බිත්තර ආනයනයට යලිත් අවසර දෙයි..🥚🐔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

    දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.

    ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37/-ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් විය.

    https://sinhala.adaderana.lk/news/199358
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,812
    23,496
    113
    හොඳ දෙයක්. අනිත් ඔක්කොම ගණන් අඩු වෙද්දි මුන්ගෙ බිත්තරේ විතරක් හැමදාම ගණන් යනව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,084
    198,572
    113
    Colombo, Sri Lanka
    මේ බයිලේ අහලා නම් දැන් එපා වෙලා තියෙන්නේ. ලංකාවේ කිකිලියන්ට ලැජ්ජත් නැහැ, ඉන්දියාවේ කිකිලියන්ට ලැජ්ජත් නැහැ