බිහිසුණු යුද්ධ
දෙවැනි ලෝක මහා සංග්‍රාමය
මරණ : මිලියන 50 – 80 අතර
ස්ථානය : ලොව පුරා
කාල රාමුව : 1939 – 1945
දෙවෙනි ලෝක මහා යුද්ධය කියන්නේ මෙතුවක් කාලයකට ලෝකෙට වැඩිම බලපෑමක් කරපු රටවල් අතර ඇතිවුණු සංග්‍රාමය. 1939 සිට 1945 දක්වා රටාවක් රාශියක් යුධ බලය භාවිතා කරමින් එකිනෙකා හා සටන් වැදුණු මේ සංග්‍රාමයට රටවල් තිහක මිලියන 100 කට අධික පිරිසක් සහභාගිවී උන්නා.
ඒ වගේම ලක්ෂ ගණනින් ජනතාව සහ ගම් නගර විනාශයට පත් වුන අතර යුධ ඉතිහාසයක භාවිත නොකළ තරම් න්‍යෂ්ටික අවි මේ සංග්‍රාමයේදී භාවිත වුනු බව නොරහසක්. මේ යුද්ධයේ අවර ප්‍රතිපල ලෙස අදටත් සමහර න්‍යෂ්ටික ප්‍රහාර එල්ලවූ රටවල් වල දරුවන් විකිරණ බලපෑම නිසා විකලාංග සහිතව උප්පත්තිය සිදු වේ.
තායිපින් කැරැල්ල
මරණ: මිලියන 20 – 100 අතර
ස්ථානය: චීනය
කාල රාමුව : 1851 – 1864
තායිපෙන් කැරැල්ල කියන්නේ දක්ෂිණ චීනය පුරා 1850 සිට 1864 පමණ වෙන තුරු පැතිරුණු සිවිල් යුද්ධයක් කියන එකයි නිවැරදි. වෛතුල්‍ය වාදී කතෝලික භක්තිකයෙක් වන හොං සිචුවාන් තමන් වෙතට දෙවියන් වහන්සේ විසින් ලබාදුන්නා යයි කියවෙන වරය සහ දැක්ම භාවිතා කරමින් තමා යේසුස් වහන්සේගේ බාල සහෝදරයා බවත්, තමා පැමිණ සිටින්නේ තායිපෙන් ස්වර්ග රාජ්‍යය මෙලොව තැනීමට බවත් ප්‍රකාශ කරමින් එකල චීනයේ වූ අනෙකුත් ආගම් වලට විරුද්ධව මේ යුද්ධය දියත් කෙරුවා.
යුද්ධය නිසා මිලියන 20 කට අධික අහිංසක ජනතාවක් මරුමුවට පත් වුනු අතර හොං විසින් කල ඒ උමතු සටන නිසා ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වූ සංග්රාම වලින් එකක් ලෙස ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළා.
පළමු ලෝක මහා සංග්‍රාමය
මරණ: මිලියන 15 – 65 අතර
ස්ථානය: ලොව පුරා
කාල රාමුව : 1914 – 1918
වසර 4ක් වැනි කාලයක් පැවතුනත්, 1914 දී යුරෝපයෙන් ආරම්භ වෙලා 1918 වන විට ලොව පුරා පැතිරුණු මේ යුද්ධයට දෙවන ලෝක මහා යුද්ධය වගේම රටවල් විශාල ගණනක සොල්දාදුවන් දිවි පිදුවා. මිතුරු රාජ්‍යයන් සහ බල රාජ්‍යයන් අතර ඇතිවූ මේ යුද්ධයට මිලියන 60ක් පමණ වෙන යුරෝපියානුවෝ එවක සහභාගී කරවූවා. නව යුධ බලය සහ යුධ තාක්ෂණික අත්හදා බැලීම් වලින් පිරිපුන් වූ මේ යුද්ධය තාක්ෂණික අතින් කොතරම් ඉදිරියට ගියත් මනුස්සකම් අතින් බොහෝ පසු බෑමකට ලක්වූ බව නොරහසක්.
මොන්ගෝල් ආක්‍රමණ
මරණ: මිලියන 30 – 80 අතර
ස්ථානය : ආසියාව, ඊසාන යුරෝපය, මැද පෙරදිග
කාල රාමුව : 1207 – 1472
සියවස් ගණනක් තිස්සේ රාජ්‍යත්වයන් කිහිපයක් හුවමාරු වෙමින් මොන්ගොල් වරු සිය මහා අධිරාජ්‍යය ගොඩ නැගුවේ 12-14 වන සියවස් අතරතුර දියි. ඒ තම වර්ධනය වෙන යුධ බලය භාවිතා කරමින්, රටින් රට ආක්‍රමණය කරමිනුයි.
මධ්‍යම ආසියාවෙන් ආරම්භ වී ඊසාන යුරෝපය හරහා ජපානය , සයිබීරියාවේ උතුරු කොනත්, ආසියාවේ දකුණු කොනත් දක්වා සිය බලපරාක්‍රමය විදහා දක්වමින් ඉන්දියන් සාගරය හරහා මැද පෙරදිගට වන තුරු ම මොන්ගොල් අධිරාජ්‍යය ප්‍රචලිත කරනු ලැබුවා. මේ හේතුව නිසාම වැඩිම පැතිරීමක් සහිත අධිරාජ්‍යය ලෙස තවමත් හඳුන්වන්නේ මේ අධිරාජ්‍යය ම තමයි.
එය කොතරම්ද කියනවා නම් සමස්ත පෘථිවි භුමියේ වර්ගඵලයෙන් පහෙන් එකක් එනම් 22% පමණ පැවතුනේ මොන්ගොල් අධිරාජ්‍යය යටත්වයි. එකල ඔවුන් අණසක පැතිරූ භුමි ප්‍රදේශය තුල මිලියන 100කට අධික ජනගහනයක් වාසය කල බව සඳහන් වෙනවා.
ඇන් ලෂන් ආක්‍රමණ
මරණ: මිලියන 13 – 36 අතර
ස්ථානය: චීනය
කාල රාමුව: 755 – 763
ඇන් ලෂන් ආක්‍රමණ සිදුවෙන්න පටන් ගන්නේ ක්‍රි.ව.755 දෙසැම්බර් 16 වැනිදාවක සිට ක්‍රි.ව.763 පෙබරවාරි 17 වෙනිදා වෙනතුරුයි. ඇන් ලෂන් කියන්නේ හිටපු ටැං රාජවංශයට සේවය කල ජෙනරාල් කෙනෙක්. පසුව තමන් අධිරාජ්‍යයෙක් බව ප්‍රකාශ කරලා යැන් රාජවංශය නමින් වෙනම රාජ වංශයක් ස්ථාපිත කරනවා උතුරු චීනයේදී. ආක්රමණිකයින් ටැං රාජවංශයේ අධිරාජ්‍යයින් තුන්දෙනෙකුගේ ම රාජ්‍ය කාලය නිෂ්ප්රභා කරනවා.
මුලදී සාර්ථකව කැරැල්ල ගෙන ගියත් අවසාන කාලය වන විට ඇන් ලෂෙන් ඔහුගේ පුතෙකුගේ අතින් මරු වැළඳගැනීමත් සමගම යැන් වරු අතරත් අභ්‍යන්තර ඝට්ධන ඇති වනවා. මෙය ඔවුන්ව විනාශය කරා ගෙනයනවා.
මේ කාලය තුලදී මිලියන 36 වෙන ජනතාවක් විවිධ යුධමය හේතුන් මත මරණය වැළඳ ගත් බව සඳහන් වෙනවා.
ක්විං රාජ වංශය සහ මින්ග් රාජ වංශය අතර සටන
මරණ: මිලියන 25 පමණ
ස්ථානය: චීනය
කාල රාමුව : 1618 – 1683
තාර්කිකව කල්පනා කලොත් ක්විං රාජවංශය හෙවත් මැන්චු රාජවංශය තමයි චීනයේ අවසාන රාජවංශය ලෙසින් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔවුන් මුල සිටම ක්‍රම ක්‍රමයෙන් මිංග් රාජවංශයට බලවත් තර්ජනයක් බවට පත්වනවා. සියවස් 3ක පමණ කාලයක් චීනය පාලනය කල මින්ග් රාජවංශය ක්විං රාජ වංශය විසින් පරාජයට පත් කරනු ලබන්නේ 1644 වසරේ බීජිං නුවර අල්ලාගැනීමත් සමගයි. එහිදී අවසාන මිංග් පාලකයා වන චොංසෙන් අධිරාජ්‍යයා සියදිවි හානිකරගනු ලබනවා. මේ අරගල අතරතුර මිලියන විසි පහක් පමණ ජීවිත නැසෙනවා.
රුසියානු සිවිල් යුද්ධය
මරණ: මිලියන 50 – 90 අතර
ස්ථානය : රුසියාව
කාල රාමුව : 1917 – 1923
රුසියානු සිවිල් යුද්ධය කියන්නේ පාර්ශව කිහිපයක් විසින් එකතුව කරන ලද්දක්. රුසියාව අධිරාජ්‍යවාදී පාලනයෙන් මුදවාගන්නට බෝල්ෂෙවික් පක්ෂය නියෝජනය කරමින් රතු හමුදාවත් අධිරාජ්‍යවාදීන් නියෝජනය කරමින් ධවල හමුදාවත් එකට සටන් වැදුණු මෙහිදී රතු හමුදාව ජය ලබනවා. සෝවියට් බලවේග ශාන්ත පීටර්ස්බර්ග් හි (එවකට පෙට්‍රොග්‍රාඩ් හි) බලය අල්ලා ගත්තායින් පසුව කෙමෙන් කෙමෙන් සිය බලය රුසියාව පුරාවටම පතුරන්නට සමත් වෙනවා.
නැපෝලියන් සංග්රාම
මරණ: මිලියන 35 – 70 අතර
ස්ථානය: යුරෝපා, අත්ලාන්තික, පැසිෆික් සහ ඉන්දියානු සාගර
කාල රාමුව : 1803 – 1815
1789 දී ඇතිවුනු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයම බියෙන් ඇලලවූ හා ලෝක දේශපාලන සංකල්ප වෙනම අතකට හැර වූ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. එය හදිසියේ ඇතිවූ විප්ලවයකට වඩා කාලයක් තිස්සේ ක්‍රමයෙන් වැඩී ආ කරුණු වලින් ඇතිවූ විප්ලවයක් බව කියනවා නම් තමා නිවැරදි. 1804 නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ අධිරාජ්‍යයා වශයෙන් බලයට පත්වනවා.
ඒ සමගම යුරෝපයේ දියුණුවට, ගොඩ නැගීමට වැදගත් වෙන සම්මුතීන් සහ ගිවිසුම් කිහිපයක් ම මේ කාලය ඇතුලත බොනපාර්ට් විසින් හඳුන්වා දුන්නත්, පසුව ඒ සම්මුතීන් සියල්ලම සුනු විසුණු කර දමමින් යුධ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම නිසා තමයි ඔහුව පරාජයට පත් වෙන්නේ.
විප්ලවයෙන් පසුව ප්‍රංශයේ පාලකයා වූ නැපෝලියන් බොනපාර්ට් විසින් ඔහු සිහසුනේ සිටි කාලය තුල යුද්ධ 40 පමණ මෙහෙය වුවත්, ඔහුගේ වීර පරාක්‍රමය වැඩි කලක් පවත්වන්නට ඉඩ ලැබුනේ නැහැ. ඔහුගේ පරම සතුරා වන බ්‍රිතාන්‍ය අතින් ට්රැපල්ගාර් සටන පරාජය වීම සහ 1812 දී රුසියාව අසාර්ථක ලෙස ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමග ඔහුගේ බලය ක්‍රමයෙන් බිඳවැටීමට ලක්වෙනවා.
උපුටා ගැනීම Aniwa එකෙන්.

Last edited: