බිල්ඩිමක් සැදීම ගැන උපදෙස් ඕනේ..

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    බිල්ඩිමක් සැදීම ගැන උපදෙස් ඕනේ..

    මට උඹලගෙන් ලොකු උදව්වක් ඕන
    ප්‍රධාන පාරකට කිට්ටුව අපේ ඉඩමක් තියෙනවා ඒකෙ බිල්ඩිමක් හදන්න බැලුවේ කුලියට දෙන්න (වෙන වෙනම තට්ටු දෙකකට ගෙවල් හදන්න හිතන් ඉන්නේ )
    ඉඩම පර්චස් 15යි ඒකෙන් පර්චස් 8ක වගේ කොටසක තමයි බිල්ඩිම හදන්න හිතුවේ.. ඉතුරු පර්චස් 7තෙත් පස්සේ ඒ වාගේම බිල්ඩිමක් හදනවා හැබැයි තව හුඟ කාලෙකට පස්සේ..

    ඉඩමේ ස්වභාවය :- හතරැස් ඉඩමක් ප්‍රශ්නේ තියෙන්නේ පස් කළු පාටයි කුඹුරු පස වගේ ඉඩමට මීටර් 100ක් විතර එහායින් කුඹුරක් තියෙනවා.. අඩි දෙකක් දෙකහමාරක් කැපුවම වතුර එනවා අඩි 3ක් විතර යටින් වැලි සහිත කිරි මැට්ටක් අහුවෙනවා...
    ඒ අවට ඉඩම් වල ගෙවල් හදල තියෙනවා තට්ටු දෙකට ගහපු ගෙවලුත් තියෙනවා...
    පිහිටි පොලවේ පස් මේ වගේ
    black-soil-500x500.jpg


    ප්ලැන් එක : - මේක ගැන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ.. අපේ තාත්ත ප්ලෑන් එක අන්දලා තියෙන්නේ TO කෙනෙක්ට කියල
    ඒ ප්ලෑන් එක ප්‍රාදේශීය සබාවේ අනුමත වෙලත් තියෙනවා එත් එකේ කම්බි දාන්න කියල තියෙන විදිහ මට ඇල්ලුවේ නෑ
    මෙන්න මේ වගේ වහලේ නැති රූෆ්ටොප් එකක් තියෙන බිල්ඩිමක් තමයි හදන්න යන්නේ ඒ කියන්නේ ස්ලැබ් දෙකක් තියෙනවා , ඔය රුෆ් ටොප් එකේම ගෙවල් දෙකට වෙනවෙනම 500L වතුර ටැංකි තියෙනවා...

    2-story-building.jpg

    ප්ලෑන් එකේ විදිහට ඔක්කොම කණු 3*3 බේස් වලවල් අඩි 3ක් ගැඹුරට කපල 12mm කම්බි දාල යන 9" කණු තියෙන්නේ
    කනුඅතර සාමාන්‍ය පරතරය අඩි 12යි ගොඩක් තැන්වල එක තැනක විතරක් අඩි 15ක් තියෙනවා,
    foundation එක කළුගල් වලින් බැඳලා උඩින් 12ම්ම් කම්බි දාල බීම්යනවා අර කණු ඔක්කොම යා වෙන්න.. එතකොට පහල බිත්ති ගඩොල් වලින් 9" බිත්ති බඳින්න ඉන්නේ උඩ තට්ටුවේ 6" ගඩොල් බිත්ති බඳින්න ඉන්නේ...
    ස්ලැබ් වල බීම් ඔක්කොම 12mm කම්බි දාල 9" බීම් තියෙන්නේ එතකොට ස්ලැබ් එකට 10mm කම්බි දාන්න කියල තියෙන්නේ
    මට තියෙන ප්‍රශ්නේ මේ හැම එකටම 12mm කම්බි දාල තියෙන එක
    12mm කම්බි දාල හදන 9" * 9" කණුවට සැලබ් දෙකක බර උස්සන් ඉන්න පුළුවන් වෙයිද ?? :confused::confused::confused:
     
    • Like
    Reactions: JokerFan

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ ගේ හදන දවස්වල. ඕක ඔයා අදුරන draftman කෙනෙක්ට පෙන්නලා අහලා බලන්න.
    FB group 1 තියනව the dream home ( සිහින නිවහන ) කියලා එකේ ඔයාගේ ප්‍රශ්නේ දාන්න. මතක ඇතුව plan එකේ column foundation, beam වල screen shot දාන්න .

    මම අහලා තියනවා විදියට 9 කණු දානවනම් ඒ අතර වැඩිම පරතරය දී 10 වගේ තමා තියෙන්න ඕනේ . ඊට වැඩි වෙන්න හොද නෑ කියල කියනවා .
     
    • Like
    Reactions: ManOfSteel

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    12kambi tama danna wenne mokada 16 kambi demmoth 9x9 kanu walata masa(concert) madi 16 danna onenam 12x12 kanu yanna one 12 kanu yanawanam base aeka tama tikak loku karanna one yalu
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එහෙම ප්‍රශ්නයක් නෑ.හැබයි ගඩොල් බිත්ති බදින්න. අගල් 12 බිත්තිය තියනවනම් කනු ඕනත් නෑ
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ ගේ හදන දවස්වල. ඕක ඔයා අදුරන draftman කෙනෙක්ට පෙන්නලා අහලා බලන්න.
    FB group 1 තියනව the dream home ( සිහින නිවහන ) කියලා එකේ ඔයාගේ ප්‍රශ්නේ දාන්න. මතක ඇතුව plan එකේ column foundation, beam වල screen shot දාන්න .

    මම අහලා තියනවා විදියට 9 කණු දානවනම් ඒ අතර වැඩිම පරතරය දී 10 වගේ තමා තියෙන්න ඕනේ . ඊට වැඩි වෙන්න හොද නෑ කියල කියනවා .

    8+ Thanks machan
    එහෙම උපරිම පරතරය කියල එකක් නෑ මම දන්නා විදිහට බර බැලන්ස් වෙන විදිහට තමයි එන්න ඕන
    මගේ ගේ බලපු Structural engineer මේ දවස්වල අල්ලගන්න විදිහක් නෑ
    නැත්නම් අහල බලන්න තිබ්බ
    මගේ ගෙදරත් 9 කණු දාල තියෙනවා අඩි 12ක් දුරින්
    එත් මේකේ හැම කනුවම 12mm කම්බි දාල තියෙන එක තමයි ප්‍රශ්නේ