ඵුස්ස බුදු සමයේ දී ඒ ප්‍රේතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සගරුවනට දානය සකසන්නට යෙදුනා. මේ අතර ඔවුන්ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඩන්නට වුණා. මුල් කාලයේ සගුන් වළදා අවසන් කළ ඉතිරි වූ ආහාර දුන් නමුත් පසු කාලයේ මහා සගරුවන සදහා සකස් කරන භෝජනය මහ සගරුවන වැළදීමට පෙරදී දරුවන්ට දුන්නා. පසුව බිය සැක අඩු වී ඔවුන් ද අනුභව කළා. දාන ශාලාවද ගිනි තැබුවා. මෙයට සම්බන්ධ සියල්ලෝම නිරයෙහි ඉපිද දුක්විඳ ඉන් චුතව ප්‍රේතව උපන්නා. පසු කාලයක බිම්බිසාර රජු දානයක් දී ඔවුන් සැපවත් කළා. බලන්න පින්වතුනි බුද්ධාන්තර හතක් දුක් දුන් කර්මයක හැටි.
උතුම් ධර්ම දානයක්ම වේවා !


