බැංගලෝර පාඩම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බැංගලෝර පාඩම

2-jayaram_jayalalitha.color.jpg



ජයලලිතා පිළිබඳ නඩු තීන්දුව ඇසූ ලංකාවේ බොහෝ දෙනා කීවේ ඒ නඩුව ඇසුවේ ලංකාවේ නම් ජයලලිතා ගොඩ බවය. ඇත්ත කතා කරයි නම් ජයලලිතාට සිද්ධ වෙච්ච දේ ගැන කරුණා නිධිට වඩා සතුටු විය යුත්තේ ලංකාවේ පාලක පක්‍ෂයයි. ඒවා රාජ්‍ය තාන්ත‍්‍රික කාරණාය. අපි කවුරුත් දන්නා පරිදි දකුණු ඉන්දියාව යනු ඉතා අපිළිවෙළය. අපිරිසිදු ය. මං මාවත් ගොරහැඩිය.

පරිසරය ¥ෂ්‍ය වෙලාය. බහුතර ජනතාව අසංවරය. අවිනීතය. ඒ සියලූ කාරණා අපට අසන්නට දකින්නට විඳින්නට අපහසු තත්ත්වයන් වෙති. එහෙත් ඒ අවිධිමත් රටේ අධිකරණය නිදහස්ය. අදීනය. ස්වෛරීය. අපක්‍ෂපාතීය. පල් හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කරයි. මැතිවරණ ක‍්‍රමය පාරදෘශ්‍ය භාවයෙන් යුක්තය. සර්ව සාධාරණය. මැතිවරණ පද්ධතියේ කිසිදු කිලූටක් ගෑවී නැත. කිසිවකු ඊට හොට දාන්නේ නැත. පසුගිය ඉන්දීය මහ මැතිවරණයෙදී රාහුල් ගාන්ධිට එරෙහිව දැඩි පියවර ගැනීමට ඉන්දීය මැතිවරණ කොමසාරිස් වී.එස්. සම්පත් පියවර ගත්තේය. ඊට හේතුව හිමාචල් ප‍්‍රදේශයේ ඡුන්ද රැුස්වීමක් අමතා කළ නීති විරෝධී ප‍්‍රකාශයකි.

ටෙන්ඩර් මගඩි, පගා මරුවෝ ඉන්දියාවේ නැතිවා නොවේ. එහෙත් අසුවූ සැණෙන් උන් හිරේ විලංගුවේ වැටෙති. අපේ ආණ්ඩුව කාපට් පාරවල් පාවෙන වෙළෙඳසල් ආදී අනෙක් අනංමනං අටවා ජනතාවට දෙන සැප අනන්තය. එහෙත් ලංකාවේ අධිකරණය ගැන ඇසෙන කතා හද කකියවයි. පොලිසි ගිය කෙනකු පණ පිටින් ගෙදර එනු බොරුය. එහෙත් උසාවි ගිය අය නම් බේරී පැමිණෙති. හොර සල්ලි අතැති එකකු හිරේ විලංගුවේ වැටෙයි. තවෙකකු සමාව ලබයි. එස්.බී. දිසානායක හිරේ වැටුණේ කට නිසාය. එහෙත් තම බිරියට මාසයට දස ලක්‍ෂයක් නඩත්තු ගෙවන දේශපාලනඥයන්ට අල්ලස් නඩු නැත. සිය පියාගේ මරණය ගැන සාධාරණ විනිශ්චයක් ඉල්ලා හිරුණිකා අලූත්කඬේ පොල් ගැසුවාය. ඒ හිරුණිකා අද ආණ්ඩුව සමග සිනාසෙමින් සිටින්නීය.

selvipic.jpg

බැංගලෝර් අධිකරණය ජයලලිතාට එරෙහිව දුන් තීන්දුව ගැන ලංකාවේ අපට ඇත්තේ දැඩි දුකකි. ඒ ජයලලිතා හිරේ ගිය නිසා නොවේ. ලංකාවේ අධිකරණය ගැන සිතිලාය. ලංකාවේ අපට සාධාරණ අධිකරණයක් තරාතිරම නොබලා දුන් මේ තීන්දුව කිසිදා නොදුටු අරුමෝසම් භාණ්ඩයක් තරම් විමතියකි. එක් යුගයක එනම් 1972ට පෙර ලංකාව ආසියාවටම ආශ්චර්යයක් විය. ඒ පාරවල් තැනීම නිසා නොවේ. යහ පාලනය නිසාය. සාධාරණ අධිකරණ පද්ධතිය නිසාය. මේ තත්ත්වය වෙනස් කළෝ කවුද?

ඉන්දියාව ලංකාවට පූර්වාදර්ශ දුන්නේ අද ඊයේ නොවේ. ගෞතම බුදුන් පහළවූ ඉන්දියාව අදත් අපට පූර්වාදර්ශ දෙමින් සිටින්නීය. බැංගලෝර් අධිකරණ තීන්දුව ලංකාවේ අපට නොකියා කියන්නේ කුමක්ද? පාර කාපට් නොකළාට, පාවෙන වෙළෙඳසල් නොතිබුණාට, අපි නීතිගරුක නම්බුකාර රටක් කියාය. අපට එහෙම කියන්න පුළුවන්ද? ථෙරවාද බුද්ධාගම පෙන්නා ඉන්දීය නම්බුව පරයා නැගී සිටින්නට බැරිය. රුවන්වැලි මහා සෑය පෙන්වා අප බෞද්ධ යැයි කියන්න බැරිය. ශී‍්‍ර දළදා වහන්සේ වැඩ සිටියාට අපට ප‍්‍රතිහාර්ය පාන්න බැරිය. මේ රට තෙවරක් බුදුන්ට පි¥ බව කියති. තංගල්ල විදේශිකයා මරා පෙම්වතිය ¥ෂණය කළ නඩුවේ තීන්දුව දෙනතෙක් රටේ සූදුකාරයන් ඒ නඩු තීන්දුවටත් ඔට්ටු ඇල්ලූහ. එහෙම වුණේ ඇයි? අපේ රටේ අධිකරණය බැංගලෝර් අධිකරණය මෙන් ස්වාධීන නැති නිසා විය හැකිය.

Thangalla+Murder-33000lk.jpg

බැංගලෝරයද ඇතුළත් නීතිගරුක ඉන්දියාවේ ප‍්‍රථම අගමැති නේරු වරක් කළ ප‍්‍රකාශයක් මෙසේය.”ඔබට යුද හමුදාවක් විනාශ කළ හැකිය. ඔබට ආණ්ඩුවක් රාජ්‍යයක් විනාශ කළ හැකිය. එහෙත් ඔබට ජනතාවක් විනාශ කළ නොහැකිය.” ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය පාලකයන් පසුගිය 42 වසර තුළ යුද්ධ කළහ. යුද්ධය ජය ගත්හ. සාමකාමී රටේ යුද හමුදාව සපයන සේවා අනන්තය. සියලූ සාධාරණ විධිවිධාන එහෙයියන් ලවා යටපත් කර ඇත. රාජ්‍යය මෙන්ම රාජ්‍ය පාලනයද විනාශ කර හමාරය. අද රටට එරෙහිව ලෝක අධිකරණයේ නඩු වැටී ඇත. ඉන්දීය නඩු තීන්දු අසන අප විලියෙන් හැකිළෙයි. එහෙත් පණ්ඩිත නේරු කියන ආකාරයට පාලකයන්ට ජනතාව විනාශ කළ නොහැකිව ඇත.

අප කතා කරන බැංගලෝර් අධිකරණ තීරණය ගැන කාටත් වඩා සතුටු විය යුත්තේ රටේ පාලකයන්ය. පසුගිය කාලයේ ලංකාවට ජයලලිතා එල්ල කළ අනේක අභියෝග ඊට හේතු වෙයි. එහෙත් මේ තීන්දුව ගැන රටම කතා කරති. ආණ්ඩුව බුකවාගෙන සිටියි. ඒ ඇයි? මේ හිරේ යන්නේ තමන්ගේ ප‍්‍රබල ප‍්‍රතිවාදියා බව සැබෑය. එහෙත් ආණ්ඩුව නිහඬව සිටින්නේ ජයලලිතාට වන් මේ දුක වනේ වන හතුරෙකුටවත් නොවේවා යන සිතින් නොවේ. මේ තීන්දුව ගැන ආණ්ඩුව වචනයක්වත් කතා නොකරනු ඇත. හේතුව ලංකා අධිකරණ පද්ධතිය එහෙම වෙතියි පවත්නා බිය නිසාය. ජයලලිතාට එරෙහිව මේ නඩු පැවරීමට මුල්වූ සුබ‍්‍රමනියම් ස්වාමි අපේ රටේ පාලනය නිතර අගය කරන්නෙකි. ඒ නිසාම අද හෝ හෙට දවසේ ලෝකයේ කොහේ හෝ තැනකදී මාධ්‍යවේදීහූ ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි කොටු කර ගන්නාහ. එසේ කොටුකර අසන්නේ මෙරටේ පාලනය ගැන ලංකාවේ විපක්‍ෂය නගන ¥ෂණ චෝදනා ගැන ඔහුගේ මතය කුමක්ද කියාය.

RANIL-SAD.jpg

එහෙත් ලංකාවේ විපක්‍ෂය පොදු සන්ධානයක් ලෙස එක්ව මේ ප‍්‍රශ්නය නැගිය යුතුය. ලංකාවේ වර්තමාන ආණ්්ඩුවෙන්ද? නැත. රටේ ජනතාවගෙනි. මහා මානව හිතවාදියකු ලෙස වෙස්බැඳ නටන රාජිත සේනාරත්නගෙන් ඒ ගැන විමසා පලක් නැත. ඒ ලංකාවේ ඓතිහාසික නඩුව ඇසූ එක් විනිසුරුවකු ඔහු වන හෙයිනි. විමල් වීරවංශ මේ ගැන කුමක් කියයිද? එළැඹෙන ජනාධිපති මැතිවරණය හමුවේ බැංගලෝර් තීන්දුව මෙරටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බව කියනුු නිසැකය. ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවාගෙන් විමසන්න. ඔහු දැන් මට වෙන වැඩක් තියනවා කියා මගහරිනු ඇත. අල්ලස් කොමිසමේ සභාපති බාලපටබැඳිගෙන් විමසිය නොහැකිය. නියෝජ්‍ය අමාත්‍ය රත්තරන්ගෙන් විමසිය නොහැකිය.

z_p10-Ruhunu-04.jpg

දේශපාලනඥයන් යනු රටේ පාලනය භාරව සිටින්නෝ මිස රාජ්‍ය දේපළ හිමිකරුවන් නොවේ. පාලකයන් එකී භාරය මැනවින් සහ නීත්‍යනුකූලව දරන්නේද යන්න විමසීමේ හැකියාව නීතියට අධිකරණයට ඇත. නීතිය අධිකරණය එසේ විමසා පාලකයන් නිවැරදි කළ යුතුය. බැංගලෝර් අධිකරණය ජයලලිතාට දඬුවම් කිරීමෙන් අපේක්‍ෂා කළේ රටක නීතියක් ඇති බව තියුණු ලෙස ප‍්‍රකාශ කිරීමය. ඒ තීන්දුව මේ වනවිට මුළු ලෝකයම ශ‍්‍රවණය කර හමාරය. එය ඇසූ ලෝකයේ සාධාරණකම අගය කරන මිනිසුන් සාධුකාර පැවැත්වූහ. ඒ ජයලලිතාට ඇති වෛරය නිසා නොවේ. යහපාලනය ලෝකයේ දේව ධර්මය බව නැවත සිහිකර ඇති හෙයිනි. ලංකාවේ යහපාලනය පවතීද? ශී‍්‍රපති සූරියආරච්චි ආණ්ඩුව හැර ගිය වහාම අධිකරණයට කුදලාගෙන ගියේ ය. ඒ ඔහු ආණ්ඩුව සතු පොදු දේපළක් වන වාහනයක් තමා භාරයේ තබාගෙන සිටි හෙයිනි. ඒ චෝදනාව ශී‍්‍රපති ආණ්ඩුවේ ඉන්නා තාක් නැගුණේ නැත.

sripathi.jpg

රටේ වර්තමාන පාලකයන් තමන්ට එරෙහි විපක්‍ෂය මඩින්නේ ශී‍්‍රපති සූරියාරච්චිට එරෙහිව කි‍්‍රයා කළ විදියටමය. මේ මැතිවරණයේදී ගුටි කා රෝහල් ගතව සිටි බණ්ඩාරවෙල නගරාධිපති උසාවි දක්කන්නට පොලිසිය සමත් විය. එහෙත් ඔහුට පහර දුන් මැති ඇමැතීන් තවම ගෙවල්වලය. ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රැුකෙන්නේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවත්නා විධිවිධානවලට මුවා වෙලාය. එහෙත් නීතියට එරෙහිව සිය වාසියට කි‍්‍රයා කරන විට රටේ මිනිසුන් ඊට වෛර කරති. අද රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විකෘති විධිවිධාන මගින් රටේ සාධාරණ පාලනය අහෝසි වී ඇත. එහෙත් ලෝකය සදාචාරය වැරැද්ද වැරැුද්ද ලෙස පිළිගනීති. මොන නීතියෙන් හරිය කීවත් ලෝක මතයට අනුව වැරැුද්ද වැරදිමය.

ලංකාවේ නීතිය අනුව සුවිශේෂ අවස්ථාවල යම් යම් නීතීන් වඩාත් ඉස්මතුවී බල පවත්වනවාය. උදාහරණ ලෙස වෙසක් දින දෙකට සුරාසල් වැසෙයි. ඝව ඝාතනය නතර වේ. මස් කඩ වැසෙයි. අනෙක් පුර පසළොස්වක් පොහෝ දිනයන්හි සුරාසල් වැසෙයි. එහෙත් මස්කඩ නීතිය කැලේ දුවයි. ඒ හැටිය. මැතිවරණ කාලයටත් එහෙමය. මොනරාගල මෙන් නීතිය කැලේ පැනීම ත‍්‍රස්තවාදය වීදි බසින තත්ත්වයකි.

f0907231-3.jpg

මැතිවරණ කාලයක ස්ථාන මාරු කිරීම් කිරීමට කැබිනට් මණ්ඩලයටවත් බලයක් නැත. මැතිවරණ අතර රාජ්‍ය සේවයේ කාර්යාල සහායකයකු හෝ මාරු කිරීමට සාමාන්‍ය පටිපාටිය අනුව සිදු කළ නොහැකිය. හදිසි සේවා අත්‍යාවශ්‍ය කාරණයක් නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් දැනුවත් කළ යුතුය. ඒ ගැන මැතිවරණ කොමසාරිස් සෑහීමට පත්විය යුතුය. ඔහුගේ අනුමැතිය හෝ නිර්දේශය ලබාගත යුතුව ඇත. එහෙත් පසුගිය දිනවල කුමක් වීද?

SF10512.jpg

මෙසේ නීතිය කැලෑ වැදුණේ මොනරාගලදී පමණක් නොවේ. පසුගිය පළාත් සභා ඡුන්දයේදීත් සිද්ධ විය. ෆොන්සේකා බස්නාහිර දකුණ ආසන ගණනාවක් ජය ගත්තේය. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් එක ආසනයක් හෝ නො ලැබිණ. ඒ ඇයි? සරත් ෆොන්සේකාට හම්බන්තොටට පය ගහන්න ඉඩ නොදුන් නිසාය. ඒ ඇයි? උත්තරය විවෘත එකකි. සජිත් පේ‍්‍ර්මදාසට හම්බන්තොට දේශපාලනය හරහා එජාප නායකත්වය ලබා ගැනීමට ඉඩකඩ ලබාදීමට ආණ්ඩුවට වුවමනා විය. එසේම ඒ මැතිවරණ ව්‍යාපාරය අතර, දුලාංජලී කොටුවූ හොර සල්ලි සිද්ධිය යටපත් කළේ ද, සජිත්ගේ සුභ සිද්ධිය අපේක්‍ෂාවෙනි. සජිත් වෙනුවෙන් රටේ විධිමත් නෛතික කි‍්‍රයාවලිය එසේ නතර විය. ඒ ඇයි? එය එජාප ඡුන්ද ව්‍යාපාරයට අවහිර වන නිසා නොවේ. එය සජිත් පේ‍්‍රමදාස රනිල්ට සහ එජාපයට එරෙහි කරන අරගලයට බාධාවක් වන නිසාය. මේ හරහා ලැබෙන පණිවිඩය කුමක්ද? වර්තමාන ආණ්ඩුව තම වාසියට නීතිය එහා මෙහා කරන බවකි. මාතර කුරුඳු පොලූ ප‍්‍රහාරය තවත් එවැනි අවස්ථාවකි. මංගල සමරවීර එදා පෙනී සිටියේ එජාපයේ පැවැත්ම වෙනුවෙනි. එදා ගුටිකෑවේ සජිත් වෙනුවෙන් වීදි බැස්ස කණ්ඩායමය. එදා මෛති‍්‍ර ගුණරත්්නගේ පියා හර්මන් ගුණරත්න පාරේ ගමන් කළ අයට දිගට හරහට වෙඩි තැබීය. ඒ ගැන ඔහුට එරෙහිව අදටත් නඩු නැත. ඒ වර්තමාන ආණ්ඩුව රටේ නීතිය එජාපයට එරෙහි සජිත්ගේ වාසියට එහා මෙහා කළ තවත් වාර්තාගත අවස්ථාවකි. ඒ සියලූ කෘතගුණ වෙනුවෙන් සජිත් පෙළ ගැසෙන පොදු විපක්‍ෂ එක`ගතාව විනාශ කිරීමට කැසකවමින් සිටියි.

ඉන්දියාවේ බැංගලෝර් අධිකරණයේ සාධාරණභාවය ලෝකයටම ආස්වාදයකි. එහෙත් ලංකාවේ තත්ත්වය කුමක්ද? බස්නාහිරට වලංගු නීතිය ඌවට වලංගු නොවේ. එහෙම වෙන්නේ ඇයි? ලංකාවේ මැතිවරණ නීතිය මතු නොව හැම නීතියම සමහර අවස්ථාවල කුණු මුල්ලට විසි කරන නිසාය. මේ තත්ත්වය තුළ ලංකාවේ නඩු ඉන්දියාවේ බැංගලෝර් අධිකරණයේ විමසුවා නම් කී දෙනකුගේ පටි රොල් වෙනවාද? එහෙත් ලංකාවේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය මාතෘ භූමිය ආදී සංකල්ප සමග ගත් විට අධිකරණය මඤ්ඤංය. විදේශ කුමන්ත‍්‍රණ පවත්නා නිසා දේශපේ‍්‍රමීහු ලංකාවේ නඩු ජිනීවා හෝ ඉන්දියාවේ බැංගලෝර් අධිකරණයේ අසන්නට ඉඩ නොදෙයි. නවනීදන් පිල්ලේට ගරහන්නේ ඒ නිසාය. 1989 දී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සිදුවිය. එහෙත් 2009න් පසුව ලංකාවේ සිද්ධ වෙන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් කෙරෙන කි‍්‍රයා පමණකි.


නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න - Rivira . lk​
 
Last edited:
  • Like
Reactions: doonga

thanujaka

Well-known member
  • මේ ආණ්ඩුව මොන මොන දේ දියුණු කරා කිව්වත් නීතිය නං බල්ලටම බාල්දු කරා..
    කිසිම් ආණ්ඩුවක් මේ තරං නං නීතිය පිරිහීමකට ලක්කලේ නෑ...
    සාමාන්‍ය ජනතාවට නීතිය ගැන තිබ්බ විශ්වාසය නැති උනේම මේ ආණ්ඩුව කරපු දේවල් නිසාමයි..
    දැන් නීතිය කිව්වම නිකන් හිනා යනවා.. එක නිකං විහිළුවක් වෙලා...
    නීතිය කියන්නේ එක්තරා විදිහකට කිව්වොත් ඒ රටේ ජනතාවගේ විනය...
    විනය පිරිහිච්ච රටක් කොයි තරං ආර්ථිකව සංවර්ධනය කරත් වැඩක් නෑ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ ආණ්ඩුව මොන මොන දේ දියුණු කරා කිව්වත් නීතිය නං බල්ලටම බාල්දු කරා..
    කිසිම් ආණ්ඩුවක් මේ තරං නං නීතිය පිරිහීමකට ලක්කලේ නෑ...
    සාමාන්‍ය ජනතාවට නීතිය ගැන තිබ්බ විශ්වාසය නැති උනේම මේ ආණ්ඩුව කරපු දේවල් නිසාමයි..
    දැන් නීතිය කිව්වම නිකන් හිනා යනවා.. එක නිකං විහිළුවක් වෙලා...
    නීතිය කියන්නේ එක්තරා විදිහකට කිව්වොත් ඒ රටේ ජනතාවගේ විනය...
    විනය පිරිහිච්ච රටක් කොයි තරං ආර්ථිකව සංවර්ධනය කරත් වැඩක් නෑ...

    කරුමේ කියන්නෙ අපේ රටේ සමහර මිනිස්සු කවුරු හරි දේශපාලුවෙක් නීතිය වනසනකොට ඒකට චියර් කරන ගානට පිරිහිලා තිබීමයි. අන්තිමේදි අර දේශපාලුවාම උන්ට අරින කන් උන් දන්නෙ නෑ. මිනිස්සුන්ගේ මෝඩ කමද, අසoවර කමද මොකද්ද කියලා හිතාගන්න වත් බෑ. :no:

    විනයක්, නීතියක් නැති රටක මොනව තිබ්බත් වැඩක් නෑ තමයි. :yes::yes::yes:
     
    මේ ආණ්ඩුව මොන මොන දේ දියුණු කරා කිව්වත් නීතිය නං බල්ලටම බාල්දු කරා..
    කිසිම් ආණ්ඩුවක් මේ තරං නං නීතිය පිරිහීමකට ලක්කලේ නෑ...
    සාමාන්‍ය ජනතාවට නීතිය ගැන තිබ්බ විශ්වාසය නැති උනේම මේ ආණ්ඩුව කරපු දේවල් නිසාමයි..
    දැන් නීතිය කිව්වම නිකන් හිනා යනවා.. එක නිකං විහිළුවක් වෙලා...
    නීතිය කියන්නේ එක්තරා විදිහකට කිව්වොත් ඒ රටේ ජනතාවගේ විනය...
    විනය පිරිහිච්ච රටක් කොයි තරං ආර්ථිකව සංවර්ධනය කරත් වැඩක් නෑ...

    :yes:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හොඳ ලිපියක් මචන්. ජයලලිතා හිරේ ගිය එකනම් හොඳයි. එත් එකිත් මොදිගේ පැත්තේ හිටියනම් ඔය නඩුව පැරදෙයිද?

    ලංකාවෙනම් කියන්න තියෙන්නේ ඉතින් වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියලා තමයි. දැන් වැඩේ වෙලා තියෙන්නේ බන් ජනතාවත් නීතියේ ස්වාධීනත්වය ගැන කැක්කුමක් නැති එකනේ. අද ඔන්න නිවුස් වලට පෙන්නුවේ අර රත්නපුරේ ගෑනු කෙනාට ගහපු පොලිස් කාරයාගේ රස්සාව ආපහු දෙන්න කියලා ජනතාව උද්ගෝෂණය කරනවා :oo:. අනේමන්දා බන් ලොක්කා අපේ රටේ දේශපාලන සංස්කෘතිය විතරක් නෙමෙයි මහා සංස්කෘතියත් වෙනස් කරලා තියෙන්නේ.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හොඳ ලිපියක් මචන්. ජයලලිතා හිරේ ගිය එකනම් හොඳයි. එත් එකිත් මොදිගේ පැත්තේ හිටියනම් ඔය නඩුව පැරදෙයිද?

    ලංකාවෙනම් කියන්න තියෙන්නේ ඉතින් වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියලා තමයි. දැන් වැඩේ වෙලා තියෙන්නේ බන් ජනතාවත් නීතියේ ස්වාධීනත්වය ගැන කැක්කුමක් නැති එකනේ. අද ඔන්න නිවුස් වලට පෙන්නුවේ අර රත්නපුරේ ගෑනු කෙනාට ගහපු පොලිස් කාරයාගේ රස්සාව ආපහු දෙන්න කියලා ජනතාව උද්ගෝෂණය කරනවා :oo:. අනේමන්දා බන් ලොක්කා අපේ රටේ දේශපාලන සංස්කෘතිය විතරක් නෙමෙයි මහා සංස්කෘතියත් වෙනස් කරලා තියෙන්නේ.

    ජයලලිතා හිරේ ගිය එක ලoකාවට සහනයක්. ඒ වගේම ජයලලිතගෙ කැරැට්ටුව එළි වෙච්ච එකත් හොඳයි. සමහර විට ජයලලිත මෝදිට හේත්තු වුනා නම් ඕව යට යන්නත් තිබුන. නමුත් අපිට වැදගත් වෙන්නෙ එහෙම වුනේ නැති එක. :rolleyes:

    මොනව වුනත් ලoකාවෙ මිනිස්සුන්ට වැඩිය ඉන්දියාවෙ මිනිස්සු තමන්ගේ රටට ආදරෙයි. ඒක ඉබේ සිද්ධවෙච්චි දෙයක් නෙවෙයි. සුද්දා ඉන්දියාව දාල යනකොට ආපු පාලකයාගේ පටන් අද වෙනකල්ම, ඉන්දියාවෙ මධ්‍යම රජය මිනිස්සුන්ගෙ ඔලුවට කවල තියෙන්නෙ තමන්ගෙ රටට ආදරේ කිරීම. එහෙම නොකර ඉන්දියාව වගේ විශාල, බහු වාර්ගික, නොයෙක් සoස්කෘතික වෙනස්කම් තියෙන රටක් පාළනය කරන්න බෑ. ඒක නිසා මධම රජයේ පැවැත්ම තියෙන්නෙ රටේ මිනිස්සු 'එකම රටක්' කියන සම්මතයෙ පිහිටුවීම. කොටින්ම කියනවා නම් ඉන්දියන් සින්දුවක්, ච්ත්‍රපටියක්, නාට්‍යයක් ගත්තත් ඉන්දියාවෙ එකාව උඩ දැමිල්ල තමා තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ඔලුවට ඒක, කාවද්දලා ඉවරයි. ඒක අතුරු ඵල විදිහට රටේ මිනිස්සු තමන්ගේ රටේ දේ අගය කරන්නත්, රට ගැන හිතලා වැඩ කරන්නත්, එහෙම රට ගැන හිතන පාලකයන් පත්කර ගන්නත් පටන් ගත්ත. අද ඉන්දියාව ලෝක බලවතෙක්. ඒක අවුරුදු ගානක, පරම්පරා ගානක් තිස්සෙ රටට ආදෙර කරපු, ගරු කරපු මිනිස්සුන්ගේ උත්සාහයෙ ප්‍රතිඵළය. ඉන්දියාවෙ කොච්චර දුප්පත්, නූගත් මිනිස්සු හිටියත්, එයින් බහුතරයක් තමන්ගේ රට ගැන හිතනව. :yes:

    ලoකාවෙ? සම්භාව්‍යයි කියන සිනමා කෘති හදන සමහර ජඩයො සුද්දගෙන් සම්මාන ගන්න තමන්ගේ රටේ, සමාජයේ තියෙන පුන්චි අඩුපාඩුවක් අල්ලගෙන චිත්‍රපටි හදනව. ඒව ලoකාවෙ පෙන්නන්න තහනම් වුනත්, පිටරටවල් වල පෙන්නන්ව, තරඟ වලට ඉදිරිපත් කරනව. පිටරට එවුන් ලoකාව මනින්නෙ උන් දැකපු චිත්‍රපටියෙන්. නාවර පෙරාගත්තු, මුඩුක්කු දර්ශණ, පොඩ්ඩ එහා මෙහා වුනහම කොටු පනින ගෑනු/මිනිස්සු, ඔන්න ලoකාවෙ සක්කිලි සිනමාව. (මෑතකදි මේ තත්වෙ ටිකක් වෙනස් වෙලා තියෙන එක ගැන සතුටුයි ). මම නම් හිතන්නෙ මේ වගේ සක්කිලි සිනමා නිර්මාණ කරන එවුන් රටින් පිටුවහල් කරල දාන්න ඕන (එහෙම යවන්න කලින් පැයක් විතර උන්ව ඇ* දෙකෙන් එල්ලල තියන්න පුලුවන් නම් හොඳයි කරපු වරද මතක හිටින්න ). ලoකාවෙ සාක්ශරතාවෙ ඉන්දියාවට වඩා වැඩියි, ඉන්නෙත් ජන කොටස් කීපයයි, නමුත් 'අපේ රට' කියන සoකල්පය යටතෙ එකමුතු වෙන්න තාම බැරි වුනා. ඒකට එක හෙතුවක් තමයි ලoකාවෙ හිටපු සමහර සක්කිලි දේසපාලුවො තමන්ගේ චන්ද ගාන වැඩි කරගන්න ජාතිවාදය වැපිරීම, අද මුස්ලිම් නායකයො කරන මුස්ලිම් අන්තවාදය වැපිරීමත් උදාහරණයක්. රටක් විදිහට නැඟිටින්න නම් කොතනකදි හරි එකමුතුවක් ඕන. බලපල්ල පාර්ලිමේන්තුව දිහා. පක්ශ බෙදිලා. ආණඩු කරන එකා ගේන රටට වැඩක් වෙන ව්‍යාපෘතියකට වුනත් විරුද්ද පක්ශෙ එවුන් කැමති නෑ. මොකද, ජනතාව ආණ්ඩුවෙ පැත්තට නැඹුරු වෙයි කියල. පාර්ලිමේන්තුව එකමුතු වෙන්නෙ උන්ගේ පඩි වැඩිකිරීමේ යොජනාවට විතරයි - නොදකින් පෙරේතයො! ඊලඟට ආණඩුව කරන ගොන් තකතීරු වැඩක වලට විපක්ශෙ සද්ද නෑ. ගිහිල්ල ඇණගනින් කියල ඉන්නව, නැත්තන් විපක්ශෙ ආණ්ඩුවෙ සාක්කුවෙ. ආණ්ඩු පක්ශෙ එවුන් විපක්ශෙ කියන දෙයක් අහන්නෙ නෑ. විපක්ශෙට ක්‍රෙඩිට් එක යයි කියල. ඔක්කොටෝම වැඩිය ලොකු වෙලා තියෙන්නෙ පක්ශෙ. පාර්ලිමේන්තුවෙ ඉන්න එකාලට රටක් ගැන හැඟිමක් නෑ. උන්ට උන්ගේ පක්ශෙන්, උන්ගේ මඩියෙන් තොර ලොවක් නෑ. ලoකාවෙ ආණ්ඩු කරපු/කරන ප්‍රදාන පක්ශ දෙකම ඔහොම කලා/කරනව. උන්ව නැවත නැවත පත්කරල යවන මහජනයාට #$%^& .... !:angry:
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කරුමේ කියන්නෙ අපේ රටේ සමහර මිනිස්සු කවුරු හරි දේශපාලුවෙක් නීතිය වනසනකොට ඒකට චියර් කරන ගානට පිරිහිලා තිබීමයි. අන්තිමේදි අර දේශපාලුවාම උන්ට අරින කන් උන් දන්නෙ නෑ. මිනිස්සුන්ගේ මෝඩ කමද, අසoවර කමද මොකද්ද කියලා හිතාගන්න වත් බෑ. :no:

    විනයක්, නීතියක් නැති රටක මොනව තිබ්බත් වැඩක් නෑ තමයි. :yes::yes::yes:

    aniwa ban