බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට

    තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට දැනුම්වත් කරන බව තරුණ කලාකරුවන් පිරිසක් විසින් පිහිටුවා ගත් ‘අලුත් පරපුර‘ සංවිධානය අද (23) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

    කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.

    Nshantha Peraira
    මොහාන් රාජ්මඩවල

    ‘මෙවර මැතිවරණය සඳහා අලුත් ඡන්ද ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ අලුත් ඡන්ද දායකයන් සියලු දෙනාම අලුත් සංනිවේදන ක්‍රම භාවිත කරන පිරිස්. ෆේස්බුක්, ට්විටර් භාවිත කරන පිරිස්.

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා.

    තරුණ කැමැත්ත කොහෙද තියෙන්නේ බලන්න. මේවට තමයි සමහරුන් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා. මේක තමයි උහුලාගෙන ඉන්න බැරිවෙලා තියෙන්නේ.

    ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා (23) විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද?‘

    කසුන් කල්හාර

    අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.
    :confused::confused::confused:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බඩට කලින් රට ගැන හිතන්න.

    10885590_366967410142933_4720904326799695853_n.jpg