බිලියන 7ක ජනගහණය මේ මොහොතේ

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    බිලියන 7ක ජනගහණය මේ මොහොතේ

    බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද?

    33lcv2q.jpg
    33lcv2q.jpg



    ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා මොනවද කරන්නේ???



    2emjsxz.png
    2emjsxz.jpg



    දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ජනතාව තමන්ගේ අවුරුදු 78ක ජීවිතකාලය තුල කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන් නම් අපිට වඩා කාර්යක්ෂම විදියට ඒ කාලය වැයකරන්නේ කොහොමද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයා ව්‍යවසායකයෙක් නම් එහෙමත් නැත්නම් නවනිපැයුම්කරුවෙක් නම් ලෝකවාසී ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න මේ දත්ත යොදාගන්න පුළුවන් වේවි.


    wvy4ae.png
    wvy4ae.jpg



    පුද්ගලයෙක් තම ජීවිතකාලයෙන් 1/3ක් නිදාගන්නවා

    පුද්ගලයෙක් සිය ජීවිතකාලයෙන් වැඩියෙන්ම කාලය වැයකරන්නේ නිදාගන්න. ජීවිතකාලය අවුරුදු 78ක් නම් ඉන් අවුරුදු 28.3ක්ම ඔහු නිදාගන්නවා. ඉතින්? ඉතින් යම් ඔබට පුලුවන්නම් නින්ද සඳහා උදව් වෙන, එහෙමත් නැත්නම් සුව නින්දකට උපකාරීවෙන නිර්මාණයක් කරන්න ඒ නිර්මාණය අතිවිශාල ජනතාවක් හැමදාම පාවිච්චි කරාවි. ජීවිතකාලයෙන් 1/3ක් ඔයාගේ නිපැයුම පාවිච්චි කරාවි.

    වසර 6ක් ගේ දොර වැඩකටයුතු සඳහා අසතුටෙන් කාලය වැයකරනවා.


    ගේ දොර වැඩකටයුතු කරන්න කවුද කැමති. ගේ අතුගාන්න, බිම මදින්න, පිඟන් හෝදන්න වගේ දේවල් කරන්න උදව්වෙන startup එකක් ඔයාට පටන්ගන්න පුළුවන් නම් ඒක මුළු මනුෂ්‍යවර්ගයාගේම ජීවිත කාලයෙන් අවුරුදු 6ක කාලයක් ඉතුරු කරන්න උදව් වේවි.

    පුද්ගලයෙක් අවුරුදු 10.5ක කාලයක් රාජකාරී සඳහා වැයකරනවා.
    අවුරුදු 9ක කාලයක් විනෝදාත්මක දේ සඳහා වැයකරනවා.


    සාමාන්‍ය කෙනෙක් සිය ජීවිතකාලයෙන් වැටුපක් ලැබෙන රාජකාරී සඳහාත් වැටුපක් නොලැබෙන විනෝදාත්මක කටයුතු සඳහාත් ආසන්න වශයෙන් සමාන කාලයක් වැය කරනවා. ඉතින් ඔයාට පුළුවන්නම් කෙනෙකුගේ රාජකාරී කටයුතු විනෝදාත්මකව සතුටින් නිමකරන්නට දායක වෙන්න එය අපට ලැබෙන සීමිත කාලය ඵලදායී විදියට වැයකරන්නට උපකාරී වේවි. ඒ නැතත් කෙනෙකුට තමන් ආසාවෙන් කරන රැකියාවක් සොයාදෙන්නට හැකි නිපැයුමක් හෝ සේවාවක් ඔබට සපයන්නට පුළුවන්නම් එයත් එක්තරා ආකාරයක ඉහත කාරණය සඳහා දායක වේවි.

    ලෝක ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට රැකියාවක් නැහැ.


    ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් වන කුඩා ළමුන් රැකියාවක් කිරීමට තරම් වයසක නැහැ. වසර කිහිපයකින් වැඩිවියට පත්වෙන මේ ළමා ජනගහණයේ මොළ ටික හැකි ඉක්මනින් ශ්‍රම බලකායට එකතුකරන්නට පුළුවන්නම්?

    ලෝක ජනගහනයෙන් 1/5ක් තවමත් වගාකරනවා


    රැකියාවක් කිරීම පමණක්ම නෙවෙයි මුදල් ඉපැයීමේ මාර්ගය. මීට වසර 100කට පමණ පෙර මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කෘෂිකර්මය වෙලා තිබුනා. ඒත් දැනටත් ලෝක ජනගහණයෙන් 1/5ක් කෘෂිකර්මයෙනුයි ජීවත් වෙන්නේ. එක අතකට ඒක සාධාරණයි. මොකද කවුරුහරි අපිට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි නේ. ඒත් තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් එක්ක කෘෂි කර්මය සම්පූර්ණයෙන්ම රොබෝවරුන්ට බාරදෙන්න පුළුවන් නම් අපිට ඒ විශාල පිරිසේ ජීවන තත්වය තවත් උසස් කරන්න පුළුවන් නේද?

    බිලියන 1/2කට ආසන්න පිරිසක් ව්‍යවසායකයින්


    දැනට වැඩිම පිරිසක් මුදල් ඉපැයීමේ මාර්ගය විදියට පිළිගන්නේ රැකියාවක් කිරීම. අතීතයේ ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගය කෘෂිකර්මය බව අප හැමෝම දන්න කරුණක් නේ. ඉතින් අනාගතයේ මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කුමක් වේවිද? ඒ මොකක් වුනත් දැනට සීග්‍රෙයන් වැඩිවෙන පිරිසක් තමයි ව්‍යවසායකයින් (entrepreneurs) කියන්නේ. ඇපල් විකුණන කෙනෙකුගේ ඉඳන් බැංකුවක ආරම්භකයෙක් දක්වා සෑම කෙනෙක්ම ලෝක ජනගහනයෙන් මිලියන 400ක් වෙන මේ ගොඩට අයිතියි.
    ඒ අයගේ ප්‍රධාන ලක්ෂණය තමයි එයාලා රැකියා සොයායන්නේ නැහැ. රැකියා නිර්මාණය කරගන්නවා. තවත් අයට රැකියා නිර්මාණය කරලා දෙනවා. මේ පිරිස සිග්‍රෙයන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. අනිවාර්යයෙන්ම අනාගතයේ හැමෝම ව්‍යවසායකයින් වීමට හැකියාවක් නැහැ. නමුත් දැනට තියෙන ප්‍රතිශත සීග්‍රෙයන් වර්ධනය වේවි. මීට වඩා වැඩි පිරිසක් සමාගම්, ව්‍යාපාර ආරම්භ කරාවි. තවත් අය ඒ අය යටතේ සේවය කරාවි.

    අද කරන්න පුළුවන් දේ ?


    මේ අපි කතා කලේ අද දවසේ ලෝක ජනගහනයේ සංයුතිය ගැන. තවත් වසර ගණනාවකින් මේ සංයුතියේ වෙනසකම් දකින්න පුළුවන් වේවි. ඉතින් අද ඔබ උපාධියක් හදාරනවාද, යමක් ඉගෙන ගන්නවාද, startup එකක් කරගෙන යනවාද, රැකියාවක් කරනවාද කියන එක ප්‍රශ්ණයක් නැහැ. ප්‍රශ්ණය ඔබ අද කරන දේ හෙට ආනාගතයට කොයිතරම් දුරට ගැලපේවිද යන්නයි. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.


    Source -
    http://techguru.lk/2015/02/19/what-7-billion-world-population-does/
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි ඉගෙනගන්න අවුරුදු 3.5ට වඩා වැය කරනවා මම හිතන්නේ
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    patta machan :)


    Meka nam godak watinawa

    ela ellaaaaaaaaaa


    nice thread mate
    keep it up
    rep added ++

    අපි ඉගෙනගන්න අවුරුදු 3.5ට වඩා වැය කරනවා මම හිතන්නේ
    :yes:
    up upp uppppp



    :)
     

    Similar threads