ඔය බිස්නස් පටන්ගන්න උදව්වක් නෑ කියන එක නන් ඇත්ත. මොකද අපේ ඔළුවෙ තියෙන කන්සෙප්ට් එකක් පැල කරනව කියන්නෙම පට්ට අමාරු දෙයක්. ඒවගේ ඔළුවෙ තියෙන එකකට සපෝට් කරන්න ගිහින් කෙලවගන්න කාටවත් එහෙම විශේෂ ඕනි කමක් නෑ. නිකමට හිතන දැන් මේකෙ එකෙක් ඉන්බොක්ස් ඇවිත් අලුත්ම කන්සෙප්ට් එකක් තියෙන බිස්නස් එකක් ගැන උබට කියල මට ඒකෙ මෙන්න මේ වැඩේ කරන්න රුපියල් ලක්ෂ10ක් යනව ඒකට මගෙ කම්පැණි එකේ 10% ශෙයාර් එකක් වීකුණණව ගන්න කැමතිද කියල ඇහුවොත් උබ ඇත්තටම එහෙම සල්ලි දෙනවද?
මගෙ නන් අදහස බිස්නස් වලට උදව් එපා. උදව් ගත්ත වගේ නෙවෙයි ඒව වමාරන්න වෙනකොට. කොහොම කොහේ බිස්නස් කරත් සක්සස් වෙන්නෙ 10%ක් විතර කොහෙත් එහෙම එකේ වැඩ කරන්නෙ නැති බිස්නස් අයිඩියා එකක් ගෙනත් ඒක වැඩ කරයි කියල ලක්ෂ ගණන් අරගෙන අන්තිමට නිකන් ණය කාරයෙක් වෙනව. බිස්නස් එකේ ප්‍රඩක්ට් එක හරි සර්විස් එක හරි වැඩ නන් (සල්ලි/ වෙන අයගෙ උදව්) කියන්නෙ අතවශ්‍ය දෙයක් නෙවෙයි.
මට උබ කියන එක තේරෙනව. 2017-2018 ලෙසටම කෙල වුනා මගෙත් බිස්නස්. රට යන එක ඔප්ශන් එකක් උනා මගෙ වටේ ඉන්න ඔක්කොටම. මායි මගෙ යාළුවගෙයි විසදුම උනේ ලන්කාව ඇතුලෙ MSc එකක්. දැන් ආයෙ බැක්ටු නෝමල්.
උදව් ඕන නෑ. උදව් කියල කිව්වෙ සහනාධාර වගේ ඒව නං සහනාධාර දෙන විදියට මම විරුද්ධයි. දෙන එකාට වැඩකුත් නෑ රටක් විදියට වැඩකුත් නෑ. ඊට වඩා 100 ගුණයක් හොඳ හැමෝටම වැඩක් වෙන සහනාධාර ධනවාදී රටවල් වල තියෙනව.
හරියට නීතියක් තියෙන, සාමාන්‍ය මිනිහට සාධාරණයක් තියෙන රටක් වෙන්නයි ඕන. එහෙම නොවෙනකන් සුදුසු නෑ. උදාහරණයක් විදියට දැන් මගේ සල්ලි මිලියන 3ක් විතර එන්න තියෙනවා අදටත් නෑ. අපිට මොකක්ද කරන්න පුලුවන්? නඩු දාන්නද? අසාධාරණයක් වෙලා නඩු දැම්මොත් අසාධාරණේ වෙච්ච එකාට කෙළවන්න තමයි නීති සහ සිස්ටම් එක තියෙන්නෙ. අමතක කරන්න එපා legally accepted agreements ගහලා රටේ නීතිය අනුව සමාගම් හදල නීත්‍යානුකූල විදියට කරපු වැඩ මේවා.
ඇයි පෝට් සිටි එකට වෙනම නීතියක් ගේන්න හැදුවෙ. එක හේතුවක් ඕක මගේ මතය. මොකද කාර්යක්ෂම නෑ නීතිය. වෙන රටවල් ලංකාව බිස්නස් වලට හොඳයි කියල රෑන්ක් කරන කොට කොහේද රෑන්ක් කරන්නෙ? බැලුවොත් ඉන්නෙ අන්තිම හරියෙ. ඇයි ඒ උන්ට වැඩ බෑ/උන් නෙගටිව් නිසාද?
ඔය නීතිය සහ ඒක ක්‍රියාත්මක වෙන විදිය ලොකුම හේතුව මම හිතන්නෙ.. අනිත් ඔක්කොම ඒකට කොහෙන් හරි බැඳිල තියෙන්නෙ.
අපිට උන තවත් දෙයක් තමයි ලේසියෙන් ණයක් ගන්න බැරිකම. කොම්පැණියක් විදියට මාස ගානක් වැඩ කරල තියෙද්දිත්, ලාබ තියෙනව ඉස්සරහට ගෙවන්න පුලුවන් කියල පෙන්නන්න පුලුවන් කම තියෙද්දිත් නයක් ගන්න බෑ. ඒ තත්වෙට මුලින් අල්ලන් ආවෙ අපේ savings වලින්. ඒක තමයි කෙළවෙන්න ලොකුම හේතුව උනේ. අපිට එන්න තියෙන සල්ලිත් කියපු වෙලාව්ට දෙන්නෙ නැතුව, කොම්පැනියක් විදියට මූල්‍ය පහසුකම් ගන්න බැරුව මොන මගුලෙ බිස්නස් කරන්නද? හැබැයි දේශපාලනේට සම්බන්ධ නං, වෙන සම්බන්ධ කමක් හරි තියෙනව නං බැංකු වලින් ණය දෙනව. අන්තිමට ගෙවාගන්න බැරි උනාම බොල් ණය කරල දානව. ආණ්ඩුවෙ බැංකු වලින් බොල් ණය කරල කෙල උනාම වෙන රටවල් වලින් ඒවටත් එක්ක තමයි ණය ගන්නෙ. හැබැයි ඒවට පොළීත් එක්ක අපිත් ගෙවන්න ඕන. අපේ බිස්නස් වලට ගෙවාගන්න පුලුවන් කම තිබුනත් ණයක් දෙන්නෙ නෑ. හරිද ඒ සිස්ටම් එක? එහෙම රටවල් වල අලුතෙන් බිස්නස් හැදෙයිද? දැන් කියන්න එපා ආණ්ඩුවෙ වැඩයි, බැංකුවෙ වැඩයි දෙකක් කියලා. ඔය ඔක්කොම එකකට එකක් සම්බන්ධයි.
කරගන්නම දෙයක් නැති තැන ගිනි පොලී කාරයන්ගෙන් ණය ගන්න උනා 8%,10% මාසෙ පොළී වලට. ඒ විදියට ගොඩක් කල් කරගන්න උනේ නෑ.
එදා අපිට ණයක් ගන්න පුලුවන් උනා නං මේ රටවල් වල වගේ වෙන අමාරුකම් වලට හිත හදන් හරි වැටෙන්නෙ නැතුව ලස්සනට එනවා. ඒ වෙලාවෙත් මිනිස්සු 40 කට වඩා වැඩ කරා.
මේ රටවල් වල ඔන්ලයින් පවා ණය ගන්න පුලුවන්.
MSc එකකින් බිස්නස් එකට උදව්වක් උනේ කොහොමද? MSc ගැන කියන්න ගියොත් තව ලංකාව එපා වෙන දේවල් තමයි කියන්න වෙන්නෙ මම ඉන්න ෆීල්ඩ් එකත් එක්ක. ඒව මම කලිනුත් කියල තියෙනව. ඒකත් තව හේතුවක් ලංකාව වැඩක් නෑ කියන්න. මම හැම තැනකම කියන්නෙ සිවිල් නම් කරන්න එපා කියලා ලංකාවෙ.
ඔය බලපන් උබ තාම හිතන් ඉන්නෙ ලාෆ් එක බිස්නස් නවත්තල කියලනෙ. ඌම කියනව ලන්කාව ඇතුලෙ වැඩ නොකරට උන් එලියට එක්ස්පෝට් කරන ඒව වෑඩ කියල.
මම කොහෙද කිව්වෙ ලාෆ් එක බිස්නස් නවත්තල කියල. හොඳට බලපන් මම කිව්ව ලාෆ් එක ස්ටේබල් නිසා දැන් ඔහොම ඉන්නව කියලා. ලාෆ් එක පටන් ගත්ත කාලෙම මෙහෙම උනා නං අද ස්ටේබල් වෙයිද? ලාෆ් එක කියල එකක් නැතිවෙන්නත් තිබුණා අද.
හරි දැන් උබ කියන විසදුම මොකද්ද? රටේ තත්වෙ බිස්නස් වලට හොදත් නෑ. ඉස්සරහටත් හොද වෙන්නෙත් නෑනෙ.
මං කියන්නෙ නෑ උත්සාහ කරන්න එපා කියලා. මං කියන්නෙ වෙන්න පුලුවන් දේවල් දැනගෙන, ප්ලෑන් B එකක් තියාගෙන උත්සාහ කරන්න කියලා. ලංකාව තමයි රට, මෙහේ නැත්තන් බෑ වගේ ගොන් මොරාල් ගන්න එපා කියලා අලුතෙන් කරන්න ඉන්න අයට.