උබ මේක අනුමත කරනවද

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,679
    34,372
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දින කීපයකට පෙර මම ලංකාවේ උසස් යයි සම්මත හොදම එකක් යයි කිවහැකි තරු පන්තියේ හෝටලයක සාදයක් සදහා සහභාගි උනා. මේකට ගියේ මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. මේකේ ලයිව් සිං කළේ දුෂ්‍යන්ත වීරමන් සහ රන්දීර්. මේකේ කෙල්ලෝ ටිකක් හිටිය ඩාන්සින් කෲ එකක් විදියට. සින්දුවක් ඇරෙන්න සින්දුවක් උන් නැටුව. අපි ටිකකින් ගියා සිගරට් එකක් ගහන්න ස්මොකිං එරිය එකට. එකට යන්න තිබ්බේ ස්ටේජ් එක පිටිපස්සෙන්. අපි යනකොට අර කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා පාර මැද්දේ ඉඳන් ටිකක් ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන හරියක. මම උන් එක ගහනකල් ටිකක් හිටියා. පොඩි කෙල්ලෝ ටිකක් උන්ට ෆොටෝ එකක් ගහන්න ආස ඇති ඒ වගේ හොඳ හෝටල් ඒකක. මම ඉන්නකොට අනිත් උන් ඔක්කම වගේ අර ෆොටෝ ගහන සිද්දිය මැද්දෙන් ගියා. මේක හරි ඉක්මනින් වෙච්ච දෙයක්. උන් හොඳටම දැක්කා කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා සහ මම නැවතිලා හිටියා. මට අතින් උන්ව නවත්තන්න විදියක් තිබ්බේ නැහැ සහ මම හිතුවේ නැහැ උන් එහෙම මැද්දෙන් යයි කියලා. මම කෙල්ලෝ ටික දිහා බලලා කරන්න දෙයක් නැති නිසා සොරි කියනවා වගේ හින්ට් එකක් දීල ආවා. යනගමන් මන් අහුවේ මොකක්ද යකෝ ඒ කරේ අර කෙල්ලෝ ෆොටෝ ගහන මැද්දෙන් ආවේ ඈයි කියලා. මුන් හිනා වෙලා කිසිම ගානක් නැතුව කිව්වේ අපෝ ඕකුන් බඩු ටිකක්. උන් ගැන උබ මොකටද දුක් වෙන්නේ කියලා. මන් කිව්වා උන් බඩුවක් හරි නැතුව හරි එහෙම මනුස්සයෙක් ෆොටෝ එකක් ගන්නකොට එක මැද්දෙන් යන එක පට්ට කැරි වැඩක් නේද කියලා. මුන් කිව්වේ අපෝ ඔයා මේ වගේ පට්ට වේසියො ගැන හිතන එක නවත්තලා වරෙන් යන්න සිගා එක ගහන්න කියලා.

    මගේ යාළුවෝ කිව්වට එහෙම බොක්කේ ෆිට් නෙවේ. හැබැයි මුන් ඔක්කොම හොඳ පඩියක් ගන්න හොඳ ජොබ් කරන වුන්. එකෙක්ගේ වයිෆ් කැම්පස් ලෙච්චර. තව එකෙක්ගේ ඩොක්ටර්. ඉතින් මේ වගේ සමාජ මට්ටමක ඉන්න උන් උනත් මේ වගේ විදියට අනිත් උන් දිහා බලනවා ඇති කියන එක මට පට්ට අවුල්. මම ඒ වෙලාවේ හිතුවා මේ වගේ උන් නම් ආශ්‍රයට හොඳ නැහැ කියන එක. මට මේ සිද්දිය ගෙදර එනකල් ඔලුවෙ තිබ්බ. උන් එක්ක බිව්වා උනත් එක ගැන හිතන එක නවත්ත ගන්න බැරි උනා. උන් එක්ක සෙට් වෙන අන්තිම වතාව කියලා හිතාගෙන තමා එදා ගෙදර ආවේ. උබලා මොකද හිතන්නේ මේක ගැන. මම නිකන් බොරුවට මේක ගැන හිතනවාද. ඇත්තටම ඒ වගේ කෙල්ලොන්ට සලකන්න ඕන බඩු හරි වේසියො වගේ හරි කියලද.

    uba anith dawase math ekka bonna waren
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,427
    8,869
    113
    මම නම් high class පොරක් නෙවෙයි. හැබැයි ඔයවගේ දේවල් class බේදයක් නැතුව තියෙනවා වගේ. Dr. ඉඳන් හෙනම අමුතු මානසිකත්වයක් තියෙන්නේ. මමත් දැන් තමයි ටික ටික ඉගෙන ගන්නේ ඕවා ගැන සමාජෙ එක්ක ගැටෙනකොට. අනුන්ගේ වරදි ගැන දුක් නොවී තමන්ගේ හොඳ ගතිගුණ තියාගන්න තමයි බලන්න ඕන. ඔය වගේ සෙට් වලින් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්න එක හොඳයි. මොකද සමහර ගති දන්නෙම නැතුව අනිත් අයගෙන එන්න පුළුවන් දිගටම ඒ අය එක්ක එකට ඉන්නකොට.
    100% agreed