බැලුම්ගලටත් නඩු

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    බැලුම්ගලටත් නඩු

    පුදුමයි ඒත් ඇත්තයි.! බලහක්තාරයට ලක්වූ කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටි බැලූම්ගල මාධ්‍යවේදීන්ට එරෙහිව වසන්ති 'ගොටුරානි' නිළිය කාන්තා කාර්යාංශයට පැමිණිලි කරලා-----

    උඹලා මොනවා කිව්වත් මේවාගේ නියුස් දෙන්නේ lankaenews පමණයි
    (ලංකා ඊ නිව්ස් -2014.අගෝ.30, ප.ව.7.30) කාන්තාවකට බලහත්කාරකම් කළ මෘගයෙක් වෙනුවෙන් ලංකාවේ කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශයට කාන්තාවක් විසින්ම පැමිණිලි කිරීමත් කාන්තා කාර්යාංශය එවන් පැමිණිල්ලක් බාර ගැනීමත් පිලිබඳ ඓතිහාසික සිද්ධියක් ඉන්දියන් සාගරයේ අමුතු ඇටය බවට පත්ව ඇති ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.

    මෙවන් අප්‍රභංශ පැමිණිල්ලක් කර ඇත්තේ රාජපක්ෂලා වෙනුවෙන් කඩේ නොව සුපර් මාර්කට් වුනත් යන්න ලෑස්ති බව ප්‍රසිද්ධියේ කී නලාකාරිනියක් වන වසන්ති චතුරානි නම් නිළි පංචස්කන්ධයයි.

    රාජපක්ෂවරුන්ට ගොට්ට අල්ලන බැවින් 'වසන්ති ගොටුරානි' ලෙස ජනතාව හඳුන්වන ඇය සිය පැමිණිල්ලෙන් චෝදනා කර ඇත්තේ වංචා අසාධාරණයන්ට එරෙහිව විශාල සීමා මධ්‍යයේ වුව ගරු කටයුතු වැඩ කොටසක් ඉටු කරන 'බැලූම්ගල' නම් ගුවන් විදුලි වැඩ සටහන ගෙන එන නෙත් එෆ් එම් ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසටය.

    ජනාධිපති රාජපක්ෂගේ ලලිත කලා උපදේශක කන්ඩායමේ නිලධාරියෙක්ව සිට පසුව එළවා දමන ලද නමුත් තමා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙක් ලෙස පෙනී සිටිමින් චන්දි රණතුංග නම් තවත් නිලියකට බලහත්කාර කම් කළ සමන් දිසානායක නමැත්තාගේ මෘග ක්‍රියා හෙලිදරව් කරමින් බැලූම්ගල වැඩ සටහනක් පසුගියදා ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව වසන්ති ගොටුරානි බැලූම්ගල මාධ්‍යවේදීන්ට බැන වැදී ඇත්තේ මෘගයා සාධාරණය කරමිනි. මාධ්‍යවේදීන් හිරේ දමන බවටද වසන්ති ගොටුරානි තර්ජනය කර ඇත.

    බලහත්කාරයට ලක්වූ චන්දි රණතුංගට නීතියේ ආරක්ෂාව නොලැබීම ගැන බැලූම්ගල මාධ්‍යවේදීන් කතා කරද්දී වසන්ති ගොටුරානි ස්ත්‍රී දූෂක සමන් දිසානායක වෙනුවෙන් කතා කරමින් බැලූම්ගලට එරෙහිව කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශයට පැමිණිලි කර තිබේ. පුදුමය නම් මෙවන් පැමිණිල්ලක් එම කාර්යාංශය බාර ගැනීමයි. කෙසේ වෙතත් ඊයේ පැමිණිල්ල ගැන විභාගයට බැලූම්ගල මාධ්‍යවේදීන්ට කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ඔවුන්ගේ නීතිඥයන් විසින් වෙනත් දිනයක් දෙන ලෙස ඉල්ලා තිබේ.

    අසාධාරණයට ලක්වූ කාන්තාවක් වෙනුවෙන් කතා කළ මාධ්‍යවේදීන්ට එරෙහිව කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශය කටයුතු කිරීම මේ ග්‍රහලෝකයේ සිදුවූ අංක එකේ පුදුමය ලෙස වාර්තා ගත වනු නොඅනුමානය.

    අවනීතියේ හිරිහැරයට ලක්ව සිටින මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සංවිධාන පෙනී සිටිය යුතුය.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Chandi Ranatunga niliyak newei ban,film director kenekge wife kenek :yes:
    mata mathaka na directorge nama,kollek,pora last year maruna :(

    නිළියක්වෙන්න රඟපාන්නම ඕනෙද​?
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    එයා මට කිව්වා කාර් ඇතුලේ එයාත් එක්ක ඉන්න ඕනේ කියලා - පැහැරගත් නිළි චන්දි කියන කතාව.
    Chandhi%2BRanathunga.jpg


    ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් දිසානායක මහතා ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ නිළිය සිය ජීප් රථයට බලෙන් ඇතුළුවී විවිධ තර්ජන කරමින් තමාට අමානුෂික ලෙස පහරදුන් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

    සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එනම් ඉහත කී ජනාධිපති ලේකම් වරයා වන සමන් දිසානායක ටෙලි අධ්‍යක්ෂ නාලකගේ බිරිද වන නිළි චන්දි රණතුංග සමඟ ලිංගිකව හැසිරිය යුතු බවට තර්ජනය කර ඇයට වද හිංසා පමුණවා තිබෙන බවයි.

    ඒ පිළිබඳව ඇය ඇඬු කඳුලින් පැවසූ කතාව පහතින්.

    "මගේ උඩ ඉන්නවා මංජුල සර් කියලා සර් කෙනෙක්. සහකාර අධ්‍යක්ෂ කෙනෙක්. මම එයත් එක්ක කතා කළා. මට මේ හිරිහැරයට උදව් කරන්න සර් කවුරුහරි ඉන්නවනම් මට පිළිසරණක් වෙන්න කියලා.

    මම අඬා අඬා කිව්වා. එයා ළගමයි හිටියේ. ඇයි එන්නේ මගේ ෆ්ලෝ එකටමනේ. ඒ හින්දා සර් ලඟම හිටියා. ඊට පස්සේ මම 4.16 අත්සන් කළා. අත්සන් කරල මම කිරුළපණ හරියට විතර යනකොට, මම
    ඉන්නේ හෝමාගම පැත්තේ පනාගොඩට යන්නේ. එනකොට මට කිරුළපනදී මෙයාගෙන් කෝල් එකක් ආවා සමන් දිසානායකගෙන්. මම ආන්ස්වර් කළා.

    කොහෙද ඉන්නෙ කියලා ඇහුවා. මම කිවුවා ඇයි අහන්නේ ඔයා ඊට පස්සේ එයා කිවුවා මැරුම් කන්නේ නැතිව කියපන් කියලා කිවුවා මට.

    ඊට පස්සේ මම කිවුවා නැහැ මම කියන්නේ නැහැ ඔයාට අවශ්‍ය නැහැනේ මම ඉන්න තැන දැනගන්න කියනකොට, බස් එකේ කොන්දොස්තර කිරුළපන, කිරුළපන කියලා කෑගැහුවා. එතකොට මම ටක්ගාලා කට්කලා.

    ඊට පස්සේ දිගටම කෝල් ආවා එයාගෙන්. ඊට පස්සෙ කොහොමහරි මම අලුත් පොතක් කරනවා නාට්‍ය කළාව ගැන. මම සිල්වර්රීඞ් එක ලඟ බැස්සා මහරගම. මම හීනෙකින්වත් හිතුවෙ නැහැ එයා එතන ඉදියි කියලා. බහිනකොට මම පෙන් එක හෙව්වා ජයන්ත සර්ගේ ෆොටෝ එක තියෙනවද කියල බලන්න බෑග් එකේ.

    බලන අතරෙ දී එකපාරටම මෙහෙම ඇද්දා මාව රතු පාට එයාගෙ වාහනේ බව මම දැනගත්තා. මම සිද්ධිය අවබෝධ කරගත්තා.

    එයා කාර් එකේ ඉස්සරහා පැසෙන්ජර් සීට් එක ලගින් මාව ඇදල ඇතුලට දාලා මගේ ඇග උඩින් එයි ඩ‍්‍රයවින් සීට් එකට පැනල දොරවල් වහලා ඔක්කොම ලොක්කලා. වෙනදනම් මට පුලුවන්කම තියෙනවා අතින් මෙහෙම ඇරගන්න. මම ඇරියා ඇරුන් නැහැ දොර. වෙන මොකක් හරි ක‍්‍රමයක් පාවිච්චි කරලා වෙන්න ඇති.

    ඊට පස්සේ දිගටම එයා එක්ක මම පොරබැදුවා වාහනෙන් පනින්න. මම දැගලුවා. එතකොට එයා මට ගැහුවා මගේ බෙල්ල මිරිකගෙන හිටියා. මගේ ඔළුව අල්ලලා කාර් එකේ ඉස්සරහ තියෙන්නෙ බෆර් එක වගේ ඞීවීඞී ප්ලේයර් එක අනංමනං තියෙන තැන ඔළුවා ගැහුවා හප්පලා මේ තුවාල ඔක්කොම.

    ඊට පස්සේ මට කිව්වා තෝව අද ඉවරයක් කරනවා තොගේ මහන්තත්තකම වැඩියි තෝ යකෝ වෙන මිනිහෙක් කසාද බදින්නද හදන්නේ එහෙම කියලා පිස්තෝලයක් තියෙනවා කියලා ඩිකියෙන් ගන්න ගියා.

    එතකොට මට සිහිසන් නෑ. මම හයියෙන් දගලලා කෑගැහුවා. ඩිකිය අරිනකොට පිටිපස්සේ මිනිස්සුන්ට පේනවනේ. කෑ ගහනකොටම එයා ටග්ගාලා මොකක්හරි අරගෙන ආවා. මම දැක්කෙ නැහැ මොකක්ද කියලා. පිස්තෝලයක්ද කියලා දැක්කෙ නැහැ.

    ඒ වෙන්නත් ඇති. ඊට පස්සේ එයා කාර් එකේ යතුරෙන් මට ඇන්නා. ඊට පස්සේ මට නිකන් විකාර වෙලා වගේ. මගේ බෙල්ල මිරිකගෙන ටිකක් වෙලා හිටියා. මිනිස්සු ඈතට වෙලා බලාගෙන හිටියා කවුරුත් ආවේ නැහැ ළඟට.

    එයා මිනිස්සුන්ට තර්ජනය කලා වෙන්න ඕනේ. එන්න එපා මේ අපේ ප‍්‍රශ්නයක් වගේ. ඊට පස්සේ මෙයා වාහනේ ස්ටාර්ට් කරගෙන ගියා මගේ බෙල්ල අර මැද තියෙන පෙට්ටියට හිරකරගෙන කොන්ඩෙන් අල්ලගෙන. වැලමිටෙන් ගගහ තනි අතින් ඩ‍්‍රයිව් කරගෙන ගියා.

    ගිහිල්ලා ඉවරවෙලා ටික දුරක් ගිහිල්ලා අයෙත් මෙයා මට ගහනවා. ඊටපස්සේ කොහොමහරි මාදිවෙල හරියට විතර ඇවිල්ලා මෙයා මට කිව්වා උඹ අද මාත් එක්ක යන්න එන්න ඕනේ. මම මගේ ළමයි දෙන්නා දාල එනවා උඹත් උඹේ ළමයා තියලා එන්න ඔනේ කියලා මට කිව්වා.

    මම කිව්වා ඔයා ඔයාගේ ළමයි දෙන්නා තියලා එන්නේ ඒ ළමයින්ගේ අම්මා ළඟ. මට ඉන්නේ මගේ දරුවට තාත්තත් නෑ මමයි මගේ දරුවගේ අම්මා මට ඒක කවදාවත් කරන්න බැහැ කියලා.

    මැරුනත් මම ඒක කරන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ එයා ආයෙත් මගේ මූණට ගැහුවා, පිටට, තැන් තැන්වලට ගැහුවා. මාව හිරකරගෙන කිව්වා අද මම තෝව මරනවාමයි කියලා. උඹ මට නැතිවුනොත් මරනවා කියලා.

    එහෙමම ආව දිගටම කොහොම හරි මම වාහනෙන් පනින්න හදනවා පොරේ යනවා. දැන් එතකොට හවස් වෙලා ඇ`දිරි වැටීගෙන එන වෙලාවේ. අකුරේගොඩ පාරට හරවනකොටම වම්පැත්තේ තියෙනවා දේවා කියලා තැනක්. ගෙස්ට් හවුස් එකක්.

    මෙයා කිව්වා අද ඉදන් උඹ මාත් එක්ක ඉන්න ඕනේ. අර රොජර් අයියලාගේ ගෙවල් තියෙන පාරේ කෙලවරේම තියෙනවා වෙල්යායත් එක්ක. ඒ ඇතුළටමත් දැම්මා ඒ මිනිස්සු සාක්ෂි දරාවි වාහනේ ආපු බවට.

    මම ඊට පස්සේ එයාගේ බෙල්ලෙ එල්ලිලා කෑගැහුවා බහින්න බෑ කියලා මට. මේක නතර කරන්න මොනවහරි දෙයක් මම කරන්න ඕන නිසා. ඊට පස්සේ ආයෙත් එයි ආපු පාරේම වාහනේ රිවස් කරගෙන ඇවිල්ලා ආයි පාලු තැනක මෙයා නතර කළා.

    නතර කරලා එයා මට කිව්වා වාහනේ ඇතුලේ එයාත් එක්ක ඉන්න ඕනේ කියලා. මම ඊට පස්සේ දැගලුවා. පොරකෑවා මට ඉන්න බෑ කියලා. එතෙනදි යමන් අද උඹ දෙන්නේ කාටද කියලා බලාපන් මරනවා උඹ අද උඹේ ජීවිතේ ඉවරයි එහෙම කියනකොට මම ගොඩාක් බයවුනා.

    මම බේරෙන්න උත්සාහ කළා. ඒ උත්සාහ කරද්දි එයා මගේ ඔලුව හප්පලා, මට ගහලා, ඔක්කොම කරලා ඉවරවෙලා මාව එලියට ඇදලා දාන්න හැදුවා. ඇදලා දාලා එයා වාහනේ වේගෙන් යන්න තමයි හැදුවේ.

    මම එතකොටම මොකක් හරි කූරක් මම හිතන්නේ සිග්නල් දාන එක වෙන්න ඕනේ එකේ මම එල්ලුනා. ඒකේ එල්ලුන නිසා මාව එලියට වැටුනේ නැහැ. මට ඒ එක්කම සිහි නැතිවුනා. බලන් ඉදපු අය කිවුවා මගේ බෙල්ල එළියට වැටිලා තියෙද්දී එයා හයියෙන් දොර වැහුවා කියලා.

    ඉතින් ඔලුව අහුවුනා කියලා. මම දන්නේ නෑ කොච්චර වෙලාවක් සිහි නැතිව තිබුනද කියලා. ඒ අතරෙ මෙයා මිරිහාන පොලිසියට ගිහිල්ලා. මම පාරේ. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ල තමයි ගොඩාක් මිනිස්සු.

    මට සිහිය එනකොට ලස්සන ගෑනු ළමයෙක් හිටියා මගේ ඉස්සරහ. අක්කි ඔයාට මොකද වුනේ ඔයා හරිද එහෙම කියලා මගෙන් ඇහුවා. ඊටපස්සෙ කොහොම හරි 119 ගහලා කට්ටිය. එතනට පොලිසියෙන් ආවා. මම කට උත්තරයකුත් දුන්නා එයාලට.

    නමුත් ඒගොල්ලො වාහනෙට නැග්ගෙ කරේ මොකුත් නැහැ. සීට් එක කඩලා මාව පොඞ්ඩක් රිලැක්ස් කලා. එතකොටම ඒගොල්ලො මට කිව්වා පොලිසියට යමු කියලා මම කිව්වා මට පොඩ්ඩක් ඉන්න දෙන්න මට බහින්නවත් බෑ වාහනෙන් මට කතාකරන්නවත් බැරුවයි තිබුනේ ඒ වෙලාවේ.

    චුට්ට චුට්ට මම ඉඟිකළා එගොල්ලන්ට. ඊට පස්සේ මිනිස්සු කිව්වා මේ ළමයා මරන්නයි හැදුවේ මුගේ වාහනේ කුඩු කරපන් එහෙම කියලා ගමේ මිනිස්සු, අර සිකුරිටිලා එහෙමත් හිටියා ඒගොල්ලො උත්සාහ කලා. මම ඊටපස්සේ අතින් සංඥා කළා එපා කියලා.

    ඊට පස්සේ කොහොමහරි මගේ අදුරන මල්ලි කෙනෙක් ඉන්නවා තී‍්‍රවිල් එකක මම ඒ මල්ලිට කතා කළා. එන්න මල්ලි ඉක්මනට කියලා. මම කිව්වා පොලිසියට ඒ මල්ලිත් එක්ක එන්නම් කියලා කිව්වා. එතකොට පරන පෙන්ෂන් ගිය සාජන් කෙනෙක් හිටියා ලේඩි කෙනෙක්.

    එයා කිව්වා ඔය මිනිහගේ වාහනේ මම අදුරනවා මේ මිනිහා ඉන්නේ මේ බටපොත පාරේ බුදුපිළිමේ ඉස්සරහා, ඌ කසාද බැදලා ඉන්නේ ටීචර් කෙනෙක්. එහෙම කියලා අර පොලිසියෙ කට්ටිය ඒ ගෙදරට එක්කන් ගියා.

    ඊට පස්සේ වෙච්ච දෙයක් මම දන්නේ නැහැ. ඊට පස්සේ කොහොමහරි මගේ මල්ලි එනවත් එක්කම තමයි මිරිහාන පොලිසියෙන් අර කට්ටිය අරගෙන ඇවිල්ලා තිබුනේ. ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා. මට එච්චරම පේන්නෙත් නැහැ බොහොම අදුරු තැනක් එතන. කලුවරයි.

    කට්ටියක් පිටිපස්සෙන් ඇවිල්ලා මාව හිරකර ගත්තා. මම හිතුවා මාව මරන්න ගෙනියන්නයි හදන්නේ කියලා. මම අත් හපලා ඒගොල්ලන්ගේ මම බේරෙන්න උත්සහ කළා. බේරෙන්න උත්සාහ කළාම ඒ ඇවිල්ලා තියෙන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන් තුන්දෙනෙක්ලු මම දන්නේ නැහැ ඒක. ඒගොල්ලො හිටියේ සිවිල් පිට.

    මම දැක්කේ පිිරිමි අය අදින ටීෂර්ට් එකකුයි ඩෙනිම් කලිසමකුයි විතරයි. කාන්තාවක් අදින ඇදුමක්වත් නෙමෙයි මම දැක්කේ. ඉතින් මම දන්නෑ මම හිතුවේ මරන්න ගෙනියන්නේ කියලා. මගේ මහත්තයාගේ ප‍්‍රශ්නෙත් ඔළුවේ තියෙනවනේ.

    මම හිතුවේ සමන් දිසානායක ඔත්තුවක් දීලා කියලා. ඊට පස්සේ කොහොමහරි පොලිස් නිලධාරීන් එනවා දැක්කා ඉස්සරහින් එතකොට මම රිලැක්ස් වෙලා ඉස්සරහට ගියා. ඒත් එක්කම අංක ***** දරණ පොලිස් නිලධාරියා මම මෙහෙම වාහනේට නගින්න හදනකොටම මගේ පස්ස පැත්ත ප‍්‍රදේශයේ හරි මැදටම සපත්තු පාරක් ගැහුවා හයියෙන්.

    මම කෑගහගෙන වාහනේට නගින්න ගිය මම බිමටම වැටුනා. ඊට පස්සේ අර නිලධාරීන් තුන්දෙනාමත්, පොලිස් නිලධාරීන් ඔක්කොමත් වාහනේ ඇතුලෙදි දිගටම මට පහරදුන්නා. මගේ පිටට, පස්සට ඇදලා ඇදලා ගහගෙන ගහගෙන ගියා.

    මම ඇහුවා ඇයි මෙහෙම කරන්නේ මම නගින්න බැහැ කිව්වද මොකක්ද ප‍්‍රශ්නෙ කියලා. මම ආවේ මට පිළිසරණක් පතාගෙන, ඇයි මෙහෙම කරන්නේ කියලා මම ඇහුවා ඊට පස්සේ ඒගොල්ලො ගැහිල්ල නතර කළා. මම දෙවියන්ටම කිව්වා. මේක හොදක් වෙන්නේ නැහැ නීතියෙන් මට පිළිසරණක් ලැබෙන්නේ නෑ එහෙම කියලා කිව්වා.

    ඊට පස්සේ ඒගොල්ලො මාව පොලිසියට අරන් ගියා. ඕ.අයි.සී. මහත්තයා ලගට එනකොට සුදත් තිලකසිරි කියන පුද්ගලයා වසන්ති චතුරාණි මොකද එයලා කලා සංගමයක් පිහිටුවාගෙන ඉන්නවනේ සමන් දිසානායක එයාට පක්ෂව ඔක්කොම නීලා වික‍්‍රමසිංහ, මැර පිරිස්ද ඔක්කොම සල්ලි වියදම් කරන කට්ටියද ඔක්කෝම එළියෙ ඉන්නවා මම දැක්කා.

    මා වෙනුවෙන් කවුරුවත් හිටියේ නැහැ. මම ඕ.අයි.සී. මහත්තයා ළගට ගිහිල්ලා අත්දෙක එකතු කරලා කිව්වා මට උදව් කරන්න මම තනියමයි ඇවිල්ලා ඉන්නේ මට අයුක්තියක් අසාධාරණයක් කරන්න එපා කියලා මම වැන්දා.

    එතකොට එයා කිවුවා බැහැපිය එළියට කියලා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා එතන. එහෙම කරන්න එපා මම වැරැද්දක් කරේ නෑ. මේ පුද්ගලයා මට දිගටම හිරිහැර කරනවා ලිංගික අතවර කරනවා. මා එක්ක ඉන්න ඕනේ කියනවා. බොහොම අමානුෂික ලිංගික හැසිරීම් මගෙන් අපේක්ෂා කරනවා.

    ඒ එකක්වත් ගනන් ගත්තේ නැහැ. එයා කිව්වා දානවා මෙයාව කූඩුවට. ඊට පස්සේ පොලිසියේ එක්කෙනක් ඇදගෙන ගිහිල්ලා මාව දැම්මා කූඩුවට. මම කියන කිසිම දේකට කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ.

    අරගොල්ලෝ ඒ වෙනකොට මාව හිරකරන්න පුලුවන් මට්ටමකට අරගොල්ලන්ගේ මනස් වෙනස් කරලයි තිබුනේ. අන්තිමට ඒගොල්ලො පොලිස් නිලධාරිනියන්ගේ ඇඟිල්ල හැපුවා කියන කාරණාව මත තමයි මාව උසාවි දැම්මේ. පෞද්ගලික කාරණා අපට වැඩක් නැහැ කිව්වා.

    මම කිව්වහම මෙයා මට ලිංගික අතවර කරනවා, සර් මම පුදුම පීඩනයකින් ඉන්නේ අවුරුදු තුනක් තිස්සේ. අපිට වැඩක් නැහැ ඔය පෞද්ගලික කාරණා කියලා කිව්වා. එතකොට අර සමන් දිසානායක කියන පුද්ගලයාට යුක්තිය ඉෂ්ඨ කළා. මගේ පැත්තට ආවේ නැහැ. ඒක තමයි කතාව."




    Source:-http://www.hotandfastnews.com/2014/08/blog-post_61.html
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    "කොහොමත් අපි ඇඩ් ගන්නකොට හොදට හොයල බලල" කියලා පුරසාරම් දොඩපු නෙත් එෆ්එම් කාරයෝ ඔන්න තාමත් ඇමසන් ලංකා එකේ ඇඩ් දානවා. උන්ට කෝල් කරල කිව්වත් වැඩක් නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1628678
    ඔය තියන්නේ මම දාපු ත්‍රෙඩ් එකක මම උන්ට කෝල් කරලත් කිව්වා උන් මහ ලොකුවට ස්තූතී නම් කියනවා. උංගෙ චැනල් එකේ යන ඇඩ් උං දන්නෙ නෑ. :angry::angry::angry::angry::angry: