අඩේ මටත් ප්රශ්නයක් තියෙනවා. මීට කලින් ත්රෙඩ් එකකත් ඇහුවට හොඳ උත්තරයක් නැහැ.
මගේ යාලුවෙක් ඉන්නවා. වයස 32යි. ඌට කෙල්ලෙක් ඉඳලා නැතුව දැන් කෙනෙක් හොයාගෙන. ඇත්තටම වයස 37, 38 තරමේ කෙනෙක්. වැඩේ කියන්නෙ ඒකිට වයස 6ක, 7ක ළමෙකුත් ඉන්නවා. දික්කසාද හෝ වෙන්වෙලා ඉන්නෙ. මම මොනවත් කිව්වේ නැහැ, උගේ තීරණයක් නිසා. පොරත් උගත්, හොඳ රස්සාවක් තියෙන එකෙක්. ගෑනු කෙනා උනත් වාසියට ඌට හේත්තු වුනා කියල හිතන්න බැහැ. එයාටත් හොඳ ගෙයක්, වාහනයක්, රස්සාවක් හෙම තියෙනවා. කොටින්ම ඒ ගෑනු කෙනා දැක්කම මටත් හිතුන මූ කැමති වෙච්ච එක පුදුමයක් නෙවි කියලා. ඇත්තටම ලස්සනයි. තරුණ පෙනුමක් තියෙන්නේ.
මූ කියන්නෙ දැන් උගේ වයසත් 32ක් නිසා අලුතින් දරුවෙක් හදන්නත් බැහැ, පොඩි බබෙකුට කැප කිරීමක් කරන්නත් ඌට අමාරුයි කියල. ඒ ගෑනු කෙනාගේ දරුවත් හොඳ හැදිච්ච කෙනෙක් නිසා ඒ දරුවාව ආදරෙන් බලා කියාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්ලු. ඒක නම් ඌ කරයි, මොකද ඌ පට්ටම අහිංසකයි. කිසිම රණ්ඩුවකට යන්නෙ නැහැ.
අනික පරිණත ගෑනු කෙනෙක් නිසා මෙයාට ජීවිතේ ගැන හොඳ අවබෝධෙකුත් ඇතිලු. මුදල් පැත්තෙන් ස්ථාවර වුණ ගෑනු කෙනෙක් නිසා තරුණ පියරු බබාලා වගේ හැම දේම ඇඟේ එල්ලීගෙන ඉල්ලන්නෙත් නැතිලු. අනික තරුණ වයසේ ලස්සන ගෑනු, බබාලා හම්බ වුණාට පස්සේ කැත වෙන නිසා මූට විවාහ ජීවිතෙත් එපා වේවිලු. දැන් මේ ඉන්න ගෑනු කෙනා මැදි වයසේ, දරුවෙකුත් ඉන්න කෙනෙක් වුණත් ලස්සනට ඉන්න නිසා එතනත් ගැටළුවක් නැතිලු. අනික ඌ එච්චර ලස්සන නැති නිසා තරුණ, ලස්සන, නිකැළැල් කෙනෙක් හොයාගන්නම බැරිලු.
මේවා ඔක්කොමත් කියලා මූ මගේ අදහස ඇහුවා. මාත් එච්චර හිතන්නේ නැතුවම කිව්වා උඹේ කැමැත්ත ඒක නම් ඒ විදියට කරපන් කියලා. මේ වගේ ත්රෙඩ් දකින හැම වෙලාවෙම මගේ අතින් වරදක් වුනා කියල හිතෙනවා. උගේ දෙමවුපියෝ මාව දන්නවා බං. උන් දෙන්න ඕක දැනගත්තොත් පපුවත් පැලිලා මැරෙන්නේ.


තාමත් සිද්ධිය අනිත් පැත්තට හරවන්න පුළුවන්. මෙතන අත්දැකීම් ඇති එකෙක් කියපල්ලා. වඳින්නම්! ඌ අමාරුවේ වැටෙයිද? හරි, උගේ හිතෙන් ඕක අයින් කරලා දැම්මත් ඌ කියනවා වගේ කවමදාවත් ඌට ආදරයක් නොලැබුනොත්? ඇත්තටම ඌ කොච්චර හොඳ එකෙක් වුණත් මූණ අවුල්. පව් බං! මමත් සිංගල්. මටත් මීට කලින් තිබිච්ච ප්රශ්න නිසා සම්බන්ධතා කැඩුනා. ඒත් මේ වෙලාවේ උගේ ප්රශ්නෙ විසඳලා දෙන්න ඕනෙ. නැති නම් මටත් විඳවන්න වෙයි. මේක සීරියස්. ජෝක් නෙවෙයි. මට දැනගන්න ඕනෙ සිංගල් මම් කෙනෙක් බැන්දම උගේ ප්රශ්න විසඳෙයිද? ඌ තවත් ප්රශ්න වලට මැදි වෙයිද?