හැංගි මුත්තම් කරන බැසිල්ට
ඇප දුන් පිරිසත් කපෝති ..
බැසිල්ගේ මුදල් රාජසන්තකයි..
මෙන්න අධිකරණය ගත් තීරණය
අයථා ලෙස මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල්, එළියකන්ද පාරේ පිහිටි අක්කර 1 ½ක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්තක කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (18) නියෝග කළේය. මීට අමතරව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව 2026 ඔක්තෝබර් 27 වන දින දක්වා දීර්ඝ කිරීමට ද නියෝග කළේය.
එම නඩුවේ තුන්වැනි විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය මඟහරින බැවින් මෙසේ ඇප රාජසන්තක කරන ලෙස නියෝග කෙරිණි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයන ලද මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල්, එළියකන්ද පාරේ පිහිටි අක්කර 1 ½ ක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මේ නඩුව පවරා තිබේ. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප අත්සන් කළ තැනැත්තන් තිදෙනාට දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා, එකී දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර සිටියේය. නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද පෙනී සිටියහ.
#BasilRajapaksa