බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම නම් ධර්මයෙන් ලද අවබෝධයට අනුව තමයි මගේ ළමයින්ව හදන්නේ, එයාලට උපදෙස් දෙන්නේ. ලෝකයෙන් නම් ධර්මයට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ!! බොහොම අහම්බෙන් කෙනෙක් තමයි ධර්මය දකින්නේ... මේ ළමයිනුත් ධර්මය අත ළඟටම ලැබෙන්න පින් කරලා ආපු අය. ඒත් අතට හම්බවෙච්ච දේ කටට දාගන්න ලැබෙයිද කියලවත් sure එකක් නැති ලෝකේ, උන් සුරක්ෂිතයි කියල මට කොහෙත්ම සෑහීමකට පත්වෙන්න බැහැ තාම. බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම උන්ව සොතාපත්ති ඵලයෙහි පිහිටුවන්න වත් ලැබුණොත් තමයි මං උන්ට මගේ යුතුකම, වගකීම ඉටුකලා කියල සැහීමකට පත්වෙන්න පුළුවන්!! කාලයෙන් අවසර ලැබුණොත් උන්දෙන්නව මේ ආත්මෙන්ම සර්ව සම්පූර්ණ කරලා දෙන්න try එකේ ඉන්න ගමන් ඒ වෙනුවෙන්, මේ වෙනකොටත් ගොඩක් දේවල් උන්ට කියල දීල තියෙන්නේ. 'මං කියල කෙනෙක් නැහැනේ...' කියන එක දැනටම උන්ට හුරුයි... ඒත් ඒක කරුණු කාරණා හොඳටම දැන අවබෝධ කරගෙන, පැහැදිලිවම දකින්න උන්ට තව කල් යාවි. සෙල්ලම් වයසේ පුංචි ළමයි නේ... ළමයි ළමයි කතා උනත් ධර්මාවබෝධයකට හේතුවෙන කතා උන් අතරේ වෙන්නේ නැහැ! අනික් මොකා එක්ක කතාකලත් උන්ට යහපතක් වෙයි කියල හිතන්න පුළුවන්, ධර්මය දැක්ක කවුරුවත් ඇත්තෙත් නැහැ. (අනෙක් අයටත් ධර්මය කියන්න, පෙන්වල දෙන්න බැලුව... හරියන්නේ නැහැ! හුඟක් අය 'බක' කට්ටිය! කතාකරන්න, කියල දෙන්න බැහැ... උන් 'ඔක්කොම දන්නවා'. කරන කියන දේවල් ඇහෙනකොට, දකිනකොට තමයි තේරෙන්නේ කට්ටිය 'නාගෙන' තියන තරම, ඉන්නේ කොහෙද / යන්නේ කොහෙද කියන බව!) නිකම් හිස් මිනිස්සු එක්ක කතා කරන්න යාමත් ලොකු විනාසයක්! 'අසේවනාච බාලානං...' කිව්වේ ඒකනේ! වැරදි අදහස් දාල ඔළුගෙඩි කුරෝලු කලොත්?? ඉතින් මෙන්න මේවා තමයි මටනම් ඉතුරුවෙලා තියන ප්‍රශ්ණ!! බලන්න ඕනේ කාලයත් එක්කම වෙන්නේ මොකද කියල.

    මේ කරුණු කිව්වේ හැමෝටම ආදර්ශයට ගන්න. ධර්මය ලැබෙනකම් අපටත් මේවා මේ විදියට පෙනුනේ නැහැ! පෙනෙන්න ගත්තයින් පස්සේ තමයි අනතුර කොච්චරද කියල තේරුණේ. උපකාරයක් හැටියට කරන්න පුළුවන් නැවත නැවතත් කියල හැමෝටම ඇත්ත පෙන්වල දෙන්න උත්සහයක් දරණ එක විතරයි! නොදැන හිටිය කලේ ඔහේ යන්නන් වාලේ ගියාට මේවා අහන්න දැනගන්න ලැබුණායින් පස්සෙත් එහෙම ගොන් විදියටම වැඩ කරගෙන යන්න එපා!! කාට කාටත් ලොකු risk එකක් තියෙන්නේ... පුළුවන් ඉක්මනින් ආරක්ෂාවට කටයුතු සම්පාදනය කරගන්න!! 'අප්පමාදේන සම්පාදේත!!'
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ වැඩේ අගය කරන උදවිය චුට්ටක් මේක up කරලා තියාගන්න පුලුවන්ද බලන්න. එහෙම උනොත් තව තව උදවිය බලාවි නේ... දැන් දැන් හුඟක් අය ධර්මය කතා වෙනවා... හැබැයි වාද විවාද, තම තමන්ට හිතෙන හිතෙන විදියට විග්‍රහ කරපු, විවේචනය කරපු posts කියවල නම් පලක් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි! තමන්ගේ අවබෝධය සම්පූර්ණ වෙච්ච කෙනෙකුගෙන් ප්‍රයෝජනයක් වෙන්නේ ඒක නිසයි!! ඉස්සර රහතුන් වහන්සේලා ගොඩාක් වැඩසිටිය කාලේ හුඟ දෙනෙක් මාර්ගඵල ලැබුවේ ඒකයි!! මෑතක් වෙනකම් බුද්ධ සාසනය 'දියාරු වෙලා' ගිහින් තිබුනේ 'කතා කාරයෝ' මිසක් 'වැඩ කාරයෝ' නැතිවෙච්ච හන්දයි! ඉතින් මේ සුළු කාලයකට ධර්මය බබලන්න පටන් අරන් තියෙන වෙලාවේ, පුළුවන් තරම් පිරිසක් මාර්ගඵල ලබල, (මම නම් කැමති අනාගාමී තත්වයෙන් ඉහලට විතරයි!! මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම!!!) පිරිසුදු බුද්ධ ධර්මයම නිවැරදිව කතාබස් කරන්න ගත්තොත් මේ ලැබිච්ච පිළිසරණය තව බොහෝ කලක් යනකම් ලෝකයේ බබලාවී!! තව බොහෝ පිරිසකට සෙත සැලසේවි!!!

    මෙන්න මේ http://www.elakiri.com/forum/showthread.php?t=1085741 post එකෙන් Rajitha Viduransi කියල කෙනෙක්ව දැනගන්න ලැබුණ! ෂාහ්! කියල වැඩක් නැහැ!! අන්න ආශ්‍රයට සුදුසු මිනිස්සු!!!
    (මේකි නම් කෙල්ලක්ද කොහෙද, ඒත් අඳුනගන්න බලන්න ඕනේ...) මේ පිස්සු සමාජයේ වැඩිහරියක් එවුන්ගේ වැඩ අහල, දැකල හෙම්බත් උනාම ඒ වගේ උදවිය දකින එකත් ලොකු සැනසීමක්...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද වැඩිය මේ පැත්තේ ගැවසෙන්න බැරිඋන... හැබැයි මම හිතුව කට්ටිය මේක උස්සල තියල ඇති කියල! අම්මේ... නියම response එකක් ලැබිල... කොච්චරද කියනවනම්, තිබ්බ තැනක් වත් හොයාගන්න නැහැ!!:lol: ෂෝක්. මේ... ඒක නෙවෙයි, Rajitha ලමයව contact කළා. හොඳ ප්‍රතිචාරයකුත් ලැබුණ. අනේ... ඒත් එයා මාව දැකල තියෙන්නේ තිත්ත කළුවට!!! ඇයි කියල ඇහුව... තාම පිළිතුරු ලැබුණේ නැහැ... බලන්න ඕනේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රජිතා ලමයගෙත් එක්ක කතා කරලා, බැඳීම ඇතිකරගැනීම දුකට හේතුවක් කියන එක පසක් උනා! මම කලින්ම තීරණය කරපු විදිය, 'අලුතෙන් යාලු මිත්‍රකම් මොකවත් ඇතිකර නොගැනීම' හරි කියල හිතුන. මමම ඒ ළමය ගැන හොඳයි කියල කිව්ව නිසා මේක ලියනවා මිසක් නැත්නම් මේ කිසි වැඩකට නැති කතාවක්... මට ඒ කෙටි ආශ්‍රය දැනුනේ දිවකුයි, හැන්දකුයි අතරේ සංවාදයක් වගෙයි!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ ධර්මය අවබෝධ කරන්න නම් 'දිව' වගේ කෙනෙක් වෙන්න ඕනේ, 'හැන්දක්' වගේ උනොත් හරියන්නේ නැහැ කියලයි. හැන්දක් හොද්දක දාල දවසක් තිබ්බත් හැන්දට හොද්දේ රසයක් තේරෙන්නේ නැහැ... දිවකටයි හොද්දේ රසය දැනගන්න පුළුවන් වෙන්නේ. හැන්ද හොඳයි අනික් අයට! මොකද 'හැන්දෙන්' අනික් අයට හොදි බෙදන්න පුළුවන්! ඒත් 'හැන්දට' ? හුඟ දෙනෙක් කරන්නේ වෙරල සීමාවේ පීන පීන ඉන්නවා වගේ දෙයක්, දැනගන්න ලැබුණු ගොඩ දෙනෙක් ගැඹුරු මුහුදේ කිමිදෙන්න තියා හිතලවත් නැහැ... මේ කෙනා කොහොම කෙනෙක්ද? කොහොම අවබෝධයක් තියන කෙනෙක්ද? කියල දන්නේ නැහැ. ඒත් එයා කියනව මම දුගති ගාමියි! මම අපායේ යනවා!! කියල... හේතුත් පෙන්නලා දුන්න. ලොකු 'කොස්සක්' !! (මම හිතන්නේ ඒක එහෙමම වෙයි! ඇයි එයා බොහොම පැහැදිලිවම, ස්ථිරවම කියනවනේ...) මේක මාත් එක්ක 'මලෙන්' ඉන්න උදවියට නම් නෙත පිනායන, කණ පිනායන, ප්‍රීතිය දනවන කතාවක් වෙයි කියල හිතෙනවා! ඒත් මම අදහාගත්තු බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට නම් ගැලපෙන්නේ නැහැ!!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ හේතුඵල සම්බන්ධයක් නිසා සංසාර ගමන සිද්ධවෙනවා මිස කාගෙවත් උවමනාවට, කවුරුවත් කියන හන්දා සංසාර ගමන සිදුවෙනවා නොවේ කියලනේ... ඉතින් නිෂ්ඵල දේවල් වලින් ප්‍රතිඵලයක් නැහැ! අපි තනි තනියෙන් යන ගමනක් නේ... තම තමන් ගැන බලාගන්න!!!
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    මට ගොඩාක් ඉස්සර ඉඳල හිතිච්ච දෙයක් තමයි අපි ඉපදිලා තියෙන්නේ ලෝ;කයේ හොඳම කාලෙකය කියන එක. හැබැයි එහෙම හිතුවේ මහා ලොකු දෙයක් දැනගෙන නෙවෙයි... පොඩි කාලේ ඉඳලම මං ඔය එක එක electronics gajematic පිස්සෙක්! ඉතින් අපට කියල මොකුත්ම නැතිඋනත් මට නම්, මුල්ම කාලේ තිබිච්ච gramophone, magnetic tape spools, 8 track audio cassettes ඉඳල දැන් තියන dvd, mp3 වගේ latest audio devices වෙනකන්ම අහන්න/දකින්න, අතපත ගාන්න, කූරුගාන්න ලැබුණ! ආයේ valve යුගයේ ඉඳල දැන් තියන advanced electronics items වෙනකන්ම ගොඩක් ඒවා දැකල, අතපත ගාල බලනත් ලැබුණ... ඉතින් හරි kick! ඇත්තටම බැලුවම දියුණුම කියල කියන්න පුළුවන් කාලයක් නේ මේක. ඉතින් lucky නැද්ද එහෙම කාලෙක ඉපදිච්ච එක? අපේ ආච්චිලා සීයල mobile phones අනං මනං දැකලවත් තිබුනේ නැහැ නේ... ඒත් දැන් බලාගෙන යනකොට තව අපි හිතුවේ වත් නැති 'ලොකූ වාසනාවකුත්' ඉස්සරහට එනවා... දන්නවද?? ඔය මෙච්චරට දියුණු වෙච්ච ලෝකේ, කට්ටියත් එක්කම ඉවරයක් වෙන්න යනවයි කියන එක! බය හිතෙන්නේ නැද්ද ඉතින්? සුනාමිය උනත් කවුරුවත් නොහිතපු, නොපිලිගත්තු කතාවක්! ඒත් උනා නේ... හැබැයි එච්චර මහා විනාශයක් කරගෙන ගියපු මහා ජල කඳ එක චුටි බුදුපිලිමයකට වත් අංශු මාත්‍රයකින් වත් හානියක් කලේ නැති එකේ නම් හිතන්න ගොඩක් දේවල් තියනවා... කොහොම හරි, ඔය සුනාමි, භූමිකම්පා, ලැව්ගිනි වගේ 'කස කාරයෝ' ඉස්සර කරගෙන මේ එන 'පෙරහැර' ලොකු ලොකු උදවිය පිළිගන්නවද, විශ්වාසකරනවද කියන එක care කරන එකක් නැහැ!! ඔහේ යන විදියටම යාවි කියල තමයි මට නම් හැඟෙන්නේ.

    මීට අවුරුදු කිහිපයකට කලින් නේ මේ 2012 කතාන්දරය ටිකෙන් ටික මිනිස්සු අතරේ කතාවෙන්න ගත්තේ. (හැබැයි අද වෙනකන්ම මොකවත්ම නොදන්නා ඔහේ කකා බිබී ඉන්න අයත් ඇති). මාත් ඔය විස්තර දැනගන්න ලැබුනම කාලයක් net එක පීරුව! මම දැකපු, අහපු දේවල් වලින් අන්තිමට මමම තීරණය කළා 'බඩු' sure ම තමයි කියල! මොකද පදනම් කරගත්තු සේරම වගේ පිළිගත හැකි සාක්ෂිත් එක්කල තමයි ඉදිරිපත් කරලා තිබුනේ... මට නම් කල්පනා කිරීමේ හැකියාව, imagination ටිප් ටොප් එකටම තියන නිසා කරුණු අහන්න, දැනගන්න ලැබෙනකොට 465;ස්සරහ 'පේන්න' ගත්ත! මයිල් කෙලින් උනා!! ඒත් ඉතින් මොනවා කරන්නද කියල අල්ලලා දාල නිකම් හිටිය... වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්නවා ඇරෙන්න ඇත්තටම මොනවා කරන්නද? ඔය දේවලුත් හිතේ තියන් ඉන්දැද්දී පස්සෙ පස්සෙ තමයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න, කියවන්න අවස්ථාව ලැබුණේ. අන්තිමේ ඉතින් එකසිය ගනනට වැඩේ නැගල ගියා! කාලයක් යද්දී, බුදුරජාණන්වහන්සේ අපේ සංසාර ගමන ගැන තෝරලා දුන්න කතන්දරේ තේරෙනකොට, විශ්වයේ විස්තර තෝරලා කියාදීපු දේවල් තේරෙනකොට 2012 නිකම් joke එකක් වගේ උනා!! මොකද මෙහෙම හිතන්න, කල්පණා කරන්න හැකියාව තියන මනුස්සයෙක් හැටියට ඉපදෙන්න ලැබුණු මේ වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබුණ කියන්නේ මම මුලින්ම හිටපු මතයේ, 'අපි ඉපදුනේ හොඳම කාලයකය කියන එකෙ'ත් හොඳම එක! උපරිම වාසනාවන්ත කාලෙක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ. electronic gajets කූරුගාන්න හම්බ වෙච්ච එකේ නෙවෙයි... පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු එකේ තමයි වාසනාව ඇත්තටම රැඳිලා තිබුනේ!!

    බුද්ධ දේශනාවලට අනුව අපි මේ මැරි මැරී ඉපදී ඉපදී ඇවිත් තියෙන්නේ බුදුහාමුදුරුවොන්ට වත් පේන්නේ නැති තරම් දීර්ඝ කාලෙක ඉඳල... ඉතින් මේ වෙනකොට ලෝක විනාස කීයකට අපි අහුවෙලා ඇතිද?? 2012 ලෝක විනාසේ සිද්ධ උනත් නැතත්, ඉවරයක් නැතුව මැරෙන්න වෙලා තියන එකෙන් ගැලවෙන එක තමයි අපිට නම් මූලික අවශ්‍යතාවය හැටියට පෙනිච්ච එකම දෙය, බුද්ධ දේශනා ඇහුවාම!! ඉතින් අපි ඊට අවශ්‍ය විදියට කටයුතු කරන්න ගත්ත අනික් සේරම දෙවනියට දාල. දැන් අපිට නම් ඉතින් ලෝකේ විනාස උනත් එකයි... නැතත් එකයි. ලෝකේ විනාස වෙනවද නැද්ද කියන එක හරියටම කියන්නත් අපිට බැහැ... විනාස වෙනවනම් ඒකට අපිට කරන්න දේකුත් නැහැ!! ඒත් අපිට අපි අපි වෙනුවෙන් කරගන්න දේවල් ගොඩක් තියනවා... කරගත්තොත් ආයේ ඉතින් වෙන වෙන විකාර හිතන්න ඕනේ වෙන්නෙත් නැහැ! දන්න දන්න හැමෝටම මේවා ගැන කිව්වේ සැහෙන කාලෙක ඉඳල. අහන පිළිගන්න අය අවශ්‍ය දේවල් කරගෙනත් ඇති. එකම කණගාටුව තියෙන්නේ තවම මේ මොකවත්ම තේරුම්ගන්න තරමට වත් මෝරලා නැති, පොඩි පොඩි එවුන් set එක ගැන විතරයි... ඒත් ඉතින් එයාලටත් මෙහෙම මෙහෙම කරන්නය කියල කිව්වා. වෙන ඉතින් අපියි කියල මොනවා කරන්නද? හිතන්න ගියාම නම් upset upset වගේ තමයි... ඉතින් ඒ ගැන නොහිත වෙන දෙයක් ගැන හිතන එක තමයි එකම විසඳුම. ඒත් හැබැයි එහෙම නොහිත, කල්පණා නොකර හිටියා කියල සිද්ධ වෙන දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ... අන්න ඒක හන්ද තාම මේ පුළුවන් කම තියන වෙලාවේ බුද්ධ දේශනාම අහල අවශ්‍ය දේවල් කරගන්න බලන්න.

    kathawa sahathika aththa Loku Aiye
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට මේ thread එකට මොකුත් ලියන්න ලැබුණේ නැහැ... පස්සේ ලියන්නම්. මම දාපු ඒවා කියවල වටිනාකමක් 'දැක්ක' සහෝදර සහෝදරියෝ මං religious section එකේ දාපුවත් බලන්න. ලොකු thread එකක් කළා ගොඩාක්ම වැදගත්! ජීවිතේ නියම ප්‍රයෝජනය ගන්න නම් ඒවා තමයි දැනගන්න ඕනේ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද මේකට ටිකක් ලියන්න කියල හිතුන... මේ අනික් සේරම වැඩත් එක්ක ඉඩ තියෙන තියෙන විදියට කරන් යන දේවල් හන්ද එක දිගටම ඉන්න වෙන්නේ නැහැ! ඒත් පටන්ගත්තු දේ පිළිවෙලකට ඉවරයක්ම කලොත් නේ හොඳ...

    ඉතින්, අන්තිමට මම කියාගෙන ආව කතන්දරේ නැවතුනේ, පොඩි ඩබල එක්කාසු කරගෙන ප්‍රශ්ණ පත්තරේට උත්තර දෙන්න ගත්තු එකෙන් නේ... මම පොඩි තැනගේ මුල්ම ප්‍රශ්ණයට මොනවගේ උත්තරයක් දෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්ද? 'ලෝකේ විනාස උනොත් සේරමලා මැරෙන කොට, අපි විතරක් ඉතුරුවෙන්නේ කොහොමද?' කියනවා වගේ දෙයක් අහන්න ඇති කියල හිතේවි නේද?? ඒ විදිය හරි! ඒත් ඉතින් ප්‍රශ්ණේ ඇහුවේ පුංචි ළමයෙක් නේ... අනික ආසාවෙන්, කැමැත්තෙන් මැරෙන කවුරුවත් නැහැ!! බුදුහාමුදුරුවොම කියල දුන්න සියලුම සත්වයෝ මරණයට බිය බව!!! ඒත් එකම දේ ඉපදුනයින් පස්සේ ඒකෙන් බේරෙන්න විදියක් නැහැ!! ළමයට බොරුවක් කියල රවට්ටලා වැඩකුත් නැහැ!! ඒක හරි අසාධාරණයි!! ඇත්තක් උනත් හිත upset නොවෙන්න කියන්නත් ඕනේ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න මෙහෙමයි මම එයාට උත්තර දුන්නේ! මං ඇහුව එයාට 'දැන් ඔයාට ඔයා මුලින්ම ඉස්කෝලේ ගියා මතකද? montessori ගියා මතකද? montessori එකට මුලින්ම ගිය දවස මතකද? අකුරු කියෙව්වා මතකද?' කිය කියා. එහෙම කිය කිය අතීතයට මතක්කරවල බැලුව. සෑහෙන දුරට මතකයි! අයියත් එහෙන් මෙහෙන් කෑලි දාන නිසා සෑහෙන ඈතට ඈතට යත හැකියි... ඒත් ඒ කාටවත් ඉපදිච්ච කාලෙට යනකම් මතක නැහැ!! අපි කාට කාටත් ඒක එහෙමම නේ... ඉඳල හිටලා කලාතුරකින් ඉපදෙන උදවිය ඉන්නවා හැබැයි පෙර ආත්ම පවා මතක් වෙන!! හිත දියුණු කලොත් ඕනෙම කෙනෙකුට පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව ඇතිකරගන්නත් පුළුවන්!!! බුද්ධ කාලේ ඉර්දිමත් උදවිය ඉඳල තියනවා කල්ප ගණන් ඈතට ඈතට දකින්න පුළුවන් උදවිය!! අපිට එව්වා බැරි බව දන්නවා නේ... ඉතින් මම දැන් එයාලට කියල දෙන්න ගත්ත ඒ මතක නැති අතීතයේ මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියල.

    ඇත්තටම අයිය මේ හුඟාක් දේවල් දන්නවා. එයා පන්තිවලට, tournaments වලට ගියාම වරු ගණන් මාත් එක්ක ඉන්නවනේ. එතකොට ඉතින් ප්‍රශ්ණ වැලයි! silence වෙච්ච වෙලාවට මමම කතාවට ඇදලත් ගන්නවා technical දේවල් සම්බන්ධයෙන්, ඔයා දන්නවද අරක ගැන... කොහොමද එහෙම වෙන්නේ කියන එක ගැන... ඒක වැඩකරන්නේ කොහොමද කියල... එහෙම! තාත්තගේ ජාතියේම පුතෙක්... ඒ හන්ද වැඩේ නැගල යනවා!! මම ඔය අස්සේ හිමීට හිමීට 'බණ කෑලිත්' ඔබනවා!! ඒකෙන් එයා දැන් ගොඩක් දේවල් දන්නවා!! නංගි තමයි තාම newbie! මෙදා තමයි එයාට දැනෙන්න 'බෙහෙත්' දෙන්න ගත්තේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නංගිට මම කිව්වා ඉතින්, ඔයාට මතක නැති උනාට සමහරුන්ට නම් ඉපදිච්ච දවස වෙනකම් මතකයි! තව සමහරුන්ට ඊට කලින් හිටියේ කොහෙද... කවුරු හැටියටද කියලත් මතකයි! එහෙම කියල. ඊළඟට කිව්වා, අපිට මතක නැති උනාට බුදුහාමුදුරුවොන්ට නම් මේ අපි ඕනෙම කෙනෙක් මීට කලින් කවුද, හිටියේ කොහෙද කියල කියන්න පුළුවන්!! ඒ ආත්මෙට කලින් හිටියේ කොහෙද, කවුරු හැටියටද කියලත් කියන්න පුළුවන්!! ඊටත් කලින් ආත්මේ කවුද, හිටියේ කොහෙද කියන්න පුළුවන්... ඔය වගේ ඉවරයක් නැතුව පස්සට පස්සට බලල විස්තර කියන්න පුළුවන්!! කියල. ඉතින් ඇත්තටම නම් අපිට මතක නැති උනාට අපි හැමෝම මීට කලින් එක එක විදියට... මනුස්සයෝ, දෙවියෝ, බල්ලෝ, පූසෝ, මාලු, ගිරව්, හාවෝ වගේ එක එක විදියට ඉපදිලා තියනවා. ඒත් දැන් ඒ මොකුත් මතක නැතුව විතරයි!! කියල. ඊළඟට කිව්වා ඔයා දැන් චූටි ළමයෙක් උනාට තව ඔයා වගේ ළමයි ගොඩ දෙනෙකුගේ ආච්චි වෙලා ඉඳල තියනවා නේ මීට කලින්... එහෙම කියල! පස්සේ ඉතින්, අයියෝ... මේ සීය කෙනෙක් නේ බයේ දඟලන්නේ... අයියෝ... මේං ආච්චි කෙනෙක් අඬනවා... කියල ටිකක් 'කොමිටල්' කරලා ගත්තම බය නම් ඉවරයි!!

    ඊළඟට කියල දුන්න, දැන් ඔයා නිදාගත්තම වෙන දේවල් මොකවත් දන්නවද? නැහැ නේද? අන්න ඒ වගේ තමයි... මැරෙනවා කියන්නේ නිකම් නින්ද යනවා වගේ වැඩක්! ඒක එච්චර ගණන් ගන්න එපා! වැඩේ තියෙන්නේ මීට කලින් හැම පාරම අපිට උනේ, අපි මේ මොකවත් දන්නේ නැතුව ඉඳල කරපු වැරදි වැඩ හන්ද අපි නිදාගෙන නැගිටලා බලනකොට පූස් පැටව් වෙලා තිබුන... නැත්නම් බලු පැටව් වෙලා තිබුන... ඔන්න ඔය වගේ කිසි වැඩකට නැති වැඩක් තමයි වෙලා තියෙන්නේ! කියල. ඒක හන්ද දැන් ඔයා වැරදි වැඩ මොකුත් කරන්න එපා! සත්තු මරන්න, හොරෙන් අනුන්ගේ දේවල් ගන්න, අනික් අයට බනින්න, කාගෙවත් එක්ක තරහ වෙන්න, බොරු කියන්න වගේ වැරදි දේවල් මොනවත් කරන්න එපා!! කියල. එයාල හැබැයි කොහොමත් quality! time තිබුනොත් ආයේ ලතවෙන්න දෙයක් නැති වෙයි කියලත් හිතෙනවා... ඒත් මේවා කිසිම දෙයක් sure කරන්න බැහැ! අපිට ඕනේ විදියට තියාගන්න, පාලනය කරන්න මොකුත්ම බැහැ නේ...

    ඊට පස්සේ මං කිව්වා දැන් ඉතින් ඒ කාලේ ඔයාගේ ළඟ හිටිය කවුරුත් නැහැනේ... ඒ විදියටම අපිවත් ආයේ හම්බවෙයිද නැද්ද දන්නේ නැහැ!! ඒ කාලේ ඔයාට ගෙවල්, වාහන හිටන් තියෙන්න ඇති... ඒත් දැන් ඒ මොකවත් නැහැනේ!! ඉස්සරහට තව ඉපදුනත් එච්චරමයි!! අන්න ඒක හන්ද බුදුහාමුදුරුවෝ නම් අපිට කිව්වේ ආයේ ආයේ උපදින එක නවත්වගන්න කියලයි!! එහෙම කියල. ඊළඟට කිව්වා බුදුහාමුදුරුවෝ අපිට සේරම කියල දීල තියෙනවා... ඒත් ඔයා තාම චූටි හන්ද ගොඩක් දේවල් තාම දන්නේ නැහැ නේ... මම සේරම කියල දෙන්නම් ටික ටික කියල. ඒත් බැරි වෙලාවත් තාත්ත ඊට කලින් මැරුනොත්, ඔයයි අයියයි ලොකු උනාම බණ අහල, පොත් කියවල ඉගෙන ගන්න. එතකොට මොකුත් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ! එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මොකද්ද කරන්න තියෙන්නේ එහෙම කියල... බුදුහාමුදුරුවෝ කියපු විදියටම ඔයාල වැඩකලොත්, පස්සේ ඉතින් හොඳට සනීපෙට නිදාගත්තා වගේ තමයි... ආයේ කොහෙවත් යැවෙන්නේ නැහැ!! මොකකටවත් බය වෙන්න ඕනෙත් නැහැ!! කියල. ලෝකේ විනාස වෙයිද? අපිත් ඒකෙන් මැරෙයිද? ඒ කිසිදෙයකින් වැඩක් නැහැ! ඔයා හොඳට හිතේ තියාගන්න, මම කොහොමහරි බුදුහාමුදුරුවෝ කියල දීපුවා ඉගෙනගෙන ගන්නවා!!! කියල කිව්වා. එතනින් ඒ ප්‍රශ්ණේ ඉවරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කලින් ලියන්න අමතක උනා... දැන් අපි හුඟක් වෙලාවට, අපි හදිස්සියේම මැරෙයිද? අබාධිත වෙයිද? වගේ දේවල් කල්පනා කරන්නේ නැහැනේ... (ඒවා කල්පනා කරනවා insurance කරන උදවිය එහෙමනම් නේද? business එකට උවමනා වෙනවෙනේ...:)) හැබැයි මමනම් සෑහෙන හිතනවා ඕව ගැන. මට නම් දැන් මගේ ජීවිතේ සම්බන්ධයෙන් ගොඩගහගත්තු බලාපොරොත්තු, plans මොකුත්ම නැහැ! වෙන විදියකට වෙන්නේ නැතැයි කියල ඔහේ ඉන්නවා. ඒත් ළමයින්ට එහෙම නම් ගොඩාක් දේවල් කරගන්න තියනවනේ... මම එයාලට තේරුම් කරලා දීල තියෙන්නේ, වැදගත්ම වැඩේ ජීවිතාවබෝධය ලබාගෙන සංසාර ගමන කෙලවර කරගන්න එකයි කියන එක! ඒත් ඒවා ඔහොම කියපු පලියටම හරි යාවි කියල හිතන්න බැහැ! සෑහෙන ලොකුමහත්වෙලා, හොඳටම දැනුම් තේරුම් ඇති කාලේ වෙනකම් එකට ඉන්න ලැබුනොත් හරි... ඒත් එහෙම ඉන්න බැරි උනොත්? ඊළඟට මේ මාතෘකාව තනිකරම ඉගෙන ගන්න තියන දෙයක්!! හරියට ඉගෙන ගත්තොත් විතරයි ප්‍රතිඵල ලබන්නත් පුළුවන්!!! මටත් එහෙම නිවැරදිව ඉගෙන ගන්න හරි ගුරුතුමාවම ලැබුනේ පූරුවේ පිනට!! නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. දැන් ඉතින් අපේ ජීවිත ගැන sure නැති නිසා ඊළඟට තියන වැදගත්ම කරුණ තමයි මම ඉගෙනගත් දේශනා, පොත් පත් සේරම ළමයින්ටත් ලැබෙන්න සලස්වන එක. අන්න ඒකත් කරලා දැන් සෑහෙන කල්... මුළු collection එකම ගෙදරත් හදල තියෙනවා. ළමයින්ට පුළුවන් උපරිමයෙන්ම තේරුම් කරලත් කියල තියෙන්නේ, අපි කාගෙවත් කවුරුවත් නෙවෙයි... තනි තනියෙන් ගොඩාක් දුක්විඳගෙන ඇවිත් තියෙන ගමනක් මේක... මේ ලැබිල තියෙන්නේ බොහොම දුර්ලභ වාසනාවක්... මේ සරේනම් වරද්දගන්න එපා! එහෙම කියලා.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    :D :D :D හොඳයි හොඳයි. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක තමයි. ඒක බහුතරයකට තේ‍රෙන්නේ නෑ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න නංගි දෙවනියට අහපු ප්‍රශ්ණේ? 'තාත්තේ, ලෝකේ විනාස වෙලා යනවනම් ඉගෙන ගෙන වැඩක් නැහැ නේද? පන්ති ගියාට විභාගේ (ශිෂ්‍යත්වේ) කරන්න වෙන එකක් නැහැ නේද?' කියල... කොහොමද හිතල තියන දුර? කොහොමද ඉතින් මේවට උත්තර දෙන්නේ? මම කිව්වා, මේ කට්ටියක් එකතුවෙලා කරපු චිත්‍රපටියක් විතරයි! ඒත් ඒකෙ එයාල අරගෙන තියන සමහර කරුණු විතරක් පිළිගන්න පුළුවන්... දැන් ඔය සිද්ධවෙන භූමිකම්පා, සුනාමි වගේ දේවල් හන්ද ඉස්සරහට තව මොනවා මොනවා හරි ලොකු ලොකු කරදර නම් වෙයි කියල තේරෙනවා! ඒත් මේ ලෝක විනාස කතාව බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි!! ඒක හන්ද sure එකටම වෙනවද නැද්ද කියල කාටවත් දැම්ම කියන්න බැහැ... ඒ හන්ද වැඩිය ඔයගැන හිතන්නත් එපා කියල!

    හැබැයි ඉතින් මේ 2012 කතාව joke එකකට ගන්නම බැහැ!! අපේ හාමුදුරුවොත් කියපු කතාවක් මට හොඳට මතකයි... හාමුදුරුවෝ කිව්වා තියන කඳු අතුරුදහන් වෙන්න පුළුවන්, කඳු නැති තැන්වල කඳු මතුවෙන්න පුළුවන් එහෙම කියල!! මමත් net එකෙන් හොයාගත්තු කතන්දර අනුව ලොකු දෙයක් වෙන්න නියමිතයි! ඔය අපි පුදුම හිතෙන දේවල් සම්බන්ධයෙන් කියන්නේ... 'එහෙනම් බස්නාහිරින් ඉර පායයි!' කියල. අන්න ඒක ඇත්තටම වෙන්න නියමිතයි මටත් තේරෙන විදියට!! ඒක වෙන්නේ ලෝක ගෝලෙ නැවතිලා, අනික් අතට ගමන් කරන්න ගන්න එකෙන්!! mayan calendar එකයි, ධ්‍රැව ආශ්‍රිතව කරපු කැනීම් වලින් හොයාගත්තු ලාවා තට්ටුවල චුම්බක දිශාවයි 99% ම වැඩේ +ve කියල හිතන්න හොඳ සාක්ෂි හැටියට තියනවා!! ඉතින් bus එකක කෝච්චියක යද්දී වේගේ අඩු වැඩි වෙද්දී අපි එහාට මෙහාට විසිවෙන හැටි දන්නවා නේ... මේ මහා පොලව පැයට හැතැම්ම 1000 ක විතර වේගෙකින් කැරකි කැරකි ඉඳල brake වෙනකොට පාවෙවී තියන මහාද්වීපික තටක වලට මක් වෙයිද කියල හිතන්න පුලුවන්ද??? ආන්න ඒකෙ ප්‍රතිඵලය ගැනයි අපේ හාමුදුරුවෝ කිව්වේ! මට දැනගන්න ලැබිච්ච විදියට ඔය seen එක වෙන්නේ solar flares වැදිලා පොලවේ magnetic field එක collapse වීමෙන්. පස්සේ අනෙක් අතට කැරකෙන්න ගන්නවලු... කතන්දර ගොඩක්!! මම මේවා ගැන හෙව්වේ අවුරුදු 2-3 කට කලින්. දැන් නම් මොකුත් බලන්න හිතෙන්නෙත් නෑ. කොහොම හරි ලෝක ජනගහනයෙන් 2/3 ක් ඔය සිදුවීමෙනුත්, ඉතිරිවෙන උදවියගෙන් 2/3 ක් ඊට පස්සේ එන දුර්භික්ෂයෙනුත් ඉවරවෙන්න නියමිතයි කියල දැනගන්න ලැබුන. ඒ කියන්නේ ඉතුරුවෙන්නේ 1/9 ක්!! කොහොමද? අහල තියනවද මේවා??