බිරිඳ රට! දරු තිදෙනා තනිවෙයි! ජනබලයට ඇවිත් 

Jul 20, 2018
210
31
0
බිරිඳ රට! දරු තිදෙනා තනිවෙයි! ජනබලයට ඇවිත් 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත්වුණා.

39 හැවිරිදි ජගත් විමසුරිය නැමති මරණකරු වෘත්තියෙන් හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි. ජනබලය විරෝධතාවයට සහභාගි විම සඳහා මිතුරන් කිහිපදෙනෙකු සමග කොළඹට පැමිණ මාලිගාවත්තේදී බස් රථය නතර කර මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන් බස් රථයට යන බව පවසා ගිය ආපසු බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටින්නේ.

ඊයේ පස්වරු 6.15 පමණ යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මරණකරු බස් රථයේ අසුනක් මත වැටි සිටි බවයි ඔහුගේ මිතුරා දැක ඇත්තේ.

ඔහුගේ බිරිඳ ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටිනවා. මිය ගිය අයගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (06) සිදු කිරිමට නියමිතය.
 

Hakuru_Silva

Member
May 6, 2015
18
11
3
ලොක්කෝ හිල්ටන් වල .. වහල්ලු පාරේ බුදි. පට්ට බන්. ඕකුන්ට ඕනකම තිබුනෙ එකෙක් දෙන්නෙක්ව මරාගන්න තමයි. කම්බ හොරුන්ට කඩේ යනවනෙ තව ලැජ්ජ නැතිව
 
  • Like
Reactions: Voltage

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කම්බ හොරුන්ට කඩේ යනවනෙ තව ලැජ්ජ නැතිව :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නාමල් රට බාර ගත් දිනෙක. පිං කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා.
     

    Similar threads