මම නම් ධර්මයෙන් ලද අවබෝධයට අනුව තමයි මගේ ළමයින්ව හදන්නේ, එයාලට උපදෙස් දෙන්නේ. ලෝකයෙන් නම් ධර්මයට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ!! බොහොම අහම්බෙන් කෙනෙක් තමයි ධර්මය දකින්නේ... මේ ළමයිනුත් ධර්මය අත ළඟටම ලැබෙන්න පින් කරලා ආපු අය. ඒත් අතට හම්බවෙච්ච දේ කටට දාගන්න ලැබෙයිද කියලවත් sure එකක් නැති ලෝකේ, උන් සුරක්ෂිතයි කියල මට කොහෙත්ම සෑහීමකට පත්වෙන්න බැහැ තාම. බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම උන්ව සොතාපත්ති ඵලයෙහි පිහිටුවන්න වත් ලැබුණොත් තමයි මං උන්ට මගේ යුතුකම, වගකීම ඉටුකලා කියල සැහීමකට පත්වෙන්න පුළුවන්!! කාලයෙන් අවසර ලැබුණොත් උන්දෙන්නව මේ ආත්මෙන්ම සර්ව සම්පූර්ණ කරලා දෙන්න try එකේ ඉන්න ගමන් ඒ වෙනුවෙන්, මේ වෙනකොටත් ගොඩක් දේවල් උන්ට කියල දීල තියෙන්නේ. 'මං කියල කෙනෙක් නැහැනේ...' කියන එක දැනටම උන්ට හුරුයි... ඒත් ඒක කරුණු කාරණා හොඳටම දැන අවබෝධ කරගෙන, පැහැදිලිවම දකින්න උන්ට තව කල් යාවි. සෙල්ලම් වයසේ පුංචි ළමයි නේ... ළමයි ළමයි කතා උනත් ධර්මාවබෝධයකට හේතුවෙන කතා උන් අතරේ වෙන්නේ නැහැ! අනික් මොකා එක්ක කතාකලත් උන්ට යහපතක් වෙයි කියල හිතන්න පුළුවන්, ධර්මය දැක්ක කවුරුවත් ඇත්තෙත් නැහැ. (අනෙක් අයටත් ධර්මය කියන්න, පෙන්වල දෙන්න බැලුව... හරියන්නේ නැහැ! හුඟක් අය 'බක' කට්ටිය! කතාකරන්න, කියල දෙන්න බැහැ... උන් 'ඔක්කොම දන්නවා'. කරන කියන දේවල් ඇහෙනකොට, දකිනකොට තමයි තේරෙන්නේ කට්ටිය 'නාගෙන' තියන තරම, ඉන්නේ කොහෙද / යන්නේ කොහෙද කියන බව!) නිකම් හිස් මිනිස්සු එක්ක කතා කරන්න යාමත් ලොකු විනාසයක්! 'අසේවනාච බාලානං...' කිව්වේ ඒකනේ! වැරදි අදහස් දාල ඔළුගෙඩි කුරෝලු කලොත්?? ඉතින් මෙන්න මේවා තමයි මටනම් ඉතුරුවෙලා තියන ප්‍රශ්ණ!! බලන්න ඕනේ කාලයත් එක්කම වෙන්නේ මොකද කියල.
මේ කරුණු කිව්වේ හැමෝටම ආදර්ශයට ගන්න. ධර්මය ලැබෙනකම් අපටත් මේවා මේ විදියට පෙනුනේ නැහැ! පෙනෙන්න ගත්තයින් පස්සේ තමයි අනතුර කොච්චරද කියල තේරුණේ. උපකාරයක් හැටියට කරන්න පුළුවන් නැවත නැවතත් කියල හැමෝටම ඇත්ත පෙන්වල දෙන්න උත්සහයක් දරණ එක විතරයි! නොදැන හිටිය කලේ ඔහේ යන්නන් වාලේ ගියාට මේවා අහන්න දැනගන්න ලැබුණායින් පස්සෙත් එහෙම ගොන් විදියටම වැඩ කරගෙන යන්න එපා!! කාට කාටත් ලොකු risk එකක් තියෙන්නේ... පුළුවන් ඉක්මනින් ආරක්ෂාවට කටයුතු සම්පාදනය කරගන්න!! 'අප්පමාදේන සම්පාදේත!!'

ෂෝක්. මේ... ඒක නෙවෙයි, Rajitha ලමයව contact කළා. හොඳ ප්‍රතිචාරයකුත් ලැබුණ. අනේ... ඒත් එයා මාව දැකල තියෙන්නේ තිත්ත කළුවට!!! ඇයි කියල ඇහුව... තාම පිළිතුරු ලැබුණේ නැහැ... බලන්න ඕනේ...