මාත් ඔය ප්රශ්නෙම මේ කාලෙ සෑහෙන කල්පනා කරනව. මගේ නම් PFCA අකවුන්ට් එකක් තියෙනව. හැබැයි ඒකට එළියෙන් USD දාන්න විතරයි පුලුවන්. ඇතුලෙ රුපියල් ඩොලර් කරන්න ක්රමයක් නෑ මම හිතන්නෙ(කිසිම NRFC/PFCA එකක එහෙම කරන්න බෑ මම දන්න විදියට). CEFT එකක් කරන්න ගියත් ඒ අකවුන්ට් එකට Error එකක් එනව. මම මේ දවස් වල කරන්නෙ පිටරටින් එන සල්ලි ඔක්කොම USD වලින්ම ගෙන්නගෙන USD වලින්ම තියාගෙන ඉන්නව රුපියලක්වත් කන්වර්ට් නොකර. එහෙම කරල Deposits වලින් වියදම් කරනව. ඒක තමයි වෙලාවෙ හැටියට ගන්න පුලුවන් හොඳම තීරණය.
මම දැනට හිතාගෙන ඉන්නෙ ලොකුවටම ප්රශ්නයක් වුණොත් GOLD ගන්න. ඒක තමයි එකම Solution එක. ලෑන්ඩ් ගන්න වැඩේ නම් අල්ලන්නෙ නෑ මට.
Central Bank එක ඇතුලෙන් මට නිව්ස් එකක් ආව දෙසැම්බර් වෙද්දි ඩොලර් එක 300ට විතර යන්න පුලුවන් කියල හැබැයි ඒ නිව්ස් එක පොඩ්ඩක්වත් කන්ෆර්ම් නෑ. සමහරවිට වෙන්න බැරිකමක් නෑ.