බිහිසුණු_ස්නයිපර් වෙඩික්කරු - සිමෝ හයියා
බිහිසුණු ස්නයිප(ර්) වෙඩික්කරු - සිමෝ හයියා
මුළු කයම සුදෝ සුදු ඇඳුමකින් ආවරණය කරගන්නා ඔහු සුදු හිම අස්සේ සැඟවෙනවා. ඉන් පසුව හිම අස්සෙන් යාන්තමට හුස්ම ගැනීමට පමණක් සිදුරක් පාදා ගන්නවා. අනතුරුව තම තුවක්කුව මානමින් තම සතුරු සේනාංකය වන රතු හමුදාවේ සෙබළුන් ඉලක්ක කරගැනීමට සූදානම් වෙනවා. තවත් විටෙක යුද බිමේ අතුරුදන්වන ඔහු සතුරු හමුදා පෙරමුණ නිතර බියෙන් සලිත කළේ කොහේ හෝ හිම ගොඩකින් මතුව ඉලක්ක ගන්නා හෙයිනි. සතුරු හමුදාව මේ අති බිහිසුණු ස්නයිප(ර්)කරුවා නිසා කෙතරම් බියට පත්වූයේ ද යත් ඔවුන් ඔහු හැඳින්වූයේ ධවල මාරයා යැයි කියාය.
ඉහත දැක්වූයේ යුද්ධය මුල්කරගත් ප්රබන්ධයකින් උපුටා ගත් කොටසක් යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ප්‍රබන්ධයක් යැයි සිතන තරම් වුවද ප්‍රබන්ධයක් නොවන එය සැබැවින්ම ජීවත් වූ සෙබළකුගේ කතාවකි. ඒ ලෝක යුද ඉතිහාසය තුළ බිහිවූ අති බිහිසුණු, මරණීය ස්නයිප(ර්) වෙඩික්කරුවකුගේ කතාවකි. ඔහු සිමෝ හයියාය.
1905 වසරේ දෙසැම්බර් 17 දා රුසියානු පින්ලන්ත දේශසීමාව අසල ගොවි ගම්මානයක ඉපදුණු සිමෝ අටදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියාය.
උපන් දවසේ සිට වෙහෙස මහන්සි වී ගොවි බිමේ වැඩ කළ ඔහු හැදීවැඩුණේ ඕනෑම කාර්යයකට ඔරොත්තු දිය හැකි ආකාරයකටය. අවුවට වැස්සට හිමයේ ගැහෙන හීතලට ඔහු එකසේ හුරුවිය. වයස විස්සේදී පමණ එනම් 1925 දී ඔහු පින්ලන්ත පාබල රෙජිමේන්තුවට බැඳුණේ එක් අවුරුදු සේවා කාලයක් සඳහාය. එකී කාලයෙන් අනතුරුව ඔහු හමුදාවෙන් ඉවත්වූයේ ක්රෝප්රල් නිලයට උසස්වීමක් ලබමිනි.
මේ කාලය වනවිට පින්ලන්තය සෝවියට් රතු හමුදා ආක්‍රමණය පිළිබඳ බියෙන් පසුවිය. එයට හේතුව සෝවියට් සංගමය තම අසල්වැසි රටවල් නතු කරගැනීමට වැඩපටන් ගැනීමය. පින්ලන්තය ඒ සඳහා මුහුණදීමට පුරවැසි ආරක්ෂක සංවිධානයක් ගොඩනැගීය. සෝවියට් රතුහමුදා ආක්‍රමණයෙන් තම රට රැක ගැනීමට දෙවරක් නොසිතූ සිමෝ මෙකී පුරවැසි ආරක්ෂක සංවිධානයට එක්විය. ඊට එක්වූ දා සිට ඔහු කළේ ඉලක්කයට වෙඩි තැබිමට පුරුදු පුහුණු වීමය. එනිසා ඔහු දවසේ වැඩි හරියක් ගතකළේ එළිමහනේය. පුහුණුවීමට රුසියාවේ නිෂ්පාදිත ගිනිඅවි වර්ග කීපයක් ඔහු භාවිත කළේය. මෙසේ ඉලක්කය වෙඩි තැබිම සඳහා නිරන්තරයෙන් පුහුණුවීම සිමෝට පසුව ඉතා තියුණු ස්නයිප(ර්) වෙඩික්කරුවකු වීමට මගපෑදීය.
මේ අතර 1939 දී පින්ලන්තය බලාපොරොත්තු වූ ආකාරයට සෝවියට් රතු හමුදාව එරට ආක්‍රමණය කළේය. මේජ ජෙනරාල් උයිලුවෝ ටුවොම්පො යටතේ පින්ලන්ත 6 වැනි බළකායට එක්වූ සිමෝ සෝවියට් රතු හමුදාවේ 9වැනි හා 14 වැනි සේනාංකවලට එරෙහිව ස්නයිප(ර්) සෙබළකු සේ සටන්වැදුණේය. සීත තු සංග්‍රාමය ( Winter War ) නමින් ප්‍රකට යුද්දය 1939 සිට 1940 අතර කාලයේ මාස තුනහමාරක් පුරාවට දෙපාර්ශ්වය අතර ඉතා බිහිසුණු ආකාරයෙන් ඇවිල ගියේය.
සංග්‍රාමය වඩාත් දරුණු හා දුෂ්කර වීමට තදින්ම හේතු වූයේ ගත ගල්කරන සීත තුවේ එය පටන් ගැනීම නිසාය. එය තදින්ම හිම වැටෙන කාලයක් විය. සෝවියට් සෙබළු හිමේ අතුරුදන් වූහ. තවත් අය සීතල දරාගත නොහැකිව මියගියහ. මේ කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 20-40 අතර විය. හිරුඑළිය ලැබුණේ පැය කීපයකට පමණි.
සෙ.මී. 166 ක් තරම් උසකින් යුක්තවූ සිමෝට මේ දරුණු සීතල බාධාවක් නොවීය. සතුරා නොමග යැවීම සඳහා සුදෝ සුදු වතින් සැරසුණු ඔහු ස්නයිප(ර්) ප්‍රහාර සඳහා ඉලක්ක ගත්තේ හිම වලසකු සේ හිම යටට රිංගාගනිමිනි. මෙනිසා රතු හමුදාවට ස්නයිප(ර්) ප්‍රහාර එල්ලවන්නේ කොතනින් දැයි සිතාගැනීමට නොහැකි විය. හිමකඳු අස්සේ රිංගාගෙන සතුරු පෙරමුණු පෙනෙන නොපෙනෙන මානයට යන සිමෝ එකවිට ඉලක්ක එකක් නොව කීපයක්ම ගැනීමට සමත්විය.
පෙර සඳහන් කළ සීත තු සංග්‍රාමයේදී 1939 දෙසැම්බර් 21 දා වනවිට ඔහු රතු සෙබළුන් 25 දෙනකු බිම දැමීමට සමත් විය. 1940 පෙබරවාරි 17 වන විට ඔහු ගත් ඉලක්ක සංඛ්‍යාව 219ක් විය. එම වසරේ මාර්තු 6 දා වන විට එම ප්‍රමාණය 505 දක්වා වර්ධනය විය. ඔහු සුදු හිම අතරින් කුමන අවස්ථාවක මතුවී ප්‍රහාරයක් එල්ල කළේ දැයි සෝවියට් රතු හමුදාවට සිතාගැනීමටවත් නිමේශයක් ලැබුණේ නැත.
ඔහු රතු සෙබළුන් 505 දෙනකු ඉලක්ක කළේ දින 105 වැනි කාලයකදීය. මෙය සීතල හිම අතරේ රතු සෙබළුන්ගේ ඇඟ බියෙන් රත්කිරීමට හේතුවූවට සැකයක් නැත. ඒවන විට සිමෝ 33 වන වියේ පසුවය. සෝවියට් රතු සේනාංකවල හමුදා ලොක්කෝ ඔහු නිසා කෙතරම් භීතියට පත්වූවෝදයත් සිමෝ ඉලක්ක කරගැනීමට රතු ස්නයිප(ර්) සෙබළුන් කිහිපදෙනෙකුම යෙදවූහ. 1940 මාර්තු 6 දා රතු හමුදාවේ ස්නයිප(ර්) කුරුමානම හරිගියේය. රතු ස්නයිප(ර්) සෙබළෙක් එල්ල කළ ප්‍රහාරය නතර වූයේ සිමෝගේ වම් හක්ක පසාරුකරගෙනය. පින්ලන්ත සෙබළු වහා සිමෝ යුදබිමෙන් ඉවත් කරගත්හ. තමන් බියෙන් සලිත කළ ධවල භීෂකයාගේ කතාව එතනින් හමාරයැයි රතු හමුදාව සිතුවද එය එසේ වුයේ නැත. දින 11ක් සිහි විසඥව සිටි සිමෝට යථා තත්ත්වයට පත්වීමට වසර 5ක් ගතවිය. එසේ වුවද ඔහු රෝහලෙන් පිටවූයේ විරූපියකු ලෙසිනි. විනාඩියකදී අඩි 500ක් දුරින් පිහිටි ඉලක්ක 16 ක් ගැනීමට තරම් සමත්කමක් දැක්වූ සිමෝ රතුහමුදාවේ ස්නයිප(ර්) ප්‍රහාරයට ලක්වීමෙන් පසු යුද්දවලට සම්බන්ධ වූයේ නැත. මෙනිසා දෙවැනි ලෝක සංග්‍රාමයට එක්වීමට ඔහුට හැකියාවක් ඔහුට නොලැබුණි. එසේ වුවද පින්ලන්ත යුද හමුදාව දෙවැනි ලුතිනන් නිලය පිරිනැමීය. ජීවිතයේ අවසාන කාලයේදී දඩයක්කරුවකු, ගොවියකු සේ දිවි ගෙවූ සිමෝගෙන් 1998 දී රූපවාහිනි වැඩසටහනකදී නිවේදකයකු ඇසුවේ ඔහු ගත් ඉලක්ක ගැන පසුතැවෙනවා දැයි කියාය. ඊට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි. මම පසුතැවෙන්නේ නෑ. මං මගේ රාජකාරිය ඉටුකළා. කිසිම පින්ලන්ත ජාතිකයකු නොකළ කාර්යයක් මං පින්ලන්තය වෙනුවෙන් කළා. කොහොම නමුදු සිමෝ සහභාගි වූ සීත තු සංග්‍රාමයේදී සෝවියට් රතු හමුදාවට අන්ත පරාජයක් හිමිවිය. ඒ සටනෙන් පින්ලන්තය ජයග්‍රහණය කළද පසුව සිමෝ ජීවත්වූ ප්‍රදේශය සෝවියට් රුසියාවට අයත් විය. යටට ගිලාගිය ද සිමෝගේ ඇස් දෙක ඉතා තියුණු එකක් වූවාට සැකයක් නැත. 96 වසක් ජීවත් වූ ඔහු 2002 අප්‍රේල් මාසයේ දී පින්ලන්තයට සමුදුන්නේය. ඔහුගේ සොහොන් කොත රුවෝ කොල්හිට්හි දේවස්ථානය අසල දැකගත හැකිය. පින්ලන්ත හමුදාව වාර්ෂිකව මේ පින්ලන්ත යුද විරුවා සිහිපත් කර හමුදා උත්තමාචාර දක්වයි.
ඉකුත් යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට අති විශිෂ්ට සේවයක් කළ නීරෝ නමැති අන්වර්ත නාමයෙන් ප්‍රකට වූ කෝප්රල් රංජිත් ප්‍රේමසිරි ද ලෝකයේ හොඳම ස්නයිප(ර්) ප්‍රහාරකයන් අතර කෙනෙකි. බ්‍රිගේඩියර් සංජය වනසිංහ සඳහන් කළ පරිදි නීරෝ 214කට අධික එල්ටීටීඊ ඉලක්ක ලබාගෙන තිබේ. එමගින් අපට පෙනෙන්නේ නීරෝ ද සිමෝ පන්නයේ විශිෂ්ට ස්නයිප(ර්)කරුවකු බවය.
කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

Last edited: