බෝර් විසින්, පරමාණුවේ බෝර් ආකෘතිය විකාසය කෙරුණු අතර, එහිදී ඔහු යෝජනා කලේ, ඉලෙක්ට්‍රෝනයන්ගේ ශක්ති මට්ටම් විවික්ත වන අතර, පරමාණුක න්‍යෂ්ටිය වටා ස්ථායි කක්ෂයන්හී ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වන නමුදු, එක් ශක්ති මට්ටමක (හෝ කක්ෂයක) සිට අනෙකකට පැනීමට එයට හැකි බවයි. වෙනත් ආකෘති විසින්, බෝර් ආකෘතිය ප්‍රතිස්ථාපනය කර ඇති නමුදු, පාදකවු මූලධර්මය තවමත් වලංගුව පවතියි.
නීල්ස් හොන්රික් ඩේවිඩ් බෝර්, 1885 ඩෙන්මාර්ක් හි කෝපන් හෙගන් නගරයේ උපත ලැබීය . ඔහුගේ පියා කොපන්නේගන් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යා මහාචාර්යවරයකි. මව ඔලන් ඇල් නම් වූවාය. ඔහු උපාධි අපේක්ෂකයකු හා වෛද්‍ය ශිෂ්‍යයෙකු වශයෙන් කොපන්හෙගන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේය. 1911 දි ඔහු ආචාර්ය උපාධිය ලබාගත්තේය. මැන්චෙස්ටර් සරසවියේ අර්නස්ට් රදෆොඩ් ආකෘතිය ඔහු ප්‍රකාශ කළේය. නීල් බෝහර්හට දරුවන් හය දෙනෙකි. ඒ අතරින් දෙදෙනෙක් තරුණ කාලයේ මියගියහ. සෙසු ළමයි ජීවිත සාර්ථක කර ගත්හ. 1916 දි නීල් බෝහර් කොපනේනගන් සරසවියේ මහාචාර්යවරයෙකු බවට පත්විය. 1920 දි ඔහු සිද්ධාන්තමය භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක ධූරයට පත්විය. ඔහුට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමිවිය. මැක්ස්ප්ලෑන්ක් හා බොහර් ඉන්ස්ටීන් අතර බෝහර්ගේ සිද්ධාන්ත පිළිබඳ විවාද ඇතිවිය. 1943 දි ජර්මන් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීමට පෙර ඔහු ස්වීඩනයට ගියේය. අනතුරුව ලන්ඩනයට ගියේය.
ඇමරිකාවේ අතිශය රහසිගත පරීක්ෂණාගාරයක් වන ලොස් ඇල්මෝස්හි මෑන්හැට්න් ව්‍යාපෘතියේ ඔහු සේවය කළේය. ඔහුගේ කාර්යය වුයේ උපදේශනය සැපයීමයි. ඔහු පරමාණු පිළිබඳ සැළකිලිමත් විය. පරමාණු රහස් අන්තර් ජාතික විද්‍යාත්මක ප්‍රජාව අතර බෙදාගත යුතුය යන්න ඔහුගේ විශ්වාසය විය. ඔහු ඇමරිකානු ජනාධිපති ෆ්රැන්ක්ලින් රෝසවෙල්ට් හමු වී මෑන් හෑට්න් ව්‍යාපෘතිය රුසියානුවන් අතරේ බෙදාගත යුතු යැයි කියා සිටියේය. එහෙත් ජනාධිපති එය ප්‍රතික්ෂේප කළේය. 'කෝපන් හේගන්' සාමකාමී න්‍යෂ්ටික පරිභෝජනයට උපදෙස් දුන්නේය. ඔහුට ඩැනිෂ් රාජ්‍යයෙන් "order of the Elephant" සම්මානය පිරිනැමිණි.
Src-wikipedia