අගමැති තනතුර රජපක්ෂ පවුලට ලබාදිම තුලින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැකගෙන ආ ප්‍රගතිශිලිභාවය සහ ජනතා විශ්වාසය අහිමිවි යා හැකි බැවින් ඒවන් තත්ත්වයක් උදාවන්නෙ නම් වෙනම අරගලයක් කිරිම සදහා ශ්‍රිලනිප ප්‍රබලයන් පිරිසක් සුදානමින් සිටින බව වාර්තා වේ.මෙම අරගලය සදහා වන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති අතර ඔහුන් පවසා ඇත්තේ මැතිවරණ ජය ගැනිම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාවලිය හෙතුවෙන් රාජපක්ෂ පවුල් වාදය ස්ථාපිත කරමින් සිටින බවයි. මේ නිසා ඉදිරියේදී එම තත්වයන්ට එරෙහිවන්නට හොද කලක් උදානොවනු ඇති බවට ඔවුන් පෙන්වාදී තිබේ.