බිත්ති සැරසිල්ලක් අපිම හදාගමු.....

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බිත්ති සැරසිල්ලක් අපිම හදාගමු.....

    ඇයි ඇතුලට එන්න බයද මවුස් පොයින්ටරේ තියල බලන්නේ? :P
    වර ඇතුලටම









    ඔන්න මලිත්තා අදත් එනවා ලස්සන කලා නිර්මාණයක් අරන්.මේක ලස්සන බිත්ති සැරසිල්ලක්.තමුන්ටම හදාගන්න පුළුවන්.කඩෙන් ගන්නවානම් රුපියල් දෙතුන්දාහක් වියදම් කරන්න වෙනවා මේ වගේ එකකට....

    මුලින්ම මම පින්තුර 2ක් දාන්නම් මේක හදලා ඉවර උනාම කොහොමද පේන්නේ කියලා,

    339klxx.jpg




    මේකට අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක්
    1.කැන්වස් එකක්
    2.Painter's tape(මාස්කින් ටේප් කියල කිව්වම දන්නවා[masking tape])
    3.Acrylic paints(මේකට සිංහලෙන් කියන නම දන්නේ නෑ බොලව්)
    4.සයිස් 2ක විතර තීන්ත බුරුසු,අඟල් බාගේ,කාල වගේ දෙකක් නම් හොඳයි.
    5.කතුරක්
    6.ඔය පේපර් සර්වියට් එහෙම තියෙනවනම් එව්වත් ගනිං.එත් එක්කම කාඩ්බෝඩ් කෑල්ලක් (කඩපු පෙට්ටියක කෑල්ලක් උනත් කමක් නෑ:P[මම කිව්වේ කාඩ්බෝඩ් ගැන])

    page1b-diy-supplies2slide.jpg





    දැන් මෙන්න මෙහෙමයි සීන් එක කරන්නේ,ගත්තු ඇක්‍රිලීක් පේන්ට් එකේ ජාති වලින් පොඩ්ඩ පොඩ්ඩ අර කාඩ්බෝඩ් එක උඩට මිරිකගන්න.එහෙම කිව්වම ඉතින් අර මොකද්ද එකට පැහැරුව වගේ තලි තලි එක ගොඩේ දාගන්නවා එහෙම නෙවෙයි ඔන්න,
    පින්සලෙන් තීන්ත අරගෙන මේ පින්තුරේ තියෙන විදියට කැන්වස් එකේ ඇඳගන්න(මේකට මේ ඇරුනම තමුන්ට කැමති රටාවක් ඇඳගන්නත් පුළුවන්)
    page2a-diy-painting-1slide.jpg


    ඊට පස්සේ පාට පාට අරන් රටාව ඇඳගන්න,මේකට අර කිව්වා පේන්ට් බ්‍රෂ් දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරොත් තවත් ලස්සනයි,
    page2b-diy-painting3slide.jpg



    ආ මට කලින් අමතක උනා උඹලට කියන්න,පොඩි කප් එකක් වගේ අයිටම් එකක් ගන්න ඕන පින්සල දාන්න....
    ඊටපස්සේ මෙන්න මේ විදියට කැන්වස් එක පුරාවටම ඇඳගන්න ඕනේ
    page2c-diy-painting-6slide.jpg

    අතරින් පතර හිස් තියන්නෙපා එතකොට කැත වෙනවා හරිය?:angry::angry::angry:

    ඊටපස්සේ මේක වේලෙනකන් තියන්න ඕන.උඹලට ඉවසන් ඉන්නම බැරිනම් හෙයාර් dryer එකක් අරන් වේලගනියව්.....මගේ අමනාපයක් නෑ.හැබැයි පුටේ සම්පුර්ණයෙන්ම වේලෙන්ට ඕනිමයි,මොකද නැත්තන් මේක අසූචි ආකරයක් වගේ වෙයි...උඹලට තියෙන හදිස්සියට එහෙම කොරන් ඔන්න මට එහෙම බනිනවා නෙවෙයි.....

    ඊටපස්සේ තමයි ලස්සනම වගේම වැදගත්ම කොටස තියෙන්නේ...මේක චා උනොත් පුටේ ඔක්කොම තෙල්ලම් ඉවලයි කියල හිතාගනින්..
    masking tape එක අරන් කෑලි කපලා මෙන්න මේ පින්තුරේ විදියට පරෙස්සමට අලවගන්න ඕනේ කැන්වස් එක උඩ.
    page3a-diy-taping2slide.jpg



    page3b-diy-taping6slide.jpg


    සම්පුනයෙන්ම අලවගත්තම මෙන්න මෙහෙම පේනවා මේක,(මෙතනත් උඹලගේ නිර්මාණශිලිත්වය අනුව එක එක රටා වලට අලෝගන්න පුළුවන්)
    page3c-diy-taping5slide.jpg


    ඊටපස්සේ පින්සලට සුදු පාට අරන් මෙන්න මේ විදියට අර ටේප් වලින් කවර නොවෙච්ච හරිය පාටකරගන්නවා පරෙස්සමට,තේරුනැයි?
    page4a-diy-taping7slide.jpg



    එකත් මුළු කැන්වස් එකම පාටකරලා ඉවර උනාම මෙන්න මෙහෙම පෙන්නේ
    page4b-diy-taping-8slide.jpg


    හරි ඔන්න දැන් වැඩේ ගොඩ.....ඊටපස්සේ මේකත් සම්පුර්ණයෙන්ම වේලෙන්න ඇරලා අර masking tape කෑලි ටික හෙමිට ගලවල අයින්කරගන්නවලා....හැබැයි ඉතින් හදිසි වෙලා ගූ කරගත්තොත් ඔන්න මම නම් නෑ....
    page4c-diy-taping9slide.jpg


    උඹල මේක හරියටම කරා නම් මෙන්න මෙහෙම එකක් හම්බවෙයි
    page4-ddiy-finished-product-copyslide.jpg



    බලලා හොඳනම් අනිත් එවුන්ටත් බලන්න උස්සලා යමල්ලා......රීපොස්ට් වෙන්න විදියක් නෑ කොහොමටත්,එහෙමයි කියලා හිතෙනවනම් වෙන ත්‍රෙඩ් එකක් බලපල්ලා............:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙච්චර ද බං?

    ප.ලි.
    ඔය තියෙන්නෙ දැන්........
    අම්මපා උඹත් දාන ආලවට්ටං........එක සැරේත්‍රෙඩ දාන්නෙ නැතුව..........
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේ පින්තුර දෙක හදන්න මෙච්චර බඩු ගොඩක් ඕනිද බං?:dull:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔය තියෙන්නේ එළකිරිනේ
    11.gif

    You must spread some Reputation around before giving it to Malitharox again.