බියකරුය මේ සසර

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    බියකරුය මේ සසර

    site-19.jpg


    Please Bump and Share!
    නිරය ගැන කියද්දි සුරංගනා කතා කියල ඔයාලටත් හිතේවි යාලුවනේ. ඒත් ඒ හැම දෙයක්ම ඇත්ත. :sorry:

    සැදැහැවත් පින්වතුනි, කෙළවරක් නොපෙනෙන සංසාර ගමනක අතරමං වී සිටින අපි මොකක්දෝ ලොකු වාසනාවකට මිනිස් ලෝකයට ආවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබුණා. නමුත් ඒ ශ්‍රේෂඨ ධර්මය පසෙක තබා මනුස්ස ලෝකයේ තිඛෙන දේවල්වලට රැවටෙනවා. මුළා වෙනවා. ඒවා පස්සෙන් ම දුව දුව යනවා. කළාතුරකින් ලැඛෙන මේ මිනිස් ජීවිතයෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන මැරිලා ගියොත් අපිට කොහේ ඉපදෙන්න වෙයි ද කියලා අපි දන්නේ නෑ. යම් කෙනෙක් මැරුණට පස්සෙ අපි දකින්නේ ඔහු හෝ ඇය මැරුණා කියා විතරයි. එතනින් එහා දෙයක් දකින්න තරම් හැකියාවක් අපිට නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා සත්වයන් මැරෙන හැටි ත්, ආයෙත් උපදින හැටි ත්. සමහර මිනිස්සු කයින් සුචරිතයේ යෙදෙනවා, මනසින් සුචරිතයේ යෙදෙනවා, යහපත් ජීවිතයක් ගෙවනවා. ආර්යන් වහන්සේලාට ආර්ය ධර්මයට ගරහන්නේ නෑ. සම්මා දිට්ඨියෙන් යුතුව ජීවත් වෙනවා. ඒ වගේ අය සුගතියේ උපදිනවා. නැත්නම් ආයෙත් මිනිස් ලෝකෙට එනවා.

    එහෙම නම් ඔබට තේරෙනවා ඇති මිනිස් ලෝකෙට එන්නේ කුමක් නිසා ද කියලා. ඔබටත් සුගතියට යන්න අවශ්‍ය නම්, ඔබ ලඟත් තිබිය යුත්තේ ඉහත කී ලක්ෂණයි. ඒ වගේ ම සමහර මිනිසුන් කයින් දුසරිතේ යෙදෙනවා, (ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය) වචනයෙන් දුසරිතයේ යෙදෙනවා, (බොරු කීම, කේළාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම) මනසින් දුසරිතයේ යෙදෙනවා (ලෝභය, ද්වේශ කිරීම, මිත්‍යා දෘෂ්ටිය) මේ වගේ අකුසල් ක්‍රියා වල ම බහුල වශයෙන් නිරත වන පුද්ගලයාට උරුම වන්නේ සතර අපායයි.

    ඒ විදිහට නිරයේ ඕපපාතිකව උපදින සත්වයන් කල්ප ගණන් නිරයේ දුක් විඳිමින් තමා කළ පව් වලට විපාක විඳිනවා.

    බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, නිරයට කෙනෙක් ගියාම එයාගෙන් යම රජ්ජුරුවො මෙන්න මේ විදිහට ප්‍රශ්න කරනවා කියලා.

    “එම්බා පුරුෂය. ඔබ මනුස්ස ලෝකයේ ඉඳිද්දී දැක්කේ නැද්ද පළවෙනි දේවදූතයාව.” අනේ දැක්කේ නෑ කියනවා. “මොනවා, නුඹ මනුස්ස ලෝකයේ දී දැක්කේ නැද්ද මල මූත්‍රා ගොඩේ වැටිල සිටින උඩු අතට හැරිලා ඉන්න දරුවො.” එවිට නිරි සත්වයා උත්තර දෙනවා “ස්වාමීනි, දැක්කා කියලා.” එතකොට නුඹට සිතුනේ නැද්ද මමත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි, මට ආයෙ ආයෙමත් ඉපදෙන්න සිද්ධ වෙන නිසා මේ වැරදි වැඩ අතාරින්න ඕන කියලා.” යම රජ්ජුරුවෝ තව දුරටත් පෙන්වලා දෙනවා මව පියා, නෑදෑයො, යහළුවෝ කළ දේවල් නිසා නොව තමන් විසින් ම කරපු අකුසල කර්මයන් නිසා ත්, ප්‍රමාදී වූ නිසාත් මෙසේ දුක් විඳින්න සිදු වූ බව.

    යම රජ්ජුරුවො ඊලඟට අහන්නේ දෙවන දේවදූතයා ගැනයි. ඒ වයසට ගිය මිනිස්සු. “කොණ්ඩෙ ඉදිච්ච, දත් වැටිලා හම රැළි වෙච්ච, කුදු වෙලා වයසක මිනිස්සු නුඹ දැක්කේ නැද්ද?” නිරි සත්වයා ගේ උත්තරය වන්නේ “දැක්කා ස්වාමීනි යන්නයි.” “මමත් වයසට යනවා, මමත් ඔත්පල වෙනවා, මමත් දුර්වල වෙනවා, මමත් වයසට ගිහිල්ලා දුර්වල වෙන්න ඉස්සල්ලා අකුසල් කරන්නැතිව යහපතේ හැසිරෙන්න ඕන කියලා නුඹට සිතුනේ නැද්ද?” කියලා යම රජ්ජුරුවෝ අහනවා.

    එසේ නම් පින්වතුනි අපට පැහැදිලි වෙනවා දෙවන දේවදූතයා යනු වයසට ගිය උදවිය බවයි. එසේ නම් ඔබටත් නිතරම සිහිවිය යුතු දෙයක් තමයි අපිත් වයසට යන ස්වභාවය නොඉක්මවූ බව. ධර්මයේ හැසිරීම ප්‍රමාද නොකළයුතු බව.

    යම රජු ඊලඟට අහනවා තුන්වන දේවදූතයා දැක්කද කියලා. තුන්වන දේවදූතයා නම්, ලෙඩ වෙච්ච, මල මූත්‍රා ගොඩේ වැටී සිටින නොයෙක් ආකාරයෙන් වේදනාවලින් පීඩා විඳින මිනිසුන්ය. “අනුන් විසින් කවන පොවන, අනුන්ගේ වාරුවෙන් ඇවිදින මේ වගේ ලෙඩ්ඩු දකිද්දි නුඹට සිතුනේ නැද්ද නුඹත් ලෙඩ වෙන කෙනෙක් මේ වගේ තත්වයට පත්වෙන කෙනෙක් කියලා.” ඒ දේවදූතයා දැකලත් තමාටත් මෙය උරුම වන බව අවබෝධ නොකර ප්‍රමාදී වූ නිසා මේ දුක් විඳීම උරුම වූ බව යම රජ්ජුරුවෝ පෙන්වලා දෙනවා.

    ඉතින් පින්වතුනි, ලෙඩ වීම ඉක්මවා නොගිය අපි, ප්‍රමාද වී අකුසල කර්ම සිදු කරගත හොත් අපටත් උරුම වන්නේ මේ ඉරණම ම යි.

    යම රජ්ජුරුවො ඊළඟට අහනව, එම්බා පුරුෂය, උඹ හතරවන දේවදූතයා දැක්කේ නැද්ද, කියා. හතරවන දේවදූතයා හැටියට පෙන්වා දෙන්නේ දඬුවම් වලට අහුවෙලා ඉන්න මිනිස්සු. “කස පහරවල් කනවා, අතපය කපනවා, හිර කූඩු වල දාලා තියෙනවා, ඒ වගේ මිනිස්සු නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා.” “දැක්කා ස්වාමීනී, කියලා උත්තර දෙන නිරි සත්වයාට යම රජ්ජුරුවො තේරුම් කරලා දෙනවා. ඒ වගේ මිනිස්සු දකිද්දීත් නුඹට හිතුනේ නැද්ද පව් වැඩ ම කර කර හිටියොත් මට උරුම වන්නේ මේ වගේ දුකක් කියලා.” ඒ නිසා ඒ පව් වැඩ වලින් ඉවත් වෙලා කුසල් කරන්න ඕන කියලා.

    හතරවන දේවදූතයා අඳුනගන්න බැරි වූ ඒ පෘතජන මිනිසාට සතර අපායට ම වැටෙන්න තියෙන ඉඩ කඩ බොහෝ යි.

    යම රජ්ජුරුවො පස්වන දේවදූතයා ලෙස පෙන්වලා දෙන්නේ මියගිය මිනිස්සු. පස්වන දේවදූතයා දැක්කේ නැතැයි පිළිතුර දෙන නිරි සත්වයාට ඔහු කවුරුන්දැයි මෙන්න මේ විදිහට පහදලා දෙනවා.

    “ඒයි පුරුෂය, මනුස්ස ලෝකයේ දී නුඹ දැක්කේ නැද්ද මැරිච්ච මිනිස්සුන්ව, කුණු වෙච්ච මලමිනී දැක්කේ නැද්ද, එහෙම දකිද්දි නුඹට හිතුනේ නැද්ද මමත් මැරිලා යන කෙනෙක්, මැරෙන්න ඉස්සල්ලා කොහොම හරි මම මේ වැරදි වලින් නිදහස් වෙලා යහපතේ හැසිරෙනවා කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ පව් නුඹේ දෙමව්පියෝ වත්, නෑදෑයොවත්, දරුවො වත්, සහෝදර සහෝදරියො වත් කරපු දේවල් නෙවෙයි. නුඹම කරපු දේවල්. ඒ නිසා නුඹට මේ පව් වලට විපාක විඳින්න සිද්ධ වෙනවා කියා යම රජ්ජුරුවෝ ආකාර පහකින් සිහිපත් කරලා දීලා නිහඬ වෙනවා. හැබැයි යම් විදිහකින් ඔහුව බේරා ගැනීමට හැකියාවක් තිබේ නම් යම රජ්ජුරුවො ඔහුව බේරා ගන්නවා.

    (දේවදූත සූත්‍රය – මජ්ක‍ධිම නිකාය)

    පින්වතුනි, ඒ දේවදූතයෝ පස්දෙනා අපි දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඒත් අපි හැමදාම ඒ දේවදූතයෝ දැක්කත් අපිටත් හිතිලා තියෙනවා ද අපිත් ඒ ස්වභාවයෙන් ම යුතු අය නේද? අපිටත් උරුම ඒ දුක නේද? අපිත් ඒ දුකින් නිදහස් විය යුතුයි නේද? කියලා.?

    බුදුරජාණන් වහන්සේ අපාය සංවත්තනික සූත්‍රයේ දී, යම් කෙනෙක් අපායෙහි ඉපදීමට හේතුවෙන කරුණු 8ක් පිළිබඳව දේශනා කොට වදාළා.

    මහණෙනි, සතුන් මැරීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. සතුන් මැරීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ ආයුෂ කෙටි වීමට හේතු වෙයි.
    . මහණෙනි, සොරකම් කිරීම සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. සොරකම් කිරීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ තමන්ගේ දේපල වස්තුව විනාශ වීමට හේතු වෙයි.
    . මහණෙනි, වැරදි කාමයෙහි හැසිරීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. වැරදි කාමයෙහි හැසීරීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ සතුරන් සහිත වෛරයට හේතු වෙයි.
    මහණෙනි, බොරු කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. බොරු කීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්ත හට කරුණු රහිතව නින්දා අපහාස විඳීමට හේතු වෙයි.
    මහණෙනි, කේළාම් කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. කේළාම් කීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ හිත මිත්‍රයන් බිඳීයාමට හේතු වෙයි.
    මහණෙනි, දරුණු වචන කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. දරුණු වචන කීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට තමා අසතුටු වචන අසන්නට හේතු වෙයි.
    මහණෙනි, නිසරු බස් පැවසීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. සිසරු බස් පැවසීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ වචන කිසිවක් විශ්වාස නොකිරීමට හේතු වෙයි.
    මහණෙනි, මත්පැන් – මත්ද්‍රව්‍ය සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතුවෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලැඛෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට උම්මත්තක බවට පත්වීමට හේතු වෙයි.
    (අපාය සංවත්තනික සූත්‍රය – අංගුත්තර නිකාය 05)

    මේ දේශනාවට අනුව පුද්ගලයෙක් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමයේ හැසිරීම, බොරු කීම, කේළාම් කීම, දරුණු වචන කීම, නිසරු බස් පැවසීම, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය යන අකුසල ක්‍රියාවන් හී බහුලව නිරත වෙයි ද, නැවත නැවතත් සිදු කරයි ද, එම තැනැත්තා එම ක්‍රියා හේතුවෙන් නිරයෙහි ම උපදියි.

    පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී වැඩ සිටිය කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට අභූතයෙන් චෝදනා කරමින් රැස් කරගත්තා වූ අකුසල ක්‍රියා හේතුවෙන් පදුම නිරයෙහි ඉපදුනා. මහරහතන් වහන්සේලා දෙනම කෙරෙහි හට ගත් වෛරයෙන් යුතුව මියගිය කෝකාලික භික්ෂුව පදුම නිරයෙහි ඉපදුනු කාරණාව භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පැවසූ පසු, එක් භික්ෂූන් වහන්සේ නමක් පදුම නිරයේ ආයුෂ ප්‍රමාණය කොතරම්දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ එම නිරයෙහි ආයුෂ “මෙපමණ වර්ෂ ගණනක් ඇත්තේ ය, මෙපමණ වර්ෂ සිය ගණනක් ඇත්තේ ය, මෙපමණ වර්ෂ දහස් ගණනක් ඇත්තේ ය යැයි ගණන් කරන්නට අපහසු බව වදාළ සේක.” එවිට ඒ භික්ෂූන් වහන්සේ එසේ නම් උපමාවකින් වදාළ හැකි සේක් දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා.

    “භික්ෂුව, එය මෙවැනි දෙයකි. කෝසල දේශයෙහි විසි කිරියක් (බුදුරජාණන් වහන්සේගේ කාලයේ භාණ්ඩ වල බර මැනීම සඳහා භාවිතා කල මිනුම් දණ්ඩකි) ඇති තල ගැලක් වෙයි ද, වසර සියයක් ඇවෑමෙන් පුරුෂයෙක් ඒ ගැලෙන් එක් ඒක් තල ඇටයක් බැහැර කරන්නේ නම්, භික්ෂුව, විසි කිරියක් ඇති ඒ තල ගැලේ තල සියල්ල අවසන් වුණත් එක් “අබ්බුද නිරයක” ආයුෂ එසේ අවසන් වන්නේ නැත.

    භික්ෂුව, යම් සේ “අබ්බුද” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ “නිරබ්බුද” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “නිරබ්බුද” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “අබබ” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “අබබ” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “අහහ” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “අහහ” නිරයන් විස්සක අයුෂ ඇද්ද, මෙසේ එය “අටට” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “අටට” නිරයේ විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “කුමුදු” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “කුමුදු” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “සෝගන්ධික” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “සෝගන්ධික” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “උප්පලක” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “උපපලක” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “පුණ්ඩරීක” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, යම් සේ “පුණ්ඩරීක” නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය “පදුම” නිරයේ ආයුෂ වෙයි.

    භික්ෂුව, සාරිපුත්ත මොග්ගල්ලානයන් කෙරෙහි වෛර බැඳගත් සිතින් යුතු කෝකාලික භික්ෂුව ඒ පදුම නිරයෙහි උපන්නේ ය.”

    (අංගුත්තර නිකාය 6 – කෝකාලික සූත්‍රය)

    නිකෙලෙස් මහරහතන් වහන්සේලාට අභූතයෙන් චෝදනා නගමින් වෛර බඳිමින් වචවයෙන් බරපතල අකුසල් කල කෝකාලික භික්ෂුව ගණන් කළ නොහැකි ආයුෂ ඇති “පදුම නිරයේ” තවමත් දුක් විඳිනවා.

    පින්වතුනි, දැන් ඔබට යන්තම් හෝ වැටහෙනව ඇති “පදුම නිරයේ” ආයුෂ කොපමණද කියල. එහෙනම් දුර්ලභ මිනිස් ජීවිතයෙන් පස්සෙ අපේ ගමනත් හැරෙන්නෙ ඒ දෙසට නම් ඔය වගේ කාලයක් අපටත් දුක් වි`දින්න වෙනව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ සතර අපාය මහගෙදර වගේ කියල. මොකද සංසාරයේ ගමන් කරන සත්වයා වැඩිපුරම උපදින්නේ සතර අපායේ නිසා.

    දෙව් විමන් සැප ලබන මහා පුණ්‍ය ගංගාවෝ…

    ඒ වගේ ම පින්වතුනි, මහා සැප ලබාදෙන සැප විපාක ඇති කරන දෙව්ලොව ඉපදීම පිණිස පවතින ඉෂ්ට වූ කාන්ත වූ මනා වූ හිතසුව පිණිස පවතින පුණ්‍ය ගංගාවෝ (කුසල් ගංගාවෝ) 8 ක් ගැන පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහස්සේ දේශනා කොට වදාළා.

    යම් ශ්‍රාවකයෙක් “බුදුරජාණන් වහන්සේ සරණ යාම” පළවෙනි කුසල ගංගාවයි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “ධර්මයේ සරණ යාම” දෙවන පුණ්‍ය ගංගාවයි.

    ආර්ය මහා “සංඝරත්නය සරණ යාම” තෙවන පුණ්‍ය ගංගාවයි.

    යම්කිසි ශ්‍රාවකයෙක් “සතුන් මැරීම ඇතහැර” අපමණ සත්වයින්ට අභය ලබා දෙයි ද අවෛරය දෙයි ද නිදුක් බව දෙයි ද මෙසේ අභය( බය රහිත බව) දෙන, අවෛරය දෙන, නිදුක් බව ලබාදෙන ඒ ශ්‍රාවකයා අප්‍රමාණ වූ බිය නැති වෛර නැති,නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මෙය හතරවන පුණ්‍ය ගංගාවයි.

    යම්කිසි ශ්‍රාවකයෙක් “සොරකම අතහැර” සොරකමින් වැළකේ. එය පස්වන පුණ්‍ය ගංගාවයි.

    එම ශ්‍රාවකයා “වැරදි කාම සේවනය අතහැර” වැරදි කාම සේවනයේ වැළකේ වෙයි. එය හයවන පුණ්‍ය ගංගාවයි.

    “බොරු කීම අතහැර” බොරු කීමෙන් වැළකේ. එය හත්වන පුණ්‍ය ගංගාවයි.

    “මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය අතහැර” මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුනේ වෙයි. එය අටවන පුණ්‍ය ගංගාවයි.

    උත්තම තිසරණ සරණ ගොස් නිති පංචශීලය ආරක්ෂා කිරීමෙන් දෙව්ලොව සැප විපාක ලබාදෙන අප්‍රමාණ වූ පිනක් තම ජීවිතයට එකතු කරගන්නා බව මේ අනුව පැහැදිලි වෙයි. මේ පංචසීල ප්‍රතිපදාව බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් ලෙසත් පෙර බුදුවරු විසින් බැහැර නොකල දෙයක් ලෙසත්, මෙකල් හී ද බැහැර නොකරන දෙයක් ලෙසත් අනාගතයේ බුදුවරු විසින් බැහැර නොකරනු ලබාන්නාවූ දෙයක් ලෙසත් නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන දෙයක් ලෙසත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

    එසේ නම් පින්වතුනි, සැප ලබාදෙන්නා වූ සැප විපාක ඇති දෙව්ලොව උපත පිණිස පවතින්නා වූ ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ මේ මහා කුසල ගංගාවෝ තම ජීවිතයට එක් කර ගන්න. උතුම් සෝතාපන්න ඵලයට පත් වී සතර අපායෙන් සදහටම අත්මිදී සසර දුක් කෙලවර කර ගැනීම දැන් සිට ම අදිෂ්ඨාන කර ගනිමු.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිසරු දේ කිව්වමත් අපායේ යනවද :oo: එළකිරියේ ඉන්න එකෙක්ටවත් ගැලවීමක් නං නෑ ඒකෙන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වැරදි කරලා අපායේ යන එවුන්ට දඩුවම් දෙන, වදහිංසා දෙන යමපල්ලෝ යන්නේ මොන අපායටද දන්නේ නැ නේ????
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    වැරදි කරලා අපායේ යන එවුන්ට දඩුවම් දෙන, වදහිංසා දෙන යමපල්ලෝ යන්නේ මොන අපායටද දන්නේ නැ නේ????

    Un kohomath inne apayene ban
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    bump karapu rep deepu hamotama godak pin yaluwane.

    apaye inna aya system ekak kiala hitagannako. nikan artificial intelligence ekk wage. eyalage swabawaya theeranaya wenne ethenta yana pudgalayage manasika swabawaya ,karma shakthiya anuwa.

    bona un hamona apaye yanne nehe yaluwane. angulimaala minee maralat apaye yanne netuwa beruna. puluwan tharam mea darmaya therum ganna uthsaha karanna.
     
    • Like
    Reactions: S_M_S