බැරෝමීටරය සහ සිසුවා.!!!

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    බැරෝමීටරය සහ සිසුවා.!!!



    කලකට පෙර තම විශ්වවිද්‍යාල ආචාර්ය සගයෙකුගෙන් තවත් ආචාර්යවරයකුට ඇමතුමක් ලැබින .. ඔහු තමාගේ සිසුවෙකුට විභාගයේදී භොතික විද්‍යාව පිලිබද ප්‍රශ්නයකට ලකුණු බිංදුවක් දීමට තීරණය කරමුත් , නිවැරැදි පිලිතුර තමන් ප්‍රකාශ කරා යැයි කියා සිසුවා උපරිම ලකුණු ඉල්ලා සිටි...
    දෙදෙනාම තීරණය කර මෙය නිරාකරනය කර ගැනීමට ස්වාධීනවූ අනෙක් ආචාර්ය වරයා වෙත පැමිනිමට තීරණය කෙරිණි ..


    ඇසූ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් : බැරෝමීටරයක් ( barometer ) මගින් උස් බිල්ඩිමක උස මැනිය හැක්කේ කෙසේද ?
    සිසුවා උත්තර දෙමින්.. බැරෝමීටරය බිල්ඩිම උඩට ගෙන ගොස් එයට දිගු ලනුවක් ගැටගසා ලනුව පාරට ගැවෙන තැන සලකුණු කර ලනුව උඩට ගෙන ලනුවේ දිග මැනීමේන් බිල්ඩිමේ උස හරියටම තීරණය කල හැකි බවය...


    සිසුවා පිලිතුරත් නිවැරදි මුත් තම ආචාර්ය සගයා එක එල්ලේ අපහසුතාවට පත්කල නොහැකියාව මත සිසුවාට තම භොතික විද්‍යාව පිරික්සීම සඳහා තවත් විකල්පයක් ඉදිරිපත් කිරීමට විනාඩි හයක් දිනි..

    විනාඩි පහක් ගතවූ මුත් උත්තරයක් නොලැබිණි..
    එසේ නම් ඔබ පරාජය පිලිගන්නේදැයි ඇසූ විට සිසුවා " මට උත්තර ගොඩක් තියෙනවා .. ඒත් මොකක්ද හොඳම කියලා හිතනවා" යැයි කීය..

    "සමාවෙන්න .. ඔබට තව මිනිත්තුවක් තියෙනවා"

    අවසාන මිනිත්තුව ලඟාවීමත් සමග සිසුවා උත්තර දෙමින් " බැරෝමීටරය බිල්ඩිම උඩට ගෙනියලා බිමට අත් හරිනවා .. බිමට වැටෙන වෙලාව ටයිමර් ඔරලෝසුවකින් නීරීක්ෂනය කරනවා... ඉන් පසු h=0,5-a-t2 යන ගණිත ක්‍රමය මගින් බිල්ඩිමේ උස තීරණය කරනවා " යැයි පිලිතුරු දිනි..

    මොකද හිතෙන්නේ යැයි සිසුවාගෙ ආචාර්යවරයාගෙන් අනෙකා විමසීය.. " භෙෘතික විද්‍යාව අනුව උත්තරය හරි..මං මෙයාට උපරිම ලකුනු දෙන්නමි" යැයි කියා ලැජ්ජාවෙන් මෙන් පිටව ගියේය..


    ඔහු ගිය පසු " තවත් උත්තර තියෙනවා කිව්වෙ මොනවද පුතා ? " යැයි අනෙක් ආචාර්යවරයා සිසුවාගෙන් විමැසීය..

    " අපොයි .. බැරෝමීටරයකින් බිල්ඩිමක උස මැනීමට ඔනෑ තරම් ක්‍රම තියෙනවා..

    උදාහරණයකට ඉරු එලිය තිබෙන දවසක එලියට ගොස් මුලින් බැරොමීටරයෙ දිග මැන , බැරෝමීටරයේ හෙවනැල්ලේ දිග මැන , බිල්ඩ්මේ හෙවනැල්ලේ දිග මැන ලබා ගත් දත්ත සංසන්දනය කිරීමෙන් බිල්ඩිමේ උස කිව හැක..


    ආ... හොඳයි .. තව මොනවද ?


    තව පහසුම ක්‍රමයක් තමයි ... පඩිපෙළ නගින ගමන් බැරෝමීටරය දිග ඒකකයක් ලෙස ගෙන බිත්තියේ ලකුනක් දමමින් උඩටම යනවා.. පසුව ලකුනු කල ඒකක ගනන එකතු කර බැරොමීටරයේ දිගින් වැඩි කරනවා..


    හහ් හහ්... මාර ලේසියි...!


    ඔව්... ඔබට සංකීර්ණ ක්‍රමයක් අවශ්‍ය නම් බැරෝමීටරය නූලක් එල්ලා ලම්භකයක් ලෙස යොදාගෙන පොලවේ සහ බිල්ඩිම උඩ ගුරුත්ව අගය ( gravity ) මැන ගත යුතුයි ... ගුරුත්ව වෙනස දැනගැනීමෙන් බිල්ඩිමේ උස දැනගත හැක...


    තවත් ගොඩක් ක්‍රම තියෙනවා .. ඒත් මේ ඔක්කොම වඩා පහසුම ක්‍රමය තමයි බැරෝමීටරයෙන් බිල්ඩිමේ පාලකවරයාගේ දොරට ගහලා එයාට කතා කරන එක..
    දොර ඇරියට පස්සෙ එයාගෙන් අහනවා " මහත්මයා . බලන්න මේ ලස්සන බැරෝමීටරය දිහා.. මට මේ බිල්ඩිමේ උස කිව්වොත් මේක ඔබට තෑගි කරනවා "


    " නමුත් ඔබ සාම්ප්‍රදායික භෙෘතික විද්‍යා උත්තරය මුලින් දැනගෙන හිටියේ නැහැ නේද ? "


    "නැහැ .. මම දැනගෙන හිටියා ...මගේ ආචාර්යවරයා උගන්වන විදිහ මට එපා වෙලා තියෙන්නේ... ඔහු මට සාමිප්‍රදායිකව උගන්වන්න උත්සාහා කරනවා විතරයි .... ඒත් හිතන්න උගන්වන්නේ නැහැ.....!! "


    සිසුවාගේ නම ඩෙන්මාර්ක ජාතික නීල්ස් බෝහ්ර් NIELS BOHR ය.. ඔහු 1922දී භෙෘතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනු භෞතික විද්‍යාඥයා විය....






    12360086_10153198956112344_496070758827048329_n.jpg
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොඩ්ඩක් හිටපන් බැරෝ මීටරය කියන්නේ මොකක්ද කියල හොයාගෙන එන්නම්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බැරෝ මීටරේ අහලා තිබ්බට මූට පින්සිද්ධවෙන්න මොකක්ද කරන්නේ කියලත් දැනගත්තා
    :P:P:P