බැංකු කාඩ්පතින් කොටුවූ කෝටිපති හිඟන්නිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමන් පෙරේරා මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඔහු යහපත් ගතිගුණවලින් යුතු අවංක මිනිසෙකි. එය ඔහු ඇසුරු කරන සියලූ දෙනා හොඳාකාරවම දනිති.

    පසුගිය සතියේ දිනක ඔහු මොරටුව ප‍්‍රදේශයේ පිහිටි එක්තරා සුපිරි වෙළෙඳසලකට ගොස් නිවසට අවශ්‍ය දෑ රැගෙන එළියට පැමිණියේය. එලෙස එළියට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ මෝටර් රථය අසල සිටි යාචක කාන්තාවක් මෙලෙස පැවසුවාය.

    ‘‘අනේ සර් මට කීයක් හරි දෙන්න. වේල් ගානකින් මම හරියට කෑම වේලක් කාලා නැහැ. මට පොඩි උන් තුන් දෙනෙක් ඉන්නවා. උන්ට කන්න බොන්න දෙන්න ඕනා. මම මෙහෙම ඉන්න ඕන එක්කෙනෙක් නෙවෙයි සර්. ඒත් අද මට මෙහෙම හිඟා කන්න වෙලා තියෙනවා. පින් අයිති වෙයි සර්ට මගේ පොඩි උන් තුන්දෙනා ගැන හිතලා කීයක් හරි දෙන්න.”

    ‘‘ඇයි ඔයාගේ මහත්තයා නැද්ද?.”

    ‘‘ඒ මිනිහා නිසා තමයි මට මෙහෙම පාරට බහින්න සිද්ධ වුණේ.”

    ‘‘ඇයි ඒ.”

    ‘‘ඒ මිනිහා කුඩු කාරයෙක්. මම දන්නැතුව රැවටුනා. අන්තිමට ගෙවල් දොරවල් පවා විකුණලා ඒ මිනිහා කුඩු

    ගැහුවා. ඊට පස්සේ මටයි ළමයි තුන්දෙනාටයි පාරට බහින්න සිද්ධ වුණා. දැන් ළමයි තුන්දෙනාම ජීවත්කරවන්න මෙහෙම හිඟා කනවා.”

    ‘‘ළමයි තුන්දෙනා කොහෙද ඉන්නේ.”

    ‘‘ඉන්න තැනක් නැති නිසා ටකරම් වලින් පොඩි මඩුවක් ගහගෙන ඉන්නවා සර් කළුතර පැත්තේ. ලොකු කෙල්ලට අවුරුදු දහයයි. ඒකි තමයි අනිත් දෙන්නවත් බලා ගන්නේ මම එනකම්. මම මෙතන ඉඳන් කීයක් හරි හොයාගෙන ඉක්මනට ගෙදර යනවා”

    ‘‘ළමා නිවාසයකට හරි දාලා ළමයින්ට උගන්වන්න බලන්න. නැත්නම් ඒගොල්ලන්ගෙ අනාගතයත් අඳුරු වේවි. මෙන්න මේ මුදල තියා ගන්න.”

    එලෙස පැවසූ සමන් යාචක කාන්තාවට තම කලිසම් සාක්කුවේ තිබූ මුදල් නෝට්ටු වලින් කිහිපයක් දුන්නේය. එලෙස දෙන අවස්ථාවේ ඔහුගේ කලිසම් සාක්කුව තුළ තිබූ බැංකු කාඞ්පත ද එම ස්ථානයේ වැටුණි. යාචක කාන්තාව එය දුටුවත් නොදුටුවා සේ සිටියාය. ඒ ඔහු ගිය පසු එම බැංකු කාඞ්පත ලබා ගැනීමේ කුහක අරමුණින්ය.

    යාචක කාන්තාවට මුදල් ලබාදුන් පසු සමන් තම මෝටර් රථයට නැගී නිවස බලා පිටත් විය. සමන් එලෙස පිටත්ව ගිය පසු යාචක කාන්තාව ඔහුගේ බැංකු කාඞ්පත කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් වැටුණු ස්ථානයෙන් ගෙන මෙලෙස කල්පනා කළාය.

    ‘‘මේ මිනිහා ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඇති. මේ කාඞ් එකේ හොඳට සල්ලි ඇති. ඒක නිසා මේකෙන් කොහොමහරි සල්ලි ටිකක් ගන්න ඕනා අදම.”

    කිහිපවිටක් එලෙස සිතූ ඇය හිඟාකෑම පසෙක දමා සුපුරුදු ස්ථානයට ගොස් වැරහැලි ඇඳුම් සහ තම රූප ස්වභාවය වෙනස්කර ගනිමින් නිවස බලා යෑමට පිටත් වූවාය. එලෙස තම නිවසට පැමිණි ඇය ස්වාමිපුරුෂයාට මෙලෙස පැවසුවාය.

    ‘‘ඔයා දන්නවද අද මරු වැඩක් වුණා.”

    ‘‘ඒ මොකක්ද?”

    ‘‘එක මහත්තයෙක් මට සල්ලි දෙන්න හදනකොට එයාගෙ කලිසන් සාක්කුවේ තිබිලා බැංකු කාඞ් එකක් වැටුණා.”

    ‘‘ඉතින්.”

    ‘‘එයා ගියාට පස්සේ ඒක මම අහුල ගත්තා.”

    ‘‘ඇයි එහෙම කළේ ඒ මනුස්සයට දුන්නනම් හරිනේ.”

    ‘‘ඔයාට පිස්සුද?. ඒ මිනිහා හොඳ සල්ලිකාරයෙක් වගේ. අපි ඒකෙන් මොනවා හරි ගමු. සල්ලි තියෙන අයගෙන් එහෙම ගත්තට අපිට පවක් සිද්ධ වෙන්නේ නැහැ.”

    ‘‘අනේ මන්දා. කෝ දෙන්න බලන්න බැංකු කාඞ් එක.”

    යාචක කාන්තාව තම ස්වාමි පුරුෂයාට අහුලාගත් එම බැංකු කාඞ් පත දුන්නාය. එය පරීක්ෂා කර බැලූ ඔහු මෙලෙස පැවසුවේය.

    ‘‘මේක ක්‍රෙඩිට් කාඞ් එකක්. අපිට මේක දීලා බඩු ගන්න පුළුවන්.”

    ‘‘ඒකනේ මම ඔයාට කිව්වේ. කල්දාන්න එපා දැන්ම ලෑස්ති වෙන්න. අපි මේකෙන් පුළුවන් තරම් බඩු ගමු. මොන වගේ බඩුද ගන්න පුළුවන්.”

    ‘‘ක්‍රෙඩිට් කාඞ්වලට ගෙවන්න දෙන ඕන බඩුවක් ගන්න පුළුවන්. ඒ වගේ කඩ ටවුන් එකේ ඕන තරම් තියෙනවා.”

    ‘‘අපිට වොෂින් මැෂින් එකක් නැහැ. රයිස් කුකර් එකක් නැහැ. ඒවගේ ගෙදර නැති ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් ගමු.”

    ‘‘හරි හරි ඔයාගේ කැමැත්තක්.”

    යාචක කාන්තාව ඔහුගේ ස්වාමිපුරුෂයා සමග ළඟම තිබූ නගරයට ගොස් සොරකම් කළ එම බැංකු කාඞ්පත භාවිත කරමින් රෙදි සෝදන යන්ත‍්‍රයක්, රයිස් කුකර් එකක් සහ තවත් ගෘහභාණ්ඩ රැසක් මිලදී ගත්තේය. එම භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික වේ. එලෙස භාණ්ඩ මිලදී ගත් ඔහු නිවසට පැමිණියේ කිසි දිනෙක තමන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට නොහැකි යැයි සිතාය. එදින ඉතා සතුටින් කාලය ගත කළ ඇය පසුදින සුපුරුදු පරිදි යළි සිඟා කෑම සඳහා සුපුරුදු ස්ථානයට ගියාය.

    දින දෙකකට පමණ පසු තමන්ගේ බැංකු කාඞ් පතක් නැති වී ඇති බව සමන් දැන ගත්තේය. එය කෙලෙස නැති වුණා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය. දසඅතේ ඔහු ඒ ගැන කල්පනා කළේය. සෙවිය යුතු සෑම තැන්වලම සොයා බැලූවේය. එහෙත් පලක් නොවිණි.

    කාඞ් පත ළඟ නොමැති නිසා අදාළ බැංකුවට කතා කර ඒ පිළිබඳව දන්වා කාඞ්පත් අවලංගු කළේය. ඒ සමගම ඇති වූ සැකය මත බැංකු ගිණුමද පරීක්ෂා කර බැලූවේය. එහිදී අනාවරණය වූයේ ලක්ෂ 3 කට අධික මුදලක් තම ගිණුමෙන් අඩු වී ඇති බවයි. එහෙත් ඔහු එවැනි මුදලක් වියදම් කළේ නැත. කිසියම් වංචාවක් සිදුවී ඇති බව ඔහුට වැටහුණි. එම නිසා වහාම ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමුවේය.

    පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. බැංකු ගිණුමෙන් ලද තොරතුරුවලට අනුව රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් යොදාගෙන තිබුණේ භාණ්ඩ මිලදී ගැනීම සඳහාය. ඒ අනුව පොලිස් නිලධාරීන් එම භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් වලට ගොස් ඒ පිළිබඳවද පරීක්ෂා කළේය. එහිදී අනාවරණය වූයේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු පැමිණ ක්‍රෙඩිට් කාඞ් පතක් භාවිත කරමින් එම භාණ්ඩ මිලදී ගත් බවයි.

    පොලිස් නිලධාරීන් එම සැකකරුවන් පිළිබඳ තවත් තොරතුරු රැසක් එම වෙළෙඳසල් හිමියන්ගෙන් අනාවරණය කර ගත්තේය. ලද සියලූ තොරතුරුවලට අනුව එම කාන්තාව පදිංචි කළුතර ප‍්‍රදේශයේ නිවසේ ලිපිනය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

    කල් නොයවා එදිනම පොලිස් නිලධාරීන් සැකකාර එම කාන්තාවගේ නිවස සොයා ගියේය. ඒ යන විට ඇය සහ ස්වාමිපුරුෂයා නිවසේ සිටියහ. ඒ අනුව පොලිස් නිලධාරීන් මිලදී ගත් භාණ්ඩ ගැන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළේය. එහිදී ඇයට සත්‍ය වසන් කරගෙන සිටීමට නොහැකි වූවාය. සිදු වූ සියලූ දේ අකුරක් නෑර පොලිස් නිලධාරීන්ට ඇය මෙලෙස පැවසුවාය.

    ‘‘සර් මගේ රැකියාව හිඟා කන එක. මම මොරටුව ප‍්‍රදේශයේ තමයි හිඟා කන්නේ. දැන් දින කිහිපයකට ඉහතදී මහත්තයෙක් මට සල්ලි වගයක් දුන්නා ඒ දෙනකොට එයාගේ බැංකු කාඞ් එක වැටුණා. මම ඒක අහුලගෙන අපේ මිනිහත් එක්ක ගිහින් වොෂින් මැෂින් එකක්, රයිස් කුකර් එකක් ආදී උපකරණ ගත්තා. ලක්ෂ තුනක් විතර වටින බඩු එම බැංකු කාඞ්පතෙන් අපි මිලදී ගත්තා.”

    ඇය එලෙස පවසද්දී එක් පොලිස් නිලධාරියෙක් ඇයගේ කතාවට බාධා කරමින් මෙලෙස විමසුවේය.

    ‘‘ඔයා හිඟාකනවා නම් මෙච්චර වටින ගෙයක් කොහෙන්ද?.”

    ‘‘සර් මම මෙච්චර හොඳට ගෙවල් දොරවල් හැදුවේ හිඟා කාල තමයි. අවුරුදු ගාණක ඉඳලම මම හිඟා කනවා. ගමේ කවුරුත් නෑදෑයො හිතමිතුරෝ ඒව දන්නේ නැහැ. උදේ පාන්දර හොඳට ඇඳගෙන යනවා. මගදී ඇඳුම් මාරු කරගෙන රූපය වෙනස් කරගන්නවා. ඊට පස්සේ කාටවත් මාව අඳුරන්න බැහැ. සමහර දවස්වලට මම රුපියල් දහදාහක් හොයලා තියෙනවා. කොරෝනා වලින් පස්සේ නම් ආදායම ටිකක් අඩු වුණා. ඒත් අවුලක්ම නැහැ.

    ‘‘තව මේ නිවසට අමතරව තවත් ගෙවල් දෙකක් මට තියෙනවා. ඒ ගෙවල් දෙකම මම කුලියට දීලා තියෙන්නේ. මාසෙකට 50,000 ආදායමක් එනවා. මේ සේරම මම කළේ හිඟා කාලා තමයි සර්. පුළුවන් නම් මට සමාවදෙන්න. ආයෙත් මම මේ වගේ වැරදි කරන්නේ නැහැ.”


    පොලිසියෙන් ඇයට සමාවක් නොලැබුණි. සැකකාර එම කාන්තාව සහ පුරුෂයාව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

    මේ මෙරටින් හමු වූ තවත් එක්තරා සල්ලිකාර හිඟන්නියක් පමණි. සල්ලි පොලියට දෙන, යාන වාහන කුලියට දෙන, වටිනා ඉඩකඩම් ආදි දේ ඇති තවත් බොහෝ යාචකයෝ මෙරට සිටිති. ඒ අනුව බලන කල මෙරට සමහර යාචකයෝ සුපිරි ධනවතුන් වෙති.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ ගෙවල් දෙකම මම කුලියට දීලා තියෙන්නේ. මාසෙකට 50,000 ආදායමක් එනවා

    ehenam mona huththatada ban rice cooker ekak gaththe naththe, athin daala raha krla liyapu pampori huththe kathaa
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    නික්මට වත් කාඩ් එකක් වැටිල තියනව අහුවුනොත් ආයෙ බැන්කු වලට දෙන්න යන්න එපා.කුනුගොඩකට දාල පුච්චපල්ල.
    අහක යන කුනුගෙඩි සෙට් වෙන්නෙ.
    අයිතිකාරයගෙන් වැටෙනව දැක්කොත් දීපන් ඒක අවුලක් නෑ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඒ ගෙවල් දෙකම මම කුලියට දීලා තියෙන්නේ. මාසෙකට 50,000 ආදායමක් එනවා

    ehenam mona huththatada ban rice cooker ekak gaththe naththe, athin daala raha krla liyapu pampori huththe kathaa
    matath hithuna oka..hinga kala dwskt 10,000k hoyalath thynwane kynne....eka dawasakata 2000k hewuwa kiyamuko...maseta 60i..gewal deke 50i 1.10i :-) mahaththaya abba gobbayek wage gedara hitiyath 1.10kin rice cooker ekk ganna barida??
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නික්මට වත් කාඩ් එකක් වැටිල තියනව අහුවුනොත් ආයෙ බැන්කු වලට දෙන්න යන්න එපා.කුනුගොඩකට දාල පුච්චපල්ල.
    අහක යන කුනුගෙඩි සෙට් වෙන්නෙ.
    අයිතිකාරයගෙන් වැටෙනව දැක්කොත් දීපන් ඒක අවුලක් නෑ

    ubage avatar eka wenas karapan, @nicjosh83 @N A K A M U R A @erozan dakkoth uba iwarai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ගෙවල් දෙකම මම කුලියට දීලා තියෙන්නේ. මාසෙකට 50,000 ආදායමක් එනවා

    ehenam mona huththatada ban rice cooker ekak gaththe naththe, athin daala raha krla liyapu pampori huththe kathaa

    එහෙම තිබුනත් මදි එවුන් ඉන්නව. හොරා කන්නමයි හිත. ඔය ඉන්නෙ රාජපක්ෂ කියලා පරම්පරාවක්ම.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    matath hithuna oka..hinga kala dwskt 10,000k hoyalath thynwane kynne....eka dawasakata 2000k hewuwa kiyamuko...maseta 60i..gewal deke 50i 1.10i :-) mahaththaya abba gobbayek wage gedara hitiyath 1.10kin rice cooker ekk ganna barida??
    eekane bn
    mewa wishwasa krna un chnde denneth ohoma thamai
    එහෙම තිබුනත් මදි එවුන් ඉන්නව. හොරා කන්නමයි හිත. ඔය ඉන්නෙ රාජපක්ෂ කියලා පරම්පරාවක්ම.
    ow horu ehema thamai
    eth ochchara hamba krlath thaama rice cooker ekak ganna bari unaada munta
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Boru labbakda koheda credit card eke 50000k tiyenne kohomada?? Anika bank eken ehema eka para badu ganiddi call ekakwath denawane bnn.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    නික්මට වත් කාඩ් එකක් වැටිල තියනව අහුවුනොත් ආයෙ බැන්කු වලට දෙන්න යන්න එපා.කුනුගොඩකට දාල පුච්චපල්ල.
    අහක යන කුනුගෙඩි සෙට් වෙන්නෙ.
    අයිතිකාරයගෙන් වැටෙනව දැක්කොත් දීපන් ඒක අවුලක් නෑ
    ඉතින් බන් තමන්ගේ නෙමේ නිසා අහුලන්න යන්න ඕනි නැහැ ඒ වගේ දෙයක්


    "වැටී තිබූ කහවණු පොදිය දුටු බුදුපියාණෝ ගොවියාට ඇසෙන්නට ‘ආනන්දය සර්පයා දුටුවෙහිදැයි’ කිහිප විටක්ම ඇසූහ. ස්වාමීනි ඒ විෂ ඝෝර සර්පයා දුටුවෙමි’යි ආනන්ද තෙරණුවෝද කිහිප විටක් පිළිතුරු දුන්හ"
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    පොඩි උන්ට බත් කවද්දි කියන කතා වගෙ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,265
    15,363
    113
    සමන් එලෙස පිටත්ව ගිය පසු යාචක කාන්තාව ඔහුගේ බැංකු කාඞ්පත කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් වැටුණු ස්ථානයෙන් ගෙන මෙලෙස කල්පනා කළාය.

    ‘‘මේ මිනිහා ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඇති. මේ කාඞ් එකේ හොඳට සල්ලි ඇති. ඒක නිසා මේකෙන් කොහොමහරි සල්ලි ටිකක් ගන්න ඕනා අදම.”

    කිහිපවිටක් එලෙස සිතූ ඇය හිඟාකෑම පසෙක දමා සුපුරුදු ස්ථානයට ගොස් වැරහැලි ඇඳුම් සහ තම රූප ස්වභාවය වෙනස්කර ගනිමින් නිවස බලා යෑමට පිටත් වූවාය.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හිතපු ඒවයි ගෙදර කියපුවයි ඔක්කොම ලියලා..

    හැබැයි හිඟාකන සල්ලි තියෙන උන් නම් ඉන්නවා. මම දන්න එකෙක් ඉන්නවා හිඟාකනවා වගේම සල්ලි පොලියට දෙනවා. වාහන කීපයක් තියාගෙන රෙන්ට් එකට දෙනවා. තව මොන මොනවා තියෙනවාද දන්නෙ නෑ. ඒත් ඌත් තාමත් හිඟා කනවා. ගෙදරින් වැඩිය දුරත් නෙමෙයි ලඟපාත ටවුන් වලම මූ හිඟා කනවනෙ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ළගදි කතෝලික පල්ලියක් ළග යාචකයෙක් මැරිල හිටිය. සුවාමි පොලිසියෙන් ගෙන්වල හොයල බැලුව. ළග තිබුණ රු. 86000 කට වැඩියෙ. බැංකු පොත් කීපයක රු. ලක්ෂ 6 කට වැඩියෙන් සල්ලි දාල තිබුණ.