බැඳුම්කර News (Updates) ✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මුං මේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකේ කොහොමද බං මෙච්චර ාබ හොයල තියෙන්නේ....
    මාමණ්ඩිට මතක නෑ......
    බෑණන්ඩිට මතක නෑ.........
    බෑණ ගේ සෙකට්‍රියට/ පර්සනල් ඇස්සිටටත් මතක නෑ.......

    මුංට මොනව ද යකෝ මතක.....
    තමන් ගේ ගෑණිවත් මතක නැතුව වෙන ඒවට මෝල දාන්න යනව ද දන්නෙ නෑ මුං......:angry:

    මුන් මේ කරන්නේ පෝඩාවක්,මතක නැත්තං කොහොමද ඇමතිකම් තනතුරු වල වැඩ කරගන්නේ..බැදුම්කර කොමිසමම ෆිල්ම් එකක් වගෙ..බොරුවට මිනිස්සුන්ගෙ සල්ලි කාදමනවා..
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පර්පෙචුවල්ට රාජ්ය රහස් විකිණූ ඊ. පී. එෆ්. බැංකු නිලධාරීන් ගැන නීතිය නිහඩයි!
    ------------------------------------------------------

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට රාජ්ය රහස් ලබාදී රුපියල් හතළිස් කෝටියක අල්ලස් ලබාගත් ඊ.පී.එෆ් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරීන් තිදෙනාට එරෙහිව රාජ්ය රහස් පනත යටතේ මෙතෙක් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නැත.

    රාජ්ය රහස් හෙළිකිරීමේ ගැන දැනට මෙරට අධිකරණය තුළ නඩු පවරා ඇත්තේ හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට පමණි.
    මෙම නිලධාරියා සම්බන්ධයෙන් සේවක අර්ථසාධක අරමුදලේ බලධාරීන් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද අද වන තෙක් ඔවුන්ගේ වැඩ තහනමට පවා ලක්කර නැතැයි ආරංචි මාර්ග හෙළි කරයි. රාජ්ය රහස් ආඥ පනත යටතේ මෙම නිලධාරීන්ට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

    Source:http://divaina.com/daily/index.php/puwath-2/1354-2017-10-18-15-29-36
    අඹ ගෙඩියක් තරම් මෙවා වටින්නේ නැතුව ඇති..
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුංගේ අප්පට යකෝ.....

    නොකැදවන නිසා අහන්න බැරිවෙන අගමැති හිරවෙන බැදුම්කර කොමිසමේ ප්රශ්න මෙන්න..
    ------------------------------------------------------

    මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශණය කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් කලින් පිළියෙල කරන ලද ප්රශ්නාවලියකට අගමැති රනිල් වික්රමසිංහගෙන් පිළිතුරු ඉල්ලා තිබීමෙන් කොමිසම ඉදිරියේදී අගමැතිවරයාගෙන් හරස් ප්රශ්න ඇසීමට තිබූ අවස්ථාව අහිමිව ගොස් ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
    කොමිසම විසින් යවා ඇති ප්රශ්න පත්තරය සදහා උත්තර දීමට අගමැතිවරයාට අවශ්ය තරම් කාලයක් ලැබෙනු ඇතැයිද පවසන මහාචාර්යවරයා එම පිලිතුරු අසත්යයද අසත්යදැයි දැන ගැනීමට මහජනතාවට තිබූ අයිතිය කඩ වී ඇතැයිද සදහන් කරයි.

    කොළඹදී පැවති මාද්ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ගේ සම්පූර්ණ වගකීම භාරගැනීමට සූදානම් වූයේ මන්ද යන්නත්, ව්යවස්ථාවට අනුව විදේශිකයෙකුට දිවුරුම් දිය නොහැකි තත්වයකදී මහ බැංකුවේ අධිපති ධුරය අර්ජුන් මහේන්ද්රන්ට ලබා දුන්නේ ඇයිද යන්නත්, මහේන්ද්රන් සිදු කරන කටයුතු ගැන පෞද්ගලිකව වගකීම බාරගන්නේ යයි පාර්ලිමේන්තුව තුළදී ප්රකාශ කළේ ඇයිද යන්නත්, බැදුම්කර මගඩිය ගැන සෙවීමට සිරිකොතට සම්බන්ධ නීතීඥයින් තිදෙනෙකු පත් කළේ ඇයිද යන්නත් සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරු ලබා දිය යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
    Source:-lankaCnews-
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    පොන්න වේස රනිලා තමා මේකට තනිකරම වගකියන්න ඕන
    පොන්නයා මේ රට කනවා.
    ඕකව මරන්න ඕන
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම නීතිපතිට ලියයි
    ------------------------------------------------------

    22-10-2017%20%20mawhhk%20(1).jpg

    සීමාසහිත පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

    කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ආඥා පනතේ 24 වැනි ඡේදයෙන් සැලැසී ඇති ප්රතිපාදන අනුව, කොමිසමෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු අතරින් මනාව තහවුරු වී ඇති අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්රියා කරන ලෙසයි.

    කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් සාක්ෂි විනාශ කිරීමට ක්රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් මඟින් සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම වැළැක්වීමට ක්රියා කිරීම මඟින් අර්ජුන් ජෝශප් ඇලෝසියස් සාපරාධී ක්රියාවල නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද කොමිසමෙ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී තිබේ.

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිසමේ ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්රියා කරමින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්රම කරමින් හා ඇතැම් විට විවෘතව මැදිහත් වෙමින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට අයුතු ලාභ ගැනීමට ක්රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්රී ලංකා මහ බැංකුවටත්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන ආයතනවල ශ්රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලින් රුපියල් කෝටි ගණනින් පාඩු හා අලාභ සිදු කිරීම සම්බන්ධයෙනි..

    Source:-http://mawbima.lk/print20170621MB20171230.php?id=6178
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට
    ------------------------------------------------------

    22555774_454594144941728_7830775494078028789_o.jpg

    මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරුණු කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින් ඔවුන්ද කැඳවා අවශ්ය කරුණු තහවුරු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරයි.

    මෙම තීරණයට නීතිපති දෙපාර්තමේන්තුව එළැඹ ඇත්තේ කොමිසම විසින් කරන ලද නිර්දේශයන් අනුවය.

    කොමිසමේ විමර්ශන කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහාය වූ රාජ්ය නීතිඥ මණ්ඩලයේ ප්රධානියා වන ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මේ බව තහවුරු කළේය.

    ඒ මහතා ප්රකාශ කර සිටියේ කොමිසමේ විමර්ශනයන්හිදී අනාවරණය වූ බොහෝ කරුණුවලට අමතරව පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්රධාන විධායක කසුන් පලිසේන විසින් විනාශ කොට තිබූ දුරකතන සංවාද පිළිබඳ දත්ත 8600ක් රහස් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු ඒ අතර වූ දුරකතන සංවාද පරීක්ෂා කිරීමේදී ඇතැම් බැඳුම්කරවලට අගමැති රනිල් වික්රමසිංහගේද සම්බන්ධතාවක් ඇති බවට වැටහෙන සංවාද සඳහන් වී තිබීම හේතුවෙන් ඔහුද කොමිසමේ විමර්ශනයන්ට ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකු බවද සඳහන් කළේය.

    Source:-http://mawbima.lk/print20170621MB20171230.php?id=6285
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැඳුම්කර හොරකම නිසා ණය පොලී අනුපාතය ඉහළ යෑමෙන් කෝටි 20,000ක් රජයට පාඩු වෙලා

    මහබැංකු බැඳුම්කර වංචාව හරහා රටේ ණය පොලී අනුපාතය ඉහළ යෑමෙන් ගතවූ වසර තුනකට ආසන්න කාලය තුළ රුපියල් කෝටි 20,000කට අධික පාඩුවක් රජයට සිදුව ඇතැයි 2015 මහ බැංකු වාර්තාවෙන් පෙන්නුම් කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්රි වසන්ත සමරසිංහ පවසයි.

    සමරසිංහ මහතා පවසන්නේ එකී වාර්තාවට අනුව බැඳුම්කර පොලී අනුපාතය අපේක්ෂා කළ අනුපාතයට වඩා ඉහළ යෑමෙන් රුපියල් මිලියන 69,000ක් ණය පොලී වැඩිපුර ගෙවීමටද සිදුව ඇති බවයි.

    ඒ අනුව සියයට 8ත් 12ත් අතර තිබූ නිවාස ණය පොලිය සියයට 16 දක්වාත් සියයට 16 - 18 අතර තිබූ ලීසිං පොලී අනුපාතය සියයට 22 දක්වාත් සියයට 14ට තිබූ සාමාන්ය ණය පොලිය සියයට 18 දක්වාත් ඉහළ ගොස් ඇති බව මන්ත්රිවරයා පෙන්වා දෙයි.

    මේ වනවිට ණය හිමියන්ට ඔවුන් ගත් ණය පොලියට වඩා ඉහළ පොලියක් ගෙවිය යුතු බව දන්වා බැංකුවලින් ලිඛිතව දැනුම් දී ඇති බවත් එය වැරැදි ක්රියාවක් බවත් ඒ මහතා පවසයි.
    ඔහු වැඩිදුරටත් පැවැසුවේ රජයට සිදුවූ මෙම අලාභය පියවීම සඳහා බදු ගෙවීමට සිදුව ඇත්තේ සාමාන්ය ජනතාවට බවයි.

    Source:-http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6308
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    :yes::yes::yes::yes::yes::yes:

    BK_1024.png
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹල කොච්චර මෙතන බැදුම්කර update දදා කෑ ගැහුවත් බලපන් එක හොරෙක්වත් අල්ලයිද කියලා

    මේ කේස් එකේදි තනිකර වැරදි පොන්න රනිලා, අර්ජුන් මහේන්ද්‍රන්, සක්කලි රවී, අර්ජුන් ඇලෝසියස්

    ඔය එකෙක් හරි අඩුම හිරේ අවුරුද්දක් දැම්මොත් ඒක ලෝකේ 10 වෙනි පුදුමය වෙයි

    ඒක කවදාවත්ම වෙන්නෙ නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹල කොච්චර මෙතන බැදුම්කර update දදා කෑ ගැහුවත් බලපන් එක හොරෙක්වත් අල්ලයිද කියලා

    මේ කේස් එකේදි තනිකර වැරදි පොන්න රනිලා, අර්ජුන් මහේන්ද්‍රන්, සක්කලි රවී, අර්ජුන් ඇලෝසියස්

    ඔය එකෙක් හරි අඩුම හිරේ අවුරුද්දක් දැම්මොත් ඒක ලෝකේ 10 වෙනි පුදුමය වෙයි

    ඒක කවදාවත්ම වෙන්නෙ නෑ

    සහතික ඇත්ත අර අඹ සීන් එකට තරම් සාධාරණයක් ඉශ්ඨවෙන එකක් නැහැ කියල තමයි හැමෝම කියන්නෙ, පේන්නෙ නැද්ද ටයි කෝට් දාල හොරුටික ඉන්න අපූරුව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කිරීමක් ගැන දැනුම් දීමක් නෑ"

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ මෙතෙක් තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ඊයේ (23දා)දැනුම් දුන්නේය.

    කොමිසමේ කාලය මේ මස 27 වැනිදායින් අවසන් වීමට නියමිත අතර, කොමිසමේ කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා දැනුම් දුන්නේය.

    තවත් සාක්ෂි කිහිපයක් ගැනීමට අවශ්ය වීම හා කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්ය වීම නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස කොමිසම විසින් මෙලෙස ඉල්ලීමක් කර ඇත.

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී පත්කරන ලදී. අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කළ අතර, එහි කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්ෂි විමසීමේදී අමතර කරුණු හෙළිවීම මත මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට සිදුවීම හේතුවෙන් කොමිසමේ කටයුතු අපේක්ෂා කළ දිනවලදී අවසන් කරගැනීමට නොහැකි වූ බව කොමිසමේදී අනාවරණය විය.

    2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම කොමිසම පත්කරන ලදී.

    මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති),ප්රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විතය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැඳුම්කර කොමිසමේ කාලය දිගු වෙයි

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව එහි වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, තවත් ඉදිරි සති 06 ක කාලයක් දීර්ඝ කර ඇත.

    ඒ අනුව 2017 දෙසැම්බර් මස 08 වෙනිදා දක්වා දික් වු බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.

    source
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් කෝප් වාර්තාව තුළින් අනාවරණය වු බවත්, එහිදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් වාර්තාවේ කරුණු ප්‍රමාණවත් වන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    අද(25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

    බැඳුම්කර කොමිසමේ පරීක්‍ෂණවල ඉදිරිය කුමක් වේවිදැයි පැවසිය නොහැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණ මුල සිට බැඳුම්කර ගනුදෙනුවෙන් වංචාවක් සිදුවූ බවත් ඊට අගමැතිවරයා වගකිව යුතු බවත් ප‍්‍රකාශ කළ බව ද ටිල්විල් සිල්වා මහතා පවසයි.

    හඳුන්නෙත්ති මහතා සභාපතිත්වය දරන කෝප් කමිටුවේ වාර්තාව සකස් කිරීමේදී එය අවුල් කිරීමට එජාප මන්තී‍්‍රවරුන් උත්සාහ කළ බවත්, කෙසේ වෙතත් කෝප් වාර්තාවෙන් මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු රැසක් අනාවරණය වු බවද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ජනාධිපති කොමිසමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමට නීතිමය බලයක් නොමැති අතර නීතිමය පියවර ගත යුත්තේ ආණ්ඩුව බවද ඔහු පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

    “ජනාධිපති කොමිසමේදීත් සාකච්ඡාවට ලක් කෙරෙන්නේ කෝප් කමිටුවේදී විමර්ශනයට ලක් කෙරුණු කරුණුයි.

    එනිසා නීතිමය පියවර ගන්නවා නම් කෝප් වාර්තාව ප‍්‍රමාණවත්. කෙසේ නමුත් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරන්නේ විමර්ශනවලට නම් එහි ගැටලූවක් නැහැ. නමුත් නීතිමය කි‍්‍රයාමාර්ගක් නොගෙන දිගින් දිගටම කල් ගන්නවාට අපි විරුද්ධයි.

    ඒ වගේම අගමැතිවරයා කොමිසමට ගෙන්විය යුතු බවට අපි දිගින් දිගටම කිව්වා. කොමිසමේ වාර්තාවට මොකද වෙන්නේ කියලා අපිට කියන්න බැහැ. නමුත් මේ වනවිටත් රවී කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්.

    ඔහු නිවසක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු නිලධාරීන්ට ගනුදෙනුවට වාසි වන විදිහට කි‍්‍රයා කරන්න නියෝග ලබාදී තිබෙනවා.

    ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නයට අමතරව රටේ ජනතාවට විශාල ප‍්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. කළු සල්ලි හම්බකරන සුළු පිරිසට අමතරව අද සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අමාරු තත්වයක් උදාවෙලා තිබෙනවා.

    ජාතික සමගිය, නැතිවෙලා. රටේ අපරාධ වැඩිවෙලා. කෙසේ නමුත් රටේ පවතින ව්‍යවස්ථාව නරක නම් රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකෙන සියලූම ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්‍ෂා වන රටට වාසි ව්‍යවස්ථාවක් සකස්කළ යුතුයි.

    නමුත් එවැනි ආකාරයක ව්‍යවස්ථාවක් හැදෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අලූත් මැතිවරණ ක‍්‍රමයක් සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. නමුත් අද වනවිට ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් නැති තත්වයක් තුළ විශාල සංවාදයක් ඇතිවෙලා තිබෙනවා.

    හෙට රට බෙදයි කියලා එක කණ්ඩායකමක් කෑ ගහනවා. මේ සංවාදය හදලා තිබෙන්නේ පරාජයට පත්වූ බංකොළොත් දේශපාලන කණ්ඩායමක් විසින්. කෙටුම්පතක් සකස් කළාට පසුව ඒ ගැන සංවාද කරන්න පුළුවන්. නමුත් දැන් අලූත් ව්‍යවස්ථාවක් හදන්න සියලූම දෙනාට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ජනතාවට තිබෙන ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න මෙම ව්‍යවස්ථා මාතෘකාව උඩට අරගෙන තිබෙනවා. ආණ්ඩුවටත් මේ සංවාදය වාසිදායක වෙලා.

    source
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහේන්ද්‍රන්,ඇලෝසියස්‌ රවි සහ කසුන්ගේ දුරකථන රහස්‌ කොමිසමට

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස්‌, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු කොමිසම හමුවේ නම් සඳහන් වූ පුද්ගලයන් කීප දෙනකු අතර හුවමාරු වූ දුරකථන පණිවුඩ අදාළ තොරතුරු රැසක්‌ ඇතුළත් කොට සකස්‌ කරන ලද වාර්තාවක්‌ රහස්‌ පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක යසන්ත යෙහාන් ජයසිංහ මහතා ඊයේ (16 දා) බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.

    දුරකථන පණිවුඩ හුවමාරු කරගත් පුද්ගලයන්ගේ නම් දුරකථන අංක ගතවූ කාලසීමාව ඇතුළත් කොට එම වාර්තාව සකස්‌ කළේ රහස්‌ පොලිස්‌ අධ්‍යක්‌ෂවරයාට බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් ලැබුණු නියෝගයක්‌ උඩ බව ද උප පොලිස්‌ පරීක්‌ෂක ජයසිංහ මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි දෙමින් පැවසීය.

    තමාට ලැබුණු උපදෙස්‌ අනුව තමා විශේෂයෙන් අවධානය යොමු කළේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්‌ එකී කාලසීමාව තුළ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සමඟ පැවැත් වූ සම්බන්ධතා හෙළිකර ගැනීම සඳහා බවත් අවශ්‍ය තොරතුරු රැස්‌කරගත්තේ ඔවුන් භාවිත කළ දුරකථන වලින් ලබාගත් දත්ත සහ එම දුරකථන ලබාගෙන තිබූ එටිසලාට්‌ සහ ඩයලොග් සමාගම් විසින් කොමිසමට එවා තිබූ එම දුරකථනවල අන්තර්ගත දත්ත සහ තොරතුරු උපයෝගී කරගෙන බවත් උප පොලිස්‌ පරීක්‌ෂක ජයසිංහ මහතා කීවේය.

    අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්‌ යන දෙදෙනා ඇතුළු පුද්ගලයන් රැසක්‌ භාවිත කළ ජංගම දුරකථනවල අන්තර්ගත දත්ත සහ තොරතුරු උකහාගෙන ඒවා කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම එම දුරකථන සේවා සපයන සමාගම් දෙකකට නියෝග කර තිබුණු බව ද සඳහන් කළ සාක්‌ෂිකරු එම නියෝග තමා දුටු බවත්, තමා කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවේ ඒ පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කර තිබෙන බවත් කීය.

    මෙම වාර්තාව කොමිසමට ඉදිරිපත් කරනවාට අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ චානක සිල්වා මහතා දැඩි විරෝධයක්‌ මතු කළ නමුත් එම වාර්තාව ඉදිරිපත් කිරීමට කොමිසම අවසර දුන්නේ ය.

    අධිනීතිඥ සිල්වා මහතා වාර්තාවට විරෝධය පළ කරමින් කියා සිටියේ වාර්තාව සකස්‌ කර තිබෙන්නේ රහස්‌ පොලිසියට ලැබුණු තොරතුරු මත බවත් තොරතුරු මොනවා දැයි තමන් දන්නේ නැති බවත් හිටි හැටියේම කොමිසමට එවැනි වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම ඉන් බලපෑමක්‌ ඇතිවිය හැකි පුද්ගලයන්ට කරන බලවත් අසාධාරණයක්‌ බවත් ය.

    කොමිසමේ සභාපති චිත්‍රසිරි මහතා - ඒ වාර්තාවේ පිටපතක්‌ ඔබට ලැබිලා තියෙනවානේ. ඒක දැන් කියවා බලා සාක්‌ෂිකරුගෙන් ඕනෑම ප්‍රශ්නයක්‌ අහන්න.

    ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම පිට සාක්‌ෂි දීම ආරම්භ කරමින් රහස්‌ පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක ජයසිංහ මහතා පැවසුවේ ඔහු පොලිස්‌ සේවයට බැඳුනේ 2013 දී බවයි.

    මුලින් කළුතර පොලිසියට සම්බන්ධ වී දින 03 ක්‌ සේවය කිරීමෙන් පසුව මතුගම පොලිසියට මාරුවක්‌ ලැබුණු බවත් ඊට පසුව රහස්‌ පොලිස්‌ සන්නිවේදන තාක්‌ෂණ පරිගණක අංශයට සම්බන්ධ වූ බවත් ඊට පසුව ගතවූ කාලය තුළ එම තාක්‌ෂණ කටයුතු පිළිබඳ පුහුණුවීම් ලබා ඇති බවත් ඔස්‌ටේ්‍රලියාවෙන් පැමිණි විශේෂඥයන් පිරිසක්‌ යටතේ ද පුහුණුවක්‌ ලැබූ බවත් හෙතෙම කීය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවට අනුව එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට විරුද්ධව නීතිපතිවරයා සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා එම නඩු කටයුතු අවසන් වන තුරු ඔහු දරන එක්‌සත් ජාතික පක්‌ෂ උප නායක ධුරය අත්හිටුවිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ තිලක්‌ මාරපන කමිටුව මගින් නිර්දේශ කර ඇත.

    ඒ සම්බන්ධව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබේ.

    භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවි කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්‌සත් ජාතික පාක්‌ෂිකයකු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැත. එසේ වුවද පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරුවන්ටම අයත් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පාලන කටයුතු මෙහෙයවන්නන් විසින්ම මෙහෙයවනු ලබන සමාගමක්‌ වන වෝල්ට්‌ ඇන්ට්‌ රෝ පුද්ගලික සමාගම විසින් ගෙවන නිවාස, බදු මුදල් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදුකළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස්‌ පනත හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස්‌ කොමිසම විසින් නිගමනය කළයුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කොට ඇත.

    එසේම රවි කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්‌ෂි ලබා දෙන ලද බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පරීක්‌ෂා කොට, එසේ ඔහු විසින් ලබාදී ඇති සාක්‌ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වගන්තිය සමග එක්‌ව කියවිය යුතු දණ්‌ඩ නීති සංග්‍රහයේ 169 වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ නඩු පැවරීමට පදනමක්‌ තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක්‌ විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

    මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවි කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක්‌ ගනු ලබන තෙක්‌ හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත්, එම නඩු කටයුතු අවසන් වන තෙක්‌ ඔහු විසින් එක්‌සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක්‌ නොදැරිය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂ නායකතුමන් විසින් පත්කරන ලද තිලක්‌ මාරපන කමිටුව විසින් නිර්දේශ කොට ඇත.

    පෙබරවාරි මැද භාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

    Link
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග නාඩගමක්‌ වී ඇතැයිද ජනතාව මහත් උනන්දුවෙන් මේ නාඩගම් බලාසිටින බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය.

    හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

    වත්මන් ජනාධිපතිවරයා විහිළු කතා කියන්න දක්‍ෂයෙක්‌. ඒ වගේම ඔහු ඉඳහිට ත්‍රාසජනක කතාත් කියනවා. එතුමා මෙහෙම කියන කතා ගැන අපි පුදුම වියයුතු නැහැ. බැඳුම්කර වංචාවේ උදවියට කරන දඬුවම් හරියටම නාඩගමක්‌ වගේ. අපි ජනතාව සමඟ මේ නාඩගම දිහා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.

    Link