විඡේදාස රාජපක්‍ෂ ge me katha waradida toyiyane bayiyane jeppane

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම දේශපාලකයගේම දෙපැත්තක් තියෙනවා. එත් ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ මහා පරිමාණ වංචා වැරදි කෙලින්ම කතා කිරීම අගය කරන්න ඕනේ. UNP හද මඩල කරගත් අන්තවාදීන්ට මේවා වහ කදුරු වගේ. ඒ ගැන අපේ බලවත් කණගාටුව.ගොඩක් දෙනෙක් ඉන්නේ මේ මහබැංකු වංචාවේ හෙළිදරව්වෙන් පස්සේ වෙඩි කාපු උරන් වගේ
    විජේදාසට දැන් හුඟක් පැල් බැඳගෙන විරුද්ධ වෙන්නේ නම් ඔය සීන් එක නිසා තමයි..
    මම කිව්වේ මීට අවුරුද්දකට කලින් ඉඳන් මිනිහගේ කතායි අද කතායි අතර ලොකු වෙනසක් තියෙනවා...
    සමහරවිට ෆොන්සෙකායි විජේදාසයි අතර තියෙන වලිය නිසා වෙන්නැති.
    විජේදාස ට්‍රිප් එකක් ගිය ෆොටෝ වගයක් ලීක් උනාට පස්සේ...

    කොහොමත් හොඳ එකෙක් නෑ ඔය 225 හේ.. මට නිකන් සැකයක් ආවා විජේදාසගේ ටෝක්ස් ගැනත්.
    මට මතකයි ආණ්ඩුව පත් උනු කාලේ මාධ්‍යවේදීන් අහපු දේකට කිව්වා සිංහල බෞද්ධ කියලා දෙයක් ලංකාවේ නෑ කියලා... හැබැයි මාස 6 කට කලින් අර ට්‍රින්කෝ පන්සලේ උත්සවේට ගිහිල්ලා බොදු බල සේනා වගේම කතා කලා...
    කටුස්සෝ වගේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විජේදාස රාජපක්ෂට එරෙහිව
    එජාප තීන්දුව


    අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට එරෙහිව එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් ගෙන එන්නට සූදානම් වන විශ්වාස භංගය පිලිබඳ කාරණාව ලබන බ්‍රහස්පතින්දා රැස්වෙන එජාප ක්‍රියාකාරී රැස්වීමේදී සාකච්ඡාවට ලක්වීමට නියමිතය. එයින් පසු ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන එන්නේද ඔහු පක්ෂයේ වගකිව යුතු නිලතල වලින් ඉවත්කරන්නේද යන තීන්දුව ලබාගන්නට නියමිතය.
    අධිකරණ ඇමතිවරයා සම්බන්ධ මෑත කාලීනව පැනනැගි ගැටලු දෙක වූයේ
    ඔහු හම්බන්තොට


    වරාය බදුදීම සම්බන්ධයෙන් එජාපයේ හෝ කැබිනට් මන්ඩලයේ මතයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මතය දැරීමත්, රවි කරුණායක වැනි ආණ්ඩුවේ ඇමතිවරයෙකු සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තු කාර්යයන් ඉක්මන් කරවීම පසුපස ඔහු සිටි බවටත් චෝදනා එල්ල වීමයි.

    එයට අමතරව පසුගිය රජයේ දූෂණ සම්බන්ධ වරදකරුවන් නීති ප්‍රකාරව දඩුවම් දීම පමාකිරීම පසුපස අධිකරණ ඇමතිවරයා හැටියට ඔහුගේ බලපෑම් තිබෙන බවටද ප්‍රචාරයන් ගෙනගොස් තිබේ.
    කෙසේ වෙතත් පසුගිය දිනවල සතිඅන්ත පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන්වලට එක්වෙමින් ඔහු මේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

    ලංකාවේ අධිකරණ කටයුතු වල ස්වාධීනත්වයට ඔහු ඇඟිලි නොගසන බව එහිදී කියා තිබෙන අතර හම්බන්තොට වරාය සම්බන්ධ සිය මතය පුද්ගලික එකක් බවත් මින් ඉහත රජයන්හි සිටියදී පවා තමා ලංගම බේරාගැනීම රක්ෂණ සංස්ථාව බේරාගැනීම ඇතුළු කටයුතු වලදී තනිව සටන් වැදුනු ආකාරයට හම්බන්තොට වරාය වෙනුවෙන් සටන් වදින බවද දන්වා තිබේ.

    ඔහුගේ තර්කය වන්නේ චීනය හම්බන්තොට වරාය බාරගත් පසු ඇතිවිය හැකි ජාත්‍යන්තර නාවුක ගමනාගමන සාර්ථකත්වය නිසා කොළඹ වරායට නැව් එන එක අනාගතයේ නැවතී


    ලංකාව අසරණ විය හැකි බවයි. ඒ නිසා හම්බන්තොට බේරාගැනීමට සටන් වදින බවට ඔහු ප්‍රකාශයක් කරන ලද්දේ පසුගියදා කැබිනට් මණ්ඩලය එක්වී ලබාගත් තීන්දුවට විරුද්ධව යමිනි.

    මහින්ද රජයේ කෝප් වාර්තා කමිටුවෙ ප්‍රධානියාව සිටි විජේදාස රාජපක්ෂ එහිදී ඇතිවූ බලපෑම් නොරිස්සීම නිසා ඉල්ලා අස්වී එජාපයට එකතුවූවෙකි. ඔහුත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාත් අතර පසුගිය කාලයේ ඇතිවූ විරසකය මත විවිධ වාද පැනනැගුණ අතර එම අවස්ථාවේ ඇවන්ඩ්ගාඩ් අධිපති සමග විජේදාස රාජපක්ෂ රටසවාරි ගිය බවට ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර තිබුණි.
    මීට මාස කිහිපයකට පෙර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඟවාගෙන සිටි බවටද අධිකරණ ඇමතිවරයාට චෝදනා ආ නමුත් පසුව ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය.
    මේ අතර පෙරේදා මාධ්‍ය වේදියෙකු හිටපු ජනපති මහින්දගෙන් ඇමති විජේදාසට එරෙහි විශ්වාස භංගයට සහය දෙනවාදැයි ඇසූවිට ,"මොකටද අපි සහයෝගය දෙන්නේ. එයා අපේ ගමේ මිනිහනේ. එයා එජාප විරුද්ධ දේවල් කරගෙන යයි. හම්බන්තොට වරාය ගන්න වැඩේටත් සහයෝගය දෙනවා" කියා ඇත.

    eka yakaage chodanawakne :baffled: