බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🌸 බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව …

    ඵුස්ස බුදු සමයේ දී ඒ ප්‍රේතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සගරුවනට දානය සකසන්නට යෙදුනා. මේ අතර ඔවුන්ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඩන්නට වුණා. මුල් කාලයේ සගුන් වළදා අවසන් කළ ඉතිරි වූ ආහාර දුන් නමුත් පසු කාලයේ මහා සගරුවන සදහා සකස් කරන භෝජනය මහ සගරුවන වැළදීමට පෙරදී දරුවන්ට දුන්නා. පසුව බිය සැක අඩු වී ඔවුන් ද අනුභව කළා. දාන ශාලාවද ගිනි තැබුවා. මෙයට සම්බන්ධ සියල්ලෝම නිරයෙහි ඉපිද දුක්විඳ ඉන් චුතව ප්‍රේතව උපන්නා. පසු කාලයක බිම්බිසාර රජු දානයක් දී ඔවුන් සැපවත් කළා. බලන්න පින්වතුනි බුද්ධාන්තර හතක් දුක් දුන් කර්මයක හැටි.

    උතුම් ධර්ම දානයක්ම වේවා ! 🌸
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931

    Me loke bahutharaya marunata passe prethayo wela ඉපදෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708

    මොකද්ද බං ඒ කතාවේ තේරුම. බුද්ධාගම කර්මය හැදුවා කියලද හිතන් ඉන්නේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
    උතුම් ධර්ම දානයක්ම වේවා ! 🌸 ;)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    මොකද්ද බං ඒ කතාවේ තේරුම. බුද්ධාගම කර්මය හැදුවා කියලද හිතන් ඉන්නේ.
    දැන් ආනතරිය පාප කර්ම කියන්නේ මනුස්සයෙක් ට කරන්න පුලුවන් ලොකුම අකුසල් නේ ??
    එවලින් තුනක් ම බුදු දහමට සම්බන්දයි. ඒවා කරල අපායේ යන්න වැඩි ඉඩක් තියෙන්නේ බෞද්ධ සමාජයක ඉන්න අය .
    බුදු දහම කියලා එකක් අහලවත් නැති තැනක මනුස්සයෙක් ට සංග භේදය කරන්නත් බෑ , රහතන් කෙනෙක් /බුදු කෙනෙක් ට කරදරයක් කරන්නත් බෑ .
    දැන් ඔය උඩ දාල තියන කතාවේ බිම්බිසාර ගේ නෑයෝ ටික වෙන රටක හිටියනම් උන්ට ඔය "මහා සගරුවන" ට දෙන දානේ සෙට් වෙන්නේ නෑ .. සාමාන්‍ය හොරෙන් කෑම කෑවා වගේ නෙවෙයි නේ මහා සන්ගරත්නේ එකක් හොරෙන් කෑවම ?? ඒකට පව් වැඩි..

    ඉතින් ආගම නිසා අලුතෙන් පව් ඇතිවෙලා තමයි.. එහමත් නැත්නම් කරන්න පුලුවන් අකුසල් වල විපාකය වැඩිවෙලා එතනට ආගම සම්බන්ද උනාම. :rofl:
     
    ගුරත්වාකර්ෂණය නෑ නිවටන් නැත්තං කිව්වත් හරි එහෙම බලද්දී 👌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    ගුරත්වාකර්ෂණය නෑ නිවටන් නැත්තං කිව්වත් හරි එහෙම බලද්දී 👌
    ඒ දෙක දෙකක් නේ බන්. නිව්ටන් විද්‍යාව කියලා එකක් හොයාගෙන එක නිසා ගුරුත්වකර්ෂණය ආව නෙවෙයි නේ.

    මෙතන කෙලින්ම අකුසල් වල දරුණුම ඒවා වෙන්නේ බුද්දාගම සම්බන්ද අකුසල් වලට.
    එක කොහොමද කොහොමත් තියන එකක් වෙන්නේ ??
     
    නිව්ටන් නැත්තන් වාහන accident නෑ. ඒකත් තිබ්බ එකක් නෙවෙයි නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    නිව්ටන් නැත්තන් වාහන accident නෑ. ඒකත් තිබ්බ එකක් නෙවෙයි නේ.
    නිව්ටන් ට කලින් ඉදන් රථවාහන අනතුරු වෙන්න ඇති. :rofl: අශ්ව කරත්ත තියෙන්න ඇති නේ.
    මෝටර් වාහන කියලා හිතුවත් ඒවා ලෝක ධර්මතා නෙවෙයි.. මෙතන උබ කතා කරන්නේ එක ආගමක් නිසා ලෝකේ ඉන්න සියලුම මිනිසුන්ට බලපාන ධර්මතාවක් ගැන.

    මේ කියන්නේ පසු කාලේ ඇතිවෙච්ච බුදු දහම කියල ආගමකට සම්බන්දව ලෝකේ ඉන්න මිනිසුන්ගේ අකුසල් වල ප්‍රමාණය තීරණය වෙන්ව වගේ කතාවක්. ලෝක ධර්මතාවයක් එක ආගමකට සම්බන්ද කරන්න හදනව. ඕක හැම ආගමේම තියනවා ඉතින්.

    දැන් උබ පිළිගන්නවද සාමන්‍ය මනුස්සයෙක් ගෙන් හොරෙන් කන එකට වඩා බුද්ධ පුජාව හොරෙන් කන එකේ අකුසල්ය වැඩි කියලා ?
    ඔව් නම් එක වෙන්නේ කොහොමද කියලා කියන්න.
    සාමනය මනුස්සයෙක්ට දෙන දානයකට වඩා එක්තරා ආගමකට සම්බන්ද ශ්‍රාවකයන්ට දෙන දානය උතුම් වෙන්නේ කොහොමද / කුසල් වැඩි වෙන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Phone Hora

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    රෝදය හොයාගත්ත එකා කියල වෙනස් කරගන්න එහෙනන්.
    (රෝදය ඕනම නෑ රථවාහන අනතුරු වෙන්න හැබැයි .)
    කොහොමහරි උබ ඔය අරන් එන උදාහර්ණ වැරදියි..
    රෝදය වගේ තව ඉස්සරහට වෙන අමුතු එකක් හොයාගනි මිනිස්සු. ඒ දේ පාවිච්චි කරල අමුතු අනතුරු ටිකක් වෙයි ලෝකේ.

    මේ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි නේ.
    මොන තරම් ආගම් ඉස්සරහට ආවත , මොනව උනත් ලෝකයේ අතීතයේ, වර්තමානයේ අනාගතේ මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම අකුසලය තමන්ගේ ආගමට සම්බන්දව කරන අකුසල් කියනව වගේ දෙයක් .

    සාමාන්‍ය දෙයක් හොරෙන් කනවට වඩා සගසතු දෙයක් හොරෙන් කෑවම විපාක වැඩි මොකද කියලා කියන්නකෝ ඉතින්.. අකුසලයකට බුද්දාගමට අදාළ දෙයක් සම්බන්ද උනාම ලොකු විපාකයක් වෙන්නේ කොහොමද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,262
    1
    61,685
    113
    Mother Earth
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
    (1) මව මැරීම
    (2) පියා මැරීම
    (3) රහතුන් ඝාතනය කිරීම
    (4) දුෂ්ඨ සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම හෙවත් ලෝහිතුප්පාදය
    (5) සංඝභේදය

    ඩිලාන් කියන කතාව හරියටම හරි. හාමුදුරුවො හිටියෙ නැත්තම් ඔය කපලා තියෙන කාරණා තුනම නැති වෙනවා. ඒකෙන්ම පේනවා තට්ටයන්ගෙ වාසියට හදාගත්තු දේවල් කියල. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    (1) මව මැරීම
    (2) පියා මැරීම
    (3) රහතුන් ඝාතනය කිරීම
    (4) දුෂ්ඨ සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම හෙවත් ලෝහිතුප්පාදය
    (5) සංඝභේදය

    ඩිලාන් කියන කතාව හරියටම හරි. හාමුදුරුවො හිටියෙ නැත්තම් ඔය කපලා තියෙන කාරණා තුනම නැති වෙනවා. ඒකෙන්ම පේනවා තට්ටයන්ගෙ වාසියට හදාගත්තු දේවල් කියල. :D
    ඕය වගේ කතා ඉත්න් හැම ආගමේම තියනව.. අල්ලාට , දෙයය්න්වහන්සේට ඈදල දේවල් කියන්නේ . මේකත් ඒ වගේම තමයි.
    ඔය අස්ලිය දාල තියන කතාවේ බලපං කොච්චර බය කරන්න කියන කතාවක් කයිල. 84 000ක් ම නෑයෝ ට කෙලවෙලා තමන්ගේ ආගමේ දෙයකට වැරද්දක් කරා කියලා. එහෙම කියලා බය කරනවා.
    උබ කියනව වගේ තමන්ගේ වාසියට කියන දේවල් තමයි ඕව.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගුරත්වාකර්ෂණය නෑ නිවටන් නැත්තං කිව්වත් හරි එහෙම බලද්දී 👌

    නිව්ටන් නැත්තන් වාහන accident නෑ. ඒකත් තිබ්බ එකක් නෙවෙයි නේ.
    මේ reply දෙක හෙළයෙක් වෙනදා දාන ප්‍රතිචාර වගේ නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මේ reply දෙක හෙළයෙක් වෙනදා දාන ප්‍රතිචාර වගේ නෙවෙයි.
    ඊයේ ටිකක් දිග ලිපි දෙකක් ලිව්ව ඒ නිසා ටයිප් කරන්න කම්මැලියේ දැම්මේ 😊

    (රෝදය ඕනම නෑ රථවාහන අනතුරු වෙන්න හැබැයි .)
    කොහොමහරි උබ ඔය අරන් එන උදාහර්ණ වැරදියි..
    රෝදය වගේ තව ඉස්සරහට වෙන අමුතු එකක් හොයාගනි මිනිස්සු. ඒ දේ පාවිච්චි කරල අමුතු අනතුරු ටිකක් වෙයි ලෝකේ.
    වැඩ කරන හැටි මුලින් හොයාගත්තම තමා එකේ use case එන්නේ. ඊට පස්සේ කොහොමත් බීල්ඩ් වෙන්නේ ඒ explanations උඩ. ඒක නිසා තමා අමුතු එකක් හොයා ගත්තාම අමුතු අනතුරු ටිකක් වෙන්නේ. ඒකෙන් කියන්නේ නෑනේ ඒ explanation එක නිසා ඒ දේ සිද්ධ උනා කියල. වෙච්ච දේ මෙන්න මේ නිසා වෙනවා කියල තේරුම් ගන්න එක තමා උනේ එතන. තේරුම් ගත්ත නිසා ඒ ඔස්සේ තව explanations build වෙනවා.

    මේ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි නේ.
    මොන තරම් ආගම් ඉස්සරහට ආවත , මොනව උනත් ලෝකයේ අතීතයේ, වර්තමානයේ අනාගතේ මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම අකුසලය තමන්ගේ ආගමට සම්බන්දව කරන අකුසල් කියනව වගේ දෙයක් .
    ඉතින් එකේ අවුලක් නෑනේ. ඒක එක විෂයට සාපේක්ෂයි නේ කොහොමත් explanation එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    වැඩ කරන හැටි මුලින් හොයාගත්තම තමා එකේ use case එන්නේ. ඊට පස්සේ කොහොමත් බීල්ඩ් වෙන්නේ ඒ explanations උඩ. ඒක නිසා තමා අමුතු එකක් හොයා ගත්තාම අමුතු අනතුරු ටිකක් වෙන්නේ. ඒකෙන් කියන්නේ නෑනේ ඒ explanation එක නිසා ඒ දේ සිද්ධ උනා කියල. වෙච්ච දේ මෙන්න මේ නිසා වෙනවා කියල තේරුම් ගන්න එක තමා උනේ එතන. තේරුම් ගත්ත නිසා ඒ ඔස්සේ තව explanations build වෙනවා.
    උබේ උදාහරණ වැරදි බන්..
    ලෝකේ අලුතෙන් දේවල් හොයාගත්තම ඒ ඒ දේවල් වලට අදාළ සිද්දි වෙන්ව ..

    මේක එහෙම එකක් නෙවෙයි.
    මේක හරියට මම අලුතෙන් දෙයක් හොයාගෙන ඒ දේ පාවිච්චි කරල ලෝකේ ඉන්න හිටිය ඉස්සරහට එන්න ඉන්න හැම මනුස්සයෙක්ට ම අදාලවෙන, වෙන් කාටවත් අනාගතේ replace කරන්න බැරි ධර්මතාවක් කියනවා වගේ දෙයක්..

    ඉතින් එකේ අවුලක් නෑනේ. ඒක එක විෂයට සාපේක්ෂයි නේ කොහොමත් explanation එක.
    ඒවා explanation නෙවෙයි.. explanation එකක් කරගන්න බැරි ෆැන්ටසි නේ.
    පුලුවන් නම් explain කරපං සාමන්‍ය මනුස්සයෙක් ගේ කෑමක් හොරෙන් කනවට වඩා සග සතු කෑමක් හොරෙන් කෑවම විපාකය වැඩි වෙන්නේ කොහොමද ?