බියුටි....

r runner

Member
May 12, 2015
2,396
780
0
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ටවත් අඳුරගන්න පුළුවන් තරමට!

අවුරුදු හැට හැත්තෑවක් වයස කාන්තාවක් දරුණු ලෙස රෝගාතුර වෙලා රෝහල් ගතවුණාලු. ලෙඩ ඇඳේ ඉන්නා ගමන් මේ කාන්තාව දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන්ගෙන් විමසල බැලුවලු "දෙවියන් වහන්ස මා මිය යන්නට ළඟයිද? මට තව කොතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද?" කියලා.:eek::eek:

දෙවියන් ඉතා කරුණාවෙන් ඒ කාන්තාව අමතා කිව්වලූ "බය වෙන්න එපා. ඔබ දැන්ම මිය යන්නෙ නැහැ. :yes::yes:තව අවුරුදු 40 ක් විතර කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්..." කියලා.:D

කාන්තාව සුවපත් වුණාලූ. සුවපත් වුන කාන්තාව හිතුවලූ තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් නම් මං මොකටද මෙහෙම ඉන්නෙ, ලස්සනට හැඩට ඉන්න පුළුවන්නේ කියලා. එහෙම හිතලා බියුටි සැලූන් එකකට ගිහින් විවිධ ආකාරයට රූපලාවන්‍ය කරලා පාරට බැස්සලූ. පාරට බැහැලා අඩි දෙක තුනයිලූ යන්නට හම්බ වුණේ. අහක යන වාහනයක් ඇවිත් ඇයව යට කරගෙන තාප්පයකුත් කඩාගෙන ගිහින් නැවතුණාලූ. බරපතල ලෙස තුවාල වුණ ඒ කාන්තාව පණ අදින ගමන් තරහින් දෙවියන්ගෙන් ඇහුවලූ. "ඔබ මහා බොරුකාරයෙක්. තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් කියලා ඇයි මාව යට කරගෙන ගිය වාහනේ අයින් කළේ නැත්තේ....?" කියලා.:angry::angry:

දෙවියන් වහන්සේ කිව්වලු "සමාවෙන්න, මට ඔබව අඳුරන්න බැරි වුණා...!" කියලා.:rolleyes:

ඒ හින්දා රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ටවත් අඳුරගන්න පුළුවන් තරමට!:lol::lol::lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව..:yes: මඟ යන්න පන නැති ගෑනු කොට කොටා යනවා බං පාරෙ පෙලක් දවස් වලට.. මේකප් නාගෙන.. ඇඟේ හැප්පුනත් මැරිලා වැටෙන සයිස් එකේ ඉන්නෙ..:angry: ෆැෂන් කලාට කමක් නෑ බං ඔය කතාවෙ කියනව වගේ සීමාවක් ඇතුව.. ඕනම දේක සීමාවක් තියෙනවනේ..:yes: අම්මා දුව වෙන්න ගියාම පොඩ්ඩක් අවුල්..:sorry:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ටවත් අඳුරගන්න පුළුවන් තරමට!
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    සිරා කතාව..:yes: මඟ යන්න පන නැති ගෑනු කොට කොටා යනවා බං පාරෙ පෙලක් දවස් වලට.. මේකප් නාගෙන.. ඇඟේ හැප්පුනත් මැරිලා වැටෙන සයිස් එකේ ඉන්නෙ..:angry: ෆැෂන් කලාට කමක් නෑ බං ඔය කතාවෙ කියනව වගේ සීමාවක් ඇතුව.. ඕනම දේක සීමාවක් තියෙනවනේ..:yes: අම්මා දුව වෙන්න ගියාම පොඩ්ඩක් අවුල්..:sorry:

    ඔව් බන් සමහර උන් phon එකට සල්ලි දාන්න වත් දන්නෙ නෑ,ඒ උනාට ඕනෙ වෙලාවක phon එකේ වැඩ.පොඩ්ඩක් අපි දන්නෙ නැතුව ඇගේ වැදුනොත් කන්න වගේ අපේ දිහා බලන්නෙ :angry:
     
    :yes::yes::yes::yes::yes:;)