බැසිල්ගේ_මාළිගාව

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,675
    113
    බැසිල්ගේ_මාළිගාව

    රාජපක්ෂවරු හොරු නෙමේ..ඔව් ඔව් :lol::lol::lol:






    Villa%2B.jpg


    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් මල්වාන, මාපිටිගම, ගඟබඩ පාරේ අධි සුඛෝපභෝගී නිවසක ඉදිකිරීම් ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා එය ඉදිකළ සියඹලාපේ ඕලු ඇසෝසියේට් නම් සමාගම එහි ඉදිකිරීම් භාරව සිටි වරලත් ඉංජිනේරු සමාගමෙන් රුපියල් මිලියන 20 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.


    'රිවර් සයිඩ් විලා' නම් භූගත මහලක් සහිත මෙම අති සුඛෝපභෝගී නිවස ඉදිකළ සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගම එකී ඉදිකිරීම් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු මුදල වන රුපියල් කෝටි දහයයි ලක්ෂ තිස් හතරකට වැඩි මුදල (103,496,140.82) නිසි ලෙස නොගෙවා එම වටිනාකමට අඩු මුදලක් ගෙවා නියමිත මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිකිරීම් භාරව සිටි සමාගම වෙත සිය නීතිවේදිනිය මාර්ගයෙන් මෙසේ එන්තරවාසිය යවා ඇත.

    ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ සුලානි ඉන්දිකා වන්නිආරච්චි මහත්මිය මාර්ගයෙන් යවා ඇති මෙම එන්තරවාසිය මගින් සියඹලාපේ ඕලු ඇසෝසියේටි සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතා සඳහන් කර ඇති පරිදි අදාළ ඉදිකිරීම භාරදෙන විටත් මුදිත ඇසෝසියේට් නම් එම වරලත් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ සභාපති මුදිත ජයකොඩි මහතා මෙම ඉඩම අයි.සී.සී. වත්ත ලෙසින් පමණක් හඳුන්වාදුන් බවත්, මෙම නිවසේ හිමිකරු බැසිල් රාජපක්ෂ මහතා බව නොපැවසූ බවත් සඳහන් කර ඇත.
    තවදුරටත් එහි සඳහන් වන පරිදි නිවසේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එවකට අමාත්‍යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය පැමිණීමෙන් පසුව සැබෑ අයිතිකරු අමාත්‍යවරයා යැයි උපුල් කුමාර රාමවික්‍රම තේරුම් ගත් බව ද එන්තරවාසියේ සඳහන්ව තිබේ.
    පසුව ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබියදී එහි පැමිණි බැසිල් රාජපක්ෂ මහතා, පුෂ්පා රාජපක්ෂ මහත්මිය සහ එම දියණියගේ රුචිකත්වයට අනුව මෙහි ඉදිකිරීම්වල වෙනස්කම්ද සිදුකර ඇතැයිද එහි සඳහන් වේ.

    එසේ නිම කළ මෙම නිවස සඳහා රුපියල් 103,496,140.82 ක මුදලක් වැය වුවද,එම මුදල අවසානයේ දී රුපියල් හත්කෝටි දහඅට ලක්ෂ තිස් එක්දහස් පන්සිය පනස් එකයි සත විසිපහක් (71,831,551.25) දක්වා අඩු කොට තර්ජනය කිරීමෙන් පසු ඒ සඳහා අත්සන ලබාගත් බවත් එම එන්තරවාසියේ දක්වා ඇත.
    කරුණු එසේ හෙයින් සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතාට තවදුරටත් ලැබිය යුතු රුපියල් තුන්කෝටි දහසය ලක්ෂ හැටහතර දහස් පන්සිය අසූ නවයයි ශත 57 ක (31,664,589.57) මුදල සහ එකී බිල්පතේ දින සිට ඊට ලැබිය යුතු නෛතික පොළියද ලිපියේ දින සිට දින 21 ක් තුළ ගෙවා දමන ලෙස එන්තරවාසිය මගින් දන්වා තිබේ.

    එසේම ඉහත සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිය සේවාදායකයාට සිදුව ඇති හානිය, පාඩුව හා අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක මුදලක්ද ගෙවීමට කටයුතු කරන ලෙස එම එන්තරවාසිය මගින් තවදුරටත් දන්වා තිබේ.
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එල දැන් කරන්න තියෙන්නෙ දේපල රාජ සන්තක කරලා, බැසිල්ට නඩුවක් දාලා, සාක්ශි කැදවලා ඔප්පු කරලා ඇතුලට දාන්න.එහෙම කරයි නේද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,675
    113
    එල දැන් කරන්න තියෙන්නෙ දේපල රාජ සන්තක කරලා, බැසිල්ට නඩුවක් දාලා, සාක්ශි කැදවලා ඔප්පු කරලා ඇතුලට දාන්න.එහෙම කරයි නේද?

    නෑ නෑ රාජපක්ෂවරු හොරු නෙමේ..:lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එල දැන් කරන්න තියෙන්නෙ දේපල රාජ සන්තක කරලා, බැසිල්ට නඩුවක් දාලා, සාක්ශි කැදවලා ඔප්පු කරලා ඇතුලට දාන්න.එහෙම කරයි නේද?

    ඔව් උබ කියන එක හරි.ඇත්ත් නම් මේව මේව හදන්න වත්කම් කොහෙන්ද හොයල නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුන් එකෙක්වත් හරියට සල්ලි දිලා වැඩක් කරගන්නෙ නැනේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අඩු තරමේ හොරාකාපු එකවත් වියදම් කරලා සාදාරනව ගෙයක් දොරක් හදාගෙනවත් නැ. :lol::(

    :lol::lol:
    පොලු කාපර්ලා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,675
    113
    oya gedara wageda, MR nattam ubalata mehema inna ratak ituru weida?

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no

    Dil wahala bump

    චන්දෙට වියදම් කරන ලක්ශ 6ක් නොතිබ්බ උන් ගිය උඩ..

    ඔව් උබ කියන එක හරි.ඇත්ත් නම් මේව මේව හදන්න වත්කම් කොහෙන්ද හොයල නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.

    මුන් එකෙක්වත් හරියට සල්ලි දිලා වැඩක් කරගන්නෙ නැනේ..

    අඩු තරමේ හොරාකාපු එකවත් වියදම් කරලා සාදාරනව ගෙයක් දොරක් හදාගෙනවත් නැ. :lol::(


    :lol::lol:
    පොලු කාපර්ලා

    :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ කියන්නෙ මේකවත් අල්ලන්නෙ නැද්ද?:(
    :lol::lol::lol::lol:
    අපි වත් F-CID එකට පැමිණිල්ලක් දාමු.. නැත්නම් මේ මිනිස්සු පවු...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උඹලා මේක දැකලා මෙහෙම නම්, දෙනියායේ එන්සාල් වත්ත ගහපු මාලිගාව දැක්කොත් නහර පුපුරලා මැරෙයි බන්.... පව් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි:(....
     

    Similar threads