බැඳුම්කර News (Updates) ✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !


    මිලේනියම් සිටි සිදුවීම පිළීබඳව නඩුවක් මෙන්ම දඩුවමක් පැන නොවුණ බවත් ප්රශ්නගත බැඳම්කර සිදුවීමට එය වෙනු ඇති බවට තමන්ට සිතෙන බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්ය අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
    පුත්තලම, ආනමඩුව, පල්ලම පැවැති උත්සවයක් ඊයේ (15දා) අමතමින් ඔහු මේ බව පැවැසීය.


    “දැන් බැඳුම්කර සිද්ධිය ආවා. කමිටු පත් කළා. අධිකරණයට ගියා. මේ සියල්ලම තියෙද්දී ජනපතිතුමා කොමිසමක් පත්කළා. අද කොමිසමේදී යම් යම් කරුණු හෙළි වෙනවා. නීතිය හමුවේ ඔප්පුකරගන්න බැරිවෙයි සමහර විට. සමහරවිට අර මිලේනියම් සිටි සිද්ධිය වාගේ වෙයි. මිලේනියමි සිටි සිද්ධිය ගැන හෙන ශබ්දයක් තිබුණා. කෑගහුවා. කොමසම් පත්කළා. හැබැයි නඩුවක් ගියෙත් නෑ. දඩුවමකුත් නෑ. සමහරවිට බැඳුම්කර සිදුවීම ඉවරවෙද්දී මිලේනියම් සිටි සිද්ධියේ අනිත් එක වෙන්න පුළුවන්. මම දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. අපි බලාගෙන ඉමු. මට හිතෙනවා ඒ වගේ දෙයක් වෙයි කියලා.

    Source:http://www.colombotoday.com/38061-265985365/
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !


    මිලේනියම් සිටි සිදුවීම පිළීබඳව නඩුවක් මෙන්ම දඩුවමක් පැන නොවුණ බවත් ප්රශ්නගත බැඳම්කර සිදුවීමට එය වෙනු ඇති බවට තමන්ට සිතෙන බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්ය අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
    පුත්තලම, ආනමඩුව, පල්ලම පැවැති උත්සවයක් ඊයේ (15දා) අමතමින් ඔහු මේ බව පැවැසීය.


    “දැන් බැඳුම්කර සිද්ධිය ආවා. කමිටු පත් කළා. අධිකරණයට ගියා. මේ සියල්ලම තියෙද්දී ජනපතිතුමා කොමිසමක් පත්කළා. අද කොමිසමේදී යම් යම් කරුණු හෙළි වෙනවා. නීතිය හමුවේ ඔප්පුකරගන්න බැරිවෙයි සමහර විට. සමහරවිට අර මිලේනියම් සිටි සිද්ධිය වාගේ වෙයි. මිලේනියමි සිටි සිද්ධිය ගැන හෙන ශබ්දයක් තිබුණා. කෑගහුවා. කොමසම් පත්කළා. හැබැයි නඩුවක් ගියෙත් නෑ. දඩුවමකුත් නෑ. සමහරවිට බැඳුම්කර සිදුවීම ඉවරවෙද්දී මිලේනියම් සිටි සිද්ධියේ අනිත් එක වෙන්න පුළුවන්. මම දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. අපි බලාගෙන ඉමු. මට හිතෙනවා ඒ වගේ දෙයක් වෙයි කියලා.

    Source:http://www.colombotoday.com/38061-265985365/

    :shocked::shocked::shocked:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැඳුම්කර කොමිසමේ තීරණය ගැන
    නීතිපති පියවර මේ සතියේ දන්වයි !



    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට අකමැත්ත ප්රකාශ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුට බලකර සිටීමෙන් වැළකීමට කොමිසම පසුගිය සතියේ ගත් තීන්දුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ගන්නා ඉදිරි ක්රියාමාර්ග මේ සතිය මුලදී වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත දැනුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් බොහෝ විට අද හෝ හෙට දප්පුල ද ලිවේරා මහතා විසින් කොමිසම හමුවේ ප්රකාශයක් කිරීමට සූදානමක් ඇතැයි ද දැනගන්නට ඇත.
    අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි ගැනීම සම්බන්ධයෙන් කොමිසම ගත් තීන්දුව ඉකුත් සතියේදී කොමිසමේ සභාපති ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා විසින් ප්රකාශයට පත්කළ අතර එම තීන්දුව වැරුදි තීන්දුවක් බවත් එයට එකඟ නොවන බවත් වැඩබලන සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් අදහස් දක්වමින් කොමිසමට ප්රකාශ කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසිය යුතු බවට තමා ප්රබල සාධාරණ හා නිවැරැදි කරුණු රාශියක් ඉදිරිපත් කළ බවත් ඒවා සැලකිල්ලට ගන්නේ නැතිව දුන් වැරදිසහගත මෙන්ම ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ තීන්දුවක් ලෙස එම තීන්දුව හැඳින්විය හැකි බවත් ලිවේරා මහතා එහිදී කීවේය.

    නීතිපති - ඒ සම්බන්ධයෙන් දරන ස්ථාවරය හා ගන්නා ඉදිරි පියවර ගැන නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී කොමිසමට දැනුම් දෙන බවත් වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.

    කොමිසම පසුගිය සතියේ දුන් තීන්දුව කොමිසම හමුවේ පෙනී සිටින රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්ඩලය ද කිසිසේත්ම අපේක්ෂා නොකළ එකක් බව ද කොමිසමට ලබාදී ඇති මැන්ඩේට් පත්රය අනුව කොමිසම තුළ ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට ද එය බාධාකාරී තත්ත්වයක් උද්ගත කර ඇති බව ද දැනගන්නට ඇත. කොමිසම අද (18 දා) උදේ රැස්වනු ඇත.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    0918_01.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ප්රශ්නගත බැඳුම්කර නිකතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන බැඳුම්කර කොමිසමේ කැඳවීමක් අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා අද (19දා) බැඳුම්කර කොමිසමට පැමිණියේය.

    Source
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහේන්ද්රන් ශ්රී ලංකා පුරවැසියකු නොවේ;
    සාක්ෂි දීමට බල කරන්න බැහැ
    එහෙත් නිර්දොaෂී බව තහවුරු කිරීමට සාක්ෂි දෙනවා
    නීතිඥ කොමිසමට කියයි

    arajun1.jpg


    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා ශ්රී ලංකා පුරවැසියකු හෝ නිත්ය පදිංචිකරුවකු නොවන බැවින් ඔහුට සාක්ෂි දීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමට බල කළ නොහැකි යෑයි මහේන්ද්රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

    Source
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙන රටවල උන් ඔය වගේ තනතුරුවලට පත් කරන උන්ට තලන්න ඕන මඩු වලිගෙන්....

    මහේන්ද්රන් ශ්රී ලංකා පුරවැසියකු නොවේ;
    සාක්ෂි දීමට බල කරන්න බැහැ
    එහෙත් නිර්දොaෂී බව තහවුරු කිරීමට සාක්ෂි දෙනවා
    නීතිඥ කොමිසමට කියයි

    arajun1.jpg


    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා ශ්රී ලංකා පුරවැසියකු හෝ නිත්ය පදිංචිකරුවකු නොවන බැවින් ඔහුට සාක්ෂි දීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමට බල කළ නොහැකි යෑයි මහේන්ද්රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

    Source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහේන්ද්රන් ශ්රී ලංකා පුරවැසියකු නොවේ;
    සාක්ෂි දීමට බල කරන්න බැහැ
    එහෙත් නිර්දොaෂී බව තහවුරු කිරීමට සාක්ෂි දෙනවා
    නීතිඥ කොමිසමට කියයි

    arajun1.jpg


    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා ශ්රී ලංකා පුරවැසියකු හෝ නිත්ය පදිංචිකරුවකු නොවන බැවින් ඔහුට සාක්ෂි දීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමට බල කළ නොහැකි යෑයි මහේන්ද්රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

    Source

    මීට කලින් කවදාවත් විදේශිකයෙක් අපේ රටේ මහ බැංකු අධිපති කරල නැහැ දැක්කනේද "දෙකේ වෙනස"
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර්ජුන් මහේන්ද්‍රන් දෙවැනි දිනයටත් බැඳුම්කර කොමිසමට

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා සාක්ෂි ලබාදිම සඳහා අද (20දා) දෙවැනි දිනයටත් බැඳුම්කර කොමිසම හමුවට පැමිණ තිබේ. ඊයේ (19දා) කොමිසමේ දැනුම් දීමක් අනුව ඔහු සාක්ෂි ලබාදීමට පැමිණියේය. එහිදී ඔහු සාක්ෂි ලබාදුන්නේය.

    source
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එක නිවසේ සිටියත් එක මේසයේ ආහාර ගත්තත් බෑනා සමඟ බැඳුම්කර නිකුතු ගැන මම කතා කළේ නැහැ

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

    තමා කිසිම අවස්‌ථාවක තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ මහ බැංකුවේ කටයුතු හෝ බැඳුම්කර නිකුතු ගැන කිසිම අවස්‌ථාවක සාකච්ඡා කර නැතැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.

    බෑනා සමඟ පමණක්‌ නොව මහ බැංකුවේ තම වෘත්තීය කටයුතු ගැන තමා වෙනත් කිසිවෙකු සමඟ සාකච්ඡා කර නැති බවද ඒ ගැන තමා බිරිඳ හෝ දියණිය සමඟ හෝ සාකච්ඡා කර නැති බවද මහේන්ද්‍රන් මහතා කීවේය.

    තමා තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සහ තම දියණිය සමඟ එකම නිවසේ සිටියත් එක මේසයේ වාඩි වී ආහාර ගත්තත් වෘත්තීය දේවල් කිසිවක්‌ ඔවුන් සමඟ කතා කර නැති බවද මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කීවේය.

    source
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    2015.02.27 දින බැඳුම්කර වෙන්දේසියේ
    ප්‍රතිඵල පරික්‌ෂාවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියා
    හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කොමිසම හමුවේ පිළිගනියි


    2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය.

    එදින දෙවරක්‌ තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් මහතා කීවේය.

    දෙවැනි වර තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආනන්ද සිල්වා යන මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා සමඟ එදින දවල් 12.15 ට පමණ බවද මහේන්ද්‍රන් මහතා කීවේය.

    ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් ඊයේ (19 දා) මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සාක්‌ෂි දීම සඳහා කොමිසම හමුවට පැමිණෙන ලෙස කැඳවා තිබූ අතර ඒ අනුව මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ සාක්‌ෂි දුන්නේය. අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි දුන්නේය.

    මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි කූඩුවට නැගීමට පෙර කොමිසමට ප්‍රකාශයක්‌ කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරට පුරවැසියකු නොවන බැවින් ඒ මහතාට සාක්‌ෂි දෙන ලෙස මේ කොමිසමට බලකළ නොහැකි බවද කීවේය.

    නීතිඥ ද සිල්වා මහතා ගේ විස්‌තරාත්මක ප්‍රකාශයෙන් පසු අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි කූඩුවට නැග දිවුරුම දුන්නේය.

    නම - අර්ජුන මහේන්ද්‍රන්

    ආගම - හින්දු

    වයස - 58

    පදිංචිය - සිංගප්පූරුව

    කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන -

    මහේන්ද්‍රන් මහතා (අමතමින්) ඔබගෙන් ආගම කුමක්‌ද ඇහුවට ඔබ පිළිතුරු දුන්නෙ සිංගප්පූරුව කියලයි.

    ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා - ඔහු කිව්වේ හින්දු කියලයි.

    ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීම පිට සාක්‌ෂි දෙමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙසේ ද කීය.

    මා 1981 දී ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක්‌ ලැබුවා. පසුව එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ද ආර්ථිකය පිළිබඳ උපාධියකින් සමත් වුණා.

    ඊට පසුව මූල්‍ය ආයතන කීපයක තනතුරු දැරුවා. ශ්‍රී ලංකාවේ වාණිජ උසාවි පිහිටුවීමට මූලිකව කටයුතු කළේ මායි. වාණිජ ක්‍ෂේත්‍රයට අදාළ නඩු විභාග කිරීමේ විශාල ප්‍රමාදයක්‌ ඇති වී තිබූ නිසයි වාණිජ උසාවි පිහිටුවීමට මා යෝජනා කළේ.

    මා ආයෝජන මණ්‌ඩලයේ සභාපති ලෙසත් වර්ෂ කීපයක්‌ කටයුතු කළා. හොංකොං සහ ශැංහයි බැංකුවෙත් අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළා. මහා බැංකුවේ අධිපති තනතුර ලැබීමටපෙර සේවය කළේ ඩුබායි පිහිටි ප්‍රධාන පෙළේ බැංකුවකයි.

    මා මහ බැංකුවේ අධිපති ලෙස පත්වුණේ 2015. ජනවාරි 23 දා. පත්වීම් ලිපිය මට භාරදුන්නේ ජනාධිපති. එම තනතුරට පත්වූ පසුව මා මහා බැංකුවේ වෙනස්‌කම් රාශියක්‌ සිදුකළා. ඒ වන විට මහ බැංකුව විශාල වශයෙන් පාඩු ලබමින් තිබුණේ. ඉහළ තනතුරු රාශියක්‌ වෙනස්‌ කළා.

    මහා බැංකුවේ අධිපති යනු ඉහළම විධායක නිලධාරියායි. මා මීට පෙර මහ බැංකුවේ සේවය කළ නිසා එහි අභ්‍යන්තර කටයුතු පිළිබඳව පුළුල් දැනීමක්‌ මට තිබුණා. සිදුකළ යුතු වෙනස්‌කම් ගැන මට හොඳ වැටහීමක්‌ තිබුණා.

    මහා බැංකුවේ හිටපු අධිපතිවරුන් වන රාසපුත්‍රම් සහ ආචාර්ය නෙවිල් කරුණාතිලක යන මහත්වරු යටතේ මා සේවය කර තිබෙනවා. ඒ දෙදෙනාම මහා බැංකුවේ සෑම අංශයකට ගොස්‌ නිලධාරීන් සමඟ සුහදව සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස්‌ විමසුවා.

    මා නිලධාරීන් මාරු කිරීම් කළේ කිසියම් යටි අරමුණකින් නොවේ. මහ බැංකුවේ යහපතටයි. නිසියාකාරව මහ බැංකුවේ කටයුතු පවත්වා ගෙන යැමටයි. රටේ මූල්‍ය ස්‌ථාවරත්වයක්‌ පවත්වාගෙන යැම මගේ ප්‍රධාන අරමුණ වුණා.

    මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ නිතර මා හමුවීමට පැමිණියා.

    මගේ අදහස වුණේ බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම රජයේ වියහියදම් සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ගතයුතු සාර්ථක හා හොඳම මාර්ගය බවයි.

    මහ බැංකු ව්‍යqහය ප්‍රතිසංවිධානයන් ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තුවල කටයුතු කොටස්‌ 03 කට බෙදා වෙන් කළා. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන්ගේ මෙහෙයවීම යටතේයි සියලු කටයුතු සිදු වුණේ.

    මහ බැංකුවේ අධිපති වශයෙන් මා පත්වන විට විශාල මුදලක්‌ ණය වී තිබුණා රජයේ වියහියදම් සඳහා එතරම් මුදලක්‌ තිබුණේ නැහැ.

    මහාමාර්ග සංවර්ධන කටයුතු ඇතුළු ඒ වන විට ආරම්භ කර තිබූ සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීම සඳහා විශාල මුදලක්‌ අවශ්‍ය වී තිබුණා. එවකට සිටි මුදල් ඇමැති ඇතුළු ඇමැතිවරු කීප දෙනෙක්‌ මා හමුවීමට ඇවිත් රජයේ වියහියදම් සඳහා මුදල් සොයා ගත යුතු මාර්ග ගැන මා සමඟ සාකච්ඡා කළා. මාස දෙකක්‌ ඇතුළත රුපියල් බිලියන 175 ක්‌ සොයා ගත යුතුව තිබුණා.

    2015 පෙබරවාරි 27 දා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසිය පවත්වන විට රජයට අවශ්‍ය මුදල් ගැන මාගේ අවධානය යොමු වී තිබුණා. ඒ වෙන්දේසියේදී රුපියල් බිලියන 20 ක ලංසු බැර කරන ලෙස මා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යෝජනා කළා. නමුත් ඔවුන් භාරගත්තේ රුපියල් බිලියන 10.58 ක ලංසු. ඒ වෙන්දේසියේ ද රුපියල් බිලියන 01 ක්‌ වටිනා ලංසු බාර ගන්නා බවට පුවත්පත්වල දැන්වීම් පළකර තිබුණ. එසේ අඩු ගණනක ලංසු බාර ගන්නා බවට ප්‍රසිද්ධ කර ඊට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලංසු භාරගත් අවස්‌ථා තියෙනවා.

    රුපියල් බිලියන 10.58 ක ලංසු භාරගැනීම මූල්‍ය මණ්‌ඩලය විසින් අනුමත කළා. එය මූල්‍ය මණ්‌ඩලය ගත් තීරණයක්‌. ඒ තීරණය පසුව මට දැනුම් දුන්නා. මාත් එය අනුමත කළා. එය මගේ තනි කැමැත්තට හෝ බලපෑම පිට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගත් තීරණයක්‌ නොවෙයි.

    එදා 2015 පෙබරවාරි 27 දා බැඳුම්කර වෙන්දේසිය පැවැත් වූ ස්‌ථානයට මා දෙවතාවක්‌ ගිය නමුත් මා කිසිම බලපෑමක්‌ කළේ නැහැ.

    ජ.නී. ද සිල්වා - මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව අයිති වුණේ කුමන අංශයට ද?

    සාක්‌ෂිකරු - මිල ස්‌ථායිතා අංශයට (ක්‌ලස්‌ටර් එකට) තමයි එය අයත් වුණේ.

    ජ.නී. ද සිල්වා - ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව?

    සාක්‌ෂිකරු - එම අංශයටමයි

    ජ.නී. ද සිල්වා - දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුව

    සාක්‌ෂිකරු - එයත් අයත් වුණේ මිල ස්‌ථායිතා ක්‌ලස්‌ටර් එකටමයි.

    කොමිසමේ සභාපති කේ. ටී. චිත්‍රසිරි මහතා - රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව?

    සාක්‌ෂිකරු - එය මූල්‍ය නියාමන අංශයට

    ජ.නී. ද සිල්වා - අනිත් අංශය (ක්‌ලස්‌ටර් එක) ධාරිතා සංවර්ධන අංශය

    සාක්‌ෂිකරු - ඔව්

    ජ.නී. ද සිල්වා - ප්‍රතිපත්ති උපදේශන අංශය භාර නියෝජ්‍ය අධිපති කවුද?

    ආචාර්ය වීරසිංහ ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - මූල්‍ය නියාමන සහ සංවර්ධන අංශය භාරව සිටි නියෝජ්‍ය අධිපති කවුද?

    සාක්‌ෂිකරු - සමරසිරි මහතා

    ජ.නී. ද සිල්වා - ධාරිතා සංවර්ධන අංශය භාරව සිටි නියෝජ්‍ය අධිපති කවුද?

    සාක්‌ෂිකරු - ආනන්ද සිල්වා මහතා

    ජ.නී. ද සිල්වා - ඔබේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඔබ මහ බැංකුවේ වෙනත් නිලධාරීන් මාරු කළා

    සාක්‌ෂිකරු - ඔව් ස්‌වාමිනී. සහකාර අධිපතිවරුන්ගේ විෂයන් අපි නැවත ප්‍රතිසංවිධානය කර බෙදා දුන්නා. ඒ අනුව දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද ඒ අනුව ප්‍රතිසංවිධානයට ලක්‌ කළා.

    ජ.නී. ද සිල්වා - මේ මාරු කිරීම් කළේ ඔබ සිදුකළ ප්‍රතිසංවිධානයට අනුවයි.

    සාක්‌ෂිකරු - ඔව් ස්‌වාමිනි

    ජ.නී. ද සිල්වා - සමහර නිලධාරීන් යම් ස්‌ථානයක සිටිය යුතු වසර ගණනක්‌ ගැන සඳහන් වුණා. එය නියෝජ්‍ය අධිපතිවරු සම්බන්ධයෙන් අදාළ වුණාද?

    සාක්‌ෂිකරු - නෑ. එය නියෝජ්‍ය අධිපතිවරුන්ට අදාළ වූයේ නැහැ.

    ජ.නී. ද සිල්වා - දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අදාළ වුණාද?

    සාක්‍ෂිකරු - නෑ ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - එය අදාළ වූයේ ඊට පහළින් සිටි නිලධාරීන්ටයි.

    සාක්‍ෂිකරු - ඒක හරි.

    ජ.නී. ද සිල්වා - මොකක්‌ද ඒ නියමය?

    සාක්‍ෂිකරු - දෙපාර්තමේන්තු ප්‍රධානියාට පහළින් ඉන්න අය එක දෙපාර්තමේන්තුවක වසර පහකට වඩා සේවය නොකළ යුතුයි කියන එකයි.

    ජ.නී. ද සිල්වා - ඒ අනුව ඔවුන් මාරු කිරීමට ලක්‌ වෙනවා.

    සාක්‍ෂිකරු - ඔව්.

    ජ.නී. ද සිල්වා - ඔබ මහ බැංකුවේ අධිපති ලෙස පත්වූ පසු එහි නිලධාරීන් සිටියා මේ වසර පහක සේවා කාලය සම්පූර්ණ කළ?

    සාක්‍ෂිකරු - ඔව්.

    ජ.නී. ද සිල්වා - ඔබ ඒ අය මාරු කළා.

    සාක්‍ෂිකරු - ඒක හරි.

    ජ.නී. ද සිල්වා - ඔබ එම වසර 5 ක සේවා කාලයේ නියමය වසර 3 දක්‌වා අඩු කළාද?

    සාක්‍ෂිකරු - ඔව්. එය මුදල් මණ්‌ඩලය අනුමත කළා.

    සභාපති - එම වසර ගණන අඩු කරන්න මුදල් මණ්‌ඩලය තීරණය කළාද?

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - මේ මාරු කිරීම් කළේ ඔවුන් වැරැදි ක්‍රියාවන් සිදු කළ නිසාද?

    සාක්‍ෂිකරු - නැහැ. බැංකුව ප්‍රතිසංවිධානය කළ යුතු වූ නිසා. බැංකුවේ මෙහෙයුම් කටයුතු වඩාත් ඵලදායී තත්ත්වයකට පත්කළ යුතු වූ නිසා. මහ බැංකුව වාර්තා කළ විශාල අලාභයන් වළක්‌වාගත යුතු වූ නිසා.

    ජ.නී. ද සිල්වා - මේ ප්‍රතිසංවිධානය කිරීමේදී මහ බැංකුවට වෙනම නීති දෙපාර්තමේන්තුවක්‌ තිබුණාද?

    සාක්‍ෂිකරු - නැහැ ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - කවුද නීති කටයුතු ගැන මහ බැංකුවට උපදෙස්‌ දුන්නේ?

    සාක්‍ෂිකරු - ඒ සඳහා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටියා. ඔවුන් මහ බැංකුවට නීති උපදෙස්‌ දුන්නා.

    ජ.නී. ද සිල්වා - ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සිටියා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ?

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - ඔවුන්ට මහ බැංකුවෙන් ගෙවීම් කළා?

    සාක්‍ෂිකරු - ඔව්.

    ජ.නී. ද සිල්වා - කොපමණ කාලයකට සැරයක්‌ද ඔවුන් මහ බැංකුවට එන්නේ?

    සාක්‍ෂිකරු - මම ඔවුන් සමඟ කෙළින්ම සම්බන්ධ වූයේ නැහැ. එහෙත් සතියකට තුන් හතර සැරයක්‌ අඩු වශයෙන් ඔවුන් පැමිණෙන බව මම දැන සිටියා.

    ජ.නී. ද සිල්වා - මේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොනවත් කිව්වද?

    සාක්‍ෂිකරු - නෑ ස්‌වාමිනී. මම අධිපති වූ පසු මම එම නිලධාරීන් දෙදෙනකු සමඟ කතා කළා වෙන වෙනම. මම බැංකුව ප්‍රතිසංවිධානය කිරීමට අදහස්‌ කර සිටින බව ඔවුන්ට කීවා. ඒ වගේම වෙනම නීති දෙපාර්තමේන්තුවක්‌ ස්‌ථාපිත කිරීමට යන බවත් ඔවුන්ට කීවා.

    ජ.නී. ද සිල්වා - ඔවුන්ගෙන් කිසිවෙක්‌ හෝ බැංකුවේ සිදු කරන මාරු කිරීම් වැරැදියි හෝ ඒවා සුදුසු නැති බවක්‌ කීවාද?

    සාක්‍ෂිකරු - කිසි විටෙක නැහැ ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - ඒ ප්‍රතිසංවිධානය පටන් ගත්තේ 2015 ජනවාරි 23 දිනෙන් පසුවයි.

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - ඔබ අධිපති වූ පසු පැවැත්වූ පළමු බැඳුම්කර වෙන්දේසිය පැවැතියේ 2015.02.27 දිනයි. එය දැන් මේ කොමිසමේ විමර්ශනයට ලක්‌ව තිබෙනවා?

    සාක්‍ෂිකරු - ඔව්.

    ජ.නී. ද සිල්වා- එම වෙන්දේසියට පෙර මාර්තු 02 දිනට යම් අරමුදල් අවශ්‍යතාවක්‌ පැවැති බව දැනුම් දී තිබුණාද?

    සාක්‍ෂිකරු - ඔව්.

    ජ.නී. ද සිල්වා - ඒ කොපමණ මුදලක්‌ද?

    සාක්‍ෂිකරු - මම හිතන්නේ ඒ මුදල රු. බිලියන 13.55 ක්‌.

    ජ.නී. ද සිල්වා - ඒ මුදල මාර්තු 02 වැනි සඳුදා වන විට අවශ්‍ය වී තිබුණා.

    සාක්‍ෂිකරු - ඔව්.

    ජ.නී. ද සිල්වා - ඒ මුදල අවශ්‍ය බව ඔබට දැනුම් දුන්නේ කවදාද?

    සාක්‍ෂිකරු - මට මතක විදිහට මහා භාණ්‌ඩාගාර ලේකම් මට දුරකථන ඇමතුමක්‌ දුන්නා මේ මුදල අවශ්‍ය බව.

    ජ.නී. ද සිල්වා - දළ වශයෙන් 2015 පෙබරවාරි 23 දින හෝ ඊට පසු ඔබට දැනුම් දුන්නා මේ රු. බිලියන

    13.55 ක මුදල මාර්තු 02 දින වන විට අවශ්‍ය බව?

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී.

    ජ.නී. ද සිල්වා - ඇමැතිවරු සමඟ මහ බැංකුවේ සාකච්ඡාවක්‌ තිබුණාද?

    සාක්‍ෂිකරු - 2015 පෙබරවාරි 26 දින උදේ තිබුණා.

    ජ.නී. ද සිල්වා - කවුද ඒකට සහභාගි වුණේ?

    සාක්‍ෂිකරු - ගරු මුදල් ඇමැතිතුමා සහභාගි වුණා. මහාමාර්ග ඇමැති සහ අගමැතිතුමාගේ උපදේශක සහභාගි වුණා.

    ජ.නී. ද සිල්වා - ඒ සාකච්ඡාව හිටපු මුදල් ඇමැතිතුමා තහවුරු කළා නේද?

    සාක්‍ෂිකරු - ඔව්.

    මේ අවස්‌ථාවේදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ අත්සනින් දිනයක්‌ රහිතව කොමිසමට ඉදිරිපත් කර තිබූ ඒ එම් 22 ලෙස සලකුණු කර තිබූ ලිපියක්‌ සාක්‍ෂිකරුගේ අවධානයට ලක්‌ කරයි.

    ජ.නී. ද සිල්වා - මේ ලිපියෙන් හිටපු මුදල් ඇමැති සහ වෙනත් ඇමැතිවරු එනම් කබීර් හෂීම් සහ මලික්‌ සමරවික්‍රම යන මහත්වරු 2015.02.26 දින මහ බැංකුවේදී හමු වී තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. එය හරිද?

    සාක්‍ෂිකරු - ඔව් එය හරි

    ජ.නී. ද සිල්වා - මසක්‌ තුළ රු. බිලියන 75 ක්‌ හදිසි මහා මාර්ග සංවර්ධන අවශ්‍යතාවලට අවශ්‍ය බව එම රැස්‌වීමේදී එම ඇමැතිවරු ඔබගෙන් ඉල්ලා සිටියා?

    සාක්‍ෂිකරු - ඔව් ඒක හරි.

    ජ. නී. ද සිල්වා - මේ ලිපිය ඔබ අතට පත් වුණේ කොහොමද?

    සාක්‍ෂිකරු - දෙවෙනි කෝප් පරීක්‍ෂණයට මුහුණ දීම සඳහා සහාය දෙන්න තමයි හිටපු මුදල් ඇමැතිතුමා මේ ලිපිය මට ලබා දුන්නේ. මාව 2016 ජුනි 06 හෝ 07 දින කෝප් කමිටුවට කැඳවා තිබුණා. ඒ රැස්‌වීමට පෙර මේ ලිපිය මට දෙන්න කියලා මම හිටපු මුදල් ඇමැතිගෙන් ඉල්ලා සිටියා.

    ජ.නී. ද සිල්වා - මේ බැඳුම්කර වෙන්දේසිය තිබුණෙ 2015.02.27 දින?

    සාක්‍ෂිකරු - ඔව්

    ජ. නී. ද සිල්වා - 2015.02.26 දින තමයි මේ රැස්‌වීම රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු තිදෙනෙක්‌ සමඟ තිබුණේ.

    සාක්‍ෂිකරු - ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ එක උපදේශකයෙක්‌.

    ජ.නී. ද සිල්වා - හිටපු මුදල් ඇමැතිතුමාත් මෙයට ඇතුළත් වුණා.

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී

    ජ. නී. ද සිල්වා - මසක්‌ තුළ මේ මුදල අවශ්‍ය බව කීවා?

    සාක්‍ෂිකරු - ඔව්

    ජ. නී. ද සිල්වා - මේ පසුබිම තුළ තමයි 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැතියේ?

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී

    ජ. නී. ද සිල්වා - මාර්තු මාසයේදී රු බිලියන 75 ක අරමුදල් අවශ්‍යතාවක්‌ පැවැති පසුබිමක තමයි මේ වෙන්දේසිය පැවැතියේ?

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී

    ජ. නී. ද සිල්වා - එය වැදගත් සාක්‍ෂියක්‌

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී

    වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා - කටට උත්තර දී ප්‍රශ්න අසන්න එපා

    සභාපති - (ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අමතමින්)

    එසේ කරන්න එපා

    දප්පුල ද ලිවේරා මහතා - මේ වගේ තීරණාත්මක කරුණු ගැන කටට උත්තරදී ප්‍රශ්න අසන්න එපා කියල මම ඉල්ලනවා?

    සභාපති - එහෙම ප්‍රශ්න අසන්න එපා

    ජ. නී. ද සිල්වා - හරි හරි ලිවේරා මහත්තය ඒ ගැන ප්‍රශ්නයක්‌ නැහැ. මට ඒ ගැන කාරුණිකව පෙන්වල දෙන්න. හරි දැන් ඔබට (අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින්) මේ ලිපිය ලැබුණා

    සාක්‍ෂිකරු - ඔව් ස්‌වාමිනී

    ජ. නී. ද සිල්වා - එවැනි රැස්‌වීමක්‌ පැවැති බවත් එහිදී එම මුදල් අවශ්‍යතාව පැවැති බවත් මේ ලිපියේ සඳහන් වෙනවා?

    සාක්‍ෂිකරු - ඔව්

    ජ. නී. ද සිල්වා - මාර්තු මාසේදී මුදල් අවශ්‍යතාවක්‌ පැවැති බව ඔබ දැන සිටියාද?

    සාක්‍ෂිකරු - ඔව්. භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව අරමුදල් ප්‍රවාහ ප්‍රකාශයක්‌ එවනවා. මට මතක විදිහට එය රු. බිලියන 172 ක්‌. ඒක සිංහල මුදලක්‌. මම හිතුවා අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම නිසා ඒ මුදල අවශ්‍ය වෙන්න ඇති කියලා. රු බිලියන 172 ක්‌ කියන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට ආසන්න මුදලක්‌ එය ඉතා කෙටි කලක්‌ තුළ අවශ්‍ය වී තිබුණා. මම එම මුදල් අවශ්‍යතාව ගැන දැන සිටියා. ඒ අවස්‌ථාව වන විට භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාවට සරිලන අරමුදල් රැස්‌කිරීමක්‌ මහ බැංකුව කර තිබුණේ නැහැ. මහා භාණ්‌ඩාගාර ලේකම් මට වාචිකව දැනුම් දුන්නේ ජනවාරි මාසයේ මහ බැංකුව විසින් එකතු කර දුන් මුදල්වල සැළකිය යුතු අඩුවක්‌ තිබුණු බවයි. රු. බිලියන ගණනක මුදල් අඩුවක්‌ තිබුණා. එනම් මහා භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාව සපුරා දීමට මහ බැංකුවට හැකි වී නොතිබුණු බවයි. ඒ එතන පැහැදිලිවම ප්‍රශ්නයක්‌ තිබුණා. මහ බැංකුවේ අරමුදල් රැස්‌ කිරීමේ හැකියාව ගැන. මේ පසුබිම තුළ මාර්තු මාසයට ලොකු අරමුදල් අවශ්‍යතාවක්‌ තිබුණු නිසා මම ඒ ගැන වඩාත් සැලකිලිමත් වුණා.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂිය ඊයේ (19 දා) අවසන් විය. එසේම එම සමාගම වෙනුවෙන් තවදුරටත් කොමිසම හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කීවේය.

    කොමිසම අද (20 දා) උදේ 10.00 ට යළි රැස්‌වේ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්‍ෂි ලබා ගැනීම සඳහා අද දිනද කොමිසම හමුවට කැඳවා ඇත.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්


    පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය.

    පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප්රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

    2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති), ප්රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවේ සිදු කෙරේ.

    නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප්රශ්න කිරීම්වලට පිළිතුරු දුන් කසුන් පළිසේන මහතා දුරකතන සංවාදවලදී ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප්රථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.

    නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා - ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?
    පිළි. මා දන්නේ නැහැ.

    ප්ර. ඔබ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්රධාන ගැනුම්කරු හා එහි ප්රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා නේද?
    පිළි. ඔව්.

    ප්ර. එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද කියා ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?

    පිළි. මා දන්නේ නැහැ.

    ප්ර. පර්පචුවල් ටේරෂරීස් සමාගම 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?

    පිළි. රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.

    ප්ර. 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?

    පිළි. ඔව්.

    ප්ර. ඔබ 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා වූ නිසා ‘ලිට්ල් ජෝන්ලා’ කවුරුන්දැයි යන්න ඔබ හෙළි කරන්නේ නැතැයි කියා මා යෝජනා කරනවා.
    පිළි. මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.
    කොමිසමේ සාක්කි විභාගය සිදු කෙරේ.
    අම්මප ඉතින් මේවගේ කොම්පැණි වල රස්සවල් කොරන්න පිං කරන්න ඕනෙ..
    Source
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    විදේශිකයකු බව කීවත්
    මහ බැංකු අධිපති වූ පසු
    අර්ජුන රටේ නීතියට යටත්
    -බැඳුම්කර කොමිසමේ සභාපති
    විනිසුරුගෙන් විශේෂ ප්රකාශයක්



    මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා පැවසීය.
    අර්ජුන මහේන්ද්රන් මහතාගේ සාක්ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා මෙම විශේෂ ප්රකාශය කළේය.

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම තීන්දු කිරීමෙන් පසුව එම කාරණාව ගැන මාධ්යවල විවිධාකාරයේ ප්රවෘත්ති පළවූ බවත් කොමිසම සාමාන්යයෙන් මාධ්ය වාර්තාවලට හෝ සාකච්ඡාවලට ප්රතිචාර දැක්වීමක් නොකරන බවත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මෙම අවස්ථාව ලබාගත් බවත් සභාපති විනිසුරු චිත්රසිරි මහතා මුලින්ම සඳහන් කළේය.

    සභාපති විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය,
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු ඇලෝසියස් මහතා සම්බන්ධයෙන් කොමිසම ගත් තීරණය මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාට අදාළ වන්නේ නැහැ.

    අර්ජුන් ඇලෝසියස් මහතා කියා සිටියේ ඔහු කොමිසම හමුවේ විමර්ශනය කෙරෙන මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේ සිදුවී ඇතැයි කියන අක්රමිකතාවක් ගැන චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු බවයි. එනම් චූදිතයකුගේ තත්ත්වයට පත්ව සිටින බවයි. ඉදිරියේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩුවක් පැවරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය. නමුත් අර්ජුන මහේන්ද්රන් මහතා එසේ කියන්නේ නැහැ.

    ඔහු චූදිතයකු බවට පත්විය හැකි බව කියන්නේ නැහැ. ඔහු කොමිසම හමුවට පැමිණ සාක්ෂි දෙන්න කැමති වුණා. එනිසා සාක්ෂිදීමට ඔහුට බලකරන්නත් කොමිසමට පුළුවනි.

    අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි දීමට අකැමැති නම් කොමිසම ඔහුට සාක්ෂි දීමට බලපෑම් නොකිරීමට තීරණය කළේ පිළිගත් නීති සිද්ධාන්ත වලට අනුවයි. ඒ සම්බන්ධයෙන් ශේ්රෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවක් ප්රකාශයට පත්කර තිබෙනවා. අපිට පැවරී ඇති කාර්ය භාරය නීතියට අනුව කළ යුතුයි යන්න අපගේ අදහසයි.

    අනිත් වැදගත් කාරණාව වන්නේ අපි අර්ජුන් ඇලෝසියස් මහතාට සාක්ෂි දීමට බලකළ හොත් ඔහු එම තීරණයට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අභියෝග කරනු ඇති. එවිට ඒ පිළිබඳව විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ප්රකාශයට පත් කිරීමට සෑහෙන කාලයක් ගතවෙනවා.

    එසේ වුවහොත් කොමිසමට පැවරී ඇති කාර්ය භාරය අවසන් කිරීමට ප්රමාද වෙනවා. කොමිසම එම කාරණාව ගැනත් දැඩි සැලකිල්ල යොමු කළා.
    කොමිෂන් සභා පනත 16 වැනි වගන්තියේ සඳහන් අන්දමට අපි තීන්දුවක් ගත්තේ ඒ නිසයි. කොමිසම ගත් තීන්දුවේ කිසිම වරදක් නැහැ.
    අර්ජුන මහේන්ද්රන් මහතා කොමිසම හමුවේ පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වුණා. ඔහු සාක්ෂි නොදීමට තීරණය කළා නම් ඒ මෝඩ ක්රියාව කරන්න එපා යෑයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඔහුට උපදෙස් දෙනවාට කිසිම සැකයක් නැහැ..
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහ බැංකු අධිපති ධූරය භාර ගන්නා ලෙසට අගමැතිවරයා ඉඟිකළ බව අර්ජුන මහේන්ද්රන් හෙළි කරය


    බැඳුම්කර විමර්ශන කොමිසමේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාගෙන් අද හරස් ප්රශ්න විමසනු ලැබී ය.

    අර්ජුන මහේන්ද්රන් මහතා අද කොමිසමේදී පැවසුවේ, 2015 ජනවාරි 8 වන දින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තමන්ට අධිපති ධූරය භාර ගන්නා ලෙස ඉඟියක් දැක්වූ බව ය.
    කෙසේ වෙතත් වැඩ බලන සොලිසිටර් ජනරාල් දප්පුල දි ලිවේරා මහතා කියා සිටියේ, මහේන්ද්රන් මහතාට අග්රාමාත්යවරයා දුරකතනයෙන් අමතා එම තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ය.

    2015 පෙබරවාරි 26 වනි දින උදෑසන මහ බැංකුවේ සිදුවූ හමුවකට හිටපු මුදල් අමාත්ය රවි කරුණානායක, අමාත්ය කබීර් හෂීම්, එවක අග්රාමාත්ය උපදේශක මලික් සමරවික්රම, නියෝජ්ය අධිපතිවරුන් භාණ්ඩාගාර ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණි බව මහේන්ද්රන් මහතා ප්රකාශ කළේ ය.
    මහේන්ද්රන් මහතා කියා සිටියේ එම හමුවේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්යතාවක් ගැන එහිදී සාකච්ඡා කළ බව ය.
    ඔහු වැඩිදුරටත් පැවසුවේ, 2015 පෙබරවාරි 24 වන දින තිබූ කැබිනට් හමුවෙන් අනතුරුව අග්රාමාත්යවරයා තමන්ට වහාම මාර්ග සංවර්ධන අධිකාරියත් සමග සාකච්ඡා කර මාර්ග සංවර්ධන කටයුතු සඳහා වැයවන නිශ්චිත මුදල ගණනය කරන ලෙසට ය.

    කොමිසමට මීට පෙර මහේන්ද්රන් මහතා ඔහුගේ නීතිඥයින් හරහා ඉදිරිපත් කළ දිනයක් නොමැතිව හිටපු මුදල් අමාත්යවරයාගේ අත්සනින් යුත් ලිපියක් පිළිබඳව ප්රශ්න කෙරිණි.
    එම ලිපිය එවක මුදල් අමාත්යවරයාගෙන් ලැබුණු බව තමන් විශ්වාස කරන නමුත් එය නිශ්චිතව ඔහුගෙන් ලැබුණු බව ප්රකාශ කිරීමට අපහසු බව ඔහු ප්රකාශ කළේ ය.

    මේ අතර කොමිසම ඉදිරියට සාක්ෂි ලබා දීමට කැඳවූ අවස්ථාවේදී හිටපු මුදල් අමාත්ය රවි කරුණානායක මහතා ඇතැම් කරුණු පිළිබඳව තමන් නොදන්න බව ප්රකාශ කළේ ය.

    එමෙන් ම පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන මහතාගෙන් ඇතැම් පුද්ගලයින් සඳහා යොදා තිබූ රහස් නම් පිළිබඳව විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, එම නම් ඕනෑම පුද්ගලයෙකුට හිමිවිය හැකි බව ය.

    Source
     
    • Like
    Reactions: Lejayange