ලෝන්ග් ටර්ම් හරියන්නෙ නැහැ
කාර් බැටරි හරියන්නෙ නිතරම යූස් නොකර තියලා සුලු වෙලාවකට විතරක් ලොකු කරන්ට් එකක් ගන්න ඇප්ලිකේශන් වලට
වාහනේ ස්ටාට් කරන එක ඕකට හරියටම ගැලපෙනවා. නෝමලි බැටරිය ෆුල් චාජ් තියනවා ස්ටාට් වෙන වෙලාවට විතරක් ලොකු කරන්ට් එකක් බැටරියෙන් ගන්නවා
අනෙක් හැම වෙලාවෙම බැටරියෙන් හරිම අඩු කරන්ට් එකක් ගන්නෙ
වෙනකක් තියා දැන් අලුතෙන් එන සමහර හයිබ්‍රිඩ් කාර් සමහර වෙලාවට එන්ජින් එක ෆුල් ඕෆ් කරලා ඕන උනොත් විතරක් ස්ටාට් කරනවා එතකොට නිතර නිතර ස්ටාට් වෙනවා එහෙම කරන්නත් සාමාන්‍ය කාර් බැටරි හරියෙන්නෙ නැහැ ඒවටත් ඩීප් සයිකල් බැටරි දාන්නෙ
එක දිගට කරන්ට් එක ගන්න වැඩ වලට කාර් බැටරි හරියන්නෙ නැහැ අවුරුද්දක්වත් ඇදගන්න බැරි වෙයි
අනික දැන් කාර් බැටරි කෙල උනාම එවලෙ බලලා වොරන්ටි දෙන්නෙ නැහැ කම්පැනි යවලා චෙක් කරනවා ඇත්තටම පරොඩක්ශන් වලදි උනු ප්‍රශ්නයක්ද නැත්තං සෝලා සිස්ටම් එකකට දාල බැටරිය කෙල කරලාද කියලා වෙරිෆයි කරන්න. එහෙම කරන්නත් බැටරි ශොප් එකට බැටරිය වාහනේ තියෙද්දි අරන් යන්න ඕන. ප්‍රැක්ටකලි මේකත් කරන්න අමාරුයි මොකද ගොඩක් අය සෝලා සිස්ටම් වලට 100Ah/200Ah වගේ ලොකු ලෙඩ් ඇසිඩ් බැටරි දාල තියෙන්නෙ, ඒ වගේ ලොකු බැටරි එන්නෙ බස් වලට ලොරි ටිපර් වගේ ඒවට එතකොට වොරන්ටි ගන්න පුලුවන්ද බලන්න හරි කඩේට අරන් යන්න වෙන්නෙ අර වගේ වාහනේක හයිකරගෙන නැත්තං වොරන්ටි දෙන්නෙ නැහැ
මම දැක්කා දැන් සමහර බැටරි එක්ක දෙන ලීෆ්ලට් එකේ ඔය විස්තර ගහලා තියනවා අර සෝල ෆේස්බුක් ගෘප් එකක් ශෙයා කරලා තියනවා