ඕක තමා ඔතන තියන ප්‍රශ්නෙ.
ග්‍රීන්තන්ඩර් මේ ත්‍රෙඩ් එකට සම්බන්ද නොවුනෙ ත්‍රෙඩ් එකේ දිලාන්ගෙ මුල් ප්‍රශ්නෙ අදහසම
කලින් දවසකත් දිලාන් අහලා/ප්‍රකාශ කරලා තිබිලා ඒකට දෙන්න පුලුවන් පැහැදිලි කිරීම් දීල තිබ්බ නිසා.
කවුරු මොනවා කිව්වත් සංසාරගත මනුශ්‍ය අපිට විශ්වාසයෙන් ගැලවීමක් නෑ. අපි හැමෝගෙම තර්ක, පැහැදිලිකිරීම් සියල්ල අන්තිමට ගිහින් හේත්තු වෙන්නෙ විශ්වාස වලට. පිලිවෙලින් ප්‍රශ්න කරගෙන ගියොත් "ඒක එහෙම තමයි/ඒක එහෙම ගන්න වෙනවා/ඒක විශ්වාස කරන්න වෙනවා" කියන කතාව කියන්නම වෙනව. ඒ නිසා අර ඊයෙ පෙරේදා පැල්පොලගෙ ත්‍රෙඩ් එකේ තිබුනා වගේ බෞද්ධයන් බෞද්ධ ඉගැන්වීම් විශ්වාස කරන්න බය වෙන්න එපා. ශ්‍රද්ධාවෙන් ගත යුතු දේවල් තියෙන්නෙ බුදුදහමෙ පමණක් නෙමෙයි "නීතිය, සංස්කෘතිය,සදාචාරය, අධ්‍යාපනය, විද්‍යාව" ආදී සියල්ලගෙම ශ්‍රද්ධාවෙන් ගතයුතු කොටස් තියනවා.
Edited
Link added
Minor changes