බින් කියන්නේ කවුද ?
රෝවන් ඇට්කින්සන් කිව්වාම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණත් මිස්ටර් බීන් කිව්වාම ඕනෙම පොඩි දරුවෙක් උනත් දන්නා ඔහු ගැන අපි අද වීඩියෝවෙන් කතා කරන්න හිතුවා. ඒත් ඇයි?
රෝවන් ඇට්කින්සන් කියන්නේ උපතින්ම කථන ආබාධයක් තිබුණු කෙනෙක්. බොහෝ දෙනෙක් තමන්ගේ ආබාධ හෝ ගැටළු සහිත බව ඉදිරියට නොයෑම සදහා හේතුවක් කරගනිද්දි, රෝවන් ඇට්කින්සන් සිය අබලතාව හොදම ප්‍රබලතාව බවට පත් කරගත්තා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට රෝවන් ඇට්කින්සන් කියන්නේ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. ලෝකයට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් ලක්ෂයක් උනත් ඉන්න බැරි නෑ. නමුත් මිස්ටර් බීන් ලා ඉන්නේ එකයි. අධ්‍යපනය ලබන ක්ෂේත්‍රයම නෙවෙයි, පුද්ගලයෙකුගේ ගමන තීරණය කරන්නේ කියන කාරණාවත් රෝවන් ඇට්කින්සන් ලෝකයට ඕනෑ තරම් ඔප්පු කර පෙන්වූ කෙනෙක්.
ඇද වැටුණු තැනින් නැගිටීන්න, ප්‍රතික්ෂේප කිරීම්වලට සාර්ථකත්වයෙන් උත්තර දෙන්න කදිම හැකියාවක් තිබුණ රෝවන් අති දක්ෂ පිටපත් රචකයෙක්. මිස්ටර් බීන් පිටපත් රැසක් ඔහුගේ. හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ බීන් ඒ ලිව්වේ නාට්‍යයේ පිටපත විතරක් නෙවෙයි කියලා. ඔහුගේ ජීවිතයේ පිටපත කියලා. එහෙම තමන්ට කැමති විදියට ජීවිත පිටපත ලියන්න පුළුවන්කම තියෙන්නේ කීයෙන් කී දෙනාට ද? ඔබත් එහෙම කෙනෙක් වෙනවා දකින්න තියෙන කැමැත්ත තමයි මේ විඩියෝව ඔබට දෙන්න හේතු වුණේ.
අද සදුදා දවස ජවයෙන් පටන් ගන්න සුබ පැතුම්. අලුත් මාසයක පලවෙනි සදුදා. අලුතින්ම පිටපත ලියන්න පටන් ගන්නත් ඔබට පුළුවන්. ඒ නිසා පටන් ගමු. තවත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා.
උපුටා ගත්තේ
තවත් මෙවැනි විඩියෝ බලන්න. අපේ YouTube චැනල් එක Subscribe කරන්න මෙතැනින්.
https://www.youtube.com/channel/UCAryl-LLakHjD5HYugOIlfg…
#Motivationlk_videos