බිග් මැච් අතීතයට පියනඟමු...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
බිග් මැච් අතීතයට පියනඟමු...!!!

බිග් මැච් අතීතයට පියනඟමු...!!!

uHbMn.gif


මමත් ඉගෙනගත්තේ කොළඹ බිග්මැච් ගහන ලොකු ඉස්‌කෝලෙක.පුංචි කාලෙ ඉදලම අපි බලාගෙන හිටියෙ බිග් මැච් සීසන් එක එනකන් ෆන් එකක්‌ ගන්න.ඔන්න ආයෙත් බිග් මැච් සීසන් එක පටන් අරන්.ඉතින් මටත් අපේ පාසැල් කාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්‌සු වැඩ මතක්‌ වුනා.පුංචි කාලෙ නම් ස්‌කූල් බස්‌ එකේ දාගෙන යන්න ලොකු කොඩියක්‌ ලස්‌සන වැඩදාපු කොඩියක්‌ මහගන්න තමයි ආසාව තිබුනේ.ලොකු පන්ති වලට ආවට පස්‌සේ නම් ට්‍රක්‌ ගියා හැට්‌ කලෙක්‌ශන් දැම්මා,ගෑණු ස්‌කෝලවලට පැන්නා,සයිකල් පෙරඩ් ගියා .ක්‍රිකට්‌ සූනියර් එකේ කාටුන් ඇන්දා, කවි විරිදු ලිව්වා,තියෙන පිස්‌සු වැඩ ඔක්‌කොම කලා.
ඉතින් මට හිතුනා ඔයාලටත් ඇතිනේ ඉස්‌කෝලෙ යකාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්‌සු වැඩ ගැන රසවත් සිදුවීම් .කවුරු
කවුරුත් දාන්නකො බලන්න තම තමංගේ බිග් මැච් කාලේ වුන අමතක නොවන සිදුවීම් අපටත් රසවිදින්න.
එහෙනම් මම මුලින්ම පටන් ගන්නම්. අපි ඒ කාලේ ට්‍රක්‌ යන්න තෝරාගන්නේ හද්ද පරණ ලොරිබාග.ඉස්‌සහින් මල් වඩමක්‌
එහෙම ගහලා වටේට කොල අතු බැනර් එල්ලලා පරණ කෝට්‌ ඇදගෙන පපරේ එක්‌කකුත් සෙට්‌ කොරගෙන
සයිකල් පෙරඩ් එක දවසට කොලඹ වටේ රවුම් ගහනවා.එක අවුරුද්දක අපේ ට්‍රක්‌ එක බම්බා HFC එකට ඇතුල්
කරලා වටයක්‌ දාලා එන්න හදනකොට අපේ ට්‍රක්‌ එකේ පැච් එකක්‌ ගියා.අපිව අතේ කෝට්‌.ඉස්‌කෝලේ සිස්‌ටර්
බමබ පොලීසියට කෝල් කරලා අපිව පොලීසියට දක්‌කන්නයි ට්‍රයි කලේ.යන්තම් වැදලා බේරුනා අමාරුවෙන් පැච්
එක දාගෙන යන්තම් ෂේප් වුනා.ඉතින් ඔයවගේ සීන් නම් ගොඩක්‌ තියනවා .ගොඩක්‌ වෙලාවට හවසට අපේ ස්‌කූල් බස්‌ එක පොලීසියට අහුවෙනවා ඉතින් බස්‌ එක පොලීසියට ඇතුල් කොරන කොට කොල්ලොටික ඔක්‌කොම හයියෙන් " සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක්‌ වූවානම්" සින්දුව කියනවා. ඉතින් ඔයාලගෙත් අත් දැකීම් දාන්නකෝ..!!!!