බැලුව‍ට මේවා දන්නවද.. NeNe

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බැලුව‍ට මේවා දන්නවද.. NeNe

    You Tube බැලුව‍ට මේවා දන්නවද..?




    ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

    ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.


    මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ථාන අටක් පවත්වාගෙන යනු ලබනවා.


    එහි යු ටියුබ් පිළිබඳව ඔබ නොදත් කරුණු කීපයක් පහතින් ...



    • YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.


    • ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).


    • නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim)ය.


    • YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.


    • Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.


    •YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed

    එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

    •YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance

    එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I

    • දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.


    • සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.


    • YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)


    • YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000).


    • මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.


    • YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.


    •YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.


    •YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.


    වැ‍ඩි දුර අවදානය සදහා -
    http://en.wikipedia.org/wiki/YouTube

    උපුටා ගැනිම - ඊ මේලයෙනි :)