කොහොමද බෝයිස්. හැමෝම හොදින ඇති කියලා හිතනවා. මට ඔෆ්සෙට් ප්‍රින්ට් මැෂින් 1ක් රෙන්ට් එකට ගන්න සෙට් වෙලා තියනවා. මාසෙකට 50000කට (මැෂින් + කටර්) මම අවුරුදු 5ක විතර ඉදන් පිටට දාලා තමයි වැඩ ප්‍රින්ට් කරගත්තේ. ඒත් මේ රටේ තියන තත්වෙත් එක්ක අපේ වැඩ ටිකක් අඩු උනා. දැන් ආපහු වැඩ ටික ටික හැදීගෙන එනවා. ඒත් දැන් ගැටළුවක් මතුවෙලා තියනවා අපි වැඩ ප්‍රින් කරගත්තු සමහර ප්‍රෙස් වලින් මගේ කස්ටමර්ලට කතා කරලා කියලා තියනවා එයාලා ගොඩක් අඩුවට වැඩේ ගහලා දෙන්නම් කියලා. දැන් මේ තත්වෙත් එක්ක වැඩ පිටට දාලා ගහන එක ලොකු අවධානමක් තියනවා. මම ප්ලේට් නම් ආපහු අරන් එනවා. ඒත් සමහර වේස්ට් පේපර් උන් ගාවා ඉතුරු වෙනවානේ. තින්ත රෙඩි කරගත්ත ඒවා එහෙම. මම තැනකුත් බැලුවා මාසෙකට 40000කට. මැෂින් ටික තියාගෙන වැඩේ කරගන්න ෂේප්. මාසෙකට 90000ක් අයින් කරන්න ඕනි මැෂින් 1කේ රෙන්ට් එකයි කඩේ රෙන්ට් එකයි. වයිෆ් ටිකක් බයවෙලා ඉන්නේ මේ කාලේ බිස්නස් අඩු නිසා. ඒත් දැන් මේ ප්‍රෙස් වල ප්‍රශ්නේ නිසා කරන වැඩ ටිකත් නැතිවෙන අවධානමක් තියනවා.
- උඹලගෙන් අහන්න තියෙන්නේ
1. මේ තීරනේ ගැන මොකද කියන්නේ
2. මැෂින් එකක් සල්ලි වලට ගන්න ගියොත් ලක්ෂ 28ක් විතර යනවා කටර් එකටත් එක්කම. එච්චර ගානක් මේ කාලේ යට කරන එක පට්ටම රිස්ක්. මේ මම කියපු මැෂින් එකයි කටර් එකයි ලක්ෂ 19කට ගන්න පුලුවන් මට පුලුවන් කාලෙක.
ප.ලි - උඹලගේත් වැඩ මොනවා හරි තියනවානම් දාපල්ලා ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්.