බැලුම්ගලටත් නඩු
උඹලා මොනවා කිව්වත් මේවාගේ නියුස් දෙන්නේ lankaenews පමණයි
(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.30, ප.ව.7.30) කාන්තාවකට බලහත්කාරකම් කළ මෘගයෙක් වෙනුවෙන් ලංකාවේ කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශයට කාන්තාවක් විසින්ම පැමිණිලි කිරීමත් කාන්තා කාර්යාංශය එවන් පැමිණිල්ලක් බාර ගැනීමත් පිලිබඳ ඓතිහාසික සිද්ධියක් ඉන්දියන් සාගරයේ අමුතු ඇටය බවට පත්ව ඇති ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.
මෙවන් අප්‍රභංශ පැමිණිල්ලක් කර ඇත්තේ රාජපක්ෂලා වෙනුවෙන් කඩේ නොව සුපර් මාර්කට් වුනත් යන්න ලෑස්ති බව ප්‍රසිද්ධියේ කී නලාකාරිනියක් වන වසන්ති චතුරානි නම් නිළි පංචස්කන්ධයයි.
රාජපක්ෂවරුන්ට ගොට්ට අල්ලන බැවින් 'වසන්ති ගොටුරානි' ලෙස ජනතාව හඳුන්වන ඇය සිය පැමිණිල්ලෙන් චෝදනා කර ඇත්තේ වංචා අසාධාරණයන්ට එරෙහිව විශාල සීමා මධ්‍යයේ වුව ගරු කටයුතු වැඩ කොටසක් ඉටු කරන 'බැලූම්ගල' නම් ගුවන් විදුලි වැඩ සටහන ගෙන එන නෙත් එෆ් එම් ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසටය.
ජනාධිපති රාජපක්ෂගේ ලලිත කලා උපදේශක කන්ඩායමේ නිලධාරියෙක්ව සිට පසුව එළවා දමන ලද නමුත් තමා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙක් ලෙස පෙනී සිටිමින් චන්දි රණතුංග නම් තවත් නිලියකට බලහත්කාර කම් කළ සමන් දිසානායක නමැත්තාගේ මෘග ක්‍රියා හෙලිදරව් කරමින් බැලූම්ගල වැඩ සටහනක් පසුගියදා ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව වසන්ති ගොටුරානි බැලූම්ගල මාධ්‍යවේදීන්ට බැන වැදී ඇත්තේ මෘගයා සාධාරණය කරමිනි. මාධ්‍යවේදීන් හිරේ දමන බවටද වසන්ති ගොටුරානි තර්ජනය කර ඇත.
බලහත්කාරයට ලක්වූ චන්දි රණතුංගට නීතියේ ආරක්ෂාව නොලැබීම ගැන බැලූම්ගල මාධ්‍යවේදීන් කතා කරද්දී වසන්ති ගොටුරානි ස්ත්‍රී දූෂක සමන් දිසානායක වෙනුවෙන් කතා කරමින් බැලූම්ගලට එරෙහිව කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශයට පැමිණිලි කර තිබේ. පුදුමය නම් මෙවන් පැමිණිල්ලක් එම කාර්යාංශය බාර ගැනීමයි. කෙසේ වෙතත් ඊයේ පැමිණිල්ල ගැන විභාගයට බැලූම්ගල මාධ්‍යවේදීන්ට කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ඔවුන්ගේ නීතිඥයන් විසින් වෙනත් දිනයක් දෙන ලෙස ඉල්ලා තිබේ.
අසාධාරණයට ලක්වූ කාන්තාවක් වෙනුවෙන් කතා කළ මාධ්‍යවේදීන්ට එරෙහිව කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශය කටයුතු කිරීම මේ ග්‍රහලෝකයේ සිදුවූ අංක එකේ පුදුමය ලෙස වාර්තා ගත වනු නොඅනුමානය.
අවනීතියේ හිරිහැරයට ලක්ව සිටින මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සංවිධාන පෙනී සිටිය යුතුය.
පුදුමයි ඒත් ඇත්තයි.! බලහක්තාරයට ලක්වූ කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටි බැලූම්ගල මාධ්‍යවේදීන්ට එරෙහිව වසන්ති 'ගොටුරානි' නිළිය කාන්තා කාර්යාංශයට පැමිණිලි කරලා-----