බැඳුම්කර News (Updates) ✔️

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    10.gif

    පට්ට නිවුස් එක, රෙද්ද ගලවනව සින් සින් ගාල......!!
    ඕක තමයි ඇත්ත....!!
    Rep ++.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැඳුම්කර මගඩියෙන් මහපොළ මිලියන 440 කට විදලා - මේ මුදලින් තවත් සිසුන් 270 කට මහපොළ දෙන්න තිබුණා - කීර්ති තෙන්නකෝන
    දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක් බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01 දා) පැවසීය.
    මෙය මාසිකව රුපියල් 5500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොළ ලබාදීමට තරම් මුදලක් යෑයිද ඊයේ (01 දා) රාජගිරියේ පැවැති පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද කීය.
    මහපොළ අරමුදල දූෂිත පර්පෙචුවෙල් බැඳුම්කර නිසා සිදුව ඇති පාඩුව කොපමණද යන්න තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ. මහපොළ උසස් අධ්යාපනය ශිෂ්යත්ව අරමුදල් රු. මිලියන 440 ක් බැඳුම්කර වංචාවට යොදාගෙන ඇත්තේ රාජ්ය බැංකුවක් හරහා ද්විතීය මිලදී ගැනීම් සිදුකිරීම මගින්. පර්පෙචුවෙල් සමාගමට ලැබුණු අභ්යන්තර තොරතුරු මත සාමාන්ය වෙළෙඳපොළ වටිනාකමට අඩුවෙන් බැඳුම්කර මිලදී ගෙන රජයේ ඇතැම් නිලධාරීන්ට වරප්රසාද ලබා දෙමින් රජයේ අරමුදල්වල ආයෝජනය කිරීමට ඔවුන් පොළඹවා ගෙන තිබෙනවා.
    මෙම පර්පෙචුවෙල් බැඳුම්කර වංචාව හරහා මේ වන විටත් සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ අරමුදල, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභා අරමුදල් වංචා කර ඇති බව තොරතුරු හෙළි වෙමින් තිබෙනවා. අලුත්ම අනාවරණය තමයි මහපොළ අරමුදලට වංචා කිරීම. එහි පාඩුව රුපියල් මිලියන 18 ක් පමණ වනවා.
    මේ සම්බන්ධයෙන් අපි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදලින් විමසීමේදී මේ පාඩුව අයකර ගැනීමට මහ බැංකුවේ හා නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පවරා තිබෙන බව ඔවුන් කියා සිටියා.
    1981 දී දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ අරමුදල ආරම්භ කළේ දරිද්රතාවෙන් මිදීමේ මාවත අධ්යාපනය යන තේමාව යටතේයි. සිසුන් 441 දෙනකුට රුපියල් 350 ක දීමනාවක් ලබාදෙමින් ආරම්භ කළ මහපොළ අද වනවිට සිසුන් 15000 කට රුපියල් 5500 බැගින් ලබාදෙනවා. ඇතුලත්මුදලි මහතා 1989 දී ප්රකාශ කළේ මහපොළ ජනතාවගේ ව්යාපාරයක් මගේ මරණයෙන් පසුවද මහපොළ අඛණ්ඩව පැවතිය යුතුයි කියායි.
    මහපොළ අරමුදල රුපියල් බිලියන 10 කට වැඩියි. ස්ථීර තැන්පත් හා බැඳුම්කර මහපොළ භාරයේ ආයෝජනයත් දූෂිත බැඳුම්කර වංචාව සිදුකොට ඇත්තේ ප්රාථමික බැඳුම්කර මිලදී ගැනීමට හැකියාව තිබියදී එය සිදු නොකර ද්විතීය වෙළෙඳපොළ මගින් රාජ්ය බැංකුවක් හරහා මිලදී ගැනීමෙනුයි. මෙය සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ භාරය, විශ්වවිද්යාල අරමුදලින් බැඳුම්කර වංචාව සිදුකළ ආකාරයටම සමානයි.
    මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව අරමුදලේ භාරකාර මණ්ඩලයේ නිල බලයෙන් පත්වන සභාපතිවරයා අග්රවිනිශ්චයකාරවරයායි. එහි විෂය භාර අමාත්යාංශය වන්නේ උසස් අධ්යාපනය හා සංස්කෘතික අමාත්යාංශයයි.

    source:http://divaina.com/daily/index.php/puwath-2/13661-2018-06-29-14-12-53
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ කාලේ බයියො යකා නටපු හැටියට අපි හිතුවෙ රාජපස්සලා ඇවිල්ලා රනිල්, රවි හැමෝම හිරේ යවයි කියල.

    අන්තිමට ජනාධිපතිකමත් දීලා පස්ස බැලුවේ :lol: @2osama @N A K A M U R A @weer 11 @NiyamaSinhalaya
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැඳුම්කර මගඩියෙන් මහපොළ මිලියන 440 කට විදලා - මේ මුදලින් තවත් සිසුන් 270 කට මහපොළ දෙන්න තිබුණා - කීර්ති තෙන්නකෝන
    දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක් බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01 දා) පැවසීය.
    මෙය මාසිකව රුපියල් 5500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොළ ලබාදීමට තරම් මුදලක් යෑයිද ඊයේ (01 දා) රාජගිරියේ පැවැති පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද කීය.
    මහපොළ අරමුදල දූෂිත පර්පෙචුවෙල් බැඳුම්කර නිසා සිදුව ඇති පාඩුව කොපමණද යන්න තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ. මහපොළ උසස් අධ්යාපනය ශිෂ්යත්ව අරමුදල් රු. මිලියන 440 ක් බැඳුම්කර වංචාවට යොදාගෙන ඇත්තේ රාජ්ය බැංකුවක් හරහා ද්විතීය මිලදී ගැනීම් සිදුකිරීම මගින්. පර්පෙචුවෙල් සමාගමට ලැබුණු අභ්යන්තර තොරතුරු මත සාමාන්ය වෙළෙඳපොළ වටිනාකමට අඩුවෙන් බැඳුම්කර මිලදී ගෙන රජයේ ඇතැම් නිලධාරීන්ට වරප්රසාද ලබා දෙමින් රජයේ අරමුදල්වල ආයෝජනය කිරීමට ඔවුන් පොළඹවා ගෙන තිබෙනවා.
    මෙම පර්පෙචුවෙල් බැඳුම්කර වංචාව හරහා මේ වන විටත් සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ අරමුදල, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභා අරමුදල් වංචා කර ඇති බව තොරතුරු හෙළි වෙමින් තිබෙනවා. අලුත්ම අනාවරණය තමයි මහපොළ අරමුදලට වංචා කිරීම. එහි පාඩුව රුපියල් මිලියන 18 ක් පමණ වනවා.
    මේ සම්බන්ධයෙන් අපි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදලින් විමසීමේදී මේ පාඩුව අයකර ගැනීමට මහ බැංකුවේ හා නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පවරා තිබෙන බව ඔවුන් කියා සිටියා.
    1981 දී දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ අරමුදල ආරම්භ කළේ දරිද්රතාවෙන් මිදීමේ මාවත අධ්යාපනය යන තේමාව යටතේයි. සිසුන් 441 දෙනකුට රුපියල් 350 ක දීමනාවක් ලබාදෙමින් ආරම්භ කළ මහපොළ අද වනවිට සිසුන් 15000 කට රුපියල් 5500 බැගින් ලබාදෙනවා. ඇතුලත්මුදලි මහතා 1989 දී ප්රකාශ කළේ මහපොළ ජනතාවගේ ව්යාපාරයක් මගේ මරණයෙන් පසුවද මහපොළ අඛණ්ඩව පැවතිය යුතුයි කියායි.
    මහපොළ අරමුදල රුපියල් බිලියන 10 කට වැඩියි. ස්ථීර තැන්පත් හා බැඳුම්කර මහපොළ භාරයේ ආයෝජනයත් දූෂිත බැඳුම්කර වංචාව සිදුකොට ඇත්තේ ප්රාථමික බැඳුම්කර මිලදී ගැනීමට හැකියාව තිබියදී එය සිදු නොකර ද්විතීය වෙළෙඳපොළ මගින් රාජ්ය බැංකුවක් හරහා මිලදී ගැනීමෙනුයි. මෙය සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ භාරය, විශ්වවිද්යාල අරමුදලින් බැඳුම්කර වංචාව සිදුකළ ආකාරයටම සමානයි.
    මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව අරමුදලේ භාරකාර මණ්ඩලයේ නිල බලයෙන් පත්වන සභාපතිවරයා අග්රවිනිශ්චයකාරවරයායි. එහි විෂය භාර අමාත්යාංශය වන්නේ උසස් අධ්යාපනය හා සංස්කෘතික අමාත්යාංශයයි.

    source:http://divaina.com/daily/index.php/puwath-2/13661-2018-06-29-14-12-53

    @monson @Asmodeus @hirashgeff