට, කාලය යනු පඤ්ඤත්තියක් පමණකි.
ප්රත්යක්ෂය යන්නෙන් බටහිරයන් හා සිංහල බෞද්ධයන් එක ම දෙයක් අදහස් නො කරන බව පැහැදිලි කර ගත යුතු ය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කර වදාළ ප්‍රථම ධර්මදේශනය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පදනම් කර ගත්තක් විය. ඉන් මිහිදු හිමියන් සිංහලයන්ට දේශනා කෙළේ ප්රත්යක්ෂයෙන් තොර ව යමක් නො පිළිගන්නා ලෙස ය. හස්තියා දැක මිස මග සලකුණුවලින් හස්තියකු ඇති බව නිගමනය කිරීම නිවැරැදි නො වන බව උන්වහන්සේ අපට කියා දුන් හ.
මෙහි දී ප්‍රශ්න රාශියක් පැන නඟීS. පළමුව ඇසිය හැක්කේ, දැක හෝ නො දැක හෝ හස්තියකු ඇතැයි ගැනීමට හැකි ද යන්න ය. හස්තියා යනු සම්මුතියක් පමණක් නම් ඇත්තට ම හස්තියකු යනුවෙන් සත්ත්වයකු ඇත් ද යන ප්රශ්නය මෙහි දී මතු වේ. හස්තියා යනුවෙන් සත්ත්වයකු ඇති බව අප නිගමනය කරන්නේ අපේ පංච ඉන්ද්රිය පද්ධතියට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂව ය. හස්තියා යන්න අපට ලැබී ඇත්තේ අපේ පංෙච්න්ද්‍රිය හා මනස, අවශ්‍ය නම් ෂඩේන්ද්‍රිය, සංස්කෘතිය සමඟ එක් වී අපට ඒ සම්මුතිය ලබා දී ඇති බැවිනි. අපි අපේ අවිද්‍යාව හේතු කොටගෙන හස්තියා යන්න සංස්කරණය කරගෙන ඇත්තෙමු.
අපි නිවන ද ප්රත්යක්ෂ කරමු. ඒ ප්රත්යක්ෂය වෙනස් යෑයි මම සිතමි. නිවන් ප්රත්යක්ෂය හා හස්ති ප්රත්යක්ෂය යනු එක ම ප්‍රත්‍යක්ෂයක අවස්ථා දෙකක් නම් නිවන් ප්රත්යක්ෂ කිරීම අනෙක් දෑ ප්රත්යක්ෂ කිරීමෙන් වෙනස් විය නො හැකි ය. එහෙත් අවාසනාවකට අප නිවන ගැන කතා කිරීමේ දීත් නිවන් ප්රත්යක්ෂය, නිවන් අවබෝධය, නිවන් දැකීම ආදී ප්‍රකාශ යොදා ගන්නෙමු. අපට නිවන ගැන කතා කිරීමට සිදු වී ඇත්තේ ද සාමාන්‍ය ව්‍යවහාරයෙහි අප විසින් යොදා ගැනෙන වචන යොදා ගැනීමෙනි. අපට වෙනත් විකල්පයක් නොමැත. කලකට පෙර නිවන් අවබෝධයෙහි දී නැති මනස නැති මනසක් බව නැති මනසෙන් තේරුම් ගන්නා බව මා කීවේ එයට වෙනත් විකල්පයක් නොමැති බැවිනි. නිවන් අවබෝධය ලබා ගන්නේ නිවන් අවබෝධයෙන් පමණක් යෑයි අවශ්‍ය නම් කෙනකුට කිව හැකි ය. නිවන් ප්රත්යක්ෂය ඊනියා මනසින් කළ හැක්කක් නො වේ යෑයි මම විශ්වාස කරමි. ව්‍යාජ බෞද්ධ පඬියකු ඇති මනසකින් නිවන් අවබෝධ කරගත් දිනක මම ඔහු ගේ සව්වෙක් වෙමි.
අපි මෙහි දී නිවන් ප්රත්යක්ෂය යන්න ගැන කතා නො කරමු. අපේ අවධානය යොමු වන්නේ සාමාන්‍ය ප්රත්යක්ෂ පිළිබඳව ය. අප මෙහි දී ප්‍රකාශ කරන ප්‍රධාන ම කරුණ නම් ඒ සාමාන්‍ය ප්රත්යක්ෂය යෑයි අප විසින් හඳුන්වනු ලබන්න ද බටහිර ප්රත්යක්ෂයෙන් වෙනස් වන බව ය. බටහිර විද්‍යාවට හා ඒ ආශ්රයෙන් ගොඩනැඟී ඇති අනෙක් බටහිර දැනුම්වලට අනුව අපට ප්රත්යක්ෂ වන්නේ අපෙන් බාහිර ව අපෙන් ස්වායත්ත ව පවතින ද්‍රව්‍ය හා විකිරණ ය. බටහිරයන්ට අනුව මේ ද්‍රව්‍ය හා විකිරණ, අප ඇතත් නැතත් අපෙන් තොර ව පවතියි. එයට බටහිරයෝ බාහිර ලෝකය යෑයි කියති. ඒ බාහිර ලෝකය අපෙන් තොර ව පවතියි. එය වාස්තවික වෙයි. ඒ බාහිර ලෝකයට අවකාශය හා කාලය ද අයත් වෙයි. කාලය හා අවකාශය එහි දී ප්‍රධාන වන අතර, ද්‍රව්‍ය හා විකිරණ කාලයෙහි හා අවකාශයෙහි ස්ථිතික ව හෝ ගතික ව හෝ පවතියි. අප ඇතත් නැතත් ඒ බාහිර ලෝකය පවතියි.
අපේ උත්සාහය ඒ බාහිර ලෝකය දැන ගැනීමට ය. මෙහි දී යමකු ගේ ශරීරය ද බාහිර ලෝකයේ ම කොටසක් ලෙස ද ගැනෙන බව අමතක නො කළ යුතු ය. බටහිරයන් මහත් ඕනෑකමකින් කතා කරන පංෙච්න්ද්‍රිය ද අවසානයේ දී ඔවුන් විසින් ම බාහිර ලෝකයේ කොටස් ලෙස ගැනෙයි. අප මේ බාහිර ලෝකය දැනගන්නේ කෙසේ ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර තවත් එක් උපකල්පනයක් සඳහන් කළ යුතු ය. තවත් එක් උපකල්පනයක් යනුවෙන් සඳහන් කරන්නේ බාහිර ලෝකයක පැවැත්ම ද උපකල්පනයක් පමණක් ම වන බැවිනි. ඒ අනෙක් උපකල්පනය නම් අපට ඒ බාහිර ලෝකය දැනගත හැකි බව ය. අපට බාහිර ලෝකය දැනගත හැකි ඇයි ද යන ප්‍රශ්නයට අවශ්‍ය නම් පිළිතුරක් දිය හැකි ය. බටහිරයන්ට අනුව බාහිර ලෝකය ක්‍රියාත්මක වන්නේ නීති, එනම් නියම පද්ධතියකට අනුව ය.