බැරෝමීටරය

Anteros

Member
Nov 22, 2009
933
288
0
ඔන්න කාලෙකින් නිවාඩුවක් කියල එකක් හම්බුනා එලකිරිය පැත්තේ ගොඩවෙන්න. ඉතින් නිකන්ම යන්නේ නැතුව හිතුවා ත්‍රෙඩ් එකක් දාලම යන්න. :) මේක පහුගිය දවස්වල මගේ විද්‍යුත් තැපෑලට ආව එකක්. ඒක විහිළුවක්ම පමනක් නොවන නිසා ඔයාල හැමෝටම බලන්න මේ ත්‍රෙඩයෙ ඒක දාන්නම්කෝ.

බලන කවුරු උනත් බම්ප් එකක් හෝ අදහසක් දාල යනවනම් ගොඩක් වටිනවා :) එතකොට හැමෝටම වගේ බලාගන්න පුළුවන්නේ. මොකද ත්‍රෙඩ් ගණන වැඩි නිසා ගොඩක් අයට ත්‍රෙඩ් මගහැරෙනවනේ ඉතින් කලින් දැකල තියෙන අය රීපෝස්ට් කියල කෑ ගහන්නැතුව බම්ප් එකක් දාල යන්න :)

හරි හරි වැල් වටාරම් වැඩක් නෑ කතාවට බහිමුකෝ කාලේ නාස්ති කරන්නැතුව. ආ සොරි වෙන්න ඕනේ තව පොඩි පැහැදිළි කිරීමක් කරන්න ඕනේ. නැත්නම් කතාවේ රසය එහෙම්පිටින්ම නැතුව යනවා. මම මුලින්ම මේකට දැම්ම නම මොකද්ද "බැරෝමීටරය"කියලා?? ඇත්තටම මොකද්ද මේ බැරෝමීටරය කියන්නේ?? (උසස්පෙළ විද්‍යා විෂයන් හදාරන අය දන්නැත්නම් අර මොකද්ද මඩු වළිගෙන්ද මොකෙන්ද එකෙන් ගහන්න ඕනේ:) ඔන්න අහගන්න බැරෝමීටරය කියන්නේ පීඩනය මනින්න උපයෝගී කරගන්නා උපකරණයක්. ඔය පහළින් තියෙන්නේ පින්තූරෙකුත්

precision_barometer.jpg


ඔන්න එහෙනම් කතාව පටන් ගන්න වෙලාව හරි හෙමීට පරිස්සමට කියවන්නකෝ....මම කතාවේ ඔරිජිනල් කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා කවුද කියනවනම් එයා "SCIENCE PROFESSOR" කෙනෙක්...

මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා...., අපේ CAMPUS එකේ PHYSICS PROFESSOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..

මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි මුළු ලකුණු ගණනම ඕනා කියල...
මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ....මම විබාගේ ප්‍රශ්නය කියෙව්වා...
ප්‍රශ්නය මෙහෙමයි .”බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?”

කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගට බැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”

ඉතින් LECTURER කියනවලු මේ උත්තරේට ලකුණු දෙන්නේ නෑ කියල.ඉතින් මේ කොල්ල පොඩි හර්තාල් එකක්....
මම ශිෂ්‍යයාට කිව්වා පිළිතුරේ සම්පුර්ණයි, පැහැදිලියි . නමුත් PHYSICS වලට අදාළ නෑ , පුලුවන්නම් PHYSICS වලින් උත්තරයක් දෙන්න, ලකුණු ඕනෙනම්. විනාඩි හයක් ඇතුලත . ඉතින් කොල්ලත් කැමති වෙලා , කොලයක් එහෙම අරගෙන ආපහු වැඩේට බැස්සා...

මගේ යාලු lecturer ත් පැත්තකින් ඉඳගෙන ඉන්නවා . විනාඩි පහක් ගියාම මම ඔලුව උස්සල බැලුව කොල්ල ලියන පාටක් නෑ .”දැන්වත් පිළිගන්නවද තමුන් වැරදියි කියල ?” මම ඇහුවා .එතකොට ඌ කියපි උත්තර ගණනාවක් තියනවා මම කල්පනා කරන්නේ මොකක්ද හොඳම එක කියලයි .එහෙම කියල මිනිහ ආපහු පටන් අර ගත්ත පාර ලියාගෙන ලියාගෙන ගිහින් කොහොමහරි විනාඩි හය ඇතුලත මට උත්තර කොලය අරන් ආව.මම කියවල බැලුවම මිනිහ ලියල ” බැරෝමීටරය රැගෙන බිල්ඩිම මුදුනට ගිහින් BAROMETER එක පොළොවට අත හරින්න. මෙහිදී BAROMETER එක පොලවට පතිත වෙන්නට ගතවෙන කාලය STOPWATCH එකකින් මැන ගන්න. ඉන් පසු ඒ දත්තයන් X=0.5*a t^2, සුත්‍රය භාවිතා කර බිල්ඩිමේ උස ගණනය කරන්න . මම උත්තරය කියවල මගේ මිත්‍ර lecturer ට දීල ඇහුව මොකද කියන්නේ කියල .මිත්‍රය කිසි කතාවක් නැතුව සම්පුර්ණ ලකුණු ගාණම දුන්නා . ප්‍රශ්නය විසඳුනා .ඔක්කොමල්ල හැපි...

මේ කතාවේ හොඳම හරිය එන්නේ දැන්....
දැන් ඉතින් ප්‍රශ්නේ විසඳුනා . මම වැඩය වගේ පිටත් වෙලා එන්න හදන කොට මට මතක් වුණා මේ හාදයා කිව්වා නේද තව උත්තර ගණනාවක් තියෙනවා කියල. ඉතින් මම පොඩ්ඩක් නැවතිලා කොල්ල ගෙන් ඇහුව ඒ ගැන.එතකොට මිනිහ කියනවා. ඔව් ඔව් තව ක්‍රමවල් ගොඩක් තියනෙවා....

“තව එක විදියක් තමයි අව්ව තියෙන දවසක බිල්ඩිමේ හෙවනැල්ල මැනල ඒ එක්කම barometer එකේ හෙවනැල්ලත් මැනල ඒ දත්ත දෙක සංසන්දනය කරලා උත්තරය හොයා ගන්න පුළුවන්.”
මම ඇහැව්වා තව මොනවද කියල.මිනිහ තව උත්තරයක් දෙනවා.

”barometer එක අරගෙන පඩිපෙළ දිගේ බිල්ඩිම උඩට නගින ගමන් අඩි කෝදුවක් වගේ BAROMETER එකෙන් මනින්න . මෙහෙම ගියාම අන්තිමේදී බිල්ඩිමේ උස BAROMETER ඒකක වලින් නිගමනය කරන්න පුළුවන්.ඒක බොහොම සරල විදියක් .
එකට වැඩිය සංකීර්ණ විසඳුමක් ඕනෙනම් barometer එක නුලක අගට ගැට ගහල ඒක pendulum(සරල අවලම්බයක්) එකක් වගේ පද්දන්න පොලොව මට්ටමෙන් සහ බිල්ඩිම මුදුනෙන් .මෙහිදී ගුරුත්වාකර්ෂණ අගයන් දෙකක් ලැබේවි . ඒ පොලොව මට්ටමේදී අගයයි බිල්ඩිම මුදුනේදී අගයයි . ඒ අගයන් දෙකේ වෙනස උපයෝගී කරගෙන බිල්ඩිමේ උස ( in principle ) හොයා ගන්න පුළුවන් .ඒ ආකාරයටම ආයෙත් BAROMETER එක ලනුවක ගැට ගස බිල්ඩිම මුදුනට ගිහින් ලනුව පොලවට කිට්ටුවට පාත් කර ආපහු පද්දල ඒ පැද්දෙන දුර period of precession අනුව යමින් නිසි උත්තරය හොයාගන්නත් පුළුවන් . ( *මගේ නම් මචන් PHYSICS අන්තිමයි. ඒ නිසා මේවා තේරුම් කරන්නනම් අහන්න එපා..)

මේ ඔක්කොම වලින් ලේසිම මමත් කැමතිම විදිය තමයි BAROMETER එක අරගෙන බිල්ඩිම නඩත්තු කරන සුපිරින්ටෙන්ඩන්ට් ගේ office ට ගිහින් දොරට තට්ටු කරන්න .මිනිහ දොර ඇරියම බොහොම ගරු සරු ඇතුව මිනිහට කතා කරල කියන්න “සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයෝ.මෙන්න ඔහෙට බොහොම වටිනා හොඳ BAROMETER එකක් ගෙනාවා . මේක අරගෙන . තරහ නොගෙන මේ බිල්ඩිමේ උස හරියටම කීයදැ කියල මට කියන්නකෝ.” මිනිහ උත්තරේ දෙයි පටස් ගාල...


ඔය වගේ ක්‍රම සහ විදි රාශියක් තියෙනවා BAROMETER එකක් උපයෝගී කරගෙන බිල්ඩිම්වල උස මනින්න, කියල කොල්ල දෙසා බැවා...

ඉතින් මේ විදියට මේ උත්තර ටික දීගෙන යනකොට මට වුනත් තේරෙනවා මූ මෝඩයෙක් නෙවෙයි කියල .මම ඒ පාර ඇහැව්වා තමුසේ ඇත්තටම හරි උත්තරේ දන්නේ නැතිද කියල...එතකොට ඌ කියපි අර lecturer බලාපොරොත්තු වෙන “නිවැරදි” උත්තරෙත් ඌ දන්නවා. හැබැයි ඌට එදා ඉඳන් අරහන් ඔය පොතේ හැටියටම ,සම්මතෙන් පිට නොගිහින්, උන් හිතන යල් පැන ගිය විදියටම අපිවත් යවන්න හදන ගුරුවරුන්ව . ඒකයි මෙහෙම කලේ කියලා....

මේ ගෝලයා ඇත්තටම පස්සේ කාලෙක ලොකු scientist කෙනෙක් වෙලා 1922 නොබෙල් තෑග්ගත් දින්නා....

මිනිහගේ නම Niel Bohr . කස්ටිය නම් දන්නවත් ඇති....ඔය පහළින් ඉන්නෙ යස අපූරුවට නළුව වගේ:lol:

1186.jpg



කොහොම හරි කතාවේ moral එක තමා

” බැහැ කියල දෙයක් නෑ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියනවා . ස්ටෑන්ඩර්ඩ් solution එක හරියන්නේ නැත්තන් තව තව ක්‍රම සහ විදි තියෙනවා.”

මතකනේ බම්ප් එකක් දාල යන්න :)
 

Anteros

Member
Nov 22, 2009
933
288
0
i thought this is a thread about barometers :P hehe
anyway thanks,, it's hard to think outside the box usually!

ඒක තමා එහෙම කරන් කීප දෙනා ලෝකය පුදුම කරන සොයාගැනීම් කරන්නේ :):)