බිහිසුනු_මොහොත

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බිහිසුනු_මොහොත

    සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…


    Poddala-Jayantha.jpg



    විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම මේ තරම් අසීරු දෙයකැයි කිසි දා දැනී නැත.

    විවිධාකාර වේදනාවන්ට මුහුණ දුන් මිනිස්සු, තමන් විඳි වේදනාව මෙලොව මිනිසකුට දැරීමට අසීරුම අත්දැකීම ලෙස දකිති. වධහිංසාවට ලක් වීම නැමති කුරිරු අපරාධයේ වින්දිතයකු වූ මා සම්බන්ධයෙන්ද එය එසේමය. වධහිංසාවලට ලක්ව, සුව කළ නොහැකි ලෙස ආබාධිත වූවෙක් ඉතිරි ජීවිත කාලය පුරාම ගෙවෙන හැම තත්පරයක් පාසාම කායිකවත්, මානසිකවත් වධ හිංසාවට ලක් වෙයි. ඒත් දැන් මට සිතෙන්නේ, හිතේ කොණක නිදා-නොනිදා අඳුරු මතකයක් ලෙස පවතින ඒ බියකරු අත්දැකීම අනුපිළිවෙළින් ආවර්ජනය කිරීම තරම් වේදනාවක් තවත් නොතිබිය හැකි බවය. හිස් කඩදාසියක් අබිමුව, මා මේ මොහොතේ විඳිමින් සිටින්නේ ඒ වේදනාවයි.

    මා පැහැරගෙන ගොස් වධහිංසනයට ලක් කිරීමේ කුරිරු සිදුවීමට, මේ ජුනි 01 වැනිදාට වසර 7කි. එතරම් දිගු කලකට පසුවත්, මට ඒ සිදුවීම අදටත් ප්‍රකෘති මනසකින් සිහිපත් කළ නොහැකිය. තව කොපමණ වතාවක් යළි යළිත් විස්තර කළද වධහිංසාවකට ලක් වූවකු විඳින මානසික පීඩාව, එවන් අත්දැකීමක් නැති කෙනෙකුට අවබෝධ කර දිය හැකි වෙතැයි නොසිතමි. පසුගිය වසර හත තුළ අඩු තරමින් පස් හය වතාවක් වත් මගේ මිතුරන්ගේ ඉල්ලීම මත මේ අත්දැකීම ලියා තැබීමට වෑයම් කර ඇතත් එය කළ නොහැකි විය.

    ඒ අඳුරු මොහොත

    එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී නිවසක ය. මගේ එක් අතක ලිපි ගොනුද, බිරිඳට හා දියණියට ගත් මාළුපාන් ගෙඩි දෙක සහිත කවරය අනිත් අතෙහිද විය. පටු අතුරු පාරට හැරී ඉදිරියට යන විට සුදු වෑන් රියක් එහි නතර කර තිබිණි. පාර පටු බැවින් ඉතිරිව තිබුණේ සුළු ඉඩකි. ඒ ඉඩෙන් වෑන් රිය පසු කර යන්නට පය තැබුවා පමණි. ඒ ප්‍රීතිමත්, නිරෝගී මිනිසකු ලෙස මා පොළොව මත තැබූ අවසාන පියවර කිහිපයයි.

    ඇසිල්ලකින් මා ඇතුළට ඇදගෙන දොර වසාදැමූ නාඳුනන (උන්ගේ හාම්පුතා කව්දැයි දන්නා මුත්) මැරයෝ, මා බිම පෙරළාගෙන පණ නැති වන තුරු ලවක් දෙවක් නැතිව පහර දුන්හ. මුහුණට-හිසට-පපුවට-බඩට-යටිබඩට හෙණ පහර සේ පහරවල් සිය ගණනක්. මට මතක හැටියට ඒ ජංගම වධකාගාරයේ මැද අසුනක් තිබුණේ නැත. මා දෑත් දෙඇස් බැඳ පෙරළාගැනුණේ ඒ ඉඩෙහි ය.කිසිදු පුද්ගලික කෝන්තරයක් නොතිබූ මිනිසෙකුට එතරම් කුරිරු අන්දමින් සැලකීමට ඒ මිනිසුන්ට ලැබී තිබුණු පුහුණුව පුදුම සහගතය. මගේ රැවුලයි, කොන්ඩයයි කපලා කටේ එබුවා. පොල්ලකින් ගහලා අත්වල ඇඟිලි තැලුවා. ‘උඹ මේවායෙන්නේ ලියන්නේ‘ කියලා තමයි ඇඟිලි තැලුවේ. කකුල් දෙකට ම පොල්ලකින් ගැහුවා. ‘තෝ ඔය සංගම් වැඩ නතර කරලා කට වහගෙන හිටපන් මරුම් නොකා,‘ කියලා උන් මට කිව්වා. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ.


    මා විසි කර දමා තිබුණේ අංගොඩ උණ රෝහල පාරේ ලඳු කැලෑ පෙදෙසකය. නිතර වාහන නොයන ඒ මග ගමන්ගත් ත්‍රී රෝද රථ රියදුරෙක් අහම්බෙන්, පාර අයිනේ බෑවුමේ ඒ මේ අත පෙරළෙන අත් පා බැඳි මිනිසකු දැක තිබේ. බියට පත් ඔහු වහාම අංගොඩ හන්දියට ගොස් ත්‍රී රෝද රථ ගාලේ මිතුරන් කිහිපදෙනෙකුද සමග පැමිණ, මා බැමිවලින් නිදහස් කොට කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබිණි. එතරම් අන්ධකාර යුගයකත්, මනුස්සකම දරා සිටි ඒ යහපත් මිනිසුන් නොවන්නට මගේ ජීවිතය එතැනින් කෙළවර වන්නට තිබිණි.

    හිංසනයේ ශේෂ පත්‍රය

    සිදු කරන ලද වධ හිංසා හේතුවෙන් හදිසි අනතුරු වාට්ටුවේ පුරා දින 29ක් ප්‍රතිකාර ලැබීමට සිදුවිය. තුවාල, කැඩුම් බිඳුම්, ඇඹරුම් වලට අමතරව බඩට පහරදීම නිසා මුත්‍රාශයට සිදුවූ බලපෑම්වලින් හටගත් ආබාධය බරපතළ විය. වළලුකරින් වෙන් වන සේ කඩා දමා තිබුණු වම් පාදය යළි බද්ධ කර ඇත්තේ ජීවිත කාලයටම ඉවත් කළ නොහැකි ලෝහමය තහඩු මගිනි. රෝහලෙන් නික්ම යෑමෙන් පසු තවත් මාස 6ක් පමණ ඇඳ මත අනේක දුක් විඳි පසුව, තවත් වසරක තරම් කාලයක් ඇවිද්දේ කිහිලිකරුවල ආධාරයෙනි.

    එතෙකුදු දුක නිමා වූයේ නැත.

    ශීත සෘතුවේදී කකුලේ ලෝහ තහඩු අධික ලෙස සීතල වූ විට නැගෙන වේදනාව හිස් මුදුන තෙක් දිවෙයි. එය ඉසිලිය නොහැකි වේදනාවකි. නිසි ලෙස පඩිපෙළක් නැග ගැනීමට නොහැකිය. කඩා දැමූ පාදය පැත්තේ අතින් සාමාන්‍ය බරක් හෝ රැගෙන යා නොහැකිය. ඇවිදීමේදී සිදු වන සුළු අසමබරතාවකින් පවා පාදයේ ඇතිවන වේදනාව සහ ඉදිමුම, සතියක් හමාරක් පවතී.

    ශාරීරික වේදනාවන්ටත් වඩා, මානසික වශයෙන් කා වැදී ඇති බිය, කොතරම් වෙර දැරුවද තවමත් දුරු කරගත නොහැකිය. ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර සිටියද, මහ මග ඇවිද යන විට පදික වේදිකාව ආසන්නයෙන් දිවෙන සුදු වෑන්වලට තිගැස්සී පස්සට පනින ගතිය තවම පහව ගොස් නැත. පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවන මොහොතේ, තවත් මොහොතනින් මා මරා දමනු ඇතැයි සිතට කාවැදුණු මරණයේ බිය ඉන් පසු කිසි දා පහව නොයන බව ඉකුත් වසර 7 පුරාම මම අත්වින්දෙමි.

    මා වධයට ලක් කළේ ඇයි?

    මට කිසිවකු සමග පෞද්ගලික කෝන්තරයක් තිබුණේ නැත. මා පෞද්ගලිකව කිසිවකුට අගතියක් සිදු කරද නැත. එහෙත් රටට හෝ සමාජයට කිසිවකු හානියක් හෝ වරදක් සිදු කරන බව දුටු හැම විටකම මට හැකි උපරිමයෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තෙමි. එය පුද්ගලයන් හෝ ආණ්ඩුවකට අදාළව විය හැකිය. ජනමාධ්‍යවේදියකු ලෙස මා වැඩිපුරම ලියා ඇත්තේ රටේ ජාතික ධනය කොල්ලකෑමට එරෙහිවය. ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව ම විසින් හෙළිදරව් කරන ලද්දේ එතරම් විශාල ලෝක හොරකමක තත්වයට පත් වීමට පෙරය. පොදු ජන යහපත උදෙසා වැරදි හෙළි කිරීමට මාධ්‍යවේදීන් සතු අයිතිය වෙනුවෙනුත්, පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල කළෙමි. මා නොමරා මරා දැමීමට තරම් වැරදි වූයේ මේවාය.

    මා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කළේ, දිගින් දිගටම රාජ්‍ය රූපවාහිනී මාධ්‍යවලින් මට එරෙහිව සිදු කරන අවලාද ගැනත්, මට එල්ල වී තිබූ තර්ජන ගැනත් මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදීය. මා ඒ සාකච්ඡාවට යා යුතුදැයි කල් තියා සාකච්ඡා වූ නමුත් මම එහි නොගොස් ගෙදර ගියෙමි. එය මගේ ඉරණම්කාර ගමන වේ යැයි මා සිතුවේ නැත. මා පැහැරගෙන මොහොතකින් ඒ ආරංචියද ඒ සාකච්ඡාව අතරතුරදී මාධ්‍යවේදීන්ට ලැබී, ජනාධිපතිවරයාද දැනුවත් කර තිබිණි. එහෙත් අධි ආරක්ෂක කලාප හරහා මට වධ දෙමින් ගෙන ගොස් අගලකට විසි කර දැමීමට ඒ ‘සහතික ලත්’ මැරයෝ සමත් වූහ. මෙතරම් උත්ප්‍රාසවත් පසුබිම් කතාවක් සහිත පැහැරගැනීමක් සිනමා පටයදී වුවද අභව්‍ය යැයි බැහැර කෙරෙනු නිසැකය.

    මා හිංසනයට ලක් කිරීමට මාස කිහිපයකට පෙර, ජනාධිපති සොහොයුරු- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවකට ලේක්හවුස් සභාපති බන්දුල පත්මකුමාරට කළ දැනුම්දීමක් අනුව මාත් සනත් බාලසූරියත් කැඳවා, මාධ්‍ය නිදහස ගැන කරන උද්ඝෝෂණ නතර කරන ලෙස කළ දැනුම් දීමත්, එහිදී ඇතිවූ විවාදයත් රහසක් නොවේ. බන්දුල පත්මකුමාරද, කුප්‍රකට ලක්ෂ්මන් හුලුගල්ලේද එතැන වූහ. අප දෙදෙනාම ගෝඨාභයට තරයේ කියා සිටියේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, පහර දීම හා මාධ්‍ය ආයතනවලට සිදු කරන ප්‍රහාර නතර කරන තුරු ඒවාට එරෙහිව කරන අපේ උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි.

    එවකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා දෑත් දෙපරැන්ද අස්සේ ගසාගෙන ඝෝඨාභය ඉදිරියේ නිවට වන පසුබිමක, ඔළුව උදුම්මාගෙන සිටි ඔහුට ඒ පිළිතුර කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැත. කෝපයෙන් වියරු වැටුණු ඔහු, සිය පහත් ගති ඉස්මතු වී ‘යකෝ මුන් කාට ජාතක වෙච්ච එවුන් දැයි’ බැනවැදුණු අතර එවැන්නකු සමග තව දුරටත් කතාවක් නැති බැවින් අපි නැගිට ආවෙමු. ඔහු ‘හොඳයි වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි කීවේය. මම අඩියක් ආපහු හැරී, ‘ඔබතුමාද කරන්නේ?’ යැයි ඇසූ විට ඔහු කීවේ, ‘නෑ. මම නෙවෙයි, කරන අය කරාවි’ යනුවෙනි. ඉතින් ‘කරන අය’ කිව් පරිදි ‘ඒ විදියට‘ කළ බව අමුතුවෙන් කිව යුතුද?

    මේ අප්‍රසන්න සංවාදයෙන් ටික දිනකට පසුව ලසන්ත වික්‍රමතුංග මහ මග ඝාතනය කර දැමුණු අතර ඒ අවමඟුල වියරු පාලනයට එරෙහිව පැන නැඟුණු පළමු දැවැන්තම විරෝධතාව විය. ‘ඝාතකයා සාටකයා’ යැයි මහ දවල් සටන්පාඨ කියැවුණේ එහි ය.

    එල්ල වී තිබුණු තර්ජන හමුවේ පෝද්දල සිය නිවස අත්හැර ඒ වනවිට නුගේගොඩ ඇඹුල්දෙණියේ ආරක්ෂිිත නිවෙසක පදිංචිව සිටියේ, දෙස් විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධානයන් ගේ උපදෙස් හා අනුග්‍ර‍ය ඇතිව ය. 2009 වසරේ ජනවාරියේ දී එක ළඟ සිදු වූ‘සිරස‘ රූපවාහිනී නාලිකාවේ ප්‍ර‍ධාන මෙහෙයුම් මැදිරියට ප්‍ර‍හාර එල්ලවීම හා ‘සන්ඩේ ලීඩර්‘ ප්‍රධාන සංස්කාරක ලසන්ත වික්‍රමතුංග මහමග මරාදැමීමත් සමගින් උච්ඡස්ථානයකට පත් භීෂණකාරී වටපිටාව හමුවේ, බොහෝ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ආරක්ෂාව පතා තාවකාලිකව රටින් පිටුවල් වීමට බල කැරිණි. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ එවකට සභාපති සනත් බාලසුරිය හා ලේකම් පෝද්දල ජයන්ත ද ඒ අනුව තාවකාලිකව ඉන්දියාව බලා පිටත් වූහ. ඔවුන්ට පෙර හා පසු තාවකාලික රැකවරණ පතා ඉන්දියාවට පලාගිය මාධ්‍ය ක්‍රියාකාරීන් සියලු දෙනා එක කණ්ඩායමක් ලෙස එහි දී ගොනු වූ අතර, මුළු පිරිස අට දෙනෙක් වූහ. තැනින් තැනට මාරු වෙමින් ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ සිය පිටුවහල ගෙවා දමන්නට ඔවුන්ට සිදු වී තිබිණි.

    සති තුනක පමණ කාලයක් එම දුෂ්කර ජීවිතය ගතකිරීමෙන් හෙම්බත් වූ පෝද්දල, තමන්ට ආපසු ලංකාවට යන්නට අවශ්‍ය බව කියාසිටියේ ය. එහෙත් ඒ වන විටත් ඉන්දියාවේ ඔහු සමඟ තාවකාලික පිටුවහලේ සිටි ඔහු ගේ මාධ්‍ය සග‍යෝ ඊට එකහෙළා විරුද්ධ වූහ. ඉන්දියාවට පලාගියායින් පසුව පවා ඔවුන්ට එරෙහි ව ආණ්ඩුවෙන් හා රාජ්‍ය මාධ්‍යවලින් දිගින් දිගට ම එල්ලවන වෛරී ප්‍ර‍හාරයන් අවසන් ව නො තිබූ අතර ඒවා අලුත් වටයකින් වැඩිදියුණු වී තිබිණි. උතුරේ යුද්ධයට එරෙහිව දකුණු ඉන්දියාව තුළ ඇති වී තිබූ ප්‍ර‍බල ලංකාණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්ට පවා මෙසේ පිටුවහල් වී සිටින මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් රටතුළ ගෙනයමින් තිබූ ද්වේශ සහගත ප්‍ර‍චාරයන් ආදිය හමුවේ, ඒ මොහොතේ ආපසු ලංකාවට යාමට කල්පනා කිරීම කිසිසේත් ම නුවනක්කාර තීරණයක් නො වන බව ඔවුහු පෙන්වා දුන්හ.

    ඉන්දියානු පිටුවහලෙන් ආපසු

    එහෙත් පෝද්දල ගේ ආපසු ගමන ඔහු ගේ සගයන් ගෙනහැර පෑ එම කරුණු මත වෙනස් නො වුණි. තමන් ගේ ආපසු ගමන සාධාරණීකරණය කරමින් ඔහු කියා සිටියේ, තමන්ට තවදුරටත් මේ තැනින් තැනට යන ජීවිතය ගතකළ නො හැකි බවත්, රැකියා ආයතනයෙන් ලබාගත් නිවාඩු අවසන් වීමත් සමඟින් තමන්ට රැකියාව අහිමිවනු ඇති බවත්, එසේ වුවහොත් තමන් ලබාගෙන තිබෙන නිවාස උකස් ණය ගෙවාගැනීමට නො හැකි වීමෙන් සිය පවුල ම කරදරයේ වැටෙන බවත් ය. කිසිදු මාධ්‍ය ක්‍රියාකාරිත්වයක නිරත නොවී රැකියාවෙන් ද නිවාඩු ගෙන ටික කලක් ගමේ ගොස් සිටින බවට සිය ආපසු ගමනට එරෙහි වූ සගයන් අස්වසන්නට කියාසිටි ඔහු, ඔවුන් ගේ බලවත් විරෝධය මධ්‍යයේ ම 2009 පෙබරවාරි 14 වැනිදා යළි ලංකාව බලා පැමිණියේය.

    පෝද්දල ජයන්ත රාජකාරි කරමින් සිටියේ ලේක්හවුසියේ ‘සිළුමිණ‘ පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙනි. ඉන්දියාවට යාමට පෙර සිට ම ඔහු විසින් ලියන ලද කිසිදු ලිපියක් පළ නොකිරීමේ පිළිවෙතක් එවකට 'සිළුමිණ' ප්‍රධාන සංස්කාරක වූ කරුණාදාස සුරිආරච්චි ගෙන ගියේ ය. ඉන්දියාවේ සිට යළි පැමිණි පෝද්දල ‘සිළුමිණ‘ පුවත්පතෙන් ඉවත් කර ලේක්හවුසිය මගින් පළකරන ළමා පුවත් පත වූ ‘මිහිර‘ට මාරුකර යවන ලද්දේ දේශපාලන පලිගැනීමක් වශයෙනි. ඉන්දියාවට පලායාමට පෙර ඔවුන්ට එරෙහි ව මෙවැනි පලිගැනීමක් සිදුකිරීමට තරම් නිර්භීත භාවයක් ලේක්හවුස් පාලනාධිකාරියට නො තිබූ නමුත්, තාවකාලික පිටුවහලෙන් තනිව ආපසු පැමිණ හුදෙකලා වී සිටි පෝද්දලට එරෙහිව එවැනි පියවරක් ගැනීමට ඔවුහු මැළි නොවූහ.

    යුද්ධයේ අවසන් වකවානුව වූ එකල, පෝද්දල වැඩි අවධානයක් යොමු කරමින් සිටියේ වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයට කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉඳිකිරීමේ කටයුතු කෙරෙහි ය. එහෙත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවලින් පෝද්දලට ගැලවීමක් නොවිණි. විශේෂයෙන් ස්වාධීන රුපාවාහිනියෙන් (ITN) විකාශය වූ, මහින්ද අබේසුන්දර සම්පාදනය කළ ‘විමසුම‘ හා ‘විපරම‘ වැනි වැඩසටහන්වල ඉලක්ක බවට ඔහු ඇතුළු මාධ්‍ය හා දේශපාලන ක්‍රියාධරයෝ රැසක් පත්වූහ.

    ද්වේශ සහගත ප්‍ර‍චාර අලුත්වෙයි

    මෙවැනි බිහිසුණු වට පිටාවක් තුළ, පෝද්දල ඉලක්ක කරගනිමින් රාජ්‍ය මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ගෙනගිය වෛරී සහගත ප්‍ර‍චාරයන් හමුවේ ඔහුගේ දියණියට පාසැල් යාමට පවා නො හැකි තත්ත්වයක් උදා වී තිබිණි. මේ සම්බන්ධයෙන් පෝද්දල, එවකට රාජක්ෂ රෙජීමයේ හිතෛශිවන්තයෙකු වූ, එවකට ‘රාවය‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා වූ වික්ටර් අයිවන් දැනුවත් කෙළේ ය. එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් මේ පිළිබඳ කතාබහ කිරීමට ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට අරලියගහ මන්දිරයට ඇරැයුම් කරනු ලැබ තිබිණි. මේ සාකච්ඡාවට පෝද්දල ද සහභාගී විය යුතු බව ඇතැම් මාධ්‍ය සංවිධාන ප්‍ර‍‍ධානීන් ගේ අදහස විය. ඔවුන් පෙන්වා දුන්නේ, එසේ සහභාගී වීම මඟින්ම ඔහු ගේ ආරක්ෂාව යම් තරමකට තහවුරු කරගැනීමේ අවකාශයක් විවර වන බව ය. එහෙත් තමන් ඊට සහභාගී වීම උචිත නො වන බව සාකච්ඡාව ලබාගැනීමට මුල් වූ වික්ටර් අයිවන්ගේ උපදෙස වීය යි කී පෝද්දල ඊට සහභාගී නොවී නිවස බලා ගිය අතර, ඔහු පැහැරගැනීමට ලක්වූයේ අරලියගහ මන්දිරයේ එම කතාබහ පැවැත්වෙමින් තිබිය දී ය. ඒ වන විට ඔහු ඉන්දියාවේ සිට ආපසු පැමිණ මාස තුනක කාලයක් ගෙවී ගොසිනි.


    තොරතුරු දුන්නවුන් පසුපස පොලීසිය

    මේ අතර පෝද්දල සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගිය බව මාධ්‍ය වෙත අනාවරණය විය. පෝද්දල පැහැරගන්නවා දුටු ඇඹුල්දෙණිය හන්දියේ සිටි අයකු විසින්, ඒ පිළිබඳ සිය මිතුරකු වූ ‘ලක්බිම‘ පුවත්පතේ ජායාරූප මාධ්‍යවේදී සජීව චින්තක කහඳගමගේ වෙත දැනුම් දෙනු ලැබී ය. සජීව චින්තක ද ඒ වන විටත් නාවික හමුදා සෙබළුන්ගේ ප්‍රහාරයකට ලක්ව, පැවැති භීෂණකාරිත්වය පිළිබඳව අත්දැකීමක් හා අවබෝධයක් ඇතිව සිටි අයෙකි. ඔහු යුහුසුළුව මේ පුවත සිය ප්‍රධානියා වූ සම්පත් දේශප්‍රිය වෙත සැල කර සිටියේ, හැකි ඉක්මන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමිනි. සම්පත් ඒ බව 'ලංකා ඊ නිවුස්‘ ප්‍රධාන සංස්කාරක සඳරුවන් සේනාධීරට ද දැන්වීය. එවකට ‘ලංකා ඊ නිවුස්‘ හි ප්‍රවෘත්ති සංස්කාරක බෙනට් රූපසිංහ විසින් වහාම පෝද්දල ගේ බිරිඳ අමතමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වහා ම පොලිසිය වෙත පැමිණිල්ලක් කරන ලෙස ය. ඊට අමතරව, අදාළ සියලු පාර්ශවන්ගෙන් මේ පැහැරගැනීම පිළිබඳ වීමසීමට ඔවුහු කටයුතු කළහ. ජනාධිපති රාජපක්ෂ සමඟ සාකච්ජාවේ සිටි මාධ්‍ය සංවිධාන නියෝජිතයන් ද සිද්ධිය සම්බන්ධයෙන් වහා දැනුවත් කැරිණි.

    sandaruwan-senadheera.jpg


    පැහැර ගැනීම ගැන පැමිණිලි කිරීමට 'රාවය' පුවත්පතේ වත්මන් ප්‍රධාන කර්තෘ නීතීඥ කේ ඩබ්ලිව් ජනරංජන හා මාධ්‍යවේදී ජයසිරි ජයසේකර සමඟ මිරිහාන පොලිසියට ගිය පෝද්දල ගේ බිරියගෙන් පොලීසිය විමසා සිටියේ පෝද්දල පැහැර ගත් බවට තොරතුරු සැපයුයේ කවුද යන්න යි. ඒ අනුව පොලිසිය පරීක්ෂණ පැවැත්වුයේ පැහැර ගත් පිරිස ගැන නොව, පැහැර ගත් බවට තොරතුරු ලබාදුන් අය සම්බන්ධයෙනි. ඒ අනුව ලංකා ඊ නිවුස් හි සඳරුවන් සේනාධීර හා බෙනට් රූපසිංහ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරිණි.

    පාදය බිඳ දැමූ පෝද්දල ජයන්ත රෝහල් ඇඳේ

    කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරන ලද පෝද්දල ජයන්තට, එහි දින 29 ක් පුරා නේවාසික ව ප්‍රතිකාර ගන්නටත්, සැත්කම්වලට භාජනය වන්නටත් සිදුවිණ. “ඒ ගත වුණු දින 29 ම රෝහලේ ඇඳේ ම තමයි හිටියේ. රෝහලෙන් ගෙදර ගිහින් මාස හයක් විතර හිටියෙත් ඇඳේම යි. පස්සේ අවුරුද්දක කාලයක් ඇවිද්දේ කිහිලිකරුවල ආධාරයෙන්. පඩි පෙළක් නැගගන්න බැහැ. හරියකට ටික වෙලාවක් කෙලින් හිටගෙන ඉන්න බැහැ. ඒ දැනුණු මරණ බිය තවමත් මට තිගැස්මක් ඇති කරනවා. ඒ මදිවට කඩපු කකුල සම්බන්ධ කරලා ඇතුළට දාල තියෙන යකඩ පතුරුවලට ශීත කාලයේ දරුණු සීතල කාවැදුණාම, ඒ වේදනාව දරා ගන්නම බැරි තරම්,“ සරණාගතයෙකු ලෙස ඇමරිකාවට පලා යන්නට සිදු වූ පෝද්දල කියයි.

    මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍ර‍ධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි පවසන ආකාරයට ඔහුත්, පෝද්දලත්, එවකට ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක හා මාධ්‍ය සංගම් ක්‍රියාකාරිණියක වූ රෙසෑන් තෙරේස් කූල්මෙයර් ද සමඟින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ එවකට දෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ජෙෆ් ඇන්ඩර්සන් හමුවී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට දිගින් දිගට ම එල්ල වෙමින් පැවැති තර්ජන පිළිබඳ දැනුවත් කර තිබේ.

    මැරයන්ට අභියෝගයක්

    වැඩිදුර ප්‍රතිකාර ගැනීමේ පහසුව සඳහා කොළඹ නගරය ආසන්නයේ නිවසක් කුළියට ගැනීමට පෝද්දල ඇතුළු ඔහුගේ සමීපතමයන් දැරූ ප්‍රයත්නය සාර්ථක නොවිණි. ඇතැම් නිවෙස්වලට අත්තිකාරම් මුදල් පවා ගෙවා, පදිංචියට යාමට සුදානම් වෙද්දී, නිවෙස කුලියට ගෙන ඇත්තේ පෝද්දලට බව දැනගත් පසු, ගනු දෙනුව කළ නොහැකි බව කියමින් ගෙවල් හිමියන් අත්තිකාරම් මුදල් ද ආපසු දුන් වාර බොහෝ විය. කොලඹ පදිංචිය අත්හැර දැමු ඔහු, යළිත් කිරිවත්තුඩුවේ සිය නිවෙස වෙත සිය පදිංචිය මාරු කළේය.

    පසුව ඔක්තෝම්බර් 14 වැනි දා පැවැති පත්‍රකලාවේදීන් ගේ සංගමයේ නිලවරණයේ දී නිතරඟයෙන් එහි සභාපතිධුරයට පත්වූ පෝද්දල, කිහිලිකරුවල ආධාරයෙන් ඇවිද ගොස් අඩක් නිම කර තිබු සංගම් ගොඩනැගිල්ල නිමවා, එය විවෘත කරමින් තමන් ආබාධිතයකු කළ සහාසිකයන්ට අභියෝග කළේය.

    යළිත් පෝද්දල වෙත මරණීය තර්ජන එල්ලවන්නට වූයේ ඉන් පසුව ය. ඒ නිර්නාමික දුරකතන ඇමතුම් මගිනි.

    “යුද්ධය අවසාන වීමෙන් පස්සේ, ඒ වෙනකොට ආණ්ඩුවත් එක්ක විරසක වෙලා හිටපු ‘ලංකා‘ පත්තරේ සංස්කාරක චන්දන සිරිමල්වත්ත හෝමාගම පැත්තේ පිට්ටනියක ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්දැද්දී, TID එකෙන් අත් අඩංගුවට ගෙන තිබුණා. පස්සේ වැරදීමකින් කියලා මුදාහැරියා. මේ ගැන මම මාධ්‍යයට කතා කළා. මං හිතන්නේ ඒක ටිකක් සැර වැඩිවුණා. එකෙන් පස්සේ මට ටෙලිෆෝන් කෝල් එන්න ගත්තා ‘කට පියාගෙන නො හිටියොත් මරා දානවා‘ කියලා", පෝද්දල ආවර්ජනය කරයි.

    4-3.jpg


    යළිත් පිටුවහලට පලා යනු හැරෙන්නට විකල්පයක් ඉතිරිව නැති බව පෝද්දල වටහාගත්තේ වැඩිවන මරණීය තර්ජන හේතුවෙනි. ට්‍රාන්ස්පෙරන්සි ආයතනයේ එවකට විධායක අධ්‍යක්ෂ ජේ සී වැලිඅමුණගේ මැදිහත් වීමෙන්, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන්, 2009 දෙසැම්බර් 02 වැනිදා පෝද්දල ජයන්ත සිය පවුල සමගින් රටින් පිටුවහල් වන්නට තීරණය කළේ ඒ අනුව ය.

    අපරාධ යුක්තිය?

    පෝද්දල පැහැරගෙන යාමත්, මෙම ලිපි පෙළ මගින් මේ දක්වා යළිත් පෙළගස්වන ලද අනෙක් මාධ්‍යකරුවන්ගේ ඉරණමත් විසින් පෙන්නුම් කරන් ලද්දේ රාජපක්ෂ පාලන සමයේ පවත්වාගෙන යනු ලැබූ දුර්දාන්ත මර්දනකාරී පිළිවෙත ය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දමන සමයේ රාජ්‍ය සංහාරක පිළිවෙතේ ගොදුර සිංහලයන් වූ නිසා ඊට එරෙහිව පැතිරුණු විරෝධයක් දක්නට ලැබිණ. නමුත් දුසිම් ගණන් මාධ්‍ය සේවකයන් මරා දැමුණාවූ ද, පැහැරගෙන ගොස් වධ හිංසාවන්ට පාත්‍ර කරනු ලැබුණාවූ ද, මාධ්‍ය ආයතන ගිනිබත් කරමින්, බෝම්බ ප්‍රහාර එල්ල කරමින්, මාධ්‍යකරුවන්, හා මාධ්‍ය ආයතන හිමිකරුවන් සිරගත කළා වූද රාජපක්ෂ පාලනයේ සැහැසි පිළිවෙත එරෙහි ඒ හා සමාන පැතිරුණු විරෝධතා මතු නොවූයේ ඒ මර්දනකාරීත්වයේ ප්‍රධාන ගොදුර දෙමළ ජනයා වූ නිසා ය. නමුත් රාජපක්ෂ පාලනයේ මිනීමරු පිළිවෙතින් බැට කන්නේ 'කොටි ආධාරකරුවන්' යැයි විසකුරු වර්ගවාදී ප්‍රබන්ධ පතුරුවන්නට මුල් වූ එ් පාලනයේ අතවැසි ඇතැම් මාධ්‍යකරුවෝ ද අවසානයේ ඒ පිළිවෙතටම ගොදුරු වී පැහැරගෙන යාමටත්, සිරගත කිරීම්වලටත් පාත්‍ර වූහ.

    කීත් නොයාර්, නඩරාජා ගුරුබරන්, තිරුචෙල්වම් තිරුකුමාරන්, වෙට්ට්‍රිවේල් ජසීකරන්, වඩිවේල් වලර්මදී, ජේ එස් තිස්සෛනායගම්, නඩේසපිල්ලෛ විතියාදරන් හා පෝද්දල ජයන්ත අයත්වන්නේ ඒ ඝෝර පාලන සමයේ මරණයේ මුවවිටට ගොස් ඒ ගැන ස්වකීය සාක්‍ෂිය ලියා තබන්නට අහඹු ඉඩක් ලද අතළොස්සක් දෙනා අතරට ය. නමුත් බහුතරයක් දෙනා ඒ සාක්‍ෂිය කියන්නට ඉතිරි නොවූහ.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    රට ගැන හිතල පෑන හරියට හැසුරුව නම් මූට මෙහෙම වෙන්නේ නෑ. ගෝඨා කියන්නේ නියම නායකයෙක්. ඉස්සරහට එන බාධක සුණු විසුණු කරල ඉදිරියටම යන නායකයෙක්. ඒ වගේ කෙනෙක් තමයි රටකට ඕන. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර සිද්ධි ත්‍රස්තවාදය කියලා කඩතිරයකින් වහලා වෙනස් අර්ථයකින් රටට අර්ත දැක්වුවා...
    ඇත්ත ඒ ඒ අයගේ හෘද සාක්ෂි දන්නවා ඇති.
    තමන් අපරාධයක් කලාද ත්‍රස්තවාදය වැළැක්වුවාද කියලා.
    අපි සමහර වෙලාවට කැමති චරිතයක් ගැන වැරදි දෙයක් කිව්වම පිළිගන්නෙම නෑ...තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති කරපු වැරදි
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රට ගැන හිතල පෑන හරියට හැසුරුව නම් මූට මෙහෙම වෙන්නේ නෑ. ගෝඨා කියන්නේ නියම නායකයෙක්. ඉස්සරහට එන බාධක සුණු විසුණු කරල ඉදිරියටම යන නායකයෙක්. ඒ වගේ කෙනෙක් තමයි රටකට ඕන. :yes:

    සිරාවටම අහන්නේ මචන් පෝද්දල ජයන්ත කියන්නේ එච්චරටම අප්සෙට් පොරක්ද ?

    මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි

    පෝද්දල ජයන්ත රට ගැන නොහිතා රටට ද්‍රෝහී වෙලා පෑන හැසුරුවපු අවස්ථාවක් කියපන්කො බලන්න අපිටත් දැනගන්න

    පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

    මම කාටවත් කඩේයනවා නෙවෙයි මගේ මතය ඉදිරිපත් කළා විතරයි
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පාලකයෙක් උනාම දරුණු තීරණ ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නම බැරිනම් මාකෝ පෝලෝ ටීවී සීරීස් එක බලන්න. ඒකෙ එක හොදට පෙන්නනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේ ප්‍රශ්ණ වලට ගොඩාක් ඈතින් ඉන්න උන්ගෙ උපදෙස් වලට වැඩ කරන්න ගිහින් පුකේ ඇරගෙන අනාත වෙච්චි තවත් එකෙක්.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඇසිල්ලකින් මා ඇතුළට ඇදගෙන දොර වසාදැමූ නාඳුනන (උන්ගේ හාම්පුතා කව්දැයි දන්නා මුත්) මැරයෝ, මා බිම පෙරළාගෙන පණ නැති වන තුරු ලවක් දෙවක් නැතිව පහර දුන්හ. මුහුණට-හිසට-පපුවට-බඩට-යටිබඩට හෙණ පහර සේ පහරවල් සිය ගණනක්. මට මතක හැටියට ඒ ජංගම වධකාගාරයේ මැද අසුනක් තිබුණේ නැත. මා දෑත් දෙඇස් බැඳ පෙරළාගැනුණේ ඒ ඉඩෙහි ය. කිසිදු පුද්ගලික කෝන්තරයක් නොතිබූ මිනිසෙකුට එතරම් කුරිරු අන්දමින් සැලකීමට ඒ මිනිසුන්ට ලැබී තිබුණු පුහුණුව පුදුම සහගතය. මගේ රැවුලයි, කොන්ඩයයි කපලා කටේ එබුවා. පොල්ලකින් ගහලා අත්වල ඇඟිලි තැලුවා. ‘උඹ මේවායෙන්නේ ලියන්නේ‘ කියලා තමයි ඇඟිලි තැලුවේ. කකුල් දෙකට ම පොල්ලකින් ගැහුවා. ‘තෝ ඔය සංගම් වැඩ නතර කරලා කට වහගෙන හිටපන් මරුම් නොකා,‘ කියලා උන් මට කිව්වා. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ.

    මා වධයට ලක් කළේ ඇයි?

    මට කිසිවකු සමග පෞද්ගලික කෝන්තරයක් තිබුණේ නැත. මා පෞද්ගලිකව කිසිවකුට අගතියක් සිදු කරද නැත. එහෙත් රටට හෝ සමාජයට කිසිවකු හානියක් හෝ වරදක් සිදු කරන බව දුටු හැම විටකම මට හැකි උපරිමයෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තෙමි. එය පුද්ගලයන් හෝ ආණ්ඩුවකට අදාළව විය හැකිය. ජනමාධ්‍යවේදියකු ලෙස මා වැඩිපුරම ලියා ඇත්තේ රටේ ජාතික ධනය කොල්ලකෑමට එරෙහිවය.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අපෝ මම මිනිහත් එක්ක එකට ප්ලේන්ටිත් බීල තියනවා. පටන්ගන්නෙ වමෙන්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පාලකයෙක් උනාම දරුණු තීරණ ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නම බැරිනම් මාකෝ පෝලෝ ටීවී සීරීස් එක බලන්න. ඒකෙ එක හොදට පෙන්නනවා
    :yes: හරියට හරි මචන්.

    ගොඩක් උන්ට මේක තෙරෙන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් මුන් අයතු ලෙස ප්‍රයෝජනයට ගන්නවා.
    පොඩ්ඩක් හොයල බලපන් නන්දාමාලනී මහත්මියගේ මේ සින්දුව..(උබට හොයා ගන්න බැරිවෙයි..[challenge]; මොකද අපේ හුත්තිගෙ පුතාල ඒ සින්දුව නෙට් එකෙන් සම්පූර්ණයෙන් අයින් කරලා..)
    "රට වටකර වැට බඳින්න කැති මන්නා ගන්න වෙනවා..
    වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා.."

    මම නම් දන්නෙ නෑ නන්දා මාලනීට මොනා වුනාද කියල. ලංකාව අත ඇරල යන්න ඇති. :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Poddala-Jayantha.jpg


    මොනාද බන් අර මූණෙ සුදු පාටට තියෙන්නේ ? බඩුද ? අතේ ගහල බඩු මූණට විදල වගේ. :P
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    තව තවත් රාජපක්ශ ගෝත රැලටයි රනිල් සිරිසෙන ලොන්ත රැලටයි ෆුකම දීපල්ලා. පෝද්ලට වෙච්ච දේ හෙට අපිට තොපිට වෙන්න පුලුවන්. උඹලගේ අපේ මහජන මුදල් උන්ගේ වැඩවලට කාබාසිනයා කරලා ඉවරම කරල දානකම් ෆුකම දීපල්ලා
     
    • Like
    Reactions: Oli_Vili

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    ඒ යුගය නිමා විය. අයෙත් එන්න දෙන්නත් ඒපා. ඒකාධිපතිත්වය කොහොමත් ඒපා. අද තියෙන නිදහස රන්වටී
     
    • Like
    Reactions: Oli_Vili

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    වහලුන් නම් තෙවර්ගයකි.

    බයියන් නැමැති වහලුන්:


    රට ගැන හිතල පෑන හරියට හැසුරුව නම් මූට මෙහෙම වෙන්නේ නෑ. ගෝඨා කියන්නේ නියම නායකයෙක්. ඉස්සරහට එන බාධක සුණු විසුණු කරල ඉදිරියටම යන නායකයෙක්. ඒ වගේ කෙනෙක් තමයි රටකට ඕන. :yes:

    පාලකයෙක් උනාම දරුණු තීරණ ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නම බැරිනම් මාකෝ පෝලෝ ටීවී සීරීස් එක බලන්න. ඒකෙ එක හොදට පෙන්නනවා

    ටොයියන් නැමැති වහලුන්:

    ඒ යුගය නිමා විය. අයෙත් එන්න දෙන්නත් ඒපා. ඒකාධිපතිත්වය කොහොමත් ඒපා. අද තියෙන නිදහස රන්වටී

    ජෙප්පන් නැමැති වහලුන්:

    තව තවත් රාජපක්ශ ගෝත රැලටයි රනිල් සිරිසෙන ලොන්ත රැලටයි ෆුකම දීපල්ලා. පෝද්ලට වෙච්ච දේ හෙට අපිට තොපිට වෙන්න පුලුවන්. උඹලගේ අපේ මහජන මුදල් උන්ගේ වැඩවලට කාබාසිනයා කරලා ඉවරම කරල දානකම් ෆුකම දීපල්ලා