බැඳීම

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බැඳීම



එදා අපි දෙන්නා
එකම ඉස්කෝලේ හොඳම යාළුවෝ
එකටම අපි විභාගේ ලිව්වා
එකටම අපි කැම්පස් සිලෙක්ට් වුණා
එකටම කැම්පස් ගියා
පොඩි රුග් එකක් තිබ්බත්
ඒ දවස්වල අපි හුඟක් සතුටින් සතුටින් හිටියේ


ඒත් දවසක් දා
ඔයා කැම්පස් එක දාලා යන්න ගියා
හැමෝටම හොරෙන්
මටවත් නොකියා



දුකක් නැහැ මට
ඔයා බැන්ඳා කියලා ආරංචි වුණත්
ඒ ඔයාට මං ප්‍රේමවන්තයා වගේ
ආදරේ කළේ නැති හන්දා



ඒත් දුකයි මට
යාළුවෝ අපිට කොච්චර විහිළු කළත්
යෙහෙළියක් වගේ හිටි නුඹ මට
අද අහිමි වුණු හන්දා


හැඟීමක් නැහැ මට
කොච්චර හැඟීම්බර වෙන්න හැදුවත්
විවාහය මේ තරම්
බැඳීම් ඈත් කරනවද කියලා තේරෙන්නේ නැති හන්දා

සංකල්පනාව - මාලන් විදානපතිරණ
[FONT=&quot] [/FONT]