බියර් කෑමටත්

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    බියර් බීමට පමණක් නොව, කෑමටත් ගතහැකි බව ඔබ දැන සිටියාද?



    යාලුවොත් එක්ක සෙට් වෙලා සතුටක් සමරන්න බියර් කියාපු පානයක් නේද? ඒත් ඇල්කොහොල් ප්රතිශතය අඩු බියර් යොදා ගෙන හුඟක් කෑම ජාති රසවත් කෑම ජාති හදන්නත් පුලුවන් කියල හිතුවෙ නෑ නේද? මේ කියන්නේ එහෙම හදාගන්න පුලුවන් කෑම කීපයක් ගැන. බියර් යොදාගෙන හැදුවත් මේවට මත් වෙන්නෙ නැති බවනම් කියන්නම ඕනෙ. පහත බේක් කරන්න ඇති හැම වට්ටෝරුවකම වේලාව උදුනේ රස්නය අනුව මදක් වෙනස් විය හැකි බවත් සැලකිල්ලට ගන්න.


    1. චීස් මැකරෝනි



    1-3-1024x537.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. මැකරෝනි පැකට් එකක්
    2. බටර් හෝ තෙල් මේස හැදි 4ක්
    3. තලාගත් සුදු ලූනු
    4. පාන් පිටි කෝප්ප කාලක්
    5. අබ කුඩු තේ හැදි කාලක්
    6. කිරි කෝප්ප 2 හමාරක්
    7. ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් කෝප්ප තුන් කාලක්
    8. රස අනුව ගම්මිරිස් සහ ලුනු කුඩු
    9. කුඩාවට කපාගත් ලූනු
    10. චීස් (හැපී කව් චීස් කෑලි 5ක් පමණ ගන්න )
    11. කුකුලු මස්, බේකන් හෝ කැමති මස් වර්ගයක් කුඩා කෑලි වලට කඩා බැදගන්න.
    • පැකට්ටුවේ සඳහන් ආකාරයට මැකරෝනි ටික තම්බා ගන්න.
    • බාජනයක් ලිප තබා තෙල් හෝ බටර් ටික රත් කරගෙන එයට සුදුලූනු,ලුනු, ගම්මිරිස්, කිරි සහ පිටි ටික දමා කලවම් කරගන්න.
    • අනතුරුව බියර් ටිකද එක් කරමින් උකු වනතුරු හෙමින් මිශ්රකරගන්න.
    • උකු උනු පසු එයට චීස් ලූනු සහ තම්බාගත් මැකරෝනි ටික එක් කරගන්න.
    • බේක් කල හැකි තැටියකට දමා උඩින් බැදගත් කුකුලු මස් හෝ බේකන් දමා සෙල්සියස් 280ට විනාඩි 15ක් 20ක් බේක් කරගන්න.
    • මැකරෝනි ටික එක් කල පසු එයටම මස් එකතු කර බේක් නොකර උවද අහාරයට ගත හැක. බියර් වල ඇති රස චීස් සමඟ එකතු වී එන රස ඔබ පිනවන වෙනස්ම රසයක්. යාලුවන් කීප දෙනෙක් එන රෑ කෑමකට මෙය අපූරුයි.
    අලුත් ක්රමයකට කුකුලු මස් හදමු. මේ බියර් භාවිතා කර හදන කරියක්.




    2. සේවරි චිකන්



    2-3-1024x537.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. කපාගත් කුකුලු මස් කිලෝ එකක්
    2. ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් මිලි 330
    3. ලොකු ලූනු ගෙඩියක්
    4. තක්කාලි ගෙඩි දෙකක්
    5. අවශ්ය පමණ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු
    6. කහ ස්වල්පයක්
    7. සීනි ස්වල්පයක්
    8. තලාගත් ඉඟුරු, සුදුලූනු
    9. කුරුඳු කුඩු
    10. කොත්තමල්ලි කුඩු

    • ලුනු,කහ අතගා කුකුලු මස් ටික ගැඹුරු තෙලෙන් බැදගන්න.
    • බියර් හැර අනෙකුත් සියල්ල බ්ලෙන්ඩරයක අඹරාගන්න.
    • තෙල් ස්වල්පයක් ලිප තබා එයට අඹරාගත් මිශ්රණය දමා එයටම බියර් එක් කරගන්න.
    • බැදගත් කුකුලු මස් මෙයට එක් කර හිඳෙන තුරු පිසගන්න.

    බියර් එක් කිරීමෙන් වෙනදාට වඩා කුකුලු මස් වල මෘදු බවක් සහ ඔබ විඳ නැති අලුත් රසයක් ඔබට දැනේවී. උත්සව අවස්තාවකට ෆ්රයිඩ් රයිස් එකක් එක්ක උනත් මේ කරිය ගැලපෙනව.




    3. බනානා බ්රේඩ්



    3-4-1024x537.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය:
    1. පාන් පිටි කෝප්ප 4
    2. දුඹුරු සීනි කෝප්ප භාගයක්
    3. පොඩි කරගත් ඉදුණු කෙසෙල් කෝප්ප 1 හමාරක්
    4. ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් මිලි 330
    5. ගෝල්ඩන් සිරප් හෝ මේපල් සිරප් කෝප්ප කාලක් (මේ දෙකම හොයාගන්න බැරිනම් කිතුල් පැනි හෝ උක් පැනි ගන්නත් පුලුවන් )
    6. ඔලිව් තෙල් හෝ එලවලු තෙල් මේස හැඳි 2ක්
    7. ලුනු ටිකක්
    8. තල ඇට ටිකක්

    • පිටි සහ සීනි හොඳින් මිශ්ර කරගන්න.
    • බියර්,ලුණු,කෙසෙල් සහ මේපල් හෝ ගෝල්ඩන් සිරප් ටික වෙනම මිශ්ර කරගන්න.
    • පිටි සහ සීනි මිශ්රනයට බියර් මිශ්රනය එක් කර කැට නොසිටින්න හොඳින් මිශ්ර කරන්න.
    • තල ඇට උඩින් ඉසගන්න.
    • සෙල්සියස් 260ට විනාඩි 50ක් 60ක් බේක් කරගන්න.
    • තැටියේම නිවෙන්න හැර පිටතට ගන්න.
    හවස තේ වෙලාවට මොනවාම හරි වෙනස් දෙයක් කෑමට සොයන ඔබට වඩාත්ම ගැලපෙන දෙයක් මේ. බනානා බ්රෙඩ් වල කවදත් ඇති තද ගතිය මෙල්ල කර වෙනස්ම රසක බනානා බ්රෙඩ් එකක් ඔබට බියර් එක් කිරීමෙන් ලබාගන්න පුලුවන්. ලයන් ලාගර් හෝ ලයිට් බියර් වෙනුවට ලයන් ස්ටවුට් යොදාගත්තොත් මීටත් වඩා වෙනත්ම ආරකට මෙය සාදා ගත හැකි බවත් කියන්නම ඕනෙ.





    4. ක්රිස්පි බැටර්ඩ් ෆිශ්



    4-4-1024x537.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. තීරු කපාගත හැකි මාළු වර්ගයක්
    2. කෝන් පිටි කෝප්ප භාගයක්
    3. බේකින් පව්ඩර් තේ හැඳි 1 හමාරක්
    4. ලුණු තේ හැඳි තුන්කාලක්
    5. මිරිස් කුඩු තේ හැඳි කාලක්
    6. ගම්මිරිස් තේ හැඳි කාලක්
    7. පාන් පිටි කෝප්ප 1ක්
    8. කිරි කෝප්ප භාගයක්
    9. බියර් කෝප්ප 1/3ක්

    මාළු හැර අනෙක් ද්රව්ය සියල්ල මිශ්රකර එම බැටරයේ මාළු දවටා ගැඹුරු තෙලෙන් බැදගන්න. පුංචි සෙට් වීමකට ගැලපෙනම බයිට් එක. බියර් එක් කර ගත් මෙම බැටරය වඩාත් ක්රිස්පි ගතියෙන් යුක්තයි.




    5. බටර් කේක්



    5-3-1024x537.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. බටර් කෝප්ප 3
    2. සීනි කෝප්ප 3
    3. පාන් පිටි කෝප්ප 3
    4. බිත්තර 5
    5. බියර් කෝප්ප තුන්කාලක්
    6. වැනිලා තේ හැන්ඳක්


    • බටර් සහ සීනි ක්රීම් වනතුරු බීට් කරගන්න.
    • එයට බිත්තර සහ වැනිලා එක් කර පිටි ටික හෙමින් කලවම් කරගන්න.
    • එයට බියර් එක් කර මිශ්ර කරගන්න.
    • සෙල්සියස් 280ට විනාඩි 30ක් බේක් කර නැවත සෙල්සියස් 180ට විනාඩි 10ක් බේක් කරගන්න.
    තේ වෙලාවට ගැලපෙන තවත් දෙයක්. හැමදාම අපට හුරු කිරි රසෙන් යුත් බටර් කේක් වලට වඩා බියර් වල එක් කිරීමෙන් පැණිරසට යටින් එන වෙනස්ම පුංචි සැර රසයක අත්දැකීම ඔබට ලබාගන්න පුලුවන්.