බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

    බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

    * බින්ලාඩන්ගේ රැකවළුන් එල්ල කළ ප්‍රහාරයෙන්
    බ්ලැක්‌හෝක්‌ හෙළිකොප්ටරය කඩා වැටේ.

    * බින්ලාඩන් සිටි නිවසට රාත්තල් 2000 ක
    බෝම්බ දුසිමක්‌ දැමීමේ මුල් සැලසුම අත්හිටුවයි.

    * පාවාදීම කළේ ගුන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි බින්ලාඩන්ගේ සගයන් දෙදෙනක්‌.

    * මෙහෙයුම ගැන පකිස්‌තානයටවත් හෙළි කළේ නැහැ
    - ඇමරිකානු නිලධාරියෙක්‌ පවසයි

    දිනය - මැයි 1 වැනිදා රාත්‍රි 10.00

    ස්‌ථානය - පකිස්‌තානයේ ඉස්‌ලාම්බාද් අගනුවර සිට චීනය වෙත සම්බන්ධවන කුලාතුලා අධිවේගී මාර්ගයේ පිහිටි ඇබ්බොට්‌මාබාඩ් නගරය.

    මෙහෙයුම - ඔපරේෂන් ජෙරනිමෝ



    පසුගිය ඉරිදා රාත්‍රි 10.00ට පමණ පකිස්‌තානයේ ඇබ්බොට්‌මාබාඩ් නගරයේ විදුලිබලය මුළුමනින්ම විසන්ධි විය. ඒ සමඟම හෙළිකොප්ටර් යානාවල ශබ්දයක්‌ සහ පිපිරීම් හඬවල් කීපයක ශබ්දය නගර වැසියන්ට ඇසන්නට ලැබිණි. මේ ඇබ්බොට්‌මාබාඩ් නගරය සමීපයේ පැවැතියේ පකිස්‌තානු හමුදා ඇකඩමියයි. මේ දැඩි අඳුර මැද ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත්කර තිබුණි. ඇමරිකානු නාවික හමුදාවේ සිල් බලකායේ 6 වැනි කණ්‌ඩායමට අයත් ප්‍රහාරක භටයන් විසි හතර දෙනෙකු සම්බන්ධවූ මේ මෙහෙයුමට ඔපරේෂන් ජෙරෝනිමෝ යයි නම්කර තිබිණි.







    ප්‍රහාරක ඒකකයට සම්බන්ධ එක්‌ සිල් භටයකුගේ හිස්‌වැසුමේ වීඩියෝ කැමරාවක්‌ විය. මේ වීඩියෝ කැමරාව ඇමරිකානු හමුදා චන්ද්‍රිකාවකට සම්බන්ධ කර තිබුණි. ජෙරොනිමෝ මෙහෙයුම ධවල මන්දිරයේ සිට බලාගැනීමට ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා ඇතුළු ආරක්‌ෂක බලධාරීන්ට හැකිවිය.

    ජෙරෝනිමා මෙහෙයුම වූයේ ලොව අංක එකේ ත්‍රස්‌තවාදියා වූ ඔසාමා බින්ලාඩන්ව විනාශ කිරීමයි.

    ඒ සඳහා බින්ලාඩන්ව පාවා දුන්නේ කියුබාවේ පිහිටි ගුන්න්තනාමෝබේ ඇමරිකානු සිර කඳවුරේ සිටි කාලිද් ෂික්‌ මොහමඩ්.

    දරුණු වධහිංසාවලට ලක්‌වීමෙන් පසු ඔහු සහ තවත් අල්කයිදා ත්‍රස්‌තවාදියකුවූ අබුපරා- විසින් ඔසමා බින්ලාඩන්ගේ පෞද්ගලික ප්‍රවාහකයා කවුදැයි හෙළිකෙරුණි.

    පකිස්‌තානයේ එක්‌තරා රහසිගත ස්‌ථානයකදී බින්ලාඩන්ගේ පෞද්ගලික සහකරු හෙවත් ඔහුට තොරතුරු ගෙනයන තැනැත්තා අත්අඩංගුවඩ ගත් සී. අයි. ඒ. විමර්ශකයන් බින්ලාඩන් සිටින්නේ ඇබ්බොට්‌මාබාඩ් නගරයේ සුවිසල් මැඳුරක යෑයි සොයා ගත්හ.

    එහෙත් ඇමරිකානු සී. අයි.ඒ සංවිධානය මුහුණ පෑ බරපතල ප්‍රශ්නය වූයේ ඉතාමත් ජනප්‍රියතම සංචාරක පාරාදීසයක්‌වූ ඇබ්බොට්‌මාබාඩ් නගරය පකිස්‌තානු හමුදාවේ නිලධාරීන්ගේ නිවාඩු නිකේතනයන් වීමය.

    ජෙරෝනිමෝ මෙහෙයුම දියත් කිරීමට සතියකට පෙර ඔසාමා බින්ලාඩන් සැඟවී සිටින බවට තහවුරු වූ මේ නගරයේ චන්ද්‍රිකා ඡායාරූප ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විසින් බරක්‌ ඔබාමාට සපයා තිබුණි.

    පකිස්‌තාන් වේලාවෙන් රාත්‍රි 10.31 ට ඇමරිකානු බ්ලැන්හොzක්‌ ප්‍රහාරක හෙළිකොප්ටර් දෙකකින් නේවිසීsල් - 6 හෙවත් නාවික සීල් බලකායේ කණ්‌ඩායම් ඔසාමා බින්ලාඩන්ගේ සුවිසල් මැදුර අසලට ගොඩබසිනු ලැබූහ.

    මැනවින් පුහුණුව ලත් මේ සීල් භටයන් රාත්‍රිය විනිවිද පෙනෙන නයිට්‌විෂන් උපාංගවලින්ද යුක්‌ත වේ.

    ජෙරෝනිමෝ මෙහෙයුමට ගතවූයේ විdනඩි 40 කි. සිල් භටයන් ඔසාමා සිටි ස්‌ථානයට කඩාවැදීමත් සමඟම ඔහු එක්‌ අතකින් ඒ. කේ. 47 කාලෂිනකෝව් ප්‍රහාරක රයිපලයක්‌ද අනිත් අතින් මිනිස්‌ පලිහ වශයෙන් සිය එක්‌ බිරියක්‌ද අල්ලාගෙන ඇගෙන් ආවරණය විය. එහෙත් සීල් භටයන් විසින් බින්ලාඩන්ට හා ඔහුගේ බිරියද එක්‌ පුත්‍රයකු හා තවත් දෙනකුටද වෙඩි තබා මරා දැමිණ.

    ඔසාමා බින්ලාඩන් හා ඔහුගේ පවුලේ අය ඝාතනය වන අයුරු ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ඇතුළු ඇමරිකානු සී. අයි. ඒ. හා ආරක්‌ෂක නිලධාරීහු සියෑසින් දැක ගත්හ.

    මේ සමගම ඔසාමා බින්ලාඩන්ගේ සුවිසල් මැදුරේ සිටි සිල් බලකා ප්‍රධානියාගෙන් බරක්‌ ඔබාමා වෙත පණිවිඩයක්‌ ලැබිණි. එහි දැක්‌වූයේ ජෙරෝනිමෝ සටනේදී මියගියා යනුවෙනි. (ඨැරදබසපද සි ණගෂගA ණසකකැd සබ ඉaඑඑකැ)

    ඔසාමා බින් ලාඩන්ව ඝාතනය වන අවස්‌ථාවේ ඇමරිකානු කාල්වින්සන් නැමති ගුවන් යානා ප්‍රවාහනය කරන දැවැන්ත නෞකාව අරාබි මුහුදේ නතරකර තිබිණි.

    මෙහෙයුම නිමාවී විනාඩි පනහකින් පසු ඔසාමාගේ සිරුර නහවා රෙදිවලින් ඔතා උතුරු අරාබි මුහුද වෙත දැමීමට කාල්වින්සන් නැවේ විශේෂ ඒකකයන් විසින් ක්‍රියාකෙරිණි.

    එහෙත් සිරුර මුහුදට දමනු ලැබුවේ කුමන ස්‌ථානයකදැයි ඇමෙරිකානු නිලධාරීහු හෙළිකළේ නැත.

    මෙහිදී ප්‍රශ්න කීපයක්‌ මතුවිය. ඒ ඔසාමා බින්ලාඩන්ගේ සිරුර ආරක්‌ෂා කර එය පෙන්නුම් කිරීමට ඇමරිකානු බලධාරීන් ක්‍රියා නොකළේ මන්ද යන්නයි.

    අල්කයිදා නායකයාගේ සිරුර භූමදාන කිරීම සඳහා භාරගැනීමද සවුදි අරාබියාව විසින් ප්‍රතික්‌ෂේප කර ඇතැයි හෙළිවේ.

    ඇමරිකානු බලධාරීහු බින්ලාඩන්ගේ සිරුර පැය 24 ක්‌ තුළ තබා නොගෙන කඩිමුඩියේ එය මුහුදට දැමුවේ මන්ද යන්නද දැඩි ලෙස සැකයට තුඩුදී ඇති සිද්ධියකි.

    මේ සම්බන්ධයෙන් ඩුබාහි හි ඉහළ පෙළේ ආගමික නායකයකුවූ මොහමද් අල් කුමාබායි පැවසුවේ විශේෂවූ අවස්‌ථාවල හැර මුස්‌ලිම්වරුන්ව මුහුදේ භූමදාන කිරීමට අවසරක්‌ නැති බවයි.

    මේ අතර බින්ලාඩන්ව විනාශ කිරීමේ මෙහෙයුම පකිස්‌තාන් බුද්ධි සේවාව දැන නොසිටියේද යන්න පකිස්‌තාන් ජනතාවටද ප්‍රශ්නයක්‌ වී ඇත.

    බ්ලැත්හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකට අමතරව චීනුක්‌ වර්ගයේ හෙලිකොප්ටර් දෙකක්‌ද මෙහෙයුමට සම්බන්ද විය.

    අප්‍රියෙල් 7 සහ 17 යන දිනවල ඇප්ගනිස්‌ථානයේ බාගම් ගුවන් තොටුපළේදී බින්ලාඩන්ගේ සුවිසල් මැදුරට සමාන මැදුරක ආකෘතියක්‌ ඉදිවිය.

    ඇමරිකානු නාවික සීල් භටයන් මේ සථානයේදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීඹට යන මෙහෙයුම සම්බන්ධව පුහුණුව ලබා තිබේ.

    මේ පසුබිම මැද ඔපරේෂන් ජෙරෝනිමෝ මෙහෙයුම ආරම්භ විය. මුල්ම බ්ලැක්‌හෝර්ක්‌ (ඊක්‌ජන ය්අන) හෙළිකොප්ටර් බින්ලාඩන්ගේ සුවිසල් මැදුර වෙත පහත් වෙද්දී මැදුරේ පියස්‌සේ සිටි ආරක්‌ෂකයන් විසින් ඊට රොකට්‌ විදිනයක්‌ මගින් ප්‍රහාර එල්ල කර ඇත. ඒ සමඟම එම ප්‍රහාරක හෙළිකොප්ටරය සුවිසල් මැදුර අසලට කඩා වැඩුණි. එහෙත් එහි සිටි විශේෂ බලකා භටයන් හා නියමුවන් දිවි ගවා ගත්හ.

    හෙළිකොප්ටරයක්‌ කඩාවැටුනු ශබ්දය ශ්‍රවණයවීමත් සමඟ අවට ප්‍රදේශවාසීහු එම ස්‌ථානය වෙත පැමිණෙද්දී පෂ්තෝ භාෂාව කතාකරන සී අයි ඒ ඒජන්තවරුන් ඔවුන්ට නිවාසවලට ගොස්‌ දොරවල් වසා ගන්නා ලෙස නියම කර ඇත.

    ඩොලර් මිලියනයක්‌ වටිනා සුවිසල් මැදුරක සුව පහසු ලෙස සිටි බින්ලාඩන්ව විනාශ කිරීම සඳහා ඇමෙරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් හතරක්‌ පකිස්‌තානය වෙත එද්දී පකිස්‌තානයේ අයි. එස්‌. අයි. (ෂගීගෂ) බුද්ධි සේවාව දැනසිටියේද යන්න බරපතල ප්‍රශ්නයකි.

    මෙම ප්‍රහාරයෙන් පසු බරපතල තුවාල ලබා සිටි බින්ලාඩන්ගේ දියණිය සවියා ඇතුළු දරුවන් හතර දෙනෙක්‌ හා කාන්තාවන් දෙදෙනෙක්‌ද ගිලන් රියකින් ගෙන ගොස්‌ ඇත.

    ඔසාමා බින්ලාඩන් ජීවත්වූ මේ සුවිසල් මැදුරේ දුරකකථන හෝ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැත.

    එහෙත් ඔහුට සියලු තොරතුරු ලැබෙන මාර්ග තිබුණු බව වාර්තා විය. පකිස්‌තාන් මාධ්‍ය දක්‌වන්නේ ඇමරිකානු ප්‍රහාරක හෙළිකොප්ටරඑ ඇබ්බොට්‌මාබාඩ් නගරයට ඒමට පෙර පකිස්‌තාන් ගුවන් රෛ¨ඩාර් පද්ධතිය අක්‍රීය කිරීමට ඇමෙරිකානුවන් ක්‍රියාකර ඇති බවයි.

    මෙය සනාථවන්නේ ඇමරිකානු නිලධාරියකු කළ ප්‍රකාශයකිනි. "අප පකිස්‌ථානය සංගමයත් මේ මෙහෙයුම සම්බන්ධ බුද්ධි තොරතුරු හුවමාරුකරගන්නේ නැහැ. යයි ඔහු කියා සිටියේය.

    මෙහිදී ඇමරිකානු මෙහෙයුම ගැන පකිස්‌තානයේ ජනාධිපති අල් සර්දාරි පවා දැන නොසිටි බව වාර්තා වේ. මේ අතර පකිස්‌තාන් යුද හමුදා ඇකඩමිය වූ කාකුල් ඇකඩමියට යාර 800 ක්‌ ඈතින් බින්ලාඩන් සුවිසල් මැදුරක සිටින බවට පකිස්‌තාන් බුද්ධි සේවාව නොදන සිටි බවට විශ්වාස කළ හැකිද?

    ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විසින් ජෙරෝනිමෝ මෙහෙයුම දියත් කිරීඹට පෙර මාර්තු 14 වැනිදා ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ ප්‍රධානත්වයෙන් රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

    මේ සාකච්ඡාවට සී. අයි. ඒ. නිලධාරීන්ද සම්බන්ධවිය. මෙහිදී ඔබාමා බින්ලාඩන් සිටින සුවිසල් මැදුරට බී 0 2 ස්‌ටෙල්ත් හෙවත් රේඩාරයට අසු නොවන යානා දෙකක්‌ ලවා රාත්තල් 2000 ක්‌ බරැති බෝම්බ දුසිමක්‌ හෙළීමට තීරණය විය. එහෙත් ඇමරිකානු හමුදා නිලධාරීහු පැවැසුවේ එවන් බෝම්බ ප්‍රහාරයකින් මුළු නිවස පමණක්‌ නොව ඔසාමා බින්ලාඩන් සමතලාවන බවත් අවට සිටින සිවිල් වැසියන් රැසක්‌ද ජීවිතක්‍ෂයට පත්වන බවයි. මේ නිසා එකී මෙහෙයුම අත්හිටුවන්නැයි බැරැක්‌ ඔබාමා නියෝග කරනු ලැබීය.

    මෙම අතිශයින්ම රහසිගත මෙහෙයුමට සම්බන්ධවී කැඩාවැටුන බ්ලැක්‌හෝන් හෙළිකොප්ටරයේ සුන්බුන් පවා මොහොතක්‌ තුළ ගෙන යැමට ඇමරිකානු භටයන් ක්‍රියාකර ඇත.

    මෙයට වසර ගණනකට පෙර සෝමාලියාවේදී ආර්. පී. ජී. ප්‍රහාරයකින් එවන් හෙළිකොප්ටරයක්‌ කඩාවැටුණි. මෙවැනි තත්ත්වයකට පකිස්‌තානයේදීද මුහුණපෑමට සිදුවනු ඇතැයි ඇමරිකානු යුධ උපදේශකයන් අතර බියක්‌ පැවතුනි.

    මේ අතර බින්ලාඩන්ගේ යයි දන්වමින් පකිස්‌තානයේ රූපවාහිනී සේවාවන් නිකුත් කළ ඡායාරූපයද ව්‍යාජ යයි අනාවරණය විය.

    අපි කිසිම ඡායාරූපයක්‌ ප්‍රකාශයට පත්කරන්නේ නැහැ යෑයි ඇමරිකානු නිලධාරීහු කියා සිටියෝය. එසේ නම් බින්ලාඩන් යයි තහවුරු වූයේ කෙසේද?

    වසර කීපයකට පෙර ඔසාමා බින්ලාඩන්ගේ සොහොයුරියක්‌ ඇමරිකාවේ බොස්‌ටන් රෝහල තුළ මොළේ පිළිකාවකින් මිය ගියාය. ඇමරිකානු එµa. බී අයි. පොලිසිය අධිකරණ නියෝගයක්‌ මත ඇගේ මොළය ලබාගෙන එය ප්‍රයෝජනයට සිය රසායනාගාරයේ තැන්පත්කර තිබිණි. ඇගේ සිරුරෙන් ලබාගත් "ලේ පටල" හා බින්ලාඩන්ගේ ලේ පටල සැසදීමෙන් සිරුර බින්ලාඩන්ගේ යයි සනාථ විය.

    ඇමරිකානු බුද්ධි සේවා නිලධාරීහු බින්ලාඩන්ගේ එක්‌ බිරියකද ගෙනවුත් සිරුර හඳුනා ගැනීමට ක්‍රියාකර තිබූ බව හෙලිවේ "ඔපරේෂන් ජෙරෝනිමෝ" මෙහෙයුම සම්බන්ධව ඇමරිකාව අනුගමනය කළ පිළිවෙත මෙයයි. ඇමරිකාවේ ආරක්‌ෂාවට හා සිවිල් ජනතාවට තර්ජනයක්‌ එල්ල කළ ඕනෑම ත්‍රස්‌තවාදියකු ඕනෑම රටකට ගොස්‌ ඝාතනය කරන බවයි.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Paksitanaya denagane netuwa kohomada americawa anunge ratakata gihin operation ekak karanne? Meka wihilu katawak...
    Mokada hitanne..pora tama merala netuwa ati ekai images nette...
    Porawa hangan innawa americawa...Hebai godabima nemai...oya kiyana ship ekak wenna ona....
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    පට්ටයි මචන්.:yes::yes:මමත් මේ මිශන් එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.හැබැයි උබ මට වඩා හොදට මේ පෝස්ට් එක දාලා තියෙනවා.:):):)

    රෙප් දෙන්න බෑලු බන්..........
    :(:(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් මචන්, දැන් එතකොට ඇමරිකාව මානව අයිතිවාසිකම් උල්ලංගනය කරලා නැහැ නේද. කො බන් බැන්කින් පොන්නයා, උත් මැරිලාද ඒ මෙහෙයුමෙන්. අඩො අපිට බැරිද බන් ඔය මුන් කාරයට සම්මනයක් දෙන්න කියලා ලංකාවට ගෙන්නන්න අනිවා මචන් මම ඉදිරිපත් වෙනවා ඕකව මරාගෙන මැරෙන්න,ආයි එකෙ දෙකක් නැහැ.

    Rep ++
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තෑන්ක්ස් මචන්!

    නියම මිෂන් එකක්!

    උගේ පොටෝ එකකුත් දැම්ම නම් තමයි හොඳ!