නීල්ස් බෝර් කියන මනුස්සයා නොබෙල් තෑග්ගකින් මනින්න එපා. ඔහු ඉතාම උසස් පුද්ගලයෙක්.
විද්‍යාඥයෙක් වෙන්න කලින් අති දක්ෂ ක්‍රීඩකයෙක්. විද්‍යාඥයෙකුට අමතරව විද්‍යාවේ දර්ශනය උදෙසා ඉතා ඉහල මෙහෙයක් කළ කෙනෙක්. වරක් අයින්ස්ටයින් පවා වාදයන් පරද්දපු කෙනෙක්.
හිට්ලර් යුදෙව්වන් හොය හොයා මරද්දී ජර්මනියේ ඉඳගෙන යුදෙව්වන් විශාල පිරිසක් රටින් පිට කර ජීවිත බේරා දුන්නා. අවසානයේ හිට්ලර් ඔහු හොයා ගත්තහම බෝට්ටුවකින් අවසන් මොහොතේ තනියම ස්විස්ටර්ලන්තයට පැනල ගියා (මේ කාලේ අයින්ස්ටයින් යුදෙව්වන් වෙනුවන් කිසිවක් නොකර ඇමරිකාවේ ජොලි කර කර හිටියා).
අන්තිමට අයින්ස්ටයින් එකපාරටම යුදෙව් ප්‍රේමියෙක් වෙලා පරමාණු බෝම්බය හදන්න විශාලතම මෙහෙය කරද්දී එයට විරුද්ධ වූ එකම යුදෙව්වා තමයි බෝර්. ඔහු අවසානයේ අයින්ස්ටයින් තමාගේ මතයට නම්ම ගත්තත් එවිට ප්‍රමාද වැඩියි.
මීට අමතරව ඔහුගේ ගෝලයා වූ හයිසන්බර්ග් හිට්ලර් වෙනුවෙන් පරමාණු බෝම්බයක් හදන්න සූදානම් වෙලා සිටින විට ඔහුගේ හිත වෙනස් කරල ඒක කඩාකප්පල් කලේ නීල්ස් බෝර් කියල මතයක් තියනවා. ඒක හරිනම් ඔහු මිනිස් ජීවිත ලක්ෂ ගණනින් බේරාගත් වීරයෙක්. (හිට්ලර්ට ඕක හදන්න සියලුම සම්පත් තිබ්බ කියල ඔප්පු කරල තියනවා. නමුත් හයිසන්බර්ග් වැරදි ශක්‍යතා වාර්තාවක් දීලා ඒක වෙනස් කලා.)
අයින්ස්ටයින් ලෝකෙ බුද්ධිමත්ම මිනිසා කියල කියන්නේ යුදෙව්වො හදපු අමූලික බොරුවක්. පරමාණු බෝම්බෙන් වෙන දේ නිවැරදිව පුරෝකථනය කලේ බෝර් මිසක් අයින්ස්ටයින් නොවේ. බෝර් කිව්වේ හිට්ලර් පරද්දන්න පරමාණු බෝම්බෙ අවශ්‍ය නොවන බවත් ඉන් වෙනත් විනාශයක් වෙන බවත්. ලෝකෙ බුද්ධිමත්ම මිනිසා පරමාණු බෝම්බෙ හදන්න සල්ලි හිටන් දුන්නා.
Last edited: